ඔන්න 2014 වර්ෂයේ නිකුත්වුනු තවත් සුපිරි හින්දි චිත්‍රපටයක් මං ඔයාලට අරගෙන ආවා.මේ සදහා IMDbහි 8.9ක ඉතා ඉහළ රේටින්ග්ස් ප්‍රමාණයක් ලබාදීලා තියනවා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුපිරි බොලිවුඩ් නිලි කන්ගනා රනාවත්. චිත්‍රපටයගැන සරලව කිව්වොත් මේක හිනාකාලා මැරෙන්න පුලුවන් හොද අර්ථයක් තියන සුපිරි සලරු…
ඔන්න 2014 වර්ෂයේ නිකුත්වුනු තවත් සුපිරි හින්දි චිත්‍රපටයක් මං ඔයාලට අරගෙන ආවා.මේ සදහා IMDbහි 8.9ක ඉතා ඉහළ රේටින්ග්ස් ප්‍රමාණයක් ලබාදීලා තියනවා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුපිරි බොලිවුඩ් නිලි කන්ගනා රනාවත්. චිත්‍රපටයගැන සරලව කිව්වොත් මේක හිනාකාලා මැරෙන්න පුලුවන් හොද අර්ථයක් තියන සුපිරි සලරුවක්.
මෙහි කතාව දිවයන්නෙ දිල්ලිවල සාම්ප්‍රදායික ලෙස ලඩ්ඩු කඩයක් කරගෙන යන රාණි කියන කෙල්ල වටා. මේ රාණි කියන කෙල්ල එයාගේ ගමේ ඉන්න විජේකියන හැන්ඩි පොරක්එක්ක යාලුවෙනවා. මෙහෙම යාලුවෙලා කාලයක් හොදට ඉන්නවා. මෙහෙම ඉන්නඅතරෙ කොල්ලා ඉංජිනේරැවෙක්වෙන්න ලන්ඩන් යනවා. මේ කොල්ලා ඉංජිනේරැවෙක්වෙලා ආපහු දිල්ලියට එනවා. දැන් මිනිහා ලොකු පොරක් හින්දා මේ ගොඩේ කෙල්ලව එපාවෙනවා. මේ විජේ ලන්ඩන් ඉදලා ආපු ගමන්ම දෙන්නගෙ පවුලෙ අය කසාදෙ කරන්න ලෑස්තිවෙලා හිටියෙ. ඉතින් විජේ කසාදෙට දවස්දෙකක් තියෙද්දි රාණිට කියනවා පොරට රාණිව කසාද බදින්න බෑ. පොරගෙ තත්වෙට රාණිව ගැලපෙන්නෑ. රාණිට ගැලපෙන්නෙ එයාවගේම ගමේ කොල්ලෙක් කියලා කියනවා. දැන් කස්ටියට තේරෙනවනෙ කසාදෙ කට ලග තියාගෙන ඕනම කෙල්ලෙක්ට මෙහෙම දෙයක්වුනහම ඒ කෙල්ලගෙ ජීවිතේම ඉවරයි කියලා. ඉතින් දැන් රාණි වෙච්චදේවල් අමතක කරන්න හිතාගෙන පැරීසියට යනවා. ඔන්න මෙතන ඉදන් තමයි චිත්‍රපටයෙ ජොලිම හරිය පටන්ගන්නෙ. එහෙදි මෙයාට හුගක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා වගේම ඉංග්‍රීසි වැරදියට තේරැම්ගැනීම නිසා වෙන අකරතැබ්බයන් එමටයි. මෙහෙම ඉන්න අතරෙ රාණිට සෙට් වෙනවා විජයලක්ෂ්මි කියලා කෙල්ලෙක්. මේ විජය ලක්ෂ්මි කියන්නෙ පට්ට කෙල්ලක්. චිත්‍රපටය බලනකොට කස්ටියට මෙයාගේ වැඩ තේරෙයි. කොහොම හරි විජයලක්ෂ්මි, මේ ගොඩේ රාණිව එයාගේ මොඩ්ල්එකේ පට්ට කෙල්ලක් කරනවා. ඒ අස්සෙ රාණිට ඉතාලි ජාතික කෝකියෙක් වහවැටෙනවා. මෙතනින් එහාටනම් කතාව කියන්නෙ නෑ. මේක කිසිම කම්මැලිකමක් නැතුව පුල් ජොලියෙ බලන්න පුලුවන් ෆිල්මක්. අම්මපා සබ්දැම්මෙත් හිනාවෙවී.
විශේෂයෙන් කියන්න ඕනෙ ක්මෙන්ට්ස්ගැන. පහුගිය දවස්වල කොච්චර පට්ට ෆිල්ම් දුන්නත් එ්වෑ සබ් බාගෙන යන සංඛ්‍යාව ඉහල ගිහිල්ලා ක්මෙන්ට්ස්දාන සංඛ්‍යාව ගොඩක් පහල බැහැලා තියනවා. මේක මූල්‍යමය වාසි නොතකා ක්මෙන්ට්ස්මත දුවන වැඩක්. ඒක නිසා මේක තව ඉස්සරහට කර ගෙනයන්න ඔයාලගෙ සහයෝගය අවශ්‍යයි කියනඑක මතක් කරනවා. ඒ වගේම Idx උපසිරැසි ගොණුව srt උපසිරැසි ගොණුවක්ලෙස හරවලා දීපු අපේ වාසල සහෝටත් ගයාන් මිතුරාටත් ස්තූතියි කියනගමන්ම මං යනවා…ජය වේවා….ළගදීම තවත් උපසිරැසියකින් හමුවෙමු…..!
මෙම චිත්‍රපටය වෙනුවෙන් මයුර සුරාජ් සහෝදරයාත් උපසිරසක් නිර්මාණය කර ඒවා තිබුනා. එහෙත් මේ සලරුව මුලින්ම බාරගෙන තිබුනේ ලක්ෂාන් නිලංක සහෝ විසින්. උපසිරැසි ගොනුව තුල දෙදෙනාගේම උපසිරැසි අන්තර්ගත කර තිබෙනවා. ඒ නිසා සහෝදර ඔබ සැමගෙන්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ උපසිරැසි නිර්මාණය කිරීමට ප්‍රථම අප කණ්ඩායම දැනුවත් කර මෙවැනි අපහසුතාවයන් වලක්වා ගන්නා ලෙසයි.
8,863 downloadsDownload Queen-2014.zip204 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
161 comments
Jayani
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!11
Saketha Pulasthi
හින්දි Film එකකට IMD rating 8.9 කියන්නේ සෙල්ලම්ද ? මේකට සබ් දුන්න දෙන්නටම බොහොම ස්තූතියි.
ගයාන් රූකාන්ත(ජෝනා )
සමහර දවස් වල එක ෆිල්ම් එකක් කොර ගන්න කෙනෙක් නැ
ඔන්න දෙන්නා දෙන්නා එක ෆිල්ම් එකම කරනවා
කොහොම උනත් සබට තුති ලක්ෂාන් ,මයුර දෙදෙනාටම .“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය……………..praveen
meka fatta film ekak ada hambawenawa mata
anuruddha
machan ai sinhala sub srt file i mac computer eka wada karanne natta do i need to do something extra?
Ravishan
Patta Machan.. Sub Hoya Hoya Hitiye.. Thanks!!! :)
Sam
thanksss sahooo...
sameera
එල කිරි මචන්..... බොහොම ස්තුතියි...........!
Wishvanath
එළ කිරි මේක බලන්නම හිටියෙ
Kumara
බොහොම ස්තුතියි යලුවා
Sampath
Thanks Lakee............
Tharindu Perera
Elazz....
dennatama thankss machanlaa...
fattama kathavak vageee.....
thanks machan sub ekatahh...Yushen
THANKS A LOT..............පට්ට ෆිල්ම් එක..
හර්ෂ ලහිරු
එලකිරි බොහොම ස්තුතියි :D
pramuditha madusanka
niyamyi saho aththtama hoda wadak digatama api oyalath ekka innawa
Buddi
Thanx machan sub walata...
mudiya / මුදියා
නියමයි ලක්ෂාන්.
ඔන්න එකෙන්ම බාන්න දැම්ම.
මයුරයටත් තුති සබ් එකට.
ජයවේවා.බොහෝ...................................................................................................ම ස්තූතියි...!Kulanjana Maduranga
denakam balan hitiye.... download wenna denma machan.subata thanks LAKSHAN saho & MAURA saho.Great work & Lot of thanks.Me wge thawa sub karanna shakthiya labewa.jayen jaya………
Rashmika
thanks saho la denntma..meknm aniwa balnwa..digtma sub denna..GOOD LUCK!!!!!!
waru
Thank youuuuuu brother. gud luck
Chami
Thank you...
thilina7k
thanks dude
මයුර සුරාජ්
හිහි... උනායින් උනේ නැහැ මෙහෙම වැඩක්. මගේ වැරැද්ද තමා. ෆිල්ම් එක බලලා ආපු ගැම්මට අහ අහ ඉන්න හිතුනේ නැහැ. :) කමක් නැහැ, ආයේ කරද්දී අහලා ඉන්නම්කො. බයිස්කෝප් ටීම් එකටම ස්තුතිවන්ත වෙනවා මගේ sub එකත් මේකට දාලා මගේ මහන්සිය අපතේ නොදාපු එකට. ජය වේවා..!! :D
prasanna
සහෝ දිල්ලි 6 වගේ ෆිල්ම් එකක් දෙන්න වගේ අදහසක් නැද්ද? කවුරුත් කරලා නෑ බං ඒක
ලක්ෂාන් නිලංක
එල මචන්... අවුලක් නෑ...මටත් ඔයවගේ සීන්වෙලා තියනවා...වැඩේ අතාරින්න එපා මචන්... උබ වෙන හොදඑකක් බලලා සබ් දාපන්....
kolla
ube sab thama bn niyamama
gayan
thanks
maduka
godak sthuthiyi sub valata
Dias
Api wenuwen oyage watina kaalaya wiyadam kalaata godak sthithiy..!
You ppl are amazing.hasitha
Thank you very much machan!
gayan
thanx machan. elakiri wedak
prasanna
එළ අපිත් බෑවා................................
ෆිල්ම එක හොදයි කියලා ආරංචිය ආවා දෙනකං හිටියේ එළMichelle
Thank you guys
Michelle
Thank you
npdjz
thankz ලක්ෂාන් නිලංක ජයසූරිය sahodarayaa
jack
ස්තුතියි මචෝ දෙන්නටම...
මේක අනිවා බලන්න හිටපු එකක්...praveen
Gulaab Gang 2014 eke sub ekath onaaaaaa
lakmal
thx sahooooooooooooo....... maru film eka :)
chamarasp
mee movie 1 gena ahala tibba. pattama movie 1k lu. thnks machan laa.. mama balan hitiye ubala sub daanakal. thnks thnks thnks a lot...
amaya
thnks bro!!!!!!!!!
Isuru
tanx a lot sahoooo............!!!
wasantha
ස්තුතියි දෙන්නටම ...
ජය වේවා..!!isuru samarasinghe
MAXXXA baiscope sub thama best
ලක්ෂාන් නිලංක
අනිවා මචන්....බයිස්කෝප්එකත් එක්ක අනිත් සයිට්වලට හැරෙන්නවත් බෑ....බයිස්කෝප්තමයි හැමදාම හැමදේම හොදම විදිහට දෙන්නෙ....රැදෙන්න අපි සමඟ.....
srimal
මචන් ෆිල්ම් එක බලලම කමෙන්ට් දාන්නම්......
බොහොම පින් ........charith
මම සාමානයෙන් දෙමල film බලන්නෙ නෑ
ඒත් මේක හොද එකක් වගේ පේන්නෙ (imdb)
ඒක නිසා බලනව.
thanksThisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)kumar DOHA
comment kalath nathath api hamadama oyala ekka innava
doha wala godak torrent block karala thiyenne mara watayak dala thamai
download karaganne ithin oya athare comment maga harenava sorry
thanks oyalatayashan
thanx saho ela..........
දිල්ෂාන් කාලිංග
ඔන්න මමත් බාන්න දැම්මා.
තැන්ක්ස් සහෝ..
දිගටම සබ් කරන්න ලැබේවා!!lamz
elazzz
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මමනම් මේ නිළියටත්, ඒකිගේ කටහඬටත් ජුන්ජක් වත් ආසා නැහැ,,
ඒත් අහන්න ලැබුන ආරංචි මාග වාට අනුව ෆිල්ම් ඒකනම් හොඳා ලු...
ඒවගේම රේටින් එහෙමත් නැති වෙන්නම තියෙන නිසා ගන්නම එපයි..නැද්ද මම අහන්නේ..
ඔන්න එහෙනම් සබ් දාපු සහෝලා දෙන්නට පිං,
ජය වේවා..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

THANK YOUUUUU :)