Watch Trailer

The Hunchback of Notre Dame (1982) | කුදා, පූජකයා සහ සුරූපිනිය. [සිංහල උපසිරසි සමඟ]

මේ පාර මම ඔයාලට ගෙනාවෙ ලෝක සාහිතයයේ එන විශිෂ්ට කෘතියක් ඇසුරින් නිර්මාණය උන ලස්සන චිත්‍රපටයක්. “The Hunchback of Notre Dame (නෝත්‍ර දාමයේ කුදා)” සහ “Notre Dame de Paris (පැරිසියේ නෝත්‍ර දාමය)” යන නම් දෙකෙන්ම හදුන්වන මෙම කෘතිය ලෝකය පුරාම ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා.. “මනුතාපය” නමින් සිංහලට නැගුණ “les m…

The Hunchback of Notre Dame (1982)

මේ පාර මම ඔයාලට ගෙනාවෙ ලෝක සාහිතයයේ එන විශිෂ්ට කෘතියක් ඇසුරින් නිර්මාණය උන ලස්සන චිත්‍රපටයක්. “The Hunchback of Notre Dame (නෝත්‍ර දාමයේ කුදා)” සහ “Notre Dame de Paris (පැරිසියේ නෝත්‍ර දාමය)” යන නම් දෙකෙන්ම හදුන්වන මෙම කෘතිය ලෝකය පුරාම ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා.. “මනුතාපය” නමින් සිංහලට නැගුණ “les miserables” කෘතියේ රචකයා වන ප්‍රංශයේ මහා ගත් කරු වික්ටර් හියුගේ අතින් තමයි මේකත් ලියවිලා තියින්නෙ.

කතාව ටිකක් කියන්නම්කො:
නොත්‍ර දාම කියන විශාල පල්ලිය ඉදිරියේ දාල ගිහිපු විරූපි, පිටේ විශාල කුදයක් සහිත ළමයෙක්ව පල්ලියේ ඉන්න ක්ලෝඩ් කියන පියතුමා කරුණාවෙන් හදාගන්න බාරගන්නවා. “ක්වාසිමෝඩො” කියල නම් කරන මෙම ළමයට පසුව පල්ලියේ ඝණ්ඨාර නාදකරන රාජකාරිය බාරදෙනවා.

කතාව ආරම්භ වෙන්නෙ මින් වසර විසිපහකට පස්සෙ පැරිස් නගරයේ ඉතා ඉහළින් සමරන මෝඩයන්ගේ සැණකෙළිය කියන උත්සවයකින්. එදාට පැරිස් වල ඉන්න කැතම පුද්ගලයා තෝරලා මෝඩයන්ගේ රජා හැටියට කිරුළු පළදවනවා. ක්වාසිමෝඩො තමයි ඉතින් ඔය කිරුළ දිනා ගන්නෙ. තවත් විකාර දේවල් ගොඩයි.

නගරයට එන අහිකුණ්ඨික කණ්ඩායමක ඉන්න “එස්මෙරල්ඩා” කියන වීදි වල නටන එක ජීවිකාව කරගත් සුරූපි තරුණිය කෙරෙහි ක්ලෝඩ් පියතුමා, ක්වාසිමෝඩො සහ දුප්පත් කවි ලියන්නෙක් අදරයෙන් කරන්න පටන් ගන්නවා. එස්මෙරෙල්ඩා ෆීබස් කියන රාජකීය හේවායෙකුට ආදරය කරන බව දැනගත්තු ක්ලෝඩ් පියතුමා ඊර්ෂ්‍යාවෙන් උමතු වෙලා කෙසේ හෝ ඇයව ලබා ගැනීමෙ අදහසින් ෆීබස්ව මරන්න උත්සාහ කරනවා. මේ නිසා අවසානයේ එස්මෙරෙල්ඩාට ෆීබස්ව ඝාතනය කිරීම යන චෝදනාව යටතේ මරන දඩුවම තමයි නියම වෙනවා. මරන දඩුවම ක්‍රියාත්මක වීමට පෙරෙ කෙනෙක් ඇයව පැහැරගන්නවා. ඒ තම්යි ක්වාසිමෝඩො. එහෙනම් කතාව බලන්නකො කුදාට පූජකයට හා සුරූපිනියට අවසානයේ වෙන්නෙ මොකක්ද කියලා.

මම කලින් දීපු Men behind the sun චිත්‍රපටය මතක ඇතිනෙ. ටිකක් පරණ උණාට මේකත් ඒ වගේම ඉතා හොදින් නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටයක්. මෙය ඇමරිකාවත් බ්‍රිතාන්‍යත් එකතුවෙන් රෑපවාහිනී ප්‍රදර්ශනය සදහා නිශ්පාදය කල චිත්‍රපටයක්. එහෙනම් බලල comment එකක් දාල යන්න අමතක කරන්න එපා. යන්න කලින් පොඩි දෙයක් තියෙනවා. ප්‍රංශ මාතාවගේ නොමළ හදවත නමින් සිළුමිණ පුවත්පතේ පළවුණු ලිපියක් අහබ්බෙන් වගේ කියවන්න ලැබුණා. ඒකෙ මේ කතාව ගැනත් පොඩි සටහනක් තිබුණා. ඒක පහළින් උපුටා දක්වල තියනවා. අපි ගියා එහෙනම්. ජය වේවා…

**********
වික්ටර් හියුගෝගේ වඩාත් ප්‍රසිද්ධම ඓතිහාසික නවකතාව වූයේ Notre Dame de Paris (නෝත්‍ර ඩාමි ඩී පැරිස්) කෘතියයි. මෙම මාහැඟි කෘතිය හෙළබසට නෝත්‍රඩාමය නමින් නැඟී ඇත. 1831 දී එළිදුටු නෝත්‍රඩාමය නවකතාව අතිශය ජනාදරයට පත්විය. මෙම නවකතාව ලෝක සාහිත මල්දමෙහි සුපුෂ්පිත අති දුර්ලභ කෘතියක් ලෙස විදග්ධ විචාරකයෝ සලකති.

ජේම්ස් ජොයිස්ගේ යුලීසීස්, ප්ලෝබෙයාර්ගේ මදාම් බොවාරි, දස්දෙව්ස්කිගේ අපරාධය හා දඬුවම, තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය, ගෝර්කිගේ අම්මා, පැස්ටනැක්ගේ දොස්තර ෂිවාගෝ ආදී ලෝකයේ අති දුර්ලභ සුවිශිෂ්ට කෘතීන් ගොන්නට හියුගෝගේ නෝත්‍රඩාමය ද වැටෙයි. උදා දිවයුරුගේ සෞම්‍ය ප්‍රාණවත් හිරු රැස් දහරක් මෙන් ද සිසිකරගේ සිහිල් කිරණ කිණිත්තක් මෙන් ද දැකුම්කළු සේන් නදියේ ගුමු ගුමුව මෙන් ද ගලා හැලෙන මෙම නවකතාවේ මානව පේ‍්‍රමී ගුණය අසමසම ප්‍රතිභා ප්‍රභාවක ප්‍රභාෂ්වර හැඟුම් ප්‍රලය කරයි. 15 වැනි සියවසේ පැරීසියේ පසුබිම මෙම නවකතාවෙන් විවරණය කොට ඇත.

මෙහි එන ප්‍රධාන චරිතද්වය වන්නේ ජිප්සි ළමිස්සියක වූ එස්මෙරෙල්ඩා සහ අවලක්ෂණ ගණ්ඩා හඬවන්නකු වූ ක්වාසිමොටෝ ගේ චරිතයන් වේ. ඔවුන් දෙදෙනාගේ අසාමාන්‍ය ආදර වෘත්තාන්තය නවකතාව තුළ දිග හැරෙයි. භද්‍ර යෞවන වියේ පසුවන එස්මෙරෙල්ඩා පසුපස නීතිය ලුහුබඳින විට ක්වාසි මොටෝ ඇය යෝධ ඝණ්ඨා කුළුණට ගෙන ගොස් ආරක්ෂා කරයි. ක්වාසිමොටෝගේ අධික රෞද්‍ර භාවයත් ඔහුගේ රිදී දිය දහරක් බඳු මනුෂ්‍යත්වයේ අකලංකත්වයත් එස්මෙරෙල්ඩා වෙත පාන දයාවිත කරුණා ඕවිල්ලත් රුදුරු සමාජ සතුරන්ගෙන් ඇය ආරක්ෂා කිරීමට ඔහු සතු මුළු ජවයම යොදන අයුරු මෙම නවකතාව තුළ අන්තර්ගත වෙයි. මෙම සාහිත කෘතිය අන්ත දෙකක් එක්කරන අපූර්ව සුසංයෝගයකි. එක් අන්තයක භද්‍ර යෞවන වියේ ගිනි සිළුවක් වන් අභිරූපිකාවක වූ එස්මෙරෙල්ඩාය. අනෙක් අන්තයේ ඇය ආරක්ෂා කරනු වස් යක්ෂ පූජකයා අල්ලා විසි කරන ක්වාසි මොටෝය. මේ දෙදෙනාගේ නොබිඳෙන මානුෂික සහසම්බන්ධය රචකයා චිත්තාකර්ෂනීය ලෙස වනයි.
**********

The Hunchback of Notre Dame (1982) on IMDb

 

 

955 MB කොපිය මෙතනින් බාගන්න

939e3c3869a1b8003a091bb54ed3fae98dda71a6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

570 downloadsDownload The.Hunchback.Of_.N.D.1982.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Niroshanhe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

570 downloadsDownload Subtitles32 KB

29 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  3. හර්ෂ ලහිරු

    පිස්සුකොර...මං පොඩිකාලෙ මේකෙ කාටුන් එක බලලා තියනවා :D :D
    බොහොම ස්තුතියි සහො :P :P ජයවේවා

  4. කේ.යූ.ජී. උදාර

    දිගට ම මේ වගේම හැංඟිච්ච මුතු මැණික් ම පාදමු සහෝ.............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  5. නලින්

    ස්තුතියි නිරෝෂාන් සහෝ ජය වේවා!

  6. Global

    Best Saho Best..

  7. gayan

    බොහොම ස්තුතියි සහෝදරයා

  8. Mayura Suraj

    Machan, ube films nm special. balala ahaka danawata wada, mewa wala ganna dewal godai. thank u wewa godaak :-)

  9. chandana

    මම මේක TV එකෙන් බලල තියෙනවා මේක මම ගොඩක් ආසා කරන ෆිල්ම් එකක් බොහොම ස්තූතියි ඔයාට

  10. Kulanjana Maduranga

    niyamai saho.ubage film nm pattai,,,,sahena watin ewa mcn.....subata thans NIROSHAN saho..digatama sub demu.jaya wewa.....

  11. Tharindu Perera

    Ela vadak machann....
    thanks sub ekatahh..

  12. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

  13. Thivanka

    man podi kale balapu lassanama katha walin ekak JAYA WE ..............!

  14. Amil

    Thanks machan Sub ekata..

  15. jayanandana

    onna akath gaththa machan, uba denne supirima awa thamai,,

  16. Isu

    Thankzz Sahoo Subta......
    Fihatma Sub demu...
    Jaya wewa!!! :-) :-)

  17. prabhath

    kathawa kiyawala thibunata balala ne thanks

  18. රොයිලි

    බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙන්න බොහොම වටින සලරුවකට උපසිරසි කරලා බොහොමත්ම ස්තුතියි,අනිවා මේකනම් බලනවාමයි, ජයවේවා.

  20. yeshu

    Tnx

  21. Sanjaya

    Thanks saho...........

  22. දමිත්

    නියමයි සහෝ. ඉතිහාසය ගැන කියවෙන පරණ කතා රැගත් ෆිල්ම්ස් වලට මමත් කැමතියි ගොඩක්.ස්තුතියි.

  23. niroshan

    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝගෙම අදහස් ගොඩක් සතුටින් බාරගන්නවා. ජයවේවා...

  24. gihan

    උපසිරසට බෝම පිං

  25. ඉෂාර

    සුපිරි ෆිල්ම් එකක්නේ නිරෝෂන් සහෝ. මේ දැන් මම බාන්න දැම්මා.

  26. Chathura

    Thank U Very Much 4 Sub

  27. Thithira Alahakoon

    thanx bro....

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  29. Lasitha

    සබ් එකට බොහෝම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.