අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Revenant [S01 : E02] Sinhala Subtitles | යක්ෂ ආත්මයෙන් තවත් බිල්ලක් [සිංහල උපසිරසි]

Rating: 8.0/10. From 9 votes.
Please wait...

සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. තවත් සුපිරි සහ නවතම කොරියානු කතාමාලාවක් ඔයාලට ගේන වැඩේ අපි පටන් අරන් තියෙන්නේ. ඒ කාර්යයේ තවත් කොටසක් තමයි මම අද ඔයාලට අරන් ආවේ. ඇත්තටම මෑත කාලයේ හොලිවුඩයේ පවා අපිට හොඳ Horror නිර්මාණයක් දකින්න ලැබුනේ නෑ. නමුත් Revenant කියන්නේ හොරර් ත්‍රිලර් වයිබ් එක හොඳටම තියෙන කතා මාලාවක් කියලා සහතික කරන්න පුළුවන්. ඔයාලා දැනටමත් පළවෙනි කොටස බලලා තියෙන නිසා ඒක ඇත්ත බව දන්නවා ඇති. අපි එහෙනම් අද කොටස පොඩ්ඩක් මතක් කරගමු.

හ්යුන්වූගේ නිවසට යන යොම් මහාචාර්යතුමාට අකරතැබ්බයකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම සන්යොන් තමන්ගේ පාසල් සමයේ යාළුවෙක්ගේ විවාහ උත්සවයකට යනවා වගේම එයාලගේ පොඩි අතීත සිදුවීම් කීපයකුත්, යොම් මහාචාර්යතුමාට කුඩා කාලයේ අත්විඳීමට සිද්ධ උන භයානක සිදුවීමේ කොටසකුත් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සන්යොන්ග්ගේ පවුලේ කෙනෙක්ට අද යක්ශ ආත්මයේ ගොදුරක් වෙන්න සිදුවෙනවා වගේම මේ හැමදෙයක්ම ආරම්භ වෙන ස්ථානය ගැන හෝඩුවාවක් හොයාගන්නත් සන්යොන්ග් සහ යොම් මහාචාර්යතුමාට හැකිවෙනවා. ඉතිං මේ හැමදේකටම උත්තර දැනගන්න අද කොටසත් එක්ක එකතු වෙන්න කියලා ඔයාගෙන් ඉල්ලනවා. මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට බිම්සර යෂාන් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඊලඟ කොටස මයුර සහෝ අරන් එයි. නැවත පස්වෙනි කොටසින් ඉක්මනට හමුවෙමු.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

5 thoughts on “Revenant [S01 : E02] Sinhala Subtitles | යක්ෂ ආත්මයෙන් තවත් බිල්ලක් [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥ි

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *