Ripper Street [1×1 – I Need Light ] | එකම ඝාතකයාද?…… [සිංහල උපසිරැසි සමඟ]
කාලෙකට පස්සේ ඔන්න ආපහු අලුත් කතාමාලවකින් හම්බවෙන්න ආවා. කට්ටියට මාව අමතකත් ඇති සමහර විට. 🙂
මේ කතා මාලාව ටිකක් විතර විශේෂ එකක්. මම එහෙම කියන්න එක හේතුවක් තමා ලන්ඩන් ඉතිහාසයේ සෑහෙන නමක් තියපු සිද්ධියක් මත ගෙතුනු සැබෑ චරිත නාම අනුසාරයෙන් නිපදවෙච්ච ඉතිහාස කතාවක් වීම. Jack the Ripper නැතිනම් The Whitechapel Murderer එහෙමත් නැතිනම් Leather Apron කියන නාම වලින් හැඳින්වෙන්නේ අදටවත් අඳුනාගෙන නැති එංගලන්තයේ නැගෙනහිර ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ 1880 අග බාගයේ සිට පටන් ගත් ගණිකාවන්ගේ ඝාතන වලට වගකිව යුතු පුද්ගලයාට පාවිච්චි වන අන්වර්ථනාමයි. මෙම ගණිකාවන්ගේ ඝාතන හින්දා වගේම මිනීමරුවව අල්ලගන්න නොහැකිවීම නිසාම මේ සිද්ධිය ලන්ඩනය හොල්ලපු සිදුවීමක් වුණා. මේ සිදුවීම් ගැන සවිස්තර විස්තර පොලිස් වාර්තා වලින් හා විකිපේඩියාවේ මේ පිටුවෙන් හා මේ පිටුවෙන් අවශ්‍ය කරන අයට බලාගන්න පුළුවන්. අනික මෙය කොටස් අටකින් පමණක් සමන්විත වෙන ශර්ලොක් හෝම්ස් ආකාරයට හුරුකම් දක්වන පොලිස් පරීක්ෂණ විසඳන කතා මාලාවලට කැමති අයට නම් අනිවා මේක අල්ලලා යනවා. තව දෙයක් තමා මේක ඇමරිකානු එකක් නොව එංගලන්තයේ BBC රූපවාහිණි ආයතනය විසින් නිර්මාණය කරන ලද්දක් වීම. IMDB ශ්‍රේණිගත කිරීම්වල 8.1 ලබාගන්නත් මේක සමත්වෙලා තියෙනවා.
දැන් එතකොට මොකක්ද මේකේ කතාව. මේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ ඝාතකයාව අල්ල ගන්න බැරිවීම නිසාම තවත් සමහරු වෙන ඝාතන පොදු මිනීමරුවා පිට දාන්න උත්සහ ගන්නවා. ඉතින් පොලිසිය මේ ඝාතන අඳුනාගෙන සැබෑ මිනීමරුවන්ව නීතියේ රැහැනට කොටු කරගන්න දරන උත්සහය තමා මෙම කතා මාලාවෙන් දැක්වෙන්නේ. කොටසෙන් කොටසට අලුත් පරීක්ෂණයක් වුණත් සමහර චරිත එකිනෙකට බැඳීපවතිනවා.
එහෙනම් ඉතින් කට්ටියටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. ලිංගික දර්ශන හැම කොටසකම නැතත් මෘත ශරීර නම් හැම කොටසෙම වගේ පේන්න තියෙනවා. දකින්න අකමැති අයට කෝකටත් කියලා තමා ඒ මතක් කිරීම.
තියෙන්නේ කොටස් අටක් පමණක් නිසා ඉක්මනට ඉවර කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට මේ කතා මාලාව ගැන මුලින්ම කියපු උදා සහෝට හා අත ඇරලා දාලා තිබ්බ අදහස වෙනස් කරවපු විකියා සහෝට ස්තූතිය පුද කරන ගමන් ම හැමෝටම බාගන්න කියලා ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
2811 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
ane season 3 sub ona
ස්තූතියි 🙂
royly i admire yoy but u are hipocrete
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Thanks
ම්ම්ට්ත් අඩ්ද් ඉන්ඩ්ෛඉන්ඩ්ද්ල්ා බ්ක්න්ව්ාබ්ල්න්ව්ා. ස්බ්ට් ට්ත් ට්ත්ුට්ත්ි ස්හ්ොෝ!!!!!
මමත් පළවෙනි කොටස බෑවා ඔන්න…..
niyamayi saho niyamayi…… patta thanks machanla…..
uba sub dana ava athaarinna heethenne na ban
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.රොයිලි
රොයිලියා දුන්නොත් ඉතින් සුපිරිම තමා ඉතින්…… 🙂
නියමයි රොයිලි ආයේ ටීවී සීරිස් එකක් අරන් ආවට බොහොම ස්තූතියි………..
උදාට කියන්න තියෙන්නෙ මේ වගේ වැඩ කරගෙන යනකොට කලින් කලට හිතේ කලකිරීම් ඇතිවීම ස්වභාවිකයි සහෝ.හැබැයි එහෙම කියල සදහට ම මේ දේවල් අත අරින්න ඕනේ නැහැ. ඉඩක් තියෙන විදිහට මේ වැඩේ දිගට ම කරගෙන යමු.
thank you roily machan ..
revolution thama patan gaththe nathda..machan..
elaZZZ
හත්වලාමේ මේ උදා මක්ක කියනවද, මම බලපු ෆිල්ම් වලින් එලටම සබ් තිබ්බ එකක් තමයි උදා දීපු මැෂින්ගන් පීචර්…මය ඒකෙන් පස්සේ ඒ වගේ එකක් දැක්කෙම නැ, අනික මම මේ ලදී බැලුවා රෝයිලියි උදායි කරපු ජේ.එඩ්ගාර් එක, ආයෙත් එව්වා ගැන නම් කියන්න වචන නැ, මමත් කියන දෙයක් තමයි ෆිල්ම් එකේ දෙබස් වල කුනුහරුපයක් තියේනම් අනිවා ඒක ඒ විදියටම සිංහල සබත් දෙන්න ඕනේ… එතකොට තමයි ෆිල්ම් එක ඇගට දැනෙන්නේ….අනික මොකෝ මේ සබ් එක්ක අත දරුවෝ ෆිල්ම් බලන එකක් යැ… අර එක එක සයිට් වල ඉන්න උන් කෑ ගැහුවට කවුද ගණන් ගන්නේ… උන්ට සබ් එකක් වත් හරියට දා ගන්න පුළුවන් එකක් යැ…
උදා පිස්සු නම් කෙලින්න එපා හොදේ….
අප්පට සිරි මෙන්න තාවත් බඩ්ඩක් දාලා… ආයේ රොයිලි ගේ නම් අනිවා බෑමක් තමයි, මොන ප්‍රශ්නේ ආවාත්….පට්ටයි හොදේ…..
@uda
පිස්සු නැතුව ඉදින් බොල
උබෙ සබ් වල තියන්නෙ අමුතුම ගතියක්
ඉතින් අයෙ කුනුහර්පයක් කියන තැනකට වෙන වචනයක් දාල මොනාටද…….
අපි ඕව නොදන්නවයි අනික 😛
‘කට්ටියට මාව අමතකත් ඇති සමහර විට’
අපි මැරිල ඉපදුනාඅ වගෙනෙ අම්මපා මෙ කියන කතා
එහෙම අමතක වෙනවද රොයිලියව 🙂
මල් හතයි අහ් 😉
උදා සහෝ මට ඉතාම සරලව කියන්න තියෙන්නේ.ලෝකයේ හැමදාම නම රැන්දුවේ වෙනස්කම් කල පුද්ගලයන් තමයි.වර්තමානයේ ඔබව පිළිගන්න පිරිස අඩුයි කියල අපි නිකමට හිතුවත් අනාගතයේදී එක සහමුලින් වෙනස් වෙන්න ඉඩ තියෙනවා.නිර්මානයක වුනත් මුලික සාර්ථකත්වය රැදෙන්නේ එම සිදුවීම දෙස බලන වෙනස් කෝණය මත.කොහොමත් ඉතිහාස පොත වැඩි හරියක් නම්ගම් ලියාගන තියාගන ඉන්නේ පාරෙන් පිට පන්න මිනිසුන් ගැන තමයි.ඒ හින්ද සෙල්ලන්ද කොල්ලෝ පිස්සු වැඩ කරන්න එපා.ඔයාගේ අනන්‍යතාවය නැති කර ගන්නත් එපා.ඔන්න හෙට අනිද්දා ඉදල පට්ට tv series එකක් පටන් අරගෙන බලන්නකෝ අපි නොබලයිද කියල.අනිවා 1000 එහා පැත්තේ බානවා.එහෙනම් tv series එකෙන් හමුවෙනකම් උදා ජයවේවා!
Roili niyama wadakata atha gahala thiyenne…
රෝයිලි මොකද පෙන්න නැත්තේ කියල මම පහුගිය දවසේ හිතුවා විතරයි.මෙන්න රෝයිලි වැඩට අත තියල.රෝයිලි දෙන දෙයක් නොබල කොහොමද? මට තාම මතකයට නැගෙන්නේ homeland ඒවගේ උසස් නිර්මාණයක් ඒවගේ sub දීමේ වේගයක් ඒ අතින් රෝයිලි තමයි තාමත් ඉදිරියෙන් ඉන්නේ.ඔබේ නිර්මාණ දිවියේ වැඩ කටයුතු වගේම පොද්ගලික ජිවිතයේ අරමුණුත් ජයගන්න ලැබේවා කියා මා සුබපැතුම් එක්කරනවා.රෝයිලි ජයවේවා!
Thanks roily ayya,
මෙන්න සිංහල සබ්ටයිට්ල් කින්ග් ආයෙ වැඩේට බැහැලා
පට්ට බන් මේ වගෙ ඒවට මන් හරි ආසයි
ඉක්මනට දෙන්න ඔක්කොටම
ආ… තව එකක් දැන් ඔන්න රෙවොලුෂන් ආයෙ එන්න යන්නෙ
ඒකටත් ආපු ගමන්ම දෙන්න හොදේ….
@ Uda
මේ උබට පිස්සුද බන් වැඩෙ නතර කරන්නෙ එහෙම කරන්න එපා
අපි පවුනෙ පුලු පුලුවන් වෙලාවට දෙන්නකො ඒ ඇති
අනික කවුද බන් උබෙ සබ් වලට දොස් කියන්නෙ ඒකෙ තියෙන ඒවා නරකයි කියලා මන්නම් හරි ආසයි
කොටින්ම කියනවනම් මන් ඊයෙ තමා Machine Gun Preacher (2011) බැලුවේ උබේ සබ් එක්ක
නරක වචන තියෙ තමා ඉතින් බලහන් ඒක උබ කොච්චර ලස්සනට හදලා තියෙද කියලා
සරලව අපිට හොදින් තෙරුම් ගන්න පුලුවන්. (කොහොමත් අපිට හොදටම තෙරෙන්නෙ කුනුහරුපනෙ )
ඉතින් නවත්තන්නනම් එපා හරිද….
Please try to give us a direct link to download. We cant download from torrent. Thanks a lot for giving us a subtitles.
keep it up….
එළ කථාව දැන් බලලා ඉවර කලේ,රොයිලි සහෝ තැන්ක්ස්….
Udaසහෝ අනිත් අය කියන දේවල් එචර හිතන්න දෙයක් නැහැ මචෝ.උඹ සබ්ස් දාපන් කවුරු නැතත් අපි බලනවා…
ela
අයියෝ රොයිල් මෙහෙම ට්ව් සේරිඑස් දීගෙන යනවා .ඒ එක්කම මගේ පොකට් එකට තටු වෙනවා .How ever Thnxxxxx for උපසිරසට
thnks bro..!!!! 🙂
ayye oya nam kiyanna machana nathi supiri kenek,,,sadaaaaaa jaya aniwaaaama banawa,oyage sub nam itin ayeeee loweth naaa
UDA digatama sub diyan,uba hithen hitha gena sub hari na kiyala.digatama demu subs..
thnxzzzzzzzzzzzzzz royli machna
උදා සහො පිස්සු නටන්න ලෑස්ති වෙන්න එපා හරිද…!
ඔයාගෙ උපසිරැස නරකයි කිව්වෙ කව්ද? ඒක අපි බලාගන්නම් ඔයා නම් වැඩේ නවත්වන්න හිතන්න එපා… ඔන්න බයිස්කෝප පාටකයො නොකිව්වයි කියන්න එපා හරි…..!
ගොඩක් ගොඩක් ස්තුතියි මම විකිය සහෝට මේක් ගැන කී පාරක නම කිව්වද, පෞද්ගලික ඉල්ලීමක් ඉෂ්ටවුන වගේ…. මේක මාර පට්ට කතාවක් හැමෝටම බලන්න කියල ආරාධනා කරනව, සහෝ නැවතත් ගොඩක් ස්තුතියි…
UDA digatama sub diyan oyage sub niyamai…
thnxxxxxxxxxx
එහෙනම් රොයිලි අයියා ආයෙත් වැඩේට බැහැලා. ගොඩක් සතුටුයි ඔයාගේ සබ් ආයෙත් කරලියට ආපු එකට. මොක නැති උනත් ඔයාගේ එකක් නම් වැඩක් අතැරලා හරි බලන්නම වෙනවා. ආයෙත් ගොඩක් ස්තුතියි එහෙනම්. 😀 😀
——————————————————–
ඔන්න ඉතින් මෙච්චර සතුටුදායක අවස්ථාවක උදා නරක ආරංචියක් ගෙනෙල්ලා. මගේ නම් අදහස මේක නතර කරන්න එපා කියන එක. මොකද උදා කරන උපසිරැසි වල තියෙන්නේ අමුතුම ආරක්. ඒ ආර අපේ වෙන කාගෙවත් නැහැ. මටනම් උදා ගේ සබ් එකක් එක්ක බලන කොට පුදුම විදිහට සැහැල්ලුවක් එන්නේ. මොකද ඒ තරමට සරල බවක් තේරෙනවා. අලුත් වචන දැම්මට ඒක ප්‍රයෝජනයක් මිසක් නරකක් නෙමෙයි. මොකද සිංහල උපසිරැසි සින්හලෙන් නොදා වෙන කොහොම දෙන්නද? 😛 අනික එතැන් තියෙන්නේ උදා ගේ ගැටළුවක් නෙමෙයි, අපි බහුතරයකගේ තියන සිංහල භාෂා දැනුම මදි කම. ඒක සාමාන්‍ය දෙයක් ඕනෙම රටක ඉන්න හැම මිනිහම ඒ රටේ මව්බස 100% දන්නේ නැහැ. මොකද මට මුණ ගැහිලා තියෙනවා සමහර සුද්දෝ ඉංග්‍රීසියෙන් කෙටි සටහනක් ගහ ගන්න බැරි. ඒක අපේ රටටත් පොදුයි. ඒක නිසා වැඩේ අතාරින්න එපා. කව්රුත් කියන්නේ නැහැ නතර කරන්න කියලා.හැමෝම කැමති උදා ආයෙත් සබ් කරනවා නම්. බොරුනම් දැන් වැටෙන කොමෙන්ට් ටික ගැන බලලවත් තීරණය වෙනස් කර ගන්න. 😀 😀 😀
pattama TV S AKA
ඇත්තටම ද රොයිලි සහෝ; මම ද ඉස්සෙල්ලාම ඔයාට කීවේ මේ ගැන.?! ෂාහ්!
සතුටුයි එහෙනම්! 😀
මට මතකයි කිව්වා කියලනම්, හැබැයි එතකොට මේක ඇවිදිල්ලවත් නෑ නේද?
ගිය අවුරුද්දෙ කිව්වා වගෙයි මතකෙ මගේ… හරි ඒකෙන් කමක් නෑ…
————————————————————-
විකියා මටත් කිව්වා මේක කරහන් කියලා. නමුත් ඇතැම් අය අර මගේ සිංහල ප්‍රවණතාවයට කැමති නැහැයි කියලා මම දන්නවා. ‘එහෙමනම් මම කරන සබ් එක්ක බලනවට වඩා ඉංග්‍රීසි එකත් එක්ක බලන එක පාසු ඇති; නැතිනම් එහෙම කියාවි ද? කියලා මටත් හිතුණා පස්සෙ පස්සෙ’. එහෙමත් තියෙද්දි ආයි මම කරලා රසවත් කතාවක් වණ කරන්නෙ මොකටද නේද?
මම දැන් සබ් කිරිල්ල අත් හැර දාන තැනටම ඇවිදින්! හේතු කීපයක්ම තියෙනවා.
1. එකේලි තේරුමක් නැති සිංහල වචනවලට කොහොමහරි එකක් පාවිච්චි කරන්ඩ හිතෙන ලෙඩක් මට තියෙනවා.( ඒ නිසා වෙන්ඩැති මම කරන ඒවා පැහැදිලි නැත්තේත් නිසැකයෙන්ම. නුහුරු/ අලුත් වචන තියෙනවනේ…)
2. ඔය හේතුව නිසා හදිස්සියට සබ් එකක් කරලා දෙනවා කියන එක මට මහ වදයක් වෙලා.(ඇයි අලුත් වචන හොයන්ඩ/ හදන්ඩ හිතෙනවනේ…)
3. මගේ ආරෙන් පිට යන්ඩ මට මගේ හිත ඉඩ නොදීම.(ඒ ක්‍රමේට මම ආශයි…)
4. මගේ සබ් පැහැදිලි මදි බව ඇතැම් අයගේ කියමන් නිසා මටම සැක ඇතිවෙලා.
5. අනික මගේ කම්මැලිකම 😛
මේක කියන්ඩ හිතුවේ මම ඉවත් වෙනවානම් ටිකක් කල් තියා දැනුවත් කර තිබීම හොද බව සිතු නිසායි. වැඩි දෙනෙකුට ප්‍රයෝජනයක් ගන්ඩ, රසයක් ලබන්ඩ හැකි දෙයක් අල කරලා දානවට වඩා හොදනේ ඒ වැඩේ නොකර ඉන්නවා! නැද්ද?
ඒ නිසා මම මෙයින් ඉවත් වෙන්ඩත් පුළුවනි. දැනටමත් ඒ ගාණයි නේ කොහොමත්!
මෙච්චර කලක් එකට හිටපු සහෝලට නොකියා බෑනෙ එහෙමනම් :).
————————————————————-
හරි සහෝ, මේක දෙන එකට සතුටුයි. මුලින්ම කිව්වෙ මමයි කිව්වත් මම තවම මේක බැලුවෙවත් නෑ… දැන්වත් බලමු එහෙමනම්. කොටස් 8යිනම් වදයක් වෙන්නෙ නෑ මේක බාන සහ බලන එක. ඒ නිසා බලන්නම්. දිගටම තව හොද ඒවා ගේන්ඩ කියලා සුබ පතනවා! ජය වේවා සහෝ…
thnxxxxxxxxxxx
maxxxaa wadak thawath
නියමයි රොයිලි අයියා.ඔයා දුන්නොත් ඉතිං සුපිරි එකක් කියල අපි දන්නවා.ඔන්න බානවෝ.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!
සුපිරි 🙂
shrlok homes katha wagey awa maxxa
maxxa maxxa bro
මේක පට්ටම එකක් අනික බී බී සී කරන ඒවා කොහොමත් පට්ට
Thanks..Episode 1 download karala tibba balanna bari una.Ada balanna oni 😀
elazzzzzzzzzzzzzzzzzzzzzzzzz niyamai
තෑන්ක්ස්..
අනිවා අරන් බලනවා රොයිලි දුන්න කියන්නේ පට්ටම කතාවක් වෙන්න ඕනේ
elama thama macho
thnxxxxxxxxxx boss
fatta fata fata saho….. thnxxzzz a lot….
ස්තුතියි රොයිලි අයියා
ජය වේවා
thankssssssss
මේක පට්ට රහස් පරක්ෂක කතාවක්, අනිවා කතාවක් පැයක් තියෙනව, සබ් දෙන එක නම් පට්ටම වටිනවා,
තැන්ක්ස් වේවා
සුපිරි සබ් දෙන කෙනෙක්ගේ සුපිරි වැඩක් අනිවා,,,,,,,,,,,,,,,,,,
බලනෝ,……………………………
Thanks
patta pathuru macho
elakiri royli ayyaa
නියමයි සහෝ සුපිරි කතාවක් වගේ. ජය
downloading. thxz so much
ela ela paharak wage
thnxxxxxxxxxxxxxxx ayye
අනිවා බලන්න ඕනේ. මෙ වගේ රහස් පරීක්ෂක කතා වලට මං කැමති , බොහොම පින් රොයිලි සහෝ
thanks
maxxa saho sub nam oyage thama 😀
පට්ට පතුරු වැඩක් වගේ.. රොයිලි
wow…..maru 😀
maxxa maxxxa ohoma yan
thanks macho supiri kathawak wage
එල කිරි වැඩක් මචෝ මමත් අනිවා බලනවා
තවත් පට්ට වැඩක් රෝයිලිගෙන් ජයම වේවා! අනිවා ෂර්ලොක් හෝම්ස් වගේ නම් නොබලා කොහොමද