Watch Trailer

Ripper Street [1×1 – I Need Light ] | එකම ඝාතකයාද?…… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න ආපහු අලුත් කතාමාලවකින් හම්බවෙන්න ආවා. කට්ටියට මාව අමතකත් ඇති සමහර විට. 🙂 මේ කතා මාලාව ටිකක් විතර විශේෂ එකක්. මම එහෙම කියන්න එක හේතුවක් තමා ලන්ඩන් ඉතිහාසයේ සෑහෙන නමක් තියපු සිද්ධියක් මත ගෙතුනු සැබෑ චරිත නාම අනුසාරයෙන් නිපදවෙච්ච ඉතිහාස කතාවක් වීම. Jack the Ripper නැතිනම් The Whitech…

Ripper Street1

කාලෙකට පස්සේ ඔන්න ආපහු අලුත් කතාමාලවකින් හම්බවෙන්න ආවා. කට්ටියට මාව අමතකත් ඇති සමහර විට. 🙂

මේ කතා මාලාව ටිකක් විතර විශේෂ එකක්. මම එහෙම කියන්න එක හේතුවක් තමා ලන්ඩන් ඉතිහාසයේ සෑහෙන නමක් තියපු සිද්ධියක් මත ගෙතුනු සැබෑ චරිත නාම අනුසාරයෙන් නිපදවෙච්ච ඉතිහාස කතාවක් වීම. Jack the Ripper නැතිනම් The Whitechapel Murderer එහෙමත් නැතිනම් Leather Apron කියන නාම වලින් හැඳින්වෙන්නේ අදටවත් අඳුනාගෙන නැති එංගලන්තයේ නැගෙනහිර ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ 1880 අග බාගයේ සිට පටන් ගත් ගණිකාවන්ගේ ඝාතන වලට වගකිව යුතු පුද්ගලයාට පාවිච්චි වන අන්වර්ථනාමයි. මෙම ගණිකාවන්ගේ ඝාතන හින්දා වගේම මිනීමරුවව අල්ලගන්න නොහැකිවීම නිසාම මේ සිද්ධිය ලන්ඩනය හොල්ලපු සිදුවීමක් වුණා. මේ සිදුවීම් ගැන සවිස්තර විස්තර පොලිස් වාර්තා වලින් හා විකිපේඩියාවේ මේ පිටුවෙන් හා මේ පිටුවෙන් අවශ්‍ය කරන අයට බලාගන්න පුළුවන්. අනික මෙය කොටස් අටකින් පමණක් සමන්විත වෙන ශර්ලොක් හෝම්ස් ආකාරයට හුරුකම් දක්වන පොලිස් පරීක්ෂණ විසඳන කතා මාලාවලට කැමති අයට නම් අනිවා මේක අල්ලලා යනවා. තව දෙයක් තමා මේක ඇමරිකානු එකක් නොව එංගලන්තයේ BBC රූපවාහිණි ආයතනය විසින් නිර්මාණය කරන ලද්දක් වීම. IMDB ශ්‍රේණිගත කිරීම්වල 8.1 ලබාගන්නත් මේක සමත්වෙලා තියෙනවා.

දැන් එතකොට මොකක්ද මේකේ කතාව. මේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ ඝාතකයාව අල්ල ගන්න බැරිවීම නිසාම තවත් සමහරු වෙන ඝාතන පොදු මිනීමරුවා පිට දාන්න උත්සහ ගන්නවා. ඉතින් පොලිසිය මේ ඝාතන අඳුනාගෙන සැබෑ මිනීමරුවන්ව නීතියේ රැහැනට කොටු කරගන්න දරන උත්සහය තමා මෙම කතා මාලාවෙන් දැක්වෙන්නේ. කොටසෙන් කොටසට අලුත් පරීක්ෂණයක් වුණත් සමහර චරිත එකිනෙකට බැඳීපවතිනවා.

එහෙනම් ඉතින් කට්ටියටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. ලිංගික දර්ශන හැම කොටසකම නැතත් මෘත ශරීර නම් හැම කොටසෙම වගේ පේන්න තියෙනවා. දකින්න අකමැති අයට කෝකටත් කියලා තමා ඒ මතක් කිරීම.

තියෙන්නේ කොටස් අටක් පමණක් නිසා ඉක්මනට ඉවර කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට මේ කතා මාලාව ගැන මුලින්ම කියපු උදා සහෝට හා අත ඇරලා දාලා තිබ්බ අදහස වෙනස් කරවපු විකියා සහෝට ස්තූතිය පුද කරන ගමන් ම හැමෝටම බාගන්න කියලා ආරාධනා කරනවා. 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV  පිටපත් සඳහා ලබා දි ඇත.

2,776 downloadsDownload Ripper.Street.S1E1.Baiscopelk.zip82 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1Next BT1

Subtitles

2,776 downloadsDownload Subtitles82 KB

73 comments

  1. සිංහලයා

    තවත් පට්ට වැඩක් රෝයිලිගෙන් ජයම වේවා! අනිවා ෂර්ලොක් හෝම්ස් වගේ නම් නොබලා කොහොමද

  2. elakiri

    එල කිරි වැඩක් මචෝ මමත් අනිවා බලනවා

  3. Isuru

    thanks macho supiri kathawak wage

  4. jeewantha

    maxxa maxxxa ohoma yan

  5. wow

    wow.....maru :D

  6. lasidu

    පට්ට පතුරු වැඩක් වගේ.. රොයිලි

  7. eraNga

    maxxa saho sub nam oyage thama :D

  8. quik

    thanks

  9. mihin ලංකා

    අනිවා බලන්න ඕනේ. මෙ වගේ රහස් පරීක්ෂක කතා වලට මං කැමති , බොහොම පින් රොයිලි සහෝ

  10. chami

    thnxxxxxxxxxxxxxxx ayye

  11. pubudu

    ela ela paharak wage

  12. zumo man

    downloading. thxz so much

  13. rusuru | රුසිරු

    නියමයි සහෝ සුපිරි කතාවක් වගේ. ජය

  14. upali

    elakiri royli ayyaa

  15. geeth

    patta pathuru macho

  16. ccnp

    Thanks

  17. h[A]s

    සුපිරි සබ් දෙන කෙනෙක්ගේ සුපිරි වැඩක් අනිවා,,,,,,,,,,,,,,,,,,
    බලනෝ,.................................

  18. එරංග

    තැන්ක්ස් වේවා

  19. ganidu

    මේක පට්ට රහස් පරක්ෂක කතාවක්, අනිවා කතාවක් පැයක් තියෙනව, සබ් දෙන එක නම් පට්ටම වටිනවා,

  20. hh

    thankssssssss

  21. නලියා

    ස්තුතියි රොයිලි අයියා
    ‍
    ජය වේවා

  22. Sahan

    fatta fata fata saho..... thnxxzzz a lot....

  23. ishara

    thnxxxxxxxxxx boss

  24. ranga

    elama thama macho

  25. tharanga

    අනිවා අරන් බලනවා රොයිලි දුන්න කියන්නේ පට්ටම කතාවක් වෙන්න ඕනේ

  26. shani

    තෑන්ක්ස්..

  27. Dilan-

    elazzzzzzzzzzzzzzzzzzzzzzzzz niyamai

  28. Dushan

    Thanks..Episode 1 download karala tibba balanna bari una.Ada balanna oni :D

  29. akila

    මේක පට්ටම එකක් අනික බී බී සී කරන ඒවා කොහොමත් පට්ට

  30. ositha

    maxxa maxxa bro

  31. Fernando

    shrlok homes katha wagey awa maxxa

  32. wall e

    සුපිරි :)

  33. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.ඔයා දුන්නොත් ඉතිං සුපිරි එකක් කියල අපි දන්නවා.ඔන්න බානවෝ.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!

  34. amilatk

    maxxxaa wadak thawath

  35. Bandula

    thnxxxxxxxxxxx

  36. uda

    ඇත්තටම ද රොයිලි සහෝ; මම ද ඉස්සෙල්ලාම ඔයාට කීවේ මේ ගැන.?! ෂාහ්!
    සතුටුයි එහෙනම්! :D

    මට මතකයි කිව්වා කියලනම්, හැබැයි එතකොට මේක ඇවිදිල්ලවත් නෑ නේද?
    ගිය අවුරුද්දෙ කිව්වා වගෙයි මතකෙ මගේ... හරි ඒකෙන් කමක් නෑ...

    -------------------------------------------------------------
    විකියා මටත් කිව්වා මේක කරහන් කියලා. නමුත් ඇතැම් අය අර මගේ සිංහල ප්‍රවණතාවයට කැමති නැහැයි කියලා මම දන්නවා. 'එහෙමනම් මම කරන සබ් එක්ක බලනවට වඩා ඉංග්‍රීසි එකත් එක්ක බලන එක පාසු ඇති; නැතිනම් එහෙම කියාවි ද? කියලා මටත් හිතුණා පස්සෙ පස්සෙ'. එහෙමත් තියෙද්දි ආයි මම කරලා රසවත් කතාවක් වණ කරන්නෙ මොකටද නේද?

    මම දැන් සබ් කිරිල්ල අත් හැර දාන තැනටම ඇවිදින්! හේතු කීපයක්ම තියෙනවා.

    1. එකේලි තේරුමක් නැති සිංහල වචනවලට කොහොමහරි එකක් පාවිච්චි කරන්ඩ හිතෙන ලෙඩක් මට තියෙනවා.( ඒ නිසා වෙන්ඩැති මම කරන ඒවා පැහැදිලි නැත්තේත් නිසැකයෙන්ම. නුහුරු/ අලුත් වචන තියෙනවනේ...)

    2. ඔය හේතුව නිසා හදිස්සියට සබ් එකක් කරලා දෙනවා කියන එක මට මහ වදයක් වෙලා.(ඇයි අලුත් වචන හොයන්ඩ/ හදන්ඩ හිතෙනවනේ...)

    3. මගේ ආරෙන් පිට යන්ඩ මට මගේ හිත ඉඩ නොදීම.(ඒ ක්‍රමේට මම ආශයි...)

    4. මගේ සබ් පැහැදිලි මදි බව ඇතැම් අයගේ කියමන් නිසා මටම සැක ඇතිවෙලා.

    5. අනික මගේ කම්මැලිකම :P

    මේක කියන්ඩ හිතුවේ මම ඉවත් වෙනවානම් ටිකක් කල් තියා දැනුවත් කර තිබීම හොද බව සිතු නිසායි. වැඩි දෙනෙකුට ප්‍රයෝජනයක් ගන්ඩ, රසයක් ලබන්ඩ හැකි දෙයක් අල කරලා දානවට වඩා හොදනේ ඒ වැඩේ නොකර ඉන්නවා! නැද්ද?

    ඒ නිසා මම මෙයින් ඉවත් වෙන්ඩත් පුළුවනි. දැනටමත් ඒ ගාණයි නේ කොහොමත්!
    මෙච්චර කලක් එකට හිටපු සහෝලට නොකියා බෑනෙ එහෙමනම් :).
    -------------------------------------------------------------

    හරි සහෝ, මේක දෙන එකට සතුටුයි. මුලින්ම කිව්වෙ මමයි කිව්වත් මම තවම මේක බැලුවෙවත් නෑ... දැන්වත් බලමු එහෙමනම්. කොටස් 8යිනම් වදයක් වෙන්නෙ නෑ මේක බාන සහ බලන එක. ඒ නිසා බලන්නම්. දිගටම තව හොද ඒවා ගේන්ඩ කියලා සුබ පතනවා! ජය වේවා සහෝ...

  37. srimal

    pattama TV S AKA

  38. හසන්ත වික්‍රමරත්න

    එහෙනම් රොයිලි අයියා ආයෙත් වැඩේට බැහැලා. ගොඩක් සතුටුයි ඔයාගේ සබ් ආයෙත් කරලියට ආපු එකට. මොක නැති උනත් ඔයාගේ එකක් නම් වැඩක් අතැරලා හරි බලන්නම වෙනවා. ආයෙත් ගොඩක් ස්තුතියි එහෙනම්. :D :D

    --------------------------------------------------------
    ඔන්න ඉතින් මෙච්චර සතුටුදායක අවස්ථාවක උදා නරක ආරංචියක් ගෙනෙල්ලා. මගේ නම් අදහස මේක නතර කරන්න එපා කියන එක. මොකද උදා කරන උපසිරැසි වල තියෙන්නේ අමුතුම ආරක්. ඒ ආර අපේ වෙන කාගෙවත් නැහැ. මටනම් උදා ගේ සබ් එකක් එක්ක බලන කොට පුදුම විදිහට සැහැල්ලුවක් එන්නේ. මොකද ඒ තරමට සරල බවක් තේරෙනවා. අලුත් වචන දැම්මට ඒක ප්‍රයෝජනයක් මිසක් නරකක් නෙමෙයි. මොකද සිංහල උපසිරැසි සින්හලෙන් නොදා වෙන කොහොම දෙන්නද? :P අනික එතැන් තියෙන්නේ උදා ගේ ගැටළුවක් නෙමෙයි, අපි බහුතරයකගේ තියන සිංහල භාෂා දැනුම මදි කම. ඒක සාමාන්‍ය දෙයක් ඕනෙම රටක ඉන්න හැම මිනිහම ඒ රටේ මව්බස 100% දන්නේ නැහැ. මොකද මට මුණ ගැහිලා තියෙනවා සමහර සුද්දෝ ඉංග්‍රීසියෙන් කෙටි සටහනක් ගහ ගන්න බැරි. ඒක අපේ රටටත් පොදුයි. ඒක නිසා වැඩේ අතාරින්න එපා. කව්රුත් කියන්නේ නැහැ නතර කරන්න කියලා.හැමෝම කැමති උදා ආයෙත් සබ් කරනවා නම්. බොරුනම් දැන් වැටෙන කොමෙන්ට් ටික ගැන බලලවත් තීරණය වෙනස් කර ගන්න. :D :D :D

  39. anil

    thnxxxxxxxxxx

  40. kasun

    UDA digatama sub diyan oyage sub niyamai...

  41. සමීර කරුණාරත්න

    ගොඩක් ගොඩක් ස්තුතියි මම විකිය සහෝට මේක් ගැන කී පාරක නම කිව්වද, පෞද්ගලික ඉල්ලීමක් ඉෂ්ටවුන වගේ.... මේක මාර පට්ට කතාවක් හැමෝටම බලන්න කියල ආරාධනා කරනව, සහෝ නැවතත් ගොඩක් ස්තුතියි...

  42. සමීර කරුණාරත්න

    උදා සහො පිස්සු නටන්න ලෑස්ති වෙන්න එපා හරිද...!
    ඔයාගෙ උපසිරැස නරකයි කිව්වෙ කව්ද? ඒක අපි බලාගන්නම් ඔයා නම් වැඩේ නවත්වන්න හිතන්න එපා... ඔන්න බයිස්කෝප පාටකයො නොකිව්වයි කියන්න එපා හරි.....!

  43. samith

    UDA digatama sub diyan,uba hithen hitha gena sub hari na kiyala.digatama demu subs..

    thnxzzzzzzzzzzzzzz royli machna

  44. ravi70

    ayye oya nam kiyanna machana nathi supiri kenek,,,sadaaaaaa jaya aniwaaaama banawa,oyage sub nam itin ayeeee loweth naaa

  45. indika

    thnks bro..!!!! :)

  46. shashik

    අයියෝ රොයිල් මෙහෙම ට්ව් සේරිඑස් දීගෙන යනවා .ඒ එක්කම මගේ පොකට් එකට තටු වෙනවා .How ever Thnxxxxx for උපසිරසට

  47. sura

    ela

  48. My Life as a Gaijin!

    එළ කථාව දැන් බලලා ඉවර කලේ,රොයිලි සහෝ තැන්ක්ස්....
    Udaසහෝ අනිත් අය කියන දේවල් එචර හිතන්න දෙයක් නැහැ මචෝ.උඹ සබ්ස් දාපන් කවුරු නැතත් අපි බලනවා...

  49. Suhith

    Please try to give us a direct link to download. We cant download from torrent. Thanks a lot for giving us a subtitles.
    keep it up....

  50. “චූටී මල්ලි”

    මෙන්න සිංහල සබ්ටයිට්ල් කින්ග් ආයෙ වැඩේට බැහැලා
    පට්ට බන් මේ වගෙ ඒවට මන් හරි ආසයි
    ඉක්මනට දෙන්න ඔක්කොටම

    ආ... තව එකක් දැන් ඔන්න රෙවොලුෂන් ආයෙ එන්න යන්නෙ
    ඒකටත් ආපු ගමන්ම දෙන්න හොදේ....

    @ Uda
    මේ උබට පිස්සුද බන් වැඩෙ නතර කරන්නෙ එහෙම කරන්න එපා
    අපි පවුනෙ පුලු පුලුවන් වෙලාවට දෙන්නකො ඒ ඇති
    අනික කවුද බන් උබෙ සබ් වලට දොස් කියන්නෙ ඒකෙ තියෙන ඒවා නරකයි කියලා මන්නම් හරි ආසයි
    කොටින්ම කියනවනම් මන් ඊයෙ තමා Machine Gun Preacher (2011) බැලුවේ උබේ සබ් එක්ක
    නරක වචන තියෙ තමා ඉතින් බලහන් ඒක උබ කොච්චර ලස්සනට හදලා තියෙද කියලා
    සරලව අපිට හොදින් තෙරුම් ගන්න පුලුවන්. (කොහොමත් අපිට හොදටම තෙරෙන්නෙ කුනුහරුපනෙ )
    ඉතින් නවත්තන්නනම් එපා හරිද....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.