ඔන්න යාළුවනේ, අද මම ආවේ කාලයක් ජාතික රූපවාහිනියේ විකාශය වුනු, නළුවන්ගේ පෙනුම නිසා සමහරක් අය අකමැති වෙලා නොබලා හිටපු, ඒත් බලන්න වටින තරම් ත්‍රාසජනක, ඉහළ Ratings තියෙන, හොඳම මට්ටමේ තිර පිටපතකින් නිමවුණු, ඒ වගේම විහිළුවලිනුත් අඩු නොවන අළුත් රොබින්හුඩ් කතාමාලාවේ පළවෙනි කොටසයි. පරණ රොබින්හුඩ් කතාමාලාව න…

ඔන්න යාළුවනේ, අද මම ආවේ කාලයක් ජාතික රූපවාහිනියේ විකාශය වුනු, නළුවන්ගේ පෙනුම නිසා සමහරක් අය අකමැති වෙලා නොබලා හිටපු, ඒත් බලන්න වටින තරම් ත්‍රාසජනක, ඉහළ Ratings තියෙන, හොඳම මට්ටමේ තිර පිටපතකින් නිමවුණු, ඒ වගේම විහිළුවලිනුත් අඩු නොවන අළුත් රොබින්හුඩ් කතාමාලාවේ පළවෙනි කොටසයි. පරණ රොබින්හුඩ් කතාමාලාව නරකයි කියනවා නෙවෙයි. ඒකත් සෑහෙන ලස්සන කතාවක්. මට මතකයි මේකේ මුල්ම කොටස ජාතික රූපවාහිනියේ ගිය කාලේ, පත්තරවලින් පවා මේකයි, පරණ රොබින්හුඩ් කතාමාලාවයි සසඳලා මේ කතාමාලාව විවේචනය කරලා තිබුනා. ගොඩක් දුරට විවේචනය වුනේ රොබින්හුඩ් කොණ්ඩය කපලා තියෙන එක. ඒත් පළවෙනි කොටස බලලා ඉවර වුනාම, මම නම් ඇඟිලි ගැන ගැන හිටියේ, කවද්ද දෙවනි කොටස දාන්නේ කියලා. ඒක නිසා TV Series බලන ප්‍රේක්ෂකයෝ මේක නොබලා හිටියොත් පාඩුවක් වෙන්නේ. ඉතින් මම මෙච්චර කැමති වුන කතාවකට උපසිරැසි හදන්න ලැබුන එක ගැන ශාන් විමුක්ති සහෝදරයා ඇතුළු බයිස්කෝප් ඇඩ්මින්වරුන්ට මගේ හද පිරි ස්තූතිය! ඉතින් මම කතාව ගැන විස්තරයක් කරන්නම්.
- කතා මාලාව නිපදවුනු රට – බ්‍රිතාන්‍යය
- විකාශය – BBC නාලිකාවෙන් 2006 ඔක්තෝබර් 7 සිට 2009 ජූනි 27 දක්වා
- නළු නිළි පිරිස – Jonas Armstrong (රොබින්), Lucy Griffiths (මැරියන්), Richard Armitage (ගිස්බන්), Keith Allen (ෂෙරිෆ්), Sam Troughton (මාච්), Joe Armstrong (ඇලනඩේල්), Gordon Kennedy (ලිට්ලි ජෝන්), Harry Lloyd (විල් ස්කාලට්)
- Ratings – IMDB – 7.6, TV.com – 8.6
- කතා වර්ගය – Action , Adventure , Comedy
- කතා මාලා ගණන – 3
- සම්මාන සඳහා නිර්දේශවීම් –Academy of Science Fiction, Fantasy & Horror Films, USA 2008 – Saturn Award – Best International SeriesTV Quick Awards, UK 2009 – TV Quick Award – Best Family Drama (Dominic Minghella, Foz Allan)TV Quick Awards, UK 2007 – TV Quick Award – Best New Drama (Dominic Minghella, Foz Allan)
ඉතින් පළවෙනි කොටස ගැන විස්තරයක් කළොත්, රොබින් ලොක්ස්ලි එයාගේ සේවකයා මාච් එක්ක යුද්ධයෙන් අයින් වෙලා ගමට එන තැනින් තමයි කතාව පටන් ගන්නේ. මේ යුද්ධය කියන්නේ, ජෙරුසලම හෙවත් ක්‍රිස්තියානුවන්ගේ ශුද්ධ වූ භූමිය අරාබි ජාතික මුස්ලිම් ජාතිකයන් අත් කරගැනීම නිසා ඇති වුනු යුද්ධයක්. ඒ කාලයේ එංගලන්තයේ හිටිය රිචඩ් රජතුමා, රෝමයේ හිටිය ග්‍රෙගරි පාප්තුමාගේ උදව්වට කුරුස යුද්ධයට ගිහින් ඉන්නේ. ඉතින් රොබිනුත් රජු එක්ක යුද්ධයට ගිහින් ඉඳලයි ලොක්ස්ලි බලා ආපහු එන්නේ. රොබින්ට මේකෙදි හන්ටින්ඩන් හි අර්ල්වරයා කියලාත් කියනවා. අර්ල්වරයා කියන්නේ නයිට්වරුන්ට වඩා ඉහළ තනතුරක්. ඉංග්‍රීසි රජ කතා බලන අය නම් නයිට් කියන්නේ කාටද කියලා දන්නවා ඇති නොවැ. ඉතින් අවුරුදු ගාණකට පස්සේ ගමට එන රොබින්ට දකින්න ලැබෙන්නේ, අළුත් ෂෙරිෆ් කෙනෙක් පත්වෙලා, තමන්ගේ ගමේ වැසියන්ව පීඩාවට පත්කරන හැටි, ඒ වගේම තමන්ගේ මන්දිරය ඇතුළු ඉඩකඩම් ඔක්කොම ගිස්බන් යටතට පත්වෙලා තියෙන හැටි. මැරියන්ගේ තාත්තා වන පරණ ෂෙරිෆ් ගැනත් දැන් ෂෙරිෆ්ගේ මිනිස්සු හෙවිල්ලෙන් ඉන්නේ. ඉතින් රොබින් මේ ඔක්කොටම විරුද්ධව නැගී හිටින්නයි හදන්නේ. අවසානෙදි මොනවා වෙයිද, කොහොමද වංශවතෙක් රොබින්හුඩ් කියන පිටුවහලා බවට පත්වෙන්නේ කියලා අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්. කතා මාලා තුනටම අනිවාර්යයෙන් උපසිරැසි දෙන නිසා, බලන අය ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන තියාගත්තට කමක් නෑ. පුළුවන් නම් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. එහෙනම් දෙවනි කොටසින් ආයෙත් හමුවෙනකම් හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,721 downloadsDownload BBC.Robin_.Hood_.S01.E01.Baiscopelk.com_.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
78 comments
Tigermx
Nalaka Dananjaya Rathnayake
ade patta , bohoma sthuthi saho. jayawewa
deshanchandana
MEKA NAM BALAGENAMA HITAPU EKAK MACHAN.THANKZ WEWA SUB EKATA
JAYADexa
Ela
Nuwan Manage
Thank You Sub 1t.. Meke Bluray 1t sub eka denn plwn nm watinwa.Bluray torrent ehemth tynwa.Hbei english sub tynwd kyn dnne na
thanujamilandi
Thank you sooo much asawen balapu kathawak aye balanawa ithin digatama sub eka denna thank you.. Jaya wewa... BS!!!!!!!!!!!
Thamoth Kavinda
සුපිරි බන්.මෙක හොය හොය හිටියේ බන්
Chanaka
Supiri sub denakal asawean balann unna.niyamai issarahatath sub denna thakuuu
Diyath119
niyamai saho,kawruhari mekata sub karai kiyala godak kalayaka idala balagena hitiya.
godak sthuthiyisasala
metike robin hood mathakuna. hitha dekala dunna vage thanks.
Soori
බෝම ස්තුති බොබී සහෝ.....
එපිසෝඩ් 39ක දිග බැලිල්ලක්......
දිගටම දෙන්න සහෝ බොහෝම ස්තුතියි ආයෙත්...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKaushal
බොහොම අගෙයි, මේකත් එක්ක Robin hood 2018 movie එකත් දෙන්න පුලුවන්ද ?
krishanmadusanka
elooooo
GiwAnu
Niyami broooo
zeal
Thanx Mcn... Patta Kalayak Balan Unne
madawaththa
Tnx broh...
ridmal
Thanks bro
nilushana
Meka niyamai mama nam parana ekata wada ආසාවෙන් meka බැලුවේ
subhash
supiri wadak bro, math meka balanna sub hewwa eth hambaune na supri wadak
Kulanjana Maduranga
niyamai subata thanks...keep it up....
Sajiya99
Thanks bro
geeganagamage
මම පොඩි කාලේ ඉදලම ගොඩාක් ආසා කරපු චරිතයක් තමයි රොබින් හුඩ් කියන්නේ . ඒ වගේම ගොඩාක් ස්තුතියි මේ වගේ ගොඩාක් ලස්සන ට්වි සීරියස් එකකට සබ් දුන්නට .
Ayesh Prashan
Thank You... Balalanan Thiye.Aaith Balano
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේකත් ආසාවෙන් බලපු කතාවක්....
දිගටම සබ් දෙමු....සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..මේවට ලොකු ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණයක් ඉකමනටම ලැබෙන්නේ නෑ මචං. මොකද මේවා බලන පිරිස අඩුයි. ඒත් සබ් එක දිගටම දෙන්න. ගොඩක් වටින වැඩක් මේක. හේතුව කිව්වොත් මේ වගේ සීරිස් හොය හොය බලන කාලයක් එනවා. බුදුසරණයි...ජය වේවා!!!
Thilina Jayarathna
YAKOO THQ YAKOOOOOOOOOOOO PIN UBATA DIGATAMA DIPAN KOLLO .
djsameer
ammeeee hoya hoya hitiyee sinhala sub ekak.. bohoma pin...
thumindu
Ela patta nawaththanne nathuwa digatama denna
rangika Kariyawasam
නියමයි බොබී. ෆට්ටම ආසාවෙන් නරඹපු සීරියස් එකක්.ජය වේවා
nadeera dayan
ela thanx bro.
navodya
banna link ake dnna ko plz
Madhushanka
Sub ekt thanks..
ලින්ක් තියෙන කෙනෙක් බාන්න ලින්ක් එකක් දාගෙන යන්නො...ak
dl6.downloadoo.ir/TV.Show/R/Robin%20Hood/
May link eka try kara balanna.Maath meken thama download kare.
Madhushanka
Thanks ..
Sudantha92
thnks karala wedak ne bn godak pin ubata aayeth lama kaaleta genichchata okkama deepan bro maga nawaththanna epa plzz
nisalt
Link is Not working bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ak
Sub ekata thanks
NUWAN24
thanx.........!
බොබී
මෙච්චර කමෙන්ටු ටිකක් දැක්කත් සතුටුයි සහෝ. බොහොම ස්තූතියි.
Hunter 99
patta bn
Dhanushkadill
Ela.......Thankssssssssss.....
SDMaduhansa
Niyamai.Mekata sub denakan balan hitiye
උදයංග සම්පත් හතරසිංහ
තෑන්ක්ස් මචං.. නිකං ෆොටෝ එක දැක්කත් පිස්සු වගේ.. නියමයි ආහ්.. ආයෙ අපේ පුංචි කාලෙට යන්න පුළුවන් මේවත් එක්ක. ජය වේවා.. !
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තුතියී :)
සබ්ටයිට්ල් ටික බ්ලූරේ වලටත් Sync කරල දාන්න පුලුවන් නම් වටිනව.shashika
thnx mcn iwra wenknma sub denna asawen blpu ekk pdi kale
Amalka Himeshan
හම්මෝ තෑන්ක්ස් බන් මේකට සබ් දාල කියල දැක්කම මාර සතුටක් ඇති උනේ බන් ඕක රූපවාහිනියෙ පෙන්නුව දවස්වල මාරම ආසාවෙන් බැලුවෙ ආය බලන්න හිතුනත් බලන්න විදිහක් තිබ්බෙ නෑ (එතකොට කොම් එකක් තිබ්බෙත් නෑනෙ ) ඉන්ටනෙට් තිබිලත් ආය බලන්න හිතුනත් කල් දැම්මෙ සබ් නැති නිසාමයි දැන් උඹට පින සිද වෙන්න මේක ආපහු බලන්න පුලුවන් තැන්ක්ස් මචන් දිගටම කරගන යමු මේක. ඒ වගේම මචන් පුලුවන්නම් රොස්වෙල් සීසන් 3ටත් සබ් දෙන්න ට්‍රයි කරහන් පොඩ්ඩක් ඕකෙ සීසන් 2 වෙනකන් වෙන කට්ටියක් සබ් කරා 3 තාම දුන්නෙ නෑ පොඩි කාලෙ ආසාවෙන් බැලුව සීරීස් වලින් එකක්නෙ මේකත්
nisalt
Thanks bro
Congratspodda
onna maga nathara karanawa ehema neme!!1 thanks bro!! sub 1kawuru hari dei kiyala maga balagena hitapu eke thanks bro
Dilshan9070
Niyamai sub eka illala dawas 10n dunna thankzzz okkotama
sameeradananjaya
sub ekata thx,, vedio download link ekak denna ,pls
Lasantharathnasirirox
Tnx bob
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks maka hoya hoya hitiya digatama danna