Watch Trailer

BBC Bodyguard 2018 [S01 : E04] with Sinhala Subtitles | බිඳුණු බලාපොරොත්තු…. [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙන කොටස බලපු හැමෝම දැන් තුෂ්නිම් භූත වෙලා කියල නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. හිතන්නේ නැති දෙයක් තමා අවසානයේ අපට දකින්න ලැබුනේ. ජූලියා සහ ඩේවිඩ් අතර තිබෙන සම්බන්ධය තව තවත් දැඩි වෙන මොහොතක අවසානයේ අපි දැක්ක දේ නිසා මේ දක්වා කතාව ගැන අපි හිතින් බලාපොරොත්තු උන අවසානය කණපිට ගැහුනා වගේ දෙයක් සිද්ධ…

තුන්වෙන කොටස බලපු හැමෝම දැන් තුෂ්නිම් භූත වෙලා කියල නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. හිතන්නේ නැති දෙයක් තමා අවසානයේ අපට දකින්න ලැබුනේ. ජූලියා සහ ඩේවිඩ් අතර තිබෙන සම්බන්ධය තව තවත් දැඩි වෙන මොහොතක අවසානයේ අපි දැක්ක දේ නිසා මේ දක්වා කතාව ගැන අපි හිතින් බලාපොරොත්තු උන අවසානය කණපිට ගැහුනා වගේ දෙයක් සිද්ධ උනේ. හැබැයි අපි නොදන්න තවමත් රහසක් උන දේවල් ගොඩක් තියෙනවා. කවුද මේක කලේ? ඇයි කලේ? මේක ආණ්ඩුවේ ඇතුලෙන්ම දුන්න ගේමක්ද? ප්‍රශ්න නම් කෝටියයි. එත් උත්තර නම් හිතන තරම් ලේසි නැහැ.

කලින් කොටස ආරම්භයේ පටන් අවසන් වෙනතෙක් දැක්කේ ඩේවිඩ් සහ ජුලියා අතර අලුතෙන් ආරම්භ උන මේ හිතවත් කම ගැනයි. හෝටලයක නවාතැන් ගෙන ඉන්න ජූලියාගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් ඩේවිඩ් හට ඊළඟ කාමරයේ නවාතැන් ගන්න සිදු උනා. එය එකතරා විදිහක දෙන්නගේ මේ අලුත් සම්බන්ධයට රුකුලක් උනා. ඒ වගේම ඩේවිඩ්ට ඊට පෙර ඔහුගේ ප්‍රධානිගෙන් නියෝග ලැබුනා ජූලියා කරන කියන දේ ගැන විමසිල්ලන් ඉඳල ඒ ගැන ඔවුන්ට දැනුම් දෙන්න කියල. මුලින් මුලින් මේ ගැන තැකීමක් නොකළ ඩේවිඩ් පසුව ජූලියාගේ පවා ඔහුට නොකියන රහස් ඇති බව ඇය හමුවන්න පිටින් පැමිණි ආගන්තුකයෙක් නිසා තේරුම් ගන්නවා. ඒ පැමිණි කෙනා ඇයට රහස් විස්තර වගයකින් සමන්විත ටැබ්ලට් එකක් ලබා දෙනවා. ඒ ගැන ඩේවිඩ් හොරෙන් විස්තර පවා ලබාගන්න පෙළඹෙනවා ඔබ දකින්න ඇති. ඒ වගේම ජූලියා මුණ ගැහෙන්න ආ පුද්ගලයා ඩේවිඩ් විසින් නවතා ඔහුගේ විස්තර අහනවා. ඔහු පවසන්නේ ඔහුගේ නම රිචර්ඩ් ලෝන්ග්ක්‍රොස් බවයි. ඒ වගේම එක්තරා මොහොතක යුධ මානසිකත්වයැ නිසා ආතතියෙන් සිටින ඩේවිඩ් ජුලියාට පහර දෙන්න පවා පෙළඹෙනවා ඔබ දකින්න ඇති. ඒ ඔහු පීඩා විඳින මානසික රෝගය නිසා කියල පසුව ඇය තේරුම් ගන්නවා. අවසානයේ ශාන්ත මැතිව් විද්‍යාල කතාවට පෙර ජූලියා ඩේවිඩ් හට පවසන්නේ ඇයට ඔහුව අවශ්‍ය බවත් ඒ මේ රැකියාව නිසා නොවන බවත් ඒ ඔවුන්ගේ කැමැත්ත නිසා බවත්ය. අවසානයේ අපි දකින්නේ කවුරුත් නිහිතපු දෙයක්. ඇය කවතාව පවත්වන ස්ථානයට හදිසියේ පැමිණෙන තාහිර් මහමුද් ඩේවිඩ් හට පවසන්නේ ඇය මුණ ගැසෙන්න අවශ්‍ය බවකි. ඊට හේතු දක්වන්නේ ඇය විසින් කරන කතාව විකෘති කර ඇයව අපකීර්තියට පත් කරන ප්‍රයත්නයක් ඇති බවත් එය නිවැරදි කිරීමට තාහිර්ට වේදිකාව පිටුපසින් යාමට අවසර ඉල්ලා සිටිනවා. එයට ඩේවිඩ් අවසර ලබා දෙන අතර නමුත් කුමක් හෝ වැරදි ඇති බැව් දැනගත් කිම්බර්ලි නොලෙස් වේදිකාව දෙසට දිවයනවා. ඒ සමඟින් ඩේවිඩ්ද වේදිකාව දෙසට දුවනවා. අපි අවසානයේ දුටුවේ වේදිකාව අසලින් බෝම්බයක් පුපුරා යනවා. එතනින් එහාට කිසිම දෙයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. 

ඉතින් අද කොටස ආරම්භ වෙන්නේ පහුගිය කොටස අවසානයේ සිද්ධ උන ව්‍යවසනයත් සමඟයි. බෝම්බය නිසා කීදෙනෙක් මිය ගියාද? ජූලියා තවම ජිවතුන් අතරද? ඩේවිඩ් ජිවත් වෙනවද? කවුද මේ බෝම්බය පුපුරවා හැරියේ? මේ ගැටළු සමහරකට පිළිතුරු අද කොටස අවසානයේ ඔබට ලැබෙයි.  ඊළඟ කොටසට උපසිරැසි චාමර සහෝ අරගෙන එයි. නැවත අවසන් කොටසේදී මුණගැහෙමු. ජය!!

 

Bodyguard on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV/BR පිටපත් සඳහා අදාළ වේ.

12,739 downloadsDownload Bodyguard.S01E04.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

12,739 downloadsDownload Subtitles67 KB

26 comments

  1. Kanchaka

    Thanks Bro................

  2. Ravindu Rukshan

    Thx

  3. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  4. dsdkavishka

    Thenks aiya suppa kathawa

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Ayesh Prashan

    Thank You

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    දිගටම සබ් දෙමු....

  8. ආසිරි ප්‍රියන්ත

    තද තද, ඔන්න මේ කොටහත් ගත්තා,
    සබට තැන්ක්ස් ආ..

  9. Ishan Madusha

    නියමයි.ස්තූතියි සහෝ

  10. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro subekata...

  11. Stranger

    thanks

  12. Nilush Angana

    Sub ekata thanx

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි........... ජයවේවා..........!!!!!!!!!!!!!!!!!

  15. nisala_d

    Thank you bro...!!!

  16. Asela Indrajith

    Thanks bro

  17. lasantha

    thanks bokka

  18. WSS Senanayake

    ftth
    Thnx 4 Sub

  19. Viraj

    thanks saho..

  20. suranuwan

    thank you....

  21. priyan99

    thanks sahoo sub ekata

  22. MAALnath

    Thanks ...............good luck ........................

  23. LakshanD

    ස්තූතියි බ්රද ❤️

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  25. Pramod

    Thanks bro

  26. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.