MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඑල්. සී. දමැල්එළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේපවුලේ සැමටබලන්නසංගීතමයසිංහල උපසිරැසිළමයින්ට

Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | රොක් ඇන්ඩ් රෝල් පාක් එකට තර්ජනයක්? [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 11 votes.
Please wait...

Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles

කොහොමද හැමෝටම? මී‍ට අවුරුදු හතකට වගේ කලින් ඔයාලට අරගෙන ආපු Rock Dog (2016) සමහරවිට ඔයාල බලලාත් ඇති. මේ වෙද්දිත් ඒක නොබලපු කෙනෙක් ඉන්නවානම් ඉතින් කියන්න තියෙන්නෙ, යන්න යන්න, ගිහිල්ලා ඒ සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එක බලන්න කියලා තමයි. මොකද ඒක නම් මම බලපු ලස්සනම ‍ෆිල්ම් එකක්.

ඉතින් මේ ඔයාලාට අරගෙන එන්නෙ ඒ ෆිල්ම් එකේම දෙවෙනි දිගුව. ඉතින් මේ සීක්වල් චිත්‍රපටය නිකුත් වුණේ 2021 ජූනි මාසෙදි. හැබැයි ඒ කාලේ මට මේකෙ උපසිරස කරන්න වුණේ නැහැ. කමක් නෑ ඉතින් දැන් හරි ගෙනාවනෙ නේද? ඉතින් කැමති අය මේ ෆිල්ම් එකත් බලන්න.

හරි එහෙනම්, මම මේ කතාවෙ වෙන දේත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කො. ඉතින් මේ වෙද්දි බෝඩි එයාගේ බලය මොකක්ද කියලා හොයාගෙන තමයි ඉන්නේ. එයාගේ බලය ක්‍රියාත්මක වෙන්නෙ එයා සංගීතයට සම්බන්ධ වෙනකොට, ඒ කියන්නෙ එයාගේ ගිටාර් එක වාදනය කරනකොටයි. දැන් බෝඩි සෑහෙන ප්‍රසිද්ධයි. මෙහෙම කාලය ගත වෙ‍ද්දි සිදු වන සිදු වීම් කීපයක්ම අපිට බලාගන්න පුලුවන්. ඒ සිදු වීම් ටික මම ප්‍රශ්ණ විදිහට සඳහන් කරලා ඒ ප්‍රශ්ණවලට පිළිතුරු ඔයාලාටම හොයාගන්න ඉතිරි කරන්නම්.

  1. බෝඩි සිහිනයකින් දකින වෙනස්ම සහ අලුත්ම ගිටාර් තාලය  මොකක්ද ඇත්තටම? 
  2. ලෑං කියන බැටළුවා දෙන පොරොන්දු පිළිගත හැකි ඒවාද? ඔහුව විශ්වාස කළ හැකිද?
  3. රොක් ඇන්ඩ් ‌රෝල් පාක් එකට හදිසියේම එල්ල ‌වන තර්ජන පිටිපස්සේ තිබෙන හස්තය කාගේද?
  4. රොක් ඇන්ඩ් රෝල් පාක් එක ආධුනික රොක් ඇන්ඩ් රෝල් සංගීතවේදීන්ට අහිමි වේවිද?
  5. බෝඩිට ලෝකය සමග ඔවුන්ගේ සංගීතය බෙදාගන්න තිබෙනා ආසාව ඉටු වේවිද?

හරි ඔන්න ඔය ප්‍රශ්ණ පහට උත්තර ෆිල්ම් එක බලද්දි ලැබෙයි. 

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස BluRay පිටපත් සඳහා ආදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2183 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

[/box]

Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles, Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Sub

9 thoughts on “Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | රොක් ඇන්ඩ් රෝල් පාක් එකට තර්ජනයක්? [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *