දෙවන ලෝක යුද්ධ කාලෙ ගැන කියවෙන චිත්‍රපට සෑහෙන සංඛ්‍යාවක් තිබුනත් තව තවත් චිත්‍රපට බිහිවෙන්නෙ ඒ තරම්ම අතුරු කතා බොහොමයක් ඒ සමඟ බැඳිලා තියෙන නිසයි. අහන්නත් දෙයක් යැ ලෝක යුද්ධයක් කිව්වම සෑහෙන ප්‍රදේශයක පැතිරුණු නිසා සිදුවුණු දහසකුත් එකක් සිදුවීම් පාදක කරගෙන තවත් චිත්‍රපට ඉස්සරහට බිහිවේවි. සම්මාන 16ක්…

දෙවන ලෝක යුද්ධ කාලෙ ගැන කියවෙන චිත්‍රපට සෑහෙන සංඛ්‍යාවක් තිබුනත් තව තවත් චිත්‍රපට බිහිවෙන්නෙ ඒ තරම්ම අතුරු කතා බොහොමයක් ඒ සමඟ බැඳිලා තියෙන නිසයි. අහන්නත් දෙයක් යැ ලෝක යුද්ධයක් කිව්වම සෑහෙන ප්‍රදේශයක පැතිරුණු නිසා සිදුවුණු දහසකුත් එකක් සිදුවීම් පාදක කරගෙන තවත් චිත්‍රපට ඉස්සරහට බිහිවේවි.
සම්මාන 16ක් දිනපු IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.0/10 ගත්තු මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ 1944 දෙසැම්බර් 17 සිදුවූ Malmedy සංහාරය නැමැති සිදුවීම ආශ්‍රිත සිදුවීම් පෙළකුයි. එහිදී ජර්මානු හමුදාවට කොටුවන ඇමෙරිකානු සෙබලුන් 90 කට අධික ප්‍රමාණයක් යුධ සිරකරුවන් ලෙස රැගෙන යන විට ඇතිවන නොසංසුන්තාවයක් නිසා, ජර්මන් හමුදා අතින් මැරුම් කනවා. ඒ අතර සෙබලුන් කිහිප දෙනෙක් පණ බේර ගන්න සමත් වුනත් ඔවුන් තවමත් සිටින්නේ ජර්මානු ආරක්ෂක වළල්ල ඇතුලතයි. ඉතින් ඔවුන් මිත්‍රපාර්ශවික හමුදා සීමාවට යෑමට ජර්මන් ආරක්ෂක වළල්ලේ දුර්වල ස්ථානයක් සොයා සීමිත උණ්ඩ සහ එක තුවක්කුවක් සමඟ පලා යෑමට උත්සහ කිරීමේදී ඉතා වටිනා බුද්ධි තොරතුරක් සමග පියාසර කරන බ්‍රිතාන්‍ය යානයක් කඩාවැටීමකට ලක්වී එහි නියමුවාත් ඔවුන්ට හමු වෙනවා. ඔවුන් කණ්ඩායම පණ බේරාගැනීමට දරණ උත්සහය තමයි මෙහි කතා තේමාව වන්නේ. මම ස්තූතිවන්ත වෙනවා සරදියල් සහෝදරයට මේ චිත්‍රපටිය මට හඳුන්වලා දුන්නට.
ඉතින් සිංහල උපසිරැසිත් සමඟ කතාව රසවිඳින්නට මම ආරාධනා කරනවා. ඔන්න අමතක නොකර කමෙන්ට් කරලා යන්න කියලත් ඉල්ලනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
තවත් පොඩි නිවේදනයක්. මට මූණු පොත හරහා අඳුන ගත්තු ගොඩ දෙනෙක් කියපු කාරණයක් තමයි සිංහල උපසිරැසි දාන්න කැමතියි ඒත් ඔක්කොම තනියම කරන්න අමාරුයි කියන එක. ඉතින් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ අපි තීරණය කළා ඔවුන්ට උදව්වක් වශයෙන් හවුල්ව උපසිරැසි දාන්නට. දැනටම පට්ටම චිත්‍රපටි දෙකක් ඒ ආකාරයෙන් උපසිරැසි දමමින් පවතිනවා. ඉතින් කවුරු හරි එහෙම කැමති කෙනෙක් ඉන්නවනම් මෙතනින් මගෙ මූණු පොතට එකතු වී මට මැසේජ් එකක් එවන්න. වැඩි විස්තර මම කියන්නම්. හැබැයි විභාග කට උඩ ඉන්න අය විභාග ඉවර වෙලාම එන එක තමයි හොඳ. 🙂
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
114 comments
Confiuzd ප්‍රෝග්‍රැමර්
GiHaN
thanx dude
දිනුක
ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා... :)
chamila
royliya dunnoth ithin ela tamai........
මනිෂ කසුන් ගමගේ
@ රොයිලි ප්‍රනාන්දු : "හැබැයි විභාග කට උඩ ඉන්න අය විභාග ඉවර වෙලාම එන එක තමයි හොඳ" හින්ට් එකකුත් ගැහුවානේ...
එලම ෆිල්ම් එකක් වගේ... බානවා... විභාගෙන් පස්සේ බලනවා...
චමිදේවා
අර පෝස්ටරේ සම්මාන පෝළිමකුත් තියෙන්නේ...එහෙනම් ඔන්න බානවා රොයිලියෝ...
ඉන්දික
හුහ් නොබාම ඉදීවී සිංහල උපසිරසිත් තියෙන එකේ
Enri
රොයිලියා ඔය විභාග කතාව ගැහුවේ මටත් එක්ක තමයි. ෂරි ෂරි විභාගේ ඉවර වෙලාම එන්නන්කෝ. :-)
විදුර ඉමේෂ්
මම කෑමතිම ජාතියෙ කතාවක්.තෑන්ක්යු රොයිලි අයිය,මේක දුන්නට.දෑන්මම බානවා..................
shiran
ස්තූත්යි... මමත් බානවා....
Rotiya
ස්තුතියි රොයිලිය මේක් නන් සිරාම බයිස්කෝප් එකක් වගේ...
ඔන්න එහෙනන් අපිත් බානවෝ...... ;)Rotiya
තවත් පොඩි යොජනවක් තියෙයි..පුලුවන් නන් "share" බොත්තම වෙනස් කරන්ඩ...මොකද මේකේ "Facebook" එකයි "twitter" එකයි නෑනේ..ඒවා තිබ්බ නන් අපිට මේ ලිපි Share කරන්ඩ ලෙසියි. :D
ashan|s
ela ela
Udara | රොකියා
පට්ටම ෆිල්ම් එකක් වගේ. තෑන්ක්ස් කියුවා රොයිලි සහෝට
Dinushka Udara | රොකියා
පට්ටම ෆිල්ම් එකක් වගේ. තෑන්ක්ස් කියුවා රොයිලි සහෝට..
නිදහස
ලිපි ලැයිස්තුව වැඩ කරන්නෙ නෑ. කරුණාකර ඒක හදන්න.
DCD Weerawardhana
Thanks........ Brother
Anonymous
Thanks bro
අම්ර
මම ස්තූතිවන්ත වෙනවා.....
සසික නානායක්කාර
එල මචන් ඔන්න මමත් බානවා...තැන්ක්ස්
මුෂී මල්ලී
පින් සිද්ද වෙච්චාවෙ ඔක්කටම... මෙන්න මාත් බෑවෝ.. ඔව් ඔව් විභාග කට ලග තියෙන අය මේක බලලම විභාගෙට ලෑස්ති උනා නම් තමා හොද.. හික් හික්... ලොල්.
sama
ela ela dan nam office gedara gihin banna danna ona. oya wage films walate ub dala denawa nam dennam co comment pallenna
Bhagya රාජපක්ෂ
සිරා ...
මේක ගැන අහල තිබ්බා ...
පට්ටලු ..
එහෙනම් තන්කූ වේවා !!රොයිලි අයියා කොහොමද පරිවර්තන කටයුතු එහෙම ??
රොයිලි
@Confiuzd ප්‍රෝග්‍රැමර්,
අන්න ඒකනෙ. confused කර ගන්න එපා ඔන්න. :P@GiHaN,
ස්තූතියි මචෝ කමෙන්ට් එකටත් :)රොයිලි
@දිනුක,
එල එල බලලත් කියහන්කො :P@chamila,
අන්න ඒකනේ විශ්වාසය සදා..... :P ස්තූතියි ස්තූතියිරොයිලි
@මනිෂ කසුන් ගමගේ,
ඔන්න ඔන්න ඔයා වැරදි කොනෙන් නේ අල්ල ගත්තේ. මම සබ් දාන්න එන අයටනෙ අනතුරු ඇඟෙව්වේ :)@චමිදේවා,
හ්ම්ම්ම් ඒකනේ පෝස්ටරේ ඉඩත් නෑ . ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට.රොයිලි
@ඉන්දික,
අනේ මොකටද මගෙ කට :P :P@Enri,
හෙ හේ.. ඉවර වෙලාම එන්නකෝ... සිත රිදුන නම් සමාවෙන්න ඕනා. :)රොයිලි
@විදුර ඉමේෂ්,
අනිවා ඔයාව මතක් වෙලාමයි මම මේක දුන්නෙ. එල එල බලලත් කියහන් කොහොමද කියලා.@shiran,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.රොයිලි
@Rotiya,
ස්තූතියි සහෝ ඒක පෙන්වලා දුන්නට. අනිවා අපි ඒක හදන්නම්. පිං අයිති වෙන්න ඕනා :P@ashan|s,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)රොයිලි
@Dinushka Udara | රොකියා,
ස්තූති වෙන්න ඕනා මචෝ කමෙන්ට් එකට. දැන් ඔයාගේ ඊලඟ සබ් එක කවද්ද දෙන්නෙ??? :P@නිදහස,
ස්තූතියි මචං පෙන්වලා දුන්නට. දැනට අපේ tech gay වැරදුනා guy ඒක හදාගෙන යනවා. ස්තූතියි ආයෙමත්.රොයිලි
@DCD Weerawardhana,
ස්තූතියි මචෝ කමෙන්ට් එකක් දාලා යන්න නැවතුනු එකට.@නිර්නාමික,මැයි 6th, 2010 at පෙ.ව. 10:33,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)Charaka
great work.
පොඩි මෑන්
බොහොම ස්තූතී ඔන්න මමත් බාන්න දැම්මා
රොයිලි
@අම්ර,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.සසික නානායක්කාර,
ස්තූතියි ස්තූතියි. ඒක නෙවෙයි උඹ මේ පැත්තට එන්නෙ සබ් දුන්නම විතරමද බං :Pවසන්ත
මචෝ ටොරන්ට් එකේ අවුලක් තියෙනව වගේ හින්දි කෑලි වගයක් යන්නෙ ටොරන්ට් එක මාරැ වෙලාද
රොයිලි
@මුෂී මල්ලී,
ඔය කිව්වෙ. කොහොමද ටිකිරි මොළේ ඈ.@sama,
හෙ හේ ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ජය වේවා!රොයිලි
@Bhagya රාජපක්ෂ,
එහෙමනම් මොනා හිත හිත ඉන්නද මේද මචෝ. බාලම බලලා කොහොමද කියලත් කියන්නකෝ.Charaka,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට :)රොයිලි
@ පොඩි මෑන්,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට :)රොයිලි
@වසන්ත,
මචං ටොරන්ට් එකනම් හරිනෙ. වැරැද්දක් වෙන්න බෑ. ඔයා සම්පූර්ණයෙන්ම බෑවෙනකම් ඉඳලද බැලුවෙ?යෝගී
තැංකූ අයියා... බාගෙන බලන්නං
kamal
niyamai niyamai mewa balanna aasai godaak danma baanna daanawa
අමිල shanuka
ඔන්න අපි බෑවො...............
ෂෙලින්ක - කටාර්
ඔන්න මමත් බානවා...
ස්තූතියි...රොයිලි
@ යෝගී,
හෙ හේ ස්තූතියි අයියා මේ පැත්තට බැල්මක් දාන්න ආවට :)@kamal,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :Pරොයිලි
@අමිල shanuka,
එල එල ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට :)@ෂෙලින්ක - කටාර්,
ස්තූතියි මචෝ. දිගටම ඉන්න අපිත් එක්ක. :)US
මමත් බාන්න දැම්මා....
දිගටම වැඩේ කරගෙන යන්න....:)
@Rukshan
thawath sirama wadak kerala wage,royle sahodarayata sthuthi wena gaman mata banawa...
ගිශාන්
අනිවා මේක නම් බානවම තමා, ෆිල්ම් එක ගැන, බලල ඉවර වෙලාම කියන්නම්, තැන්කූ රොයිලි අයියා.
h
රයන් කොල්ලව බේරගන්න චිත්‍රපටිය බැලුවට පස්සෙ මමත් මේ වගේ කතා වලට කැමති වෙලයි ඉන්නෙ. ඔන්න බාන්න දැම්මා. සබ් වලටත් ගොඩක් ස්තූතියි සහෝ.
KoK
ela mama oka balala naha 2nd war godak film mama baluwa oka mama miss karagena balamu download wenna damma facebook comment ekakuth damma
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තව පොඩ්ඩෙන් අමතක වෙනවා !!! එල එල මෙන්න බානවා