Watch Trailer

Scorpion [S01 : E22] | වැදගත්ම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

2014 සැප්තැම්බර් 25 වෙනිදා බයිස්කෝප් අඩවියට අළුත් සාමාජිකාවක් උන මම අළුත්ම කතා මාලාවක් ඔයාලා හමුවට අරන් ආවා. ඒ තමයි හිතුවක්කාර මොළකාරයන්ගේ වැඩ කිඩ පෙන්වපු ස්කෝපියන් කතා මාලාව. වෝල්ටර් ඕ’බ්‍රයන් කියන පුද්ගලයාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරුණු මෙම කතා මාලාවේ පළමු අදියරය අදින් අවසන් වෙනවා. කොටස් 22…

Scorpion tv 1

2014 සැප්තැම්බර් 25 වෙනිදා බයිස්කෝප් අඩවියට අළුත් සාමාජිකාවක් උන මම අළුත්ම කතා මාලාවක් ඔයාලා හමුවට අරන් ආවා. ඒ තමයි හිතුවක්කාර මොළකාරයන්ගේ වැඩ කිඩ පෙන්වපු ස්කෝපියන් කතා මාලාව. වෝල්ටර් ඕ’බ්‍රයන් කියන පුද්ගලයාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරුණු මෙම කතා මාලාවේ පළමු අදියරය අදින් අවසන් වෙනවා. කොටස් 22ක් පුරාවට විවිධ අභියෝග, තාක්ෂණික තොරතුරු සහ විවිධාකර සබඳතා අතරින් ගොඩනැඟුණු මෙම කතා මාලාවට බයිස්කෝප් හිතවතුන් කොච්චර කැමති උනාද කියන එක කමෙන්ට් සහ බාගත කරපු ප්‍රමාණයෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් මේ කතා මාලාවේ පළමුවන අදියරයේ අවසාන කොටස මෙසේ දිග හරින්නම්.

පහුගිය සතියේ සිද්ධ උන පෙරළිය එක්ක කෙනෙක්ට හිතෙන්න ඇති මේක කතාවේ අවසානයද කියලා. නමුත් වෝල්ටර් කියන්නෙ තාමත් ජීවත් වන පුද්ගලයෙක් නිසා කතා මාලාව තුලදි ඔහුව මරණයට පත් කරන්නෙ නැති වග ඔයාලට හිතෙන්න ඇති. ඒත් අද එහෙම වෙයිද කියලා ඔයාලම බලා ගන්නකෝ. පහුගිය කොටසෙදි වෝල්ටර් දැන ගන්නවා කේබ් තමන්ට බොරු කළ බව. ඒ නිසා කේන්තියට හා දුකට පත් වන වෝල්ටර්ගේ හැසිරීම නිසා ඔහු විසින් කේබ්ව කණ්ඩායමෙන් ඉවත් කරනවා. ඒ අතර රැල්ෆ් වෝල්ටර්ව අනුගමනය කරමින් ඔහුව අනුකරණය කිරීම ගැන නොසතුටෙන් ඉන්න පේජ් කණ්ඩායම අත්හැරලා යන්න තීරණය කරනවා. මෙලෙස කණ්ඩායමේ වැදගත් පුද්ගලයන් දෙදෙනෙක් එක්වරම ඉවත්වීම වෝල්ටර්ට දරා ගන්න බැරුව ඔහුට තෑග්ගක් ලෙස ලැබුණ සුපිරි කාර් රථයෙන් ඉතා වේගයෙන් ගමන් කරන අතරතුර ඔහුට සිදු වූයේ කුමක්ද? අද කතාව එතැන් සිට… අද කොටසේ වෙන්න යන දේ ගැන මම මුකුත් කියන්නෙ නැහැ. මොකද කුතුහලය පිරුණු ත්‍රාසජනක අවස්ථා මෙන්ම බොහොම හැඟීම්බර අවස්ථා වලින් පිරුණු කතාවක් අද ඔයාලට නරඹන්න පුළුවන්.

අදින් පළමු අදියරය අවසාන වෙන්නෙ දෙවන අදියරය ගැන අපිට බලාපොරොත්තු ඉතිරි කරමින්. ඒ ගැන මං කලින් ලිපි වලත් සඳහන් කළා. කෙසේ වෙතත් දෙවන අදියරය කවදා පටන් ගන්නවාද යන්න තවමත් හරි හැටි දැන ගන්නට ලැබුණෙ නැහැ. නමුත් මේ වසර අවසාන වීමට පෙර දෙවන අදියර ආරම්භ කරාවි යන්න අදහස් පළ වෙලා තියෙනවා. මෙම අදියරයේ වැඩිම රේටිං ලැබුණු කොටස (9.4) ලෙස දැනටමත් මුල් තැන අරන් තියෙන්නෙ Postcards from the Edge යන මාතෘකාව යටතේ විකාශය වූ අවසාන කොටසයි. සීසන් ෆිනාලේ එක එනකම් මමත් බොහොම ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලන් හිටියා. එහෙනම් ඔන්න ඔයාලට ඒක බලන්න ආරාධනා කරනවා.

යන්න කලින්, මාස 7කට ආසන්න කාලයක් පුරාවට මාත් එක්ක එකතු වෙලා මේ කතා මාලාව බලපු හැමෝටම, කමෙන්ට් දාපු නොදාපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මූණු පොත හරහා මේකේ සබ් එක පරක්කු වෙනකොට ඒ ගැන මතක් කරපු යාළුවන්වත් මතක් කරන්න ඕනෙ. අන්තිමට මට මේ වැඩේට අවස්ථාව දුන්න බයිස්කෝප් අඩවියේ අපේ අයියලා මල්ලිලා ඇතුළු කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතියි. විශේෂයෙන් රොයිලි අයියා, හසන්ත අයියා සහ සමීර චතුරංග අයියා මතක් කරන්න ඕනේ. සබ් එක ආපු ගමන්ම මට දැනුම් දෙනවා. ඒත් ඇත්තම කිව්වොත් අඟහරුවාදා උදේ ඇහැරෙන්නෙ කතාව බාන්න බලාගෙන. 10 ට විතර සබ් එක ලැබුණම ඉතින් එක දිගට මහන්සි වෙලා තමයි ඔයාලගේ රසවින්දනය වෙනුවෙන් සිංහල උපසිරැසි ගේන්නෙ. තාම උණ හොඳ උනා විතරයි. ඒ නිසා වැඩිපුර කියෙව්වද මන්දා…. අද මේක කලින්ම දෙන්න ලැබුණෙ මට අනිද්දා විභාගෙ පටන් ගන්න නිසයි. විභාග වැඩ කටයුතු වල හිර වෙලා හිටියත් කතාවෙ අවසාන කොටස මමම කරන්න ඕනෙ කියලා හිතා ගෙන හිටපු නිසා ඔන්න කොහොම හරි ඒකත් කළා…

එහෙනම් මෙච්චර කාලයක් මේ කතා මාලාව තුල උපසිරැසි වල යම් අඩුපාඩුවක් එහෙම තිබුණා නම් මට සමාවෙන්න. දෙවන අදියරය පටන් ගත් සැනින් උපසිරැසි ලබා දෙන පොරොන්දුවත් එක්ක එහෙනම් මම සමුගන්නවා. තවත් කතා මාලාවක හෝ චිත්‍රපටයක උපසිරැසි සමඟින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය !!!

Scorpion (2014) on IMDb

 

 

313 MB කොපිය මෙතනින් බාගන්න

07AB56028E87E0232F3E653D872960B2DA0EC90E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,270 downloadsDownload Scorpion-S01E22.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Second Season >>

Subtitles

7,270 downloadsDownload Subtitles34 KB

86 comments

  1. Kaviya

    thnx sis !!!...

    1. Haritha Prabuddha

      ගොඩක් මහන්සි වෙලා තියෙනවා... බොහොමත්ම ස්තූතියි. Season 2 මේ වගේ ම Release උන ගමන්ම දෙන්ඩ පුලුවන් වෙන්න කියල පාර්ථනා කරනවා....

  2. thisal

    තැන්ක්ස් අක්කෙ දිගටම සබ දුන්න එකට තැන්ක්ස් මෙක සුපිරිම කතාවක් මාර ආසාවෙන් බැලුවෙ හෙන අවුල් මෙක අදින් ඉවර වෙන නිසා එත් ඉලග සිඉසන් එක ලගදිම එන නිසා අවුලක් නැ එක ආවම එකටත් සබ දෙමු හොදෙ තැන්ක්ස් සබට ජය වෙවා

  3. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    බොහෝම ස්තුතියි මෙතෙක් කතා මාලාවට උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන්.
    මේ විරාමය අතරේ අලුත් කතා මාලාවකට උපසිරැසි දෙන්න බලමු නේ.... :)

    මීලඟ සමය ආපු ගමන්ම උපසිරැසි ගන්න බලාගෙන ඉන්නවා...

    ආයු -බෝ -වේවා !!!

  4. Mahesh

    sub ekata thanx aaaa

  5. Dooma

    Thanks Dr...............

  6. Janith

    Hope you will see in season 2 :D Thanks (y)

  7. madhu..

    thanks. grimm ekata sub dennakoo

  8. Ashan

    bohoma sthuthi sahodaraya

  9. Chali100

    Thanks..Aluth akain aye hamba wemu

  10. malinda

    thnks akke..ilaga season ekath apu gamanma denna hode.

  11. èxit_9.1

    ස්ත්තිය් දිගටම ඉවර වෙනකන්ම අපිත් එක්ක හිටියට අතරමං නොකර අපිව.
    ඊලග කොටසටත් sub දෙන්න හොදේ.
    එතකන් ඉතිං තවත් එකක් පටන් ගමු නේද සිස්.....:eek:

    :eek: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  12. isurufeat

    elaz...

  13. kushan

    thnqqq sis...

  14. amila kaushalya

    බොහෝම ස්තුතියි මේ අතරේ අලුත් කතා මාලාවකට උපසිරැසි දෙන්න සිස්

  15. raki

    ***thanks samadi sub walata masa 7k purawata scorpion katha malawa genawata.thanks**** so2 aken ikmanatama hamu wemu!!! ~~~jaya wewa~~~ god bless...!!!

  16. Pramod

    TNX SIS

  17. widuranga

    thanx sister sub ekata,,,
    exam ekata good luck......
    thawath sub ekakin hamu wemuuuu

  18. Rasidu

    මරු මරු,එකත් ඉවරයි නේ,මරු කතාව
    sub එකට ස්තූතියි.
    අලුත් tv series එකකට sub දාන්න,season 2 එනකං......

  19. R.D

    1 වන සීසන් එක ඉවර කලාට අපෙන් සුබ පැතුම්.2 සීසන් එක දෙන අතරතුර තව TV සීරීස් එකකට සබ් දෙමු හොඳේ.බොහෝම ස්තුතියි මෙච්චර කාලයක් කරපු සේවයට.නැවතත් සබ් එකකින් හමු වෙමු.සුබ අනාගතයක්.............

  20. Gayan Lakshitha

    Thank U very much sis. Meka thamai mama balapu hondama
    tv series eka... sub tika lassanata thibba.

  21. alan wake

    ela sub ekata thanks

  22. මම අහිංසකයි

    උපසිරැසියට ස්තුති . විභාගයට සුබ පැතුම්

  23. lakshitha

    thnx sherin akki sub ekate exsm ekte suba pathanawa jaya wewa

  24. සුපුන් බුදිධික

    එහෙනම් එකත් ඉවරයි ඈ...
    බොහෝම ස්තූතියි සබ් එකට...
    නැවත හමු වෙමු..

    ජය වේවා !!!

  25. dushan135

    ela ela

  26. අදිත ප්‍රවීන්

    නියමයි අක්කේ !
    ඊළඟ සීසන් එකත් දෙමු එහෙනම් .
    බොහොම ස්තුතියි උපසිරැසිවලට .

  27. Gayashan

    බොහොම ස්තුතියි උපසිරැසිවලට

  28. Saketha Pulasthi

    ගොඩක් ආසාවෙන් බලපු ටිවී සීරීස් එකක් තමයි මේක. සම්පූර්ණ සීසන් එකටම උපසිරසි දුන්නට බොහොම ස්තූතියි :) .
    පුලුවන්නම් දෙවෙනි සීසන් එක එනකන් Avengers Assemble කාටුන් සීරීස් එකට සබ් දෙන්න

  29. Thimothy

    thanks

  30. Kulanjana Maduranga

    Aiyo mekath iwarai ne.SHEREEN sis meke season 2 awama ekatath sub denn.e wgema methuwak kal api wenuwen kala kapakirimata godak pin.thanks SHEREEN Sis sub walata...digatama sub denn shakthiya labewa.jayen jaya...

  31. lakshyan

    Thank u sis!! :)

  32. chameera

    Tnx sis,,,

  33. මධුකප්‍රිය පෙරේරා

    ආ ... බොහොම තුති මුල ඉදන්ම වෙලාවට සබ් දුන්නාට ..
    ඉතින් එහෙනම් අපි 2වනි කතාංගය එනකන් බලන් ඉන්නව ..
    ඒකත් මේ වගේම දෙමු ... එතෙක් ඔබට ජය ..

  34. Pasindu

    thank...thank...akka.

  35. madusanka jayasooriya

    thanks. mama mula idanma balapu patta series ekak.

  36. La හිරු

    තැන්කු සමාධි... අපි හුගාක් අසාවෙන් බලුව සීරීස් එකක් මේක..

  37. Ruwan

    Thanks a lot... c u again soon

  38. Virus

    godaaak isthuthi akkiii
    :)

  39. Gayan Sampath

    Thanks Sis......!!!

  40. Aruna

    Thanks

  41. Sanjeewa

    Thanks sister, Jaya wewa . . . .

  42. Hasitha

    thanks akke......(Y)
    thawath sub ekakin hamu wemu :D :D :D

  43. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය

  44. Dananjaya

    patta...thax ikmanatama dunata...

  45. chamila

    thanx sis

  46. chathuka

    smuganmak nowe aluth arambayaka mull piyawarai me,
    gadka gdkam gdkama thnx me wechha manziyata,
    ikkman suwaya pathanawa mulu hadinnma!
    c u soonnnnnnnnnnn

  47. Shanu

    Aasawen balapu kathawak iwara una onna, inda hta cmnt krath lst epsde ekata cmnt nkra inna beri una, meke sub eka ganna mn kee wathawak baiscope ekata log wenna edda, e tharam aaswen baalpu tv srs ekak thamai meka, tnx akke mulu season ekatama sub dunnata, meke tyena wachanath ekka sub eka krannath lesi na, ithin akke 2 season ekath aapu gmn sub ganna balaporoththu wenawa oyage, tnx akke, keep it up, jayawewa!!!

  48. sajeevi

    thanks a lot

  49. Walter J

    බොහොම ස්තුතියි සමාධි :*

  50. danu

    sub tika hariyatama dunnata bohoma sthuthi..... next season eka enakam balan inne.... oyage exam ekatath wish karanawa mama high marks ganna puluwan wenna kiyala.. ehenam jaya wewa.... thanks again..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.