මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම. මේ චිත්‍රපටය ගැන නම් ඔයාලට වැඩි විස්තරයක් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද මීට කලින් මේ ගැන උපසිරැසි රහිතව විස්තරයක් බයිස්කෝප් වෙබ් අඩවියේ පළ වෙලා තියෙනවා. කොහොමවුණත් මමත් පොඩි විස්තරයක් කියන්නම්. “ජමාල් මලික්”. ඒ තමයි ප්‍රධාන චරිතය. මුම්බායේ මුඩුක්කුවක ඉපදුණු නූගත් දරුව…

මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම. මේ චිත්‍රපටය ගැන නම් ඔයාලට වැඩි විස්තරයක් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද මීට කලින් මේ ගැන උපසිරැසි රහිතව විස්තරයක් බයිස්කෝප් වෙබ් අඩවියේ පළ වෙලා තියෙනවා. කොහොමවුණත් මමත් පොඩි විස්තරයක් කියන්නම්.
“ජමාල් මලික්”. ඒ තමයි ප්‍රධාන චරිතය. මුම්බායේ මුඩුක්කුවක ඉපදුණු නූගත් දරුවෙක්. කුඩාකල සිටම අසන්නට දකින්නට ලැබෙන්නේ විශමාචාරයන්ගෙන් පිරුණු දූෂිත පරිසරයක්. සමාජයේන් ලැබෙන්නේ අවනම්බු විතරයි. නමුත් එක් දවසකදී ඔහු මේ සියළු දූවිලි අළු ගසා දාලා ලෝකය ඉදිරියේ නැගී සිටිනවා. එයට ඔහු අත්වැලක් කරගන්නේ තම මුඩුක්කු ජීවිතයේ ලැබූ කටුක අත්දැකීම්.
මේ චිත්‍රපටයට ඔස්කාර් සම්මාන රාශියක් හිමි වුණා. ඒ ගැන නම් සමහර අය කියන්නේ බටහිර රටවලින් ඉන්දියාවට ඔළුව අතගාලා ඇනපු ටොක්කක් කියලා. මොකද මේ චිත්‍රපටය පුරාම කියවෙන්නේ ඉන්දියාවෙ සාඩම්බර ඉතිහාසයට යටින් දිවෙන ගඳ ගහන සංස්කෘතියක් ගැන. නමුත් මෙය ඉතා සාර්ථක නිර්මාණයක් බව නම් අවිවාදයෙන්ම පිළිගන්න සිදු වෙනවා. ඒ වගේම සමහර ඉන්දියානු විචාරකයන් පවසන්නේ නම් ඉන්දියානු වීදි දරුවන් විදින දුක් ගැහැට වලින් හරි අඬක් තරම්වත් මේ චිත්‍රපටයෙන් නිරූපණය වෙලා නැහැ කියලා.
මේ චිත්‍රපටය ගැන කථා කරද්දී A.R රහුමාන්ගේ සංගීතයත් සුවිශේශී තැනක් ගන්නවා. IMDb දර්ශකයේ 8.1 rating හිමිකරගත් මේ කලා කෘතිය ඔබ සැමගේ රස වින්දනයට අපූරු යමක් එක් කරාවි කියා මම බලාපොරොත්තු වෙනවා. ඊලඟ උපසිරැසිය සමඟ නැවත හමුවෙමු.
මීට පෙර පළකල ලිපිය.
මේ ගැන ඉතින් මට කියන්න දෙයක් නෑ නෙද?කමක් නෑ..මම ලගදි දැක්ක ටොරන්ට් වල ඩීවීඩී රිප් එකක් තියනව..ඒක දෙන්න ඕන නිසයි ලියන්න හිතුනෙ…නිකමට වත් මේක බැලුවෙ නැති කෙනෙක් ඉන්නව නම් එයාට පුලුවන් බාගන්න..මේ ෆිල්ම් එකෙන් විශ්ණු දෙවියන්ට අපහාස වන බව කියා මේක මුල් කාලෙ ඉන්දියාවෙ තියගත කෙරුනෙත් නෑ හරියට..කොහොම උනත් හැමෝම දන්නව ඇතිනෙ මෙ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන 9ක් දිනාගත් බව..ෆිල්ම් එක බලල නැතත් කතාව ඔයාලට එහෙන් මෙහෙන් ඇහිල ඇති..මමත් පොඩ්ඩක් කියන්නම්..මෙහි ප්‍රදාන චරිතය වන ජමාල් මලික් ප්‍රසිද්ද රූපවාහිණී වැඩසටහනකට පෙනී සිටිනව,ඔහු පාසල් අධ්‍යාපනයවත් හරි හැටි නොලැබු කෙනෙක්..මෙහිදි විශේෂ බුද්ධිමතුන්ට පවා උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණ රාශියකට ඔහු උත්තර දෙනව..ඔහු මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නෙ කොහොම්ද කියන එක සොයා බැලීම හරහා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මගේ මේ වැල්වටාරම් කියවන්න දෙයක් නෑ,කෙළින්ම කියන්න තියෙන්නෙ Slumdog Millionaire බලන්න කියල තමයි..

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
7,659 downloadsDownload Slumdog.Millionaire.2008.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/SHK-Hasara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SHK හසාරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013/01/25
Subtitles by
SHK හසාරා
Subtitles
72 comments
Anonymous
-බිன்ku-
කරුණාකරලා දෙන්නම යුද්ධයම මාතෘකා අල්ලාගෙන මෙතනත් රණ්ඩු වෙන්න හදන්න එපා තමාගේ මතය හරි කියා ඔප්පු කරන්නේ නැතිව. ඉවසලා ඉන්න බැරිද කරුණාකරලා මොකද්ද වෙන්නේ කියලාවත්? එක්කෝ වෙනම පෝසට් එකක් ගහගෙන රණ්ඩු වෙයල්ලාකෝ.
NuwanC
බල්ලන්ට වුනත් හොද නරක තෙරෙනවා, අපේ රැහෙ උන්ට නැති වුනාට. ඌරුන්ගෙ වැඩේ ඕන ජරාවක් කන එකනේ.
ජාතියක් ජන්මයක් නැති අයට රිදෙන එක සාදරනයි, එත් හරි හමන් අම්මෙක් තාත්තෙක් ඉන්න අයට එ අයට අපහාසයක් කරනකොට එක තෙරෙනව. නැති වුනත් යමක් හොද සිතින් කිවම තෙරෙනව නෙව.
කිසිකෙනෙක් තව කෙනෙක් සමග වෙරෙන් පාරට බසින්නෙ නැනේ, නමුත් තමුන්ට හොද දෙ සහ නරක බෙරා ගැනිමෙ හැකියවක් තියෙන්න ඕනැනේPalitha
හිසමත දරාගත නොහැකි කුණු කන්දල් රාශියක් තබා ගෙන චිත්‍රපටයක් රසවිදීම කරුමයකි. ඒ එම චිත්‍රපටය සැබෑ ලෙස රසවිදීමට නොහැකි වන නිසාය. මුල්ලකට වී සිටින බලු පැටියෙක් සිතනුයේ ඊළගට එන කෙනා තමන්ට කරදරයක් කරයි කියාය. ඒත් කිසිවෙක් ඒ බලුපැටියා මායිමකට වත් ගනනේ නැත, වෙනත් බල්ලෙක් හැර.
ඔලු සුද්දකරන් බලන්න පුළුවන් නම් නියම චිත්‍රපටයක් Slumdog MillionaireNuwanC
මෙ චිත්‍රපටයෙත් කොටි හිතවාදියෙක් ඉන්නවා. එ තමයි මියා
අපි දැන්වත් අස් කන් ඇරගෙන හිටියොත් හොදයි නෙද.
සම්මාන දෙන්න හොද චිත්‍රපටි අපෙත් තියෙනව, එවගෙම එහෙත් තියෙනවා, (ලගාන් වගෙ ) එවට එ අය සම්මමන දෙන්නෙ නැ ඇයි දන්නවද, එවයින් සුදු ජාතිකයින්ට අපහාස වෙන නිසා.
අබා චිත්‍රපටයෙ වුනත්, අපට වඩා උද්දිපනය කරන්නෙ වෙනත් ආගමක් නේ. ඒ ගැන මට වඩා උගත් අය මිට පෙර ඔන තරම් කියලා තියෙනවානේNuwanC
චිත්‍රපටයක් ලෙස එය හොද බව කගෙත් මතයක් උනාට මොකද, හමෝම අහන්නෙ, ඇයි එ ආර් රහුමාන් ගෙ සම්මාන දෙන්න වෙන චිත්‍රපටයක් තිබ්බෙම නැද්ද කියන්න ප්‍රශ්නය.
මෙ චිත්‍රපටයෙ පැහැදිලිවම ඉන්දියාව අපහාසයට පත්වෙන තැන් තියෙනවා, එවැනි තැන් ඕනැම රටක තියෙන්න පුලුවන්, එ බව චිත්‍රපටයෙත් තියෙනවා ඇමෙරිකාවෙත් මෙහෙම තමයි කියලා.
එත් තමන්ගෙ රටට අපහස කරල චිත්‍රපටයක් සාදලා එක අන්තර් ජාතික චිත්‍රපටි උළෙලක සම්බන්දකම් ඇති නිෂ්පදකයෙක් හරහා එළියට දැන්මම, හොද ඉල්ලුමක් ලබා ගන්න පුලුවන්
එ අතින් ඉන්දියාවට වඩා අපි ටිකක් ඉහලින් ඉන්නවා, ඇයි දන්නවාද, අපේ රටෙති සම්මාන දිනපු චිත්‍රපටයක් එළි දැක්වුවා, "සුලග එනු පිනිස" මතකද කොටි හිතවාදි අපෙ රණවිරුවන්ව හැල්ලු කල අධමයා.පොතේ ගුරා
@ගයන්ත! ඔවු බන් එහෙම සිද්දියක් නම් තියෙනව..ඒ උනාට ඉතින් ෆිල්ම් එක ගති...
ගයන්ත
Film එක නම් එළම තමයි.
අර MIA ගෙ සිංදුවකුත් මේකෙ අස්සෙ තියෙනවනේද? :|
-බිன்ku-
@උන්මත්ක
මටත් එහෙම තමා. ඔය වගේ කතාවක් මටත් කියන්න තියෙන්නේ. හැබැයි කොටින්ට අදාලව නම් නෙමේ.
If it wasn't dutugamunu and elara...
We would have peace...උන්මත්තක
"If it wasn't for Rama and Allah...
I would still have a mother."මේක ෆිල්ම් එකේ පොඩි දෙබසක් උනාට සෑහෙන්න හිතට වදිනවා.
Kusal
mata me film eka balanna hithennema nahane
a sweet thing
Aww one hell of a brilliant movie :)
@ Chinthaka - There are some BRILLIANT movies made by sri lankan directors but due to the fact that are not meant for the mainstream audience they dont get exposed to the international eyes. I think you all are familiar with movies like Ira Mediya and Sankara, and more recently Aba and ofcourse Machan :)
චින්තක
මමත් බැලුව! අනේ අපේ රටේ කවද හැදෙයි ද මෙහෙම films?
Chamikara
machan dan me link aka vada karanine nane plz new 700mbdvdrip link akaki denina a akikama sinhala sub damimoti hodayi. thanks
Ramraj
මේකත් බැලුවාත බොහෝම ස්තූතියි.
Shashi Fernando
කොඉ තරම් උසස් ෆිල්ම් එකක්ද. කියල වැඩක නැහැ. ඉස්තුති සහෝදරයා.....
කරුමක්කාරයෙකුගේ දින සටහන්
අයියෝ කෝ මේ ටොරන්ට් එකේ ලින්ක් එක වැඩ කරන්නේ නෑ නේ. පුලුවන් නම් අප්ඩේට් කරන්නකෝ. please
Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)
වචන නෑ film එක ගැන කියන්න උපරිමයි..
uda
අනේ දෙයියනේ මේච්චර අනගි එකකට අපේ එකේ සබ් එකක් දීල නෑ නේද?
මොන අපරාදයක්ද? කමක් නෑ ඉදිරියෙදිවත් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉමුකො!
කාටමහරි හිතුණොත් හොදා නැතිනම් අපිට විතරක්නම් ඉවර කරගන්න බෑ මේ ඔක්කොම :(Dinesh
thanks ok
හසන්ත වික්‍රමරත්න
නගා වැඩේට බැහැල එහෙනම්. හොඳයි හොඳයි ඔන්න එහෙනම් අපිත් ගත්තා සබ් එක. ස්තුතියි සබ් එකට :D
was
පට්ට සහෝදරිය නියමයි
lasidu
ලොවෙත් නෑ :( මචං
quik
thanks
jeewantha
ae sahodariyak ne
niyamai hodeyආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මැක්සා ෆිල්ම එකක්, අනිවා බලන්න....
ganidu
පට්ටනේ නංගි අනිවා බලනවා සුපිරි නේ වැඩේ දිගටම සබ් දෙන්න
Isuru
elane meyka tv ake giyath balanna bari una thx nago sub akata
ccnp
Thanks
geeth
naga ge wadey nam uparimai..issarahatath hoda films walata subs denna :)
was
ලොවෙත් නෑ සහෝදරිය වටිනාම වැඩක් කරලා තියෙන්නේ දිගටම උසස් නිර්මාණ වලට සබ් දෙන්නට ලැබේවා කියා පතනවා!
elakiri
එල එල නගා :)
bandula
maxxxxxxxxa nanagi
h[A]s
තැන්ක්ස් වේවා
රොයිලි
බොහොම ස්තූතියි හසාරා සහෝදරිය සිංහල උපසිරැසියට. ආයේ සබ් එක එක්කම බලන්න ඕනා. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල කෙල්ලේ දිගටම දෙන්න සිංහල සබ්
සබට තෑන්ක්ස්දිදුල Kd සිල්වා
නියම ෆිල්ම් එකක් තමයි.. සුපිරිම කතාවක් තියෙන්නෙ.. මම කීප සැරයක්ම බලල තියනව.. සබ් එක දීපු එක නම් හුඟක් වටිනව.. ජය වේවා෴
yeshu
thankZ ....meka balla thibunath sub ekka ayeth balanava.
rukshan
nice work dear!!!
indika perera
thank's
නලියා
නියමයි හසාරා මෙතෙක් කලක් තිබුන අඩු පාඩුව පුරවලා දැම්මට
නැවත මෙවැනි ලස්සන නිර්මාණයක් ගෙන්න ලැබේවා
ස්තුති වේවාජය වේවා..
නවීන් ලක්ෂිත
තෑන්ක්ස් මේකට සබ් දුන්නට නියම ෆිල්ම් එකක් මේකත්
chera
Thanks..
Dhanuka
Thank u very much.
abcdishan
සහෝදරිය නියමයි
baka_deyyo
macho "table 21" eke sub daanne barida??????
Menu1024
Thank uuu :)
දිනිඳු සම්පත්
thanx for the sinhala sub... & 350 MB copy.. all d best!!!
;)Isuru Mahindarathna
එළ… එළ… ලොවෙත් නෑ මචෝ. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා! ජයම වේවා!
Thilina Madushanka
niyamai macho. thawath me wage films walata sub denna. thankz
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
torrent is maxxa quality. thanks