ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, ගොඩක් දෙනා නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු සුප්‍රකට Sniper චිත්‍රපට මාලාවේ හයවෙනි චිත්‍රපයට.චිත්‍රපටිය නිළ වශයෙන් නිකුත් වීමට තිබුණේ අගෝස්තු දෙවෙනිදා.නමුත්, කුමන හෝ හේතුවක් මත ඉතාමත් හොඳ මට්ටමේ WEB කොපියක් මීට දින කිහිපයකට කලින් නිකුත්වුණා.නමුත් හරියාකාර ඉංග්‍රීසි උපසිරැස…

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, ගොඩක් දෙනා නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු සුප්‍රකට Sniper චිත්‍රපට මාලාවේ හයවෙනි චිත්‍රපයට.චිත්‍රපටිය නිළ වශයෙන් නිකුත් වීමට තිබුණේ අගෝස්තු දෙවෙනිදා.නමුත්, කුමන හෝ හේතුවක් මත ඉතාමත් හොඳ මට්ටමේ WEB කොපියක් මීට දින කිහිපයකට කලින් නිකුත්වුණා.නමුත් හරියාකාර ඉංග්‍රීසි උපසිරැසි පිටපතක් නිකුත් වීමට සිදුවුණ ප්‍රමාදය නිසා සිංහල උපසිරැසියත් දවස් කිහිපයක් ප්‍රමාද වුණා.ඒ වගේම කියන්න ඕනේ චිත්‍රපටය පුරාවටම ව්‍යවහාර වෙන්නෙ හමුදාමය වචන.විශේෂයෙන්ම ඒ පිළිබඳව දැනුමක් නැතිව මේ චිත්‍රපටිය සිංහලට පරිවර්තනය කරන්න ගොඩක්ම අපහසු වුණා.නමුත් අන්තර්ජාලය පුරාම සොයමින් චිත්‍රපටය සඳහා පුළුවන් උපරිම සාධාරණයක් ඉෂ්ට කරලා ඇති.කොහොම නමුත්, සුළු සුළු වැරදි තිබුනොත් ඒවා ඉවසීමෙන් බලන්න කියලත් ඉල්ලා සිටිනවා.
චිත්‍රපටය ගැන කියනවනම්, ගොඩක් දෙනෙක්ට මේ චිත්‍රපට මාලාව නුපුරුදු එකක් නෙමෙයි.යුද්ධමය චිත්‍රපට නැරඹීමේ ලෝලියෙක් නම්, අනිවාර්යයෙන් මේ එක චිත්‍රපටයක් හරි නරඹලා ඇති.බලලා නැත්නම් ඒ ගැන දුක් වෙන්න එපා.මේක අරගෙන බලන්නකෝ.අනිත් චිත්‍රපට පහ සමගින් කිසිඳු සම්බන්ධයක් නැති නිසා, ඕනෙම කෙනෙකුට මේක අරගෙන බලන්නත් පුළුවන්.චිත්‍රපටයේ ගුණාත්මක භාවය ගැන කතා කරනවානම්, මේ සටහන ලියන මොහොත වන විට චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වී එක් දිනක් ඇතුළතදීම IMDB දර්ශකයේ 6.6 වැනි ඉහල අගයක් කරා ලඟා වීමට සමත්වෙලා තියෙනවා.ඒ වගේම කියන්න ඕනේ, මේක මෑත කාලීනව බිහිවූ අඩු වියදම් යුධමය චිත්‍රපට මෙන් නොවේ, දැවැන්ත මුදලක් විය පැහැදම් කරමින්, යුධමය චිත්‍රපට සඳහාම විශේෂඥ නළු නිලියන් යොදාගනිමින්, නූතන තාක්ෂණයද මැනවින් සංකලනය කරමින් නිර්මාණය කරන ලද්දක්.චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ Sniper: Legacy (2014), Sniper: Reloaded (2011) සඳහා රංගනයෙන් දායක වූ Chad Michael Collin සමගින් The Unit රූපවාහිනී කතා මාලාව හරහා ප්‍රේක්ෂක සිත් සතන් හි ලැගුම් ගනිමින්, Jarhead 3: The Siege (2016), Sniper: Legacy (2014), Dead Rising: Watchtower (2015) හි රංගනයෙන් දායක වූ Dennis Haysbert විසිනි.මෙයට අමතරව යුධමය චිත්‍රපට සඳහා නම් දැරූ තවත් නළු නිලියන් රැසක්ම රංගනයෙන් දායක වනවා.
පුරුදු විදියටම කතාව ගැන පොඩිම කොටසක් කියන්නම්.සාර්ජන් බෙකට් කියන්නේ ඇමරිකානු ස්නයිපර් බලකායේ නියතු දක්ෂ වෙඩික්කරුවෙක්.මොවුන්ගේ කණ්ඩායම දිනක් අතිශයින් වැදගත් මෙහෙයුමක සඳහා පිටත් කර හරිනවා.නමුත් ක්‍රියාන්විතයේදී, අතිශය මානුෂීය හේතුවක් මත බෙකට් විසින් ලබාදුන් නියෝග පිළිපදින්නේ නැහැ.මෙයින් ඉහල නිලධාරින්ගේ සිත් සතන් හි මොහු පිලිබඳ කලකිරීමක් හටගන්නා අතර මොහුට තරයේම අවවාද කරනවා.මේ අතර තුරම මෙම කණ්ඩායම බෙල්ජියමේ සිට කළු මුහුද දක්වා වූ ප්‍රවාහන නලයක් ත්‍රස්තයින්ගෙන් ආරක්ෂා කිරීමට යොදවනවා.නමුත් අවාසනාවන්ත අයුරින් ක්‍රියාන්විතයේදී මොවුන්ගේ සමීප සගයෙකුට තම ජීවිතයෙන් සමුගන්න වෙනවා.ඒ අදහාගත නොහැකි ස්නයිපර් වෙඩි පහරකින්.අතිශය සූක්ෂම අන්දමින් සැඟවී සිටි තම ස්නයිපර් වෙඩික්කරු සගයා වෙනත් සතුරු ස්නයිපර් වෙඩි ප්‍රහාරයකට ලක් වීම බෙනට්ගේ සැකයට භාජනය වෙනවා.මොහු ඒ පිළිබඳව ජෝර්ජියානු ඉහල පෙලේ හමුදා නිලධාරීන්ට සමග ඇතිවූ බහින් බස් වීම අවසන් වන්නේ, චෙච්නියානු කැරලිකරුවන්ගේ ග්‍රහණයට නතු ප්‍රදේශයක පිහිටි රුසියානු හිම කඳුකරයක ඔහුව පරිවාසයට පත් කිරීමෙන්.නමුත් ඔහුගේ සිත් සතන්හි පවතින්නේ එකම අරමුණයි.එනම්, තම සගයා අදහාගත නොහැකි වෙඩි පහරකින් මිය ගියේ කෙසේද යන වග…..ඔහු තම පරිවාස කාලය කෙසේ නම් නිමා කර ගනීවිද…, පළපුරුදු ඇමරිකානු ස්නයිපර් වරුන් පවා අන්ද මන්ද කරමින් ප්‍රහාර එල්ල කරන මේ ත්‍රස්ත කණ්ඩායම කුමක්ද….ඔවුන්ගේ සැබෑ අරමුණ කුමක් වේද….චිත්‍රපටය නරඹා මේ සිල්යල්ලටම පිළිතුරු සොයා ගැනීම ප්‍රේක්ෂක ඔබට බාරයි.පලවෙනි මිනිත්තුවේ සිට අවසාන මිනිත්තුව දක්වාම සටන් ජවනිකා පිරි අතිශයින්ම ඉහල මට්ටමේ චිත්‍රපටය.පුළුවන් හැම දෙනෙක්ම අරගෙන බලන්න.
තවත් චිත්‍රපටයකින් ඉක්මනටම හමුවෙමු.එතෙක්, හැමදෙනාටම ජයවේවා…!
අදාළ පිටපත් :
Sniper.Ghost.Shooter.2016.720p.WEB-DL.XviD.AC3-FGT
Sniper.Ghost.Shooter.2016.720p.WEB-DL.x264.ShAaNiG
Sniper.Ghost.Shooter.2016.720p.WEB-DL.x264.MkvCage
Sniper.Ghost.Shooter.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT
Sniper.Ghost.Shooter.2016.WEB-DL.XviD.AC3-FGT
Due to copyright issues, we do not provide any torrent links.
ඉහත පිටපත උපසිරැසි ගොනුවේ ඇතුලත් වේ.
32,539 downloadsDownload Sniper.Ghost_.Shooter.2016.Baiscopelk.com_.rar34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
69 comments
Dilshan
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Udara Damith B\K
09ce028b2401e92e9063c3dd9accddc88588ea24
sarath
thanks macho
Chamindu
Saho 300mbmvs eke thiyana copy ekata meka match wenne na ne . error ekak enawa.
sammika
thanks. dragon blade update eka dennakoooooooooooooo. blu rayyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Asanka
Kickass Torrent seen eken passe kattiya baya unada?!. lankawe thama copyright law ekak na foreign dewal ekka. eg: genuine windows use karanne kauda?
Ruwan sudarshana
මම දන්නව බයිස්කෝප් විසාල මෙහෙවරක් කරනව සබ් ඉදිරිපත් කරන්න හරි සිත්ගන්නා සුලු සුහද සිලි පිරිසක් තමයි නිර්මානාත්මක විදිහට මෙ සෙවය අපි වෙනුවෙන් කරන්නෙ කාලය,කෑපකිරිම් මහන්සිය මෙ හෑම දෙයක්ම බාවිත කරමින් සියලු දෙනාගෙම විස්වාසය දිනාගනිමින් සින්හල සබ් සපයන සියලු දෙනාට සුබ පෑතුම්.බුදු සරණයි
Udara Damith B\K
ela
devinda
ty mcn.....
Dulanga
Thanks
Asitha
elama thanks
praneeth madu
ela mcn keep going
Mahesh Eranda
Macho link eka bennako.....
Sajith
Sub ekata pata tnx bro !!! :D :D
Amila
Thanks mchn...!
D Chamara
bohoma sthuthi sahooo
Bobby
Great job, thank you very much.
සාරද
නියමයි මචෝ......
ලහිරු චානක
ස්තූතියි සහෝ උපසිරැසියට. ජය වේවා..!!!
Nalaka Dananjaya
Bohoma sthuthi saho.......... film eka aran sub eka enakan balan hitiye ela...
thari
sup wada naha ne
කවීන් ලහිරු
සබ් එකට තුති සිසිල සහෝ
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
නියමයි සහෝ මේ ෆිලුම දෙනකන් බලන් හිටියේ
Rohan
Deela thiyana Links Ekakwath Wada naha, Please help me
Thisara Akalanka
Meke Blu-Ray copy eyida bro ???
Sisila Prasad
දීලා තියෙන පිටපත් උපරිම ගුණාත්මක භාවයෙන් යුක්තයි.ත්‍රීව තාවය උපරිමයි.
ඒ නිසා බය නොවී ගන්න සහෝ.
mithun
පුද්ගලිකවම මෙම චිත්‍රපට මාලාවට මාර අසයි, පතුරු යන්න බලල තියෙ old මුවී ටික නම්. බොහොම ස්තුතියි නෙට් එකෙන් බාන්නත් කලින් උපසිරැසි ගන්වල .. හැපි බ්‍රො . අයෙමත් එමු හොදම එකකින් සහො .ඔබට ජය
Akalanka
Thnx..........
Kulanjana Maduranga
supiri 1k ne.aniwa balanawa.thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasika
Thnx bro
rohan
මේක ඩවුන්ලෝඩ් ලින්ක් එක එන්නෙ නෑ නෙ මචං
Udara Damith B\K
09ce028b2401e92e9063c3dd9accddc88588ea24
Kapila
Thanks
lahiru haresha
පට්ට බ්‍රෝ
venuka
thanx
good luck.dinu
bohoma isthuthie saho
LAKSHAN
ස්තූතියි සහෝ උපසිරැසියට.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
Thn Q... !!!
me
Thanks
Kalana Dushmantha
Line 1575 Syntex error ekak kiyala watenawa saho sub eka play wenne nane...eka fix karanne kohomada..?
Sisila Prasad
KM Player එකෙන් play කරලා බලන්නකෝ.
pramuk
thanxxxxxx............
Udaya Fernando
Niyamai. Thanks machan
Thusitha Hettiarahchi
සබ් එකට ස්තූතියි!!!
Sandeep
White Vengeance puluwannam meke sub hadala denawada
Kalana
Godak sthuthi.obata jaya.
kasun
meke film eka download karana kramayak keyanna plc
skiller
Meke film eka nadda ban? Sub witarada?
Chathura srimal
Ela.......
Thanks sub ekata!!!.......sandun
Mata sub ganna bahane
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සිසිල අයිය....
hfhb
sub download wenne na,penne nadda ubalata eka.redda
Buddhika BDS
හුකාපන් download වෙන් නැත්තන්.බොරු කියන් එපා ධාතුවා.මම අවුරුදු ගානක් තිස්සේ බයිස්කෝප් එහෙන් තමා බාන්නේ.browsere බලාපිය තොගේ.... @ = hfhb
Wana Saraa NB
thanks for sub....
good luck...
දසිත චාමික
bohoma sthuthie aiye upasirasi genwimata. jaya wewa
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ela ela man palaweniya :D