Watch Trailer

Solo : A Star Wars Story (2018) Sinhala Subtitles | නිදහස සොයා.. තරු අතරට! [සිංහල උපසිරැසි සමග]

හැමෝටම අයුබෝවන්! බොහොම කාලෙකට පස්සෙයි මේ විදියට සිංහල උපසිරක් රැගෙන අඩවිය හා එකතු වන්නේ. ඇත්තම කිව්වොත් දැන් දැන් අවුරුද්දකට චිත්‍රපට එකක් හෝ දෙකක් තමයි බාර අරගෙන උපසිරැසි ගන්වන්නේ. මේ වැඩේට තිබුණ ආසාව අදත් ඒ විදියටම තිබුණත් කාලය හරස් වෙන නිසා වැඩි බරක් මේ වෙනුවෙන් යොදන්න බැරි වීමයි හේතුව. ඒ කොහොම…

හැමෝටම අයුබෝවන්! බොහොම කාලෙකට පස්සෙයි මේ විදියට සිංහල උපසිරක් රැගෙන අඩවිය හා එකතු වන්නේ. ඇත්තම කිව්වොත් දැන් දැන් අවුරුද්දකට චිත්‍රපට එකක් හෝ දෙකක් තමයි බාර අරගෙන උපසිරැසි ගන්වන්නේ.
මේ වැඩේට තිබුණ ආසාව අදත් ඒ විදියටම තිබුණත් කාලය හරස් වෙන නිසා වැඩි බරක් මේ වෙනුවෙන් යොදන්න බැරි වීමයි හේතුව. ඒ කොහොම වෙතත් දැන් අපේ අඩවියත් එක්ක දක්ෂ උපසිරැසිකරුවක් බොහොමයක් එකතු වී සිටින නිසාවෙන් අපි නැති වුනාට  කමක් නෑ දැන් කියලා හිත හදාගත්තෑකි. 😉 චිත්‍රපටය පැත්තට හැරෙන්න කලින් මේක අවස්ථාවක් කරගන්නම්, අඩවියේ උපසිරැසිකරුවන් වෙනුවෙන් මනාප ප්‍රකාශ කරන අවස්ථාවල මා වෙනුවෙන් තම මනාපය ඉදිරිපත් කළ සහෘදයින්ට ස්තූති කරන්නට. මොකද දැන් ඒ තරම් ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවුනත්, අපිව මතක ඇති පිරිස තවමත් සිටින බව ආයේ ආයේ දකින්න ලැබෙන එක හිතට බොහොම සතුටක්.

හොඳයි එහෙනම්, මේ චිත්‍රපටය ඇත්තටම මං උපසිරැසි ගන්වන්න බාරගත් චිත්‍රපටයක් නෙවෙයි, ඔයාලා දන්නවා ඇති ස්ටාර් වෝර්ස් එහෙමත් නැත්නම් තාරකා යුද්ධය කියන ලොව පුරා අතිශය චිත්‍රපට මාලාවේ සිංහල උපසිරැසි ගැන්වීමේ අයිතිකාරයා තමයි අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයා. ඉතින් මේ චිත්‍රපටයත් බාරව තිබුණේ ඔහුට. ඒත් වැඩ රාජකාරි නිසාවෙන් මේ වැඩේ කරලා දෙන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. රොයිලි අයියට බෑ කියන්නේ කොහොමද? ඉතින් ඒ නිසා එයාට “හරි අයියේ, මං කරන්නම්” කියලා වැඩේ බාරගත්තා. මම හිතනවා රොයිලි අයියා වගේ නැතත්, මේ උපසිරැසියට මම සාධාරණයක් කරන්න ඇති කියලා. හරි කයිවාරුව ඇති, Solo: A Star Wars Story ලෙස නම් කර ඇති මේ චිත්‍රපටය Han Solo නම් ස්ටාර් වෝර්ස් හි එන චරිතය මුල් කරගනිමින් නිර්මාණය වුනු චිත්‍රපටයක්. මම හාන් සෝලෝ කියන්නේ කවුද කියන එක ගැන විස්තර කියන්න යන්නේ නැහැ, ඔබ ස්ටාර් වෝර්ස් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔහුව හඳුනනවා ඇති. මේ කතාව නිර්මාණය වන්නේ හාන් සෝලෝ ගේ තරුණ අවදිය මුල් කරගනිමින්. සාරාංශයක් වශයෙන් කරුණු කැටි කළොත්, කෝරේලියා නම් ග්‍රහ ලොව මංකොල්ලකාර රැජිණක් වූ ප්‍රොක්සිමා ආර්යාව සෙවණේ හැදී වැඩුනු හොරෙක් වුනු සෝලෝගේ සිහිනය වුනේ පියාසර නියමුවෙක් වී තාරකා අතර සැරිසරන්නයි. ඒ වෙනුවෙන් එයාගේ පෙම්වතිය කීරාත් සැදී පැහැදි සිටිනවා. ඔවුන් කෝරේලියාවෙන් පැන යන්න උත්සහ කරන අවස්ථාවේදී ආරක්ෂකයින් විසින් කීරා ව අල්ලා ගන්නා අතර හාන් පමණක් කෝරේලියාවෙන් පැන යනවා. පසුව අධිරාජ්‍යයීය හමුදාවේ ගුවන් නියමුවෙක් විදියට අවුරුදු තුනක් තිස්සේ ඔහු පුහුණු වන අතර ඔහුගේ එකම අරමුණ වන්නේ, ආපහු තම පෙම්වතිය කීරා සොයා කෝරේලියාවට යාමයි.

ඒ වෙනුවෙන් හමුදාවෙන් පැනගොස් හොරු කණ්ඩායමක් සමඟ එකතු වන්නේ, කොඇක්සියම් නම් අධ්‍යාවකාශ ඉන්ධන සොරකම් කර තමන්ට ලැබෙන කොටසෙන් තමන්ගේම කියා යානයක් මිලදී ගැනීමේ ආසාවෙන්. නමුත් ඒ වැඩේ අසාර්ථක වන්නේ එන්ෆිස් නම් තවත් මංකොල්ලකාරයෙකුගේ මැදිහත් වීම නිසාවෙන්. මේ හොර කණ්ඩායමට මේ වැඩේ බාර දී තිබෙන්නේ ක්‍රිම්සන් ඩෝන් නම් අපරාධ කණ්ඩායම විසින්. ස්ටාර් වෝර්ස් ප්‍රේක්ෂකයින්ට ඒ නම එච්චර නුපුරුදු නැතිව ඇති. තමන්ට ගැලවීමක් නැති බව දැනගන්නා මොවුන් ක්‍රිම්සන් ඩෝන් ඉහළ නිළදාරියෙකු වන ඩ්‍රයිඩන් වෝස් හමුවට යන්නේ, මෙය සමථයකට පත් කරගැනීමේ අරමුණින්. නමුත් නොසිතූ නොපැතූ අයුරින්, එහිදී හාන්ට ඔහුගේ පෙම්වතිය කීරාව මුණ ගැහෙනවා. ඒ ක්‍රිම්සන් ඩෝන් වෙනුවෙන් තම ජීවිතය වුව ද කැප කිරීමට සූදානම් ලුතිනන්වරියක් විදියට. ඉතින් මේ ඇති කතාව ගැන කිව්වා. Alden Ehrenreich හාන් සෝලෝගේ චරිතයට පණ පොවන අතර සුප්‍රසිද්ධ ඩැනේරිස් ටාගේරියන්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි මකර රැජිණගේ චරිතයට පණ පොවන Emilia Clarke කීරා ගේ චරිතයට පණ පොවනවා. ඊට අමතරව Donald Glover, Thandie Newton, Woody Harrelson වැනි සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් රංගනයෙන් දායකත්වය දක්වනවා.  Ron Howard විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය මිනිත්තු 132 ක කාලයක් පුරා දිවෙනවා. ඉතින් හැමෝටම අරාධනා කරනවා තාරකා යුද්ධයේ නවතම පෙළහර අත්විඳින්නට. ජයම වේවා..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

15,512 downloadsDownload Solo-A-Star-Wars-Story-2018.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

15,512 downloadsDownload Subtitles68 KB

109 comments

  1. colabage

    sub ekata tnx....

  2. Thilina Chamara

    Thank you

  3. madusanka

    Thanks bro..**

  4. THE NEW FOLDER

    Ela Thanks broo...............

  5. Himantha

    Sub ekata thanx bro

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. subodha

    Thanks

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යශෝධ සහෝ.
    මමත් හිතුවේ රොයිලි සබ් එක දේවි කියලයි.
    එල.
    ජයෙන් ජය.

  9. hasith premadasa

    thanks sub akta......jaya

  10. namal kumara

    tankss sub ekata..!

  11. Thisara Neo

    Thanks Yaso

  12. Stranger

    thanks

  13. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  14. indikaperera

    thanks

  15. Smug118

    Thanks

  16. geeganagamage

    බොහොම ස්තුතියි ආසාවෙන් බලපු ෆිල්ම් මාලාවක්

  17. Sherlock holmes

    Elama thanks

  18. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  20. prabhathmadushanka

    thanx broo

  21. Anujaya chathuranga

    thanks

  22. achinthya2002

    google karata enne ne sub eka.any way thanks for sub :)

  23. Ayesh Prashan

    Thank You

  24. futureomega

    thanks for the sub

  25. TharakaWAS

    ela ela bro....
    Subata Thanks...
    alut kattiya hitiya kiyla sub dena 1ka nawattanna epa..
    Puluwan widiyta idala hitala hari sub 1kak aran enna...
    Jayama wewa....!!!!!!!!!!!!!!!!
    All the best..............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  26. gihan perera

    ස්තුතියි සහෝ...බලන් හිටියේ මේක දානකන්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  27. Rashmika dumidu

    thank you bro

  28. Tharaka

    thanks......................

  29. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට ෆිල්ම් එක බාල තියන් හිටියෙ සබ් දෙනකන්

  30. suneth

    Patta machn.. thanks. meka enakan balan idiye..!! jaya wewa!

  31. aks

    Thanks...

  32. Niro200

    මේ ෆිල්ම් එකට කලින් තියන ෆිල්ම් නොබලා මේක බැලුවොත් අවුල්ද

  33. Shan

    නියමයි යසෝ.. ❤❤
    උඹව එහෙම අමතක වෙනවද මචන්. ;)
    ඔන්න 25වෙනි vote එක මගෙන්.
    සබට තුති!
    ජයවේවා!

  34. Mohantha_kumara

    Thanks saho.overbord ekatath sub eka denna baida?

  35. New day

    සුපිරි වැඩක්

  36. ZK

    ස්තූතියි. ............

  37. Upul Sampath

    Thanks broo

  38. vas0303

    Thank you for uploading the sub quickly. All the best bro...

  39. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  40. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  41. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  42. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි...

  43. Ishara gmac

    thanks

  44. darshana100

    thanks saho idala hital sub dunnat digatama dunnat karana de agaya kala uthi

  45. Saranga J. Liyanagama

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...

  46. sasala

    thanks

  47. suchroxx

    Thanks Bro

  48. Mevandhanushka

    Thanks...

  49. Sachintha Dilshan

    film eke torrent link eka thiyena kenek danwada?

  50. dakan

    ELA....PATTTAAAAAAAA...........................................

Load more comments