අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Space Force [S01 : E10] Sinhala Subtitles | ජෙනරල් නයාර්ඩ් අප නැවත හමුවෙමු [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Space Force [S01 : E10] Sinhala Subtitles

ඔන්න එහෙනම් අපෙ Space Force Season 01 කතාමාලාවේ අවසානම කතා පරිච්ඡේදයට අද කතාවට යන්න කලින් පොඩ්ඩක් මෙතෙක් කතා මාලාව ගැන කෙටියෙන් කියන් යන්නම්.

  • එක්සත් ජනපද සන්නද්ධ හමුදාවේ නවතම ශාඛාව වන අභ්‍යවකාශ බලකායේ අණදෙන නිලධාරියා ලෙස ජෙනරාල් මාර්ක් නයාර්ඩ් පත් කර සිටිනවා.
  • ඔහු ඉහළ අරගලයකට මුහුණ දෙමින්, විද්‍යාවෙන් බහුල වුන සටන් බලකායකට අණ දෙමින්, එම බලකායේ අයවැය කප්පාදුව සමගත් කටයුතු කරමින් අභ්‍යවකාශ හමුදාව නැවත එක්සත් ජනපද ගුවන් හමුදාවට යටත් කර ගැනීම වැළැක්වීමට උත්සාහ කරන්නට වූ අතර ඔහු පලමු කතාවෙදි එප්සිලන් 06 නම් චන්ද්‍රකාවක් දියත් කරන්නට වුනා.
  • එහෙත් ඒ චන්ද්‍රිකාව අනතුරකට මුහුන දීමත් එක්ක එය බේරාගැනීම සඳහා චිම්පන්සියෙක් යවන්නට වුන අතර ඒත් අවසානයේදි ඒ චිම්පන්සියත් චීන අභ්‍යවකාශ බලකායට එකතු වන්නට වුනා.
  • චන්ද්‍රයා වෙතට මිනිසුන් සහිතම ‍රොකට්ටුවක් යැවීමට ජෙනරාල් නයාර්ඩ් තීරණය කරන්නට වූ අතර ඔහු ඒ සඳහා තම දායකත්වය ලබා දීමට තීරණය කරනවා.
  • මතක ඇති ඔයාලට Lunar Habbit ඒකකයේදි ජෙනරාල් නයාර් ප්‍රම්‍රඛ අභ්‍යවකාශ බලකාය හා ජෙනරල් කික් ග්‍රැබ්ස්ටන් ප්‍රමුඛ ගුවන් හමුදා බලකාය අතර බාස්කට් වෙඩි තැබීම් තරඟයක් පවත්වනු ලැබුවා ‍වගේම එහිදී තරඟය ජයග්‍රහනය කරන්නට වුයේ ආචාර්ය මැලෝරිගේ මැදිහත් වීම මත.
  • ඒ වගේම මතක ඇති ඔයාලට ඇමෙරිකානු හමුදාව සතුව Pegasus fin system නමින් හඳුන්වන රොකට් යානා මෙහෙයුම් පද්ධතිය ඉන්දියානුවන් වෙත පාවාදුන්න බවට බලකාය අතර රාවයක් ගොස් ඒ ඔත්තුකාරයෙක් සිටින බව හොයන්නට වුනා.
  • එතනින් පස්සේ ධනවත් ව්‍යාපාරිකාවක් වන එඩිසන් ජේම්ස් විසින් නව රොකට් ඉන්ධනයක් හඳුන්වා දී අවසානයේදි ජෙනරාල් නයාර්ඩ්ගේ මාධ්‍යය කළමනාකරැගේ මැදිහත් වීම සමග එම ඉන්ධන ප්‍රභවය අසාර්ථක එකක් බවට ඔප්පු වුනා.
  • එතනින් පස්සෙ ඔයාලට මතක ඇති ජෙනරාල් නයාර්ඩ් හට නියමිතව තිබ්බ එයාගෙ සිරගත වෙලා ඉන්න බිරිඳත් එක්ක පෙම් හමුවක් ගත කිරීමේ අවස්තාව මග ඇරැනා නිසා ඒ දෙන්නට නැවතත් පෙම් හමුවක් ගෙනියන්න ඉඩ ප්‍රස්ථාවක් ලැබුනා වගේම ජෙනරාල් නයාර්ඩ් සහ ඔහුගේ බිරිඳ තීරණය කරනවා ඔවුන් දෙදෙනාට ගැලපෙන නව දෙන්නෙක් ඔවුන්ගේ තනිය වෙනුවෙන් සොයාගන්න.
  • ගිය කතාවෙදි මතක ඇති ඔයාලට අවුරැදු 54 පස්සේ දෙවැනි සඳ ගමනක් කැප්ටන් අලීගේ නායකත්වයෙන් සඳ වෙත යවනන්ට වුන අතර ඔවුන් නිරැපද්‍රිතවම සඳ තරනය කරන්නට වුනා වගේම කතාව අන්තිම හරියෙදි ජෙනරාල් නයාර්ඩ් හට දැකගැනීමට ලැබෙනවා චීන අභ්‍යවකාශ බලකායට අයත් ඒකකයක් ඔවුන්ට කලින් සඳ මතට පැමින ඇති බවට.

ඔන්න ඔහොම තමයි මෙතෙක් කතා මාලාවේ සාරාංශයම,

එතකොට ඒවා පැත්තකින් තියලා අපි අද කතාව වෙතට ආවොත්,

ජෙනරාල් නයාර්ඩ් හට ආරක්ෂක අංශ ප්‍රධාන ඒකකය විසින් අණ ලබා දෙනවා සඳ මත යවන ලද භට පිරිස මෙහෙයවා චීන අභ්‍යවකාශ බලකා ඒකකය විනාශ කර දැමීමට,එහෙත් ඒ වැඩේ කරන්න ගිහින් අපෙ කතා නායකයාට වෙන්නෙ වෙනම ඇබැද්දියක්,

ඒ වගේම අපෛ ජෙනරාල්ගේ දුව එරීනුත් තමන්ගේ තාත්තගෙයි අම්මගෙයි ප්‍රශ්න වලට උත්තරයක් විදිහට ගෙදරින් පැනලා යන්නට වෙනවා, ඒ අතරෙ එයාට වෙනවා නොදන්නා පිරිසක් එක්ක කාන්තාරයක් මැද හිරවෙන්න.

අද කතාවෙහි අවස්තා කීපයක්

මෙතනින් එහාට මම කතාව කියන්න යන් නෑ,කොටස් 10 සමග මාත් එක්ක ඉවසීමෙන් හිටිය ඔක්කොටම මාගේ හදපිරි මෙව්වා එක,

අපි එහෙනම් ආයෙමත් Space Force Season 02 කතා මාලාවෙන් හමුවෙනකම් දැනට සමුගන්නම්.

“දෙවන ලෝක යුද්ධය දිනපු පරම්පරාව

ඉතා භයානක යථාර්ථයකට නිරාවරණය වුනා

එයාලා ගොඩ කාලෙකටපස්සෙ හොඳ තීරණයක් ගත්තේ කියලා

අතීතෙ අමතක කරන්න, අතීතයේ වැරදි නැවත කරන්න වෙන එක ඔයාට දෛවෝපගතයි

පෝලියෝ රෝගය කෙතරම් දරුණුද කියලා අමතක කරන්න.

මිනිසුන් එන්නත් ගැනීම නවත්වනවා

ලෝක යුද්ධ කොච්චර නරකද කියලා අමතක කරන්න.

මිනිස්සු එයාලගෙ පපුව පුම්බන්න ගනීවි

ඒත් සැබෑම සතුරා තමයි උඩඟුකම.”

ජයවේවා

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

2 thoughts on “Space Force [S01 : E10] Sinhala Subtitles | ජෙනරල් නයාර්ඩ් අප නැවත හමුවෙමු [සිංහල උපසිරසි]

  • thanks a lot Ravisara saho sub ekata

    Reply
  • සම්පූර්ණ සීරිස් එකටම සබ් ගෙනාවට බොහෝම ස්තූතියි සහෝ…….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *