Spartacus: Blood and Sand [S01 : E07] Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ සහ අවාසනාවන්ත දේවල් [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් පළමු කතා මාලාවේ තවත් පියවරක් තබන්නයි මේ සූදානම. අද ඉදිරිපත් කරන්නේ හත්වන කොටස. එහෙනම් හයවන කොටසේ මතකය පොඩ්ඩක් අවදි කර ගනිමු.
අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදුවුනා “ස්පාටකස්” හට, ඒ කියන්නේ දීර්ඝ කාලයක් දෑස් දල්වා ගෙන සිටිය තමන්ගේ ආදරණිය බිරිඳ “සුරා” තමන්ගේ දෑතට ගන්න. ඒ වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තැබුවා. අවසානයේ ඔහුට ඇයව තම දෑත් වෙතම ලබා ගත්තා, නමුත් ඇයගේ අවසන් හුස්ම පොද හෙලන්න සිදු වුයේ ඒ දෑස් දල්වා ගෙන සිටි මොහොතේදීම. “ස්පාටකස්” සැලසුම් කරගෙන සිටි හැම දෙයක්ම ව්‍යර්ථ වුනා. “සුරා” සමඟ පුහුණු පාසලෙන් පැන යන්න. නව ජිවිතයක් අරඹන්න මවපු සිහින හැම දෙයක්ම තණමත රැඳුනු පිනි බින්දුවක් වගේ ක්ෂණයකින් බොඳව ගියා. එහෙම තමා “ස්පාටකස්ට” තම දෛවය සරදම් කලේ. දෛවයට වඩා “ස්පාටකස්ට” සරදම් කලේ “බැටියාටස්” විසින්.
මේ අතර “බර්කා” තමන්ගේ නිදහස මිලට ගන්න සූදානමකින් හිටියේ, මේ වහල් ජිවිතයෙන්, මේ හිරගෙයක් වගේ පුහුණු කඳවුරෙන් මිදිලා “පිට්‍රොස්” නමැති තමන්ගේ සමලිංගික සගයා සමඟ නව ලොවකට පිය නගන්න. එතනදී සිදුවන්නේ තවත් අවාසනාවන්ත දෙයක්. “බර්කා” විසින් “පීට්‍රොස්ගේ” හිත හදන්න කියපු බොරුවක් “අශුර්” නමැති ඔට්ටු කරුවා “බැටියාටස්ගේ” කනේ තියලා තමන්ගෙන් “බර්කාට” ලැබිය යුතු ඔට්ටු මුදල නවත්වා ගන්න නියම රඟපෑමක් කරවනවා. එහිදී අවාසනාවන්ත ලෙස “බර්කාට” තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ කිසිම වරදක් නොකරම. “බැටියාටස්” විසින් කල තවත් අනුවණ ක්‍රියාවක් තමයි එයත්. එත් ඒක තමන්ගෙන් සිදුවුන අත්වැරැද්දක් කියලා පිළිගන්න ඔහු කැමති නැහැ.
හත්වැනි කොටසේ ආරම්භය එතැන සිටන්,
බිරිඳගේ අකල් වියෝවෙන් හෙම්බත් වෙලා සිටින “ස්පාටකස්ට” මේ වුන දේ හිතා ගන්නවත් බැහැ. එත් ඒ අවාසනාවන්ත වියෝවට වගකිව යුත්තා කවුරුන්ද කියලා අපිට දැක ගත හැකි උවත් “ස්පාටකස්” තවමත් හිතන්නේ “බැටියාටස්” කියන්නේ යහපත් මිනිහෙක් කියලා. මේ අතරේදී අවාසනාවන්ත එක සිදුවීමක් වෙනවා. “පිට්‍රොස්” හිතන්නේ ඇත්තටම “බර්කා” තමන්ව දාල නිදහස ලබා ගෙන ගියා කියලා. එහෙම තමා “ලුඩුස්” වල සිටින අයට ප්‍රචාරය යවන්නේ. “බර්කා” නැති වුන පසු “පිට්‍රොස්ට” හට ලබන්නේත් නපුරු කලදසාවක්. අවසානයේ “පිට්‍රොස්ට” වෙන්නේ කුමක්ද කියල බල ගන්න පුළුවන් අද කතාවේ අවසානයේදී. ඒ අතරතුර “ස්පාටකස්ට” තවත් තරඟයකට ආරාධනාවක් ලැබෙනවා. මෙහිදී “ස්පාටකස්” තීරණය කරනවා ඔහුගේ බිරිඳ හැම මොහොතකම කිව්වා වගේ දෙවියන් ඔහුත් සමඟ සිටිනවද කියන එක පරික්ෂාවට ලක් කරන්න. මොකද දැන් ඔහුට ජිවත් වෙන්න අමුතුවෙන් කියලා බලාපොරොත්තුවක් නැහැ. අවසානෙදි බලමු “ස්පාටකස්ගේ” උදව්වට “සුරා” කිව්වා වගේ දෙවියන් සිටිනවද කියලත්.
“ස්පාටකස්ගේ” ඉරණම කොයි අතකට දෝලනය වෙනවද කියලා ඉදිරි කතාංග වලදී දැක ගන්න හැකි වේවි. පළමු කතා මාලාවේ තව කොටස් හයක් පමණයි ඉතුරුව තියෙන්නේ. ඔක්කොම එක සැරේ දෙන්න කියලා කිහිප දෙනෙක් ඉල්ලලා තිබුනා. එහෙම කරන්න පුළුවන් කමක් තිබ්බ නම් නොකර ඉන්නේ නැහැ. මොකද මම අනෙක් වැඩ කටයුතු කරගෙන යන ගමන් තමා මේ දේ ඔයාල වෙත ඉක්මනින් දෙන්න බලන්නේ. ඕනේ කතාවක් සතියකට වතාවනේ රූපවාහිනියේ දෙන්නෙත්. ඉතින් අපි සතියකට කොටස් තුනක් දෙන විදිහට දැනට කොටස් ලබා දීලා තියෙනවා. තරහා නොවී පොඩ්ඩක් ඉවසමු නේද? එතකොට තම කතාවේ රසය වැඩි 😀 ඉක්මණටම නැවත හමුවෙනතුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24559 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
77 thoughts on “Spartacus: Blood and Sand [S01 : E07] Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ සහ අවාසනාවන්ත දේවල් [සිංහල උපසිරැසි සමඟ]”