Spartacus: Gods of the Arena [E02] Sinhala Subtitles | මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]
අද ඉදිරිපත් කරන්න යන්නේ මේ කතා මාලාවේ දෙවන් කොටස, හිතනවා හැමෝම කලින් කොටස රස විඳින්න ඇති කියලා. අතීත ආවර්ජනය ආරම්භ උන හැටි මතකනේ. “බැටියාටස්” කියන්නේ කොහොම තත්වයක සිටි අයෙක්ද කියලා සහ ඔහුගේ හිත මිතුරන් ගැන එහෙම කලින් කොටසින් දැකගන්න ඇති.
මම එහෙනම් යන්තමින් කලින් කොටසේ මතකය අලුත් කරවන්නම්. කලින් කොටස ආරම්භ උනේ “ගැනිකස්” කියන දක්ෂ කඩු මල්ලවයගේ සටනකින්. එත් එක්කම “ක්‍රික්සස්” කොහොමද මෙහි කොටස් කරුවෙක් වෙන්නේ කියලත් දැක ගන්න ඇති. ඒ කාලය වන විට මල්ලවපිටියක් තිබුනේ නැහැ. එහි ඉදිකිරිම කරනවා. ඉතින් මේ නව මල්ලවපිටියේ ආරම්භක උත්සවයේ සටන් වලට තම මිනිසුන් ඉදිරිපත් කරන්න දෙදෙනෙක් සටන් කරනවා. කෙනෙක් තමයි “බැටියාටස්”, අනෙක් කෙනා “වෙටියස්” කියලා අනෙක් අයගේ උදව් සහිතව “කැපුවා” වල වැජඹෙන තවත් ලැනිස්ටා කෙනෙක්. මේ දෙදෙනා අතර තරඟයක් තියෙන්නේ එහෙත් “බැටියාටස්” ළඟ තමයි හොඳම මිනිස්සු ඉන්නේ එහෙත් බාහිර උදවු නැහැ. “වෙටියස්ට” එකේ අනෙක් පැත්ත. බාහිර උදවු තිබුනට දක්ෂ සටන් කරුවෝ නැහැ. අවසානයේ ඔයාලා දකින්න ඇති වෙටියස්” සහ ඔහුගේ මිතුරු මස් වෙළෙන්දා “ටුලියස්” එකතුවෙලා “බැටියාටස්” හට දරුණු ලෙස පහරදීලා තර්ජනය කරනවා ඔහුගේ හොඳම සටන්කරු “ගැනිකස්” ඔවුන්ට විකුණන්න කියලා.
අද කොටස ආරම්භ වෙන්නේ එතැන් පටන්. “ටුලියස්ගෙන්” උදවු ලබා ගන්න ගිය “බැටියාටස්” හට සිද්ධ උනේ නොහොතපු දෙයක්. ඉතින් අවසාන බලාපොරොත්තුවත් ඉවරයි “විනාලියා” තරඟ වලට තමන්ගේ සටන් කරුවන් යොමු කරන්න තිබුන. මේ අතර “ටුලියස්” තමන් ඉදිරිපත් කල යෝජනාව දෙගුණ කර “සොලොනියස්” අත තවත් යෝජනාවක් එවනවා “බටියාටස්ට”. මේ අවස්ථාවේ “බටියාටස්ට” අලුත් මාර්ගයක් පෑදෙනවා තවත් සැලසුමකට. අපි බලමු කොහොමද මේ සැලසුම ක්‍රියාත්මක වෙන්නේ කියලා. අවසානයේ දැක ගන්න පුළුවන් ලොකු මිනිස්සු තමන්ගේ සිහින සැබෑ කර ගන්න හැටි දුබලයාගේ සිහින මත පය තබලා.
එහෙනම් මීළඟ කොටස සමඟ එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19022 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
70 thoughts on “Spartacus: Gods of the Arena [E02] Sinhala Subtitles | මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]”