ලෝක සිනමාව කියන්න මහා විශාල දෙයක්, මිට වසර කිහිපයකට කලින් අපේ පුංචි රටට දේ සිනමාව හැකි අයුරෙන් සමීප කරන්න අපේ රටේ කොලුවෙකුගේ අදහසක් මත ඔහුගේ බ්ලොග් අඩවියන් බයිස්කෝප් නමින් අන්තර්ජාලයේ උප්පතිය ලැබුවා මතක ඇති කියලා හිතනවා හැමෝටම. ඔය ගමන දිනෙන් දින තවත් පිරිසකගේ ඇස ඇදගනිමින්, නෙත් කන් පිනවමින් ගමනක් ය…
ලෝක සිනමාව කියන්න මහා විශාල දෙයක්, මිට වසර කිහිපයකට කලින් අපේ පුංචි රටට දේ සිනමාව හැකි අයුරෙන් සමීප කරන්න අපේ රටේ කොලුවෙකුගේ අදහසක් මත ඔහුගේ බ්ලොග් අඩවියන් බයිස්කෝප් නමින් අන්තර්ජාලයේ උප්පතිය ලැබුවා මතක ඇති කියලා හිතනවා හැමෝටම. ඔය ගමන දිනෙන් දින තවත් පිරිසකගේ ඇස ඇදගනිමින්, නෙත් කන් පිනවමින් ගමනක් යන අතරේ තමයි, බයිස්කෝප් අපි වෙබ් අඩවියක් වශයෙන් අපේම කියල ඩොමේන් නාමයක් එහෙම කරගෙන වැඩ පටන් ගත්තේ.
වෙබ් අඩවිය දිනෙන් දින උපසිරැසකරුවන් ඇදගත්තා වගේම ඇති විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්කාසු කරගන්න සමත් වුනා, මේ සියල්ල සඳහා වැයවෙන මුදල බොහෝ විට තනිවමත් විටෙක තවත් ඇඩ්මින්වරයෙකුගේ හෝ දෙන්නෙකුගේ සහයෙන් දරාගන්න මේ සිහිනයේ හිමිකරුවා වන පොතේ ගුරා සහෝ කාරුණික වුනා.
නමුත් මේ වන විට අපි ලබාදෙන උපසිරැස ප්‍රමාණය වැඩි නිසා ඔබ වැනි ප්‍රේක්ශකයන්ගේ පැමිණීම වැඩි වෙලා තියනවා. ඒ එක්ක දැන් අපි භාවිතා කරන මේ වෙබ් අවකාශයට දරාගත නොහැකි තදබදයක් නිසාවෙන් තමයි මේ දිනයන්වල වෙබ් අඩවිය බොහෝ විට ක්‍රියා විරහිත වෙලා තියෙන්නේ. මේ සඳහා විසදුම තමයි අපගේ ප්‍රේක්ෂ පිරිස දරාගත හැකි වන වෙබ් අවකාශයක් වෙත යාම. නමුත් තවත් තනිව එවැනි මුදලක් මසකට වියදම් කිරීමට අප හට හැකියාවක් නොමැති හින්දා තමයි අපි ඔබගේ සහය බලාපොරොත්තු වන්නේ. ඒ නිසා අපි ඔබ වෙත එන්න තීරණය කළා. පහතින් තියනවා මෙම වෙබ් අඩවියට සහය වියහැකි ක්‍රමයක්.
Commercial Bank
Tharindu Darshana Wickramasighe
8135011207
Karapitiya Branch
eZ Cash – 0773721724
අපි සහතික වෙනවා මේ අපේ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් සිදු කරනා ක්‍රියාවක් නොවන බව. ශ්‍රී ලංකාවේ තවමත් Paypal මුදල් හුවමාරුවට සහය නොදක්වන බැවින් විදේශ රටක සිටින ඇඩ්මින් වරයෙක්ගේ ගිණුමකට ඔබගේ ආධාර බැරවෙනු ඇත. නමුත් මේ ක්‍රියා පටිපාටියේ 100 % විනිවිද භාවයක් ඔබටම දැකගත හැකි වේවි. එසේනම් අපි නවතිනවා. ඔබ අපහා බයිස්කෝප් අඩවිය ඉදිරියට කරගෙන යාමට එක්කාසු වේවි කියලා සිතනවා.
යාවත්කාලීන කිරීම්.
දැනට දරණ වියදම් වන්නේ ඩොමේන් නාමය වෙනුවෙන් වසරකට රු. 2,000 ක මුදලකුත් වෙබ් ඉඩකඩ වෙනුවෙන් අවුරුද්දකට 120,000 ක මුදලකුත් වශයෙනුයි. එනම් දළ වශයෙන් මාසිකව රු. 10,200 පමණ වෙනවා. (දල වශයෙන් කිව්වෙ ඩොලරයේ උච්චාවචනය අනුවයි)
දැනට අඩවිය බිඳවැටීම් නවත්වලා ඊලඟ සර්වර් එකට යනවනම් මාසිකව රු. 16,200 ක් පමණ අගයක් වෙනවා. නමුත් වැටී වැටී හරි දැනට තියෙන තත්වයෙන් පවත්වාගෙන යන්නයි අපි ඔබෙන් ආධාර බලාපොරොත්තු වෙන්නේ.
නැවතත් ඔබගේ ප්‍රතිචාර වලට ස්තූතියි.
පසුගිය මාසයේ ලැබීම් හා ගෙවීම් තිරපිටපත්.
මේ වනවිට ඔබේ දායකත්වය:
පුංචි පුංචි වතුර බින්දු එකතු වෙලා මහා ජාල දහරක් හැදුවා වගේ, ඔබගේ පුංචි අරමුදල සෑහේවි තවත් කලක් අප සහෝදර සහෝදරියන්ට ඔබගේ මන දොළ පිනවන්නට.
177 comments
හර්ෂණ
කැලුම් ගුණසේකර
දැන්වීම් පලකලොත් බුරන්න සෑහෙන්න පිරිසක් ඉන්නවා සහෝ. බලමු ඇඩ්මින් ලා මොනවගේ තීරණයක් ගනීවි ද කියලා.
හර්ෂණ
එහෙම නැතිනම් නොමිලේ දෙන්නේ නැතුව මාසෙට රුපියල් 10, 50, ක් වගේ අය කරමු. සබ් එකෙන් එකට මුදල් ගන්න පුළුවන් විදියට හදන්න නම් අමාරු වේවි. මොකද හුග දෙනෙක්ට පෙයිපැල් වගේ ක්‍රම නැනේ. sms වලින් වගේ ගිණුම රිචාර්ජ් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනම් ඒ ක්‍රමෙත් සාර්ථකයි. හැමදාම අපිට නොමිලේ උපසිරසි දෙන්න නම් අනිවාර්යෙන් දැන්වීම් පල කරන්න වෙනවා. හැබැයි නොමිලේ දෙන තරමට අපි සමග කට්ටිය රැදිලා ඉදිවී.
maduka
ez cash කරන්න නම්බ්ර් එකක් දෙන්න එතකොට කියක් හරි මාසෙකට දාන්න පුලුවන්
හර්ෂණ
එහෙම හිත හිත ඉදල බැනේ බන්. සයිට් එකට එද්දී බයිස්කෝප් ඊට පස්සේ හොස්ට් ඊට පස්සේ සිංගප්පුරුව දාල මැද්දෙන් කතිරයක්. බුරන උන් කැමති ඇති එහෙම තියෙනවට. අපි කැමති නැහැ.
එක එක මගුලවල් දාන්න ඕනේ නැහැ. අලුත් එන සිංහල ෆිල්ම් වල ප්රචාරක කටයුතු කරමු. සයිට් එකටත් හානියක් නැහනේ'. tv වල දානවට වඩා මේකේ දැම්මොත් ලොකු ප්‍රසිද්දියක් කියල කව්රුත් දන්නවා.
Hasitha
ad ekak dapan ban side ekakin
Gayan V.&.M.C
mama kiyanna hitiyeth oya katahwamai
chathuranga
mehema karoth mokada Files okkoma Storage eka Google Drive wage ekakata dala meken link eakata dammoth oyalata awulak yanne nathi wei neda..storage wakatane godak memory use wenne
ade machan
mawa contact karapanko poddak
කැලුම් ගුණසේකර
හොද අදහසක්. :)
හුදකලාවූ වෘකයා
දැන්වීම් පලකරන්න පටන්ගන්න...ඒ ගැන අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ...
INDIKA
nowaradawama mama udau karanawa
INDIKA
NOWARADAWAMA MAMA UDAU KARANA
ශාන් විමුක්ති [විමා]
හැකි අයුරින් සහය වෙන්නම්කො ඔන්න :)
Shalika
puluwan widhiyata aniwa karanawa.Oya krama hara wena kramayak nadhdha salli laba dhenna.
Thisal
අනිවා සප් එක දෙන්නම්? 18ට වැඩි වෙන්න ඔනිද මේකට සල්ලි දාන්න?
ඇඩ් දැම්මොත් නරකද?Ishara
අනිවාරෙන්.. මම උදව් කරනවා.. ඔයාලට අපි හොදට Film එකක් බලන්නේ.. මේ වෙබ් අඩවිය නිසා
Anjana Ishan Krishaja
පැහැදිලි මදි.. කීයක් යනවාද කියලා කියන්න.? කීයක් ඕනද කියලත් කියන්න ? පුළුවන් සහයෝගයක් දෙන්න කැමතියි.
කැලුම් ගුණසේකර
කීයක් යනවා ද කියලා ඉහලින් දාලා තියනවා. කීයක් ඕන ද කියලා කියන්න බෑ. පුලුවන් ගානක් තමයි ඉතින්. :)
තිසර ප්‍රමුදිත
හැකිනම් අවශ්‍ය මුදල් ප්‍රමාණය විස්තර ඇතිව දාන්න... හැකි අයුරින් සහය දක්වන්නම්...
Chanaka Hasitha Naveendra
100,200 hari damu ,,,jaya wewa,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,!
inoka perera
මගෙත් අදහස වන්නේ වෙබ් අඩවියේ අනන්‍යතාවට හා වැදගත්කමට හානියක් නොවන පරිදි දැන්වීම් පළ කලාට කමක් නැත යන්නයි. ලැබෙන ඕනෑම දැන්වීමක් පළ කිරීම නොවේ මින් අදහස් වන්නේ. ගැලපෙන ඒවා ගැලපෙන ආකාරයට පළ කරන්න. මා හිතන්නේ මෙයින් ප්‍රයෝජන ලබා ගන්නා දහස් ගණනක් පිරිස එයට අකමැති වෙන එකක් නෑ කියලා. මෙය මාගේ පෞද්ගලික අදහසක්.
Isuru Priyantha
ඔබේ අදහසට මමත් එකඟයි ඉනෝකා සහෝදරි.වෙබ් පිටුවේ අන්තර්ගතයට හානි නොවන විදිහේ ප්‍රයෝජනවත් දැන්වීම් පල කරාට වරදක් නැහැ
රුවන් කාරියවසම්
ලස්සනයි ඈ inokaperera7
චතුර බුද්ධික
පොඩ්ඩක් විස්තර ඇතුව දාන්න.. මටත් පුළුවන් පොඩි මුදලකින් සහය වෙන්න...
sisiya
මගේ අදහස ඇඩ් එහෙමත් දාන්න... තව දෙයක් පේපැල් ගැන මගේ දැනුම දුර්වලයි... ඒ වගේ තව අය ඇති.. ඒ නිසා බෑන්ක් එකවුන්ට් එකක නම්බර් එකකුත් දාන්න... රුපියල් 1000කින්වත් අපිට දායක වෙන්න පුළුවන්... එහෙම කරන්න..
Kulanjana Maduranga
math sahota ekagai....account number 1k denawa nm pahasui.....puluwan vidiyakin mmth dayaka wennam...
e wgema advertisement ehema pala klata kamak na.(habai site 1ta prasnayak nowenna)
Asel
මගේ අදහසනම් ඇඩ් පලකරන 1 සයිට් 1 එන අපේ සහෝදරයන්ට පසු කාලයක කරදයක් වේවි කියල :D
ඒක නිසා අපි මේ ගිනුමට අපට හැකි පමනට මුදල් බැර කර මෙයට සහයෝගයක් දක්වන 1 හොදයි කියල තමයි මමනම් කියන්නේ .
තවද ශ්‍රීලංකාවේ බැන්කු ගිනුමක අන්කයක් පලකරන්න කියල ඉල්ලා සිටින්න කැමතියි .gayan
තව දෙයක් පේපැල් ගැන මගේ දැනුම දුර්වලයි… ඒ වගේ තව අය ඇති.. ඒ නිසා බෑන්ක් එකවුන්ට් එකක නම්බර් එකකුත් දාන්න… රුපියල් 1000කින්වත් අපිට දායක වෙන්න පුළුවන්… එහෙම කරන්න..
The_Necromancer
Please give a bank account number.. Don't know about paypal
“චූටී මල්ලි”
මෙන්න මගෙ අදහස!!!!!
බයිස්කෝප්සයිට් එක කියන්නෙ ලන්කාවෙ නමගිය සයිට් එකක් නෙ
අනිවා නෙට් යන අය හැමදාම යන්න අමතක නොකරන සයිට් එකක්,
ඒ අනුව බලන කොට තෙරෙනවා දිනකට දස දාහස් ගානක් මේකට එනවා ඇති..
ඒ කියන්නෙ ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා.
මුලින්ම්ම මම කියන්නම් මේ ක්‍රියාත්මක කරන්න යන ක්‍රමයෙ මම දකින දුර්වලතා ටිකක්1 ඉහත දාලා තියෙන විස්තරය ටිකක් ප්‍රමානවත් මදි...
2 මේ ක්රමෙයෙදි ලැබෙන ආධාර මාසිකව දැඩි උච්චාවචනයන්ට ලක්වේවි සමහර මාස වල ඉහල ප්‍රමානයකුත් සමහර මාස වල ගොඩක් පහල ප්‍රමානයකුත් ලැබේව් එතනදි ආයිත් ඇඩ්මින්වරු අමාරුවක වැටෙන්න පුලුවන්
3 අනික ගොඩක් අය මුදල් දෙන්න කැමති උනත් ආර්තික තත්වෙත් එක්ක වැඩේ මඟහරිවි
4 මන් හිතන්නෙ මේ සයිට් එක යුස්ස් කරන ගොඩක් අය නවයොවුන් වියෙ අය ඔවුන් සතුව මුදල් නොමැතිවෙන්න පුලුවන්
5 අනික අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කිරිමට ගොඩක අය දන්නෙ නැතිකම
තව තියෙ....මේකට මොකද්ද හොදම විසදුම?
මම දකින විසදුම තමා දැන්වීම් ප්‍රචාරනය
නිකන් 2.50 දැන්වීම් නෙමෙයි මේකෙ තියෙන ජනප්රියත්ව්යත් එක්ක ඇඩ්මින්වරුන්ට හොද සන්නාම නාමයන්ගෙ යුත් වෙලද ආයතන සමග අත්වැල් බැදගන්න පුලුවන් වේවි අපි දන්නා දෙයක් තමා බොහො ආයතන දිනකට ලක්ශ ගනන් මුදල් තප්පර ගනනක් වෙනුවෙන් වැයකරනවා
අපි මේක ලාබ ලබන්න නොකරන වැඩක් නිසා මාසයක් වෙනුවෙන් වැයවන වියදම පමනක් මාසිකව සයිට් එකෙ ඇඩ්මින්වරුන් වෙත ලාබාදිමෙ පොරොන්දුවකට ඔවුන් කැමතිවෙවි ඒ වෙනුවෙන් ඔවුන්ge දැන්වීම් මේකට එන අයට කරදරයක් නොවන විදිහට පලකරන්න පුලුවන්...
පලකල හැකි ආකාර කිහිපයක්...1 සයිට් එකෙ බැක්ග්‍රවුන්ඩ් එකෙ පමනක් දිස්වීමට සැලසෙන පරිදි පලකිරිම
2 ඩවුන්කරන සබ් ෆයිල් එක සමග ආදාල ආයතයෙ දැන්වීමක් සහිත ඉමේජයක් ඇතුලත් කිරිම
3 සබ්ටයිටල් පටන් ගැන්මේදි හා අවසානයෙදි ආදාල දැන්වීම පලවීමට සැලැස්වීම
තව තියෙ..මම මෙච්චර දෙයක් කිව්වෙ මම දැනන් හිටියා මෙහෙම දෙයක් අනාගතෙ වෙයි කියලා
අනික තමා මන් හිතන්නෙ කවුරුත් අකමැති වෙන එකක් නෑ දැන්වීම් පලකිරිමට
මමනම් කැමතියි.....
මොකො කියන්නෙ කට්ටිය ???????????Sandun Dulanjana
දෙයියනේ කියල අපිත් පුළුපුළුවන් වෙලාවට කීය කීය හරි දාන්නම්. ලංකාවේ බැංකු ගිණුම් අංකයක් දෙන්න.
අනේ මේ මහත්තය කියන දෙවෙනි, තුන්වෙනි අදහස් නම් ක්‍රියාත්මක කරන්න එපා.
#ChalinduDeshan (කිනා)
මට කියන්න තියෙන සේරම ටික මේකා කියලා ඉවරයි. මාත් පුලුවන් විදිහට උදව් කරන්නම්. සයිට් එකේ සයිඩ් එකකින් ඇඩ් දැම්මට, බැක්ග්‍රවුන්ඩ් එකේ ඇඩ් දැම්මට ලිපියෙ පෝස්ට් එක මැද්දෙන් ඇඩ් එකක් දැම්මට, සබ් ෆයිල් එකට ඇඩ් එකක් දැම්මට, සබ් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න වෙන පේජ් එකකට ඕපන් වෙලා ඒකේ අඩ් එක තියෙන විදිහට(ඩවුන්ලෝඩ් ෆයිල් එකත් එක්කම) ඔය අනං මනං මොනවා උණත් අවුලක් නෑ. හැබැයි සබේ ඇඩ් දානවට මමනං පෞද්ගලිකවම අකමැතියි. මෙච්චර කල් සයිට් එකේ තිබුන ප්‍රතිරූපයට හානියක් නොවෙන අයුරින් කරන ඕනම දේකට මම බයිස්කෝප් එකත් එක්ක ඉන්නවා. ජය!
කළිදු වසුක
සබ් වලට දැන්විම් දැමිමනම් හොදනෑනේද
අනෙක් අදහස්ටික නම් සුපිරියිYkani
මේ තියෙන්නෙ නියම අදහසක් මේ විදියට කරන එකේ ගැටළුවක් මම දකින්නෙ නෑ.
isuru
oya kiyana aka hari.mama aaa deyata akagai.
නිකන් 2.50 දැන්වීම් නෙමෙයි මේකෙ තියෙන ජනප්රියත්ව්යත් එක්ක ඇඩ්මින්වරුන්ට හොද සන්නාම නාමයන්ගෙ යුත් වෙලද ආයතන සමග අත්වැල් බැදගන්න පුලුවන් වේවි අපි දන්නා දෙයක් තමා බොහො ආයතන දිනකට ලක්ශ ගනන් මුදල් තප්පර ගනනක් වෙනුවෙන් වැයකරනවා
අපි මේක ලාබ ලබන්න නොකරන වැඩක් නිසා මාසයක් වෙනුවෙන් වැයවන වියදම පමනක් මාසිකව සයිට් එකෙ ඇඩ්මින්වරුන් වෙත ලාබාදිමෙ පොරොන්දුවකට ඔවුන් කැමතිවෙවි ඒ වෙනුවෙන් ඔවුන්ge දැන්වීම් මේකට එන අයට කරදරයක් නොවන විදිහට පලකරන්න පුලුවන්…“චූටී මල්ලි”
ඔව් ලන්කාවෙ ගිනුම් අන්කයක් දෙන එකත් හොද ක්‍රමයක්
අදහසට ගරු කරනවා
අනේ මම මහත්තෙයෙක් නෙමෙයි බන් සාමන්‍ය කොල්ලෙක් :D
Ishan
මචන් සබ් 1 දැන්වීම් පලකරන 1 නම් මම එකග වෙන්නෙ නෑ
BackGround එකේ දැන්මටනම් අවුලක් නෑ ඒත් සබ් දාන 1 නම් හරි නෑ (මගේ අදහස )“චූටී මල්ලි”
ඔව් මචන් මම පෙන්නුවෙ දැන්වීම් පලකරන්න හැකි ක්‍රම කිපයක්
අදහසට ගරු කරනවා
හැබැයි මට මෙහෙම දෙයක් හිතෙනවා ඉස්සර අපි ටීවී එකෙ පැය 2ක ෆිල්ම් එක පැය 3ක් විතර ඇඩ් එක්ක ඉවසගෙන බල්පු හැටිත් එක්ක මන් කියන ක්‍රමේ මොකද්ද ඉතින් නෙ අනිව තප්පර කිපයක් ඉවසන් ඉන්න බැරි කමක් නෑනෙ
අනික මුලු සබ් එක පුරාවටත් නෙමෙයි ආරම්භයෙදි හා අවසානයෙදි පමනයිChandana
දැන්වීම් ඇතුලත් කරන්න පුළුවන් නම් ඒකෙ අවුලක් මමත් දකින්නෙ නෑ. අනික, ඒක වඩා ස්ථාවර පිළියමක්.
lakshan
mama kamathi mekata ... mulatai agatai dammata loku awlk wen na...
“චූටී මල්ලි”
අන්න ඒකයි මාත් කියන්නෙ
Saketha Pulasthi
බැක්ග්‍රවුන්ඩ් එකේ ඇඩ් දාන එකනම් අවුලක් නෑ. ලංකාවේ බෑන්ක් එකවුන්ට් එකකුත් දැම්මනම් හොදයි
VisH
මගෙත් අදහස දැන්වීම් දැම්මට අව්ලක් නෑ. අනික මං හිතන්නෙ මමත් ඇතුළුව මෙම අඩවියට එන බහුතරයක් පේපැල් වගෙ අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම භාවිතා කරනව අඩුයි කියල. එතකොට අපිට උදව් කරන්න පුලුවන් ක්‍රමයක් නෑනේ. ඒ නිසා මමත් දැන්වීම් පල කිරිමේ යෝජනාව අනුමත කරනව.
wajira
aniwa add walata yama hoda awagema deerga kalina piyawarak...oyalata loku haiyak wada hodin me site aka karanna ..
හේමල්
ලංකාවේ බැංකුවක ගිණුම් අංකයක් දාන්න.හැමොටම ක්‍රෙඩිට් කාඩ් නැහනේ.:D
තිසර නියෝ (Thisara Buddhika)
මමත් හැකි අයුරින් සහය වෙන්නම්
ගොඩක් අය කියන හැටියට දැන්වීම් පලකරන එක සාර්ථක විසඳුමක් කියලා හිතෙනවා. සයිට් එකේ අනන්‍යතාව තියාගෙන දන්ව්වීම් පලකරනවානම් කිසිඳු ගැටළුවක් නැහැ.
මමත් හිතන්නෙ මෙම අඩවියට එන බහුතරයක් පේපැල් වගෙ අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම භාවිතා කරනව අඩුයි හෝ අඩු දැනුමකින් යුක්තයි කියල. මේ නිසා බොහෝ දුරට මෙරට බැංකු ගිණුම් අංකයක් ලබාදෙනවානම් බහුතරයකට ඒක පහසුවක් වේවි.
nuwan
machan donate karanne kohomada
kaage email ekatada...
please give more information on how to donate....Keshan Wasala
මමත් කියන්නේ පුළුවන් නම් බැංකු ගිණුම් අංකයක් දෙන්න කියලා .. මමත් ඔය නෙට් එකේ සල්ලි හුවමාරු ඒවා නම් දන්නේ නෑ .. ඒ වගේම කියන්න ඕනේ මේකේ දැන්වීම් දැම්මට කිසිම අවුලක් නෑ ...ඇත්තටම අපි හැමදාම ෆිල්ම් එකක් සුපිරියට බලන සයිට් එක.. මමත් කියන්නේ දැන්වීම් පල කරන්න ඒක තමයි මෙතන තියන හොදම විසදුම.
DDSameera
යහලුවේ....සර්වර් ගාස්තු කවර් කරන්න සයිට් එකේ ඇඩ් දාන්නේ නැතුව
ෆිල්ම් එක පටන් ගන්න කොට - ඇඩ් දාන්න පුලුවන් නේද ?
හරියට ස්වර්ණවාහිනියේ යටින් යන ඇඩ් වගේ
ලිමිට් එකක් තීරණය කරන්න.
රසවින්දනයට බාධාවක් වෙන්නෙත් නෑ...ෆිල්ම් එක පටන් ගන්න කොටයි ...ඉවර වෙන කොටයි දැම්මනම්
සයිට් එකේ ඇඩ් යන්නෙත් නැහැ
කළිදු වසුක
ලංකාවේ බැංකු ගිණුමක් විවෘත කරොත් අපිටත් සුළුවෙන් හරි උදව්වෙන්න පුළුවන්
සයිට් එකේ අැඩ් දැමිමනම් කිසි අවුලක් නෑ
සබ් එකට දාන එක පොඩි අවලුක් තියෙනවා
රසවින්දනයට බාධා විමම නොවෙයි ප්‍රශ්නේ පසුකාලිනව ඕක විවිධ උපසිරසකරුවන් තම අයිතය පිලිබද ප්‍රශ්න කරාවි (ලංකාවේ අයගේ හැටි දන්නවනේ)
දැන්විම්කරුවන් ඉදිරයේදි අඩවිය මෙහෙයවන්න උපදෙස් දෙන්න ඒවි.
එක නිසා සබ් එකට අැඩ් දානවනම් ලොකු සැලස්මකින් යුතුව කරන්න වෙනවා
නමුත් එකෙන් අනිවා අඩවිය පවත්වාගෙන යන්න අනුග්රාහකයන් නම් හොයාගන්න පුළුවන් වේවි
Jack
ශ්‍රි ලංකා බැංකුවක ගිනූම් අංකයකුත් දාන්න. එතකොට ගොඩක් ලේසියි.
SaDuN dAnUsHkA
මම හිතනව අන්තර් ජාලය හරහා මුදල් ගනුදෙන කරන්න දන්න අය බොහොමය අඩුයි. නමුත් Paypal ගැන දන්න අය වැඩිය නැහැ, අපි බයිස්කෝප් එකෙන් අවුරුදු ගානක ඉදන චිත්‍රපට උපසිරැසි අරගන්නේ, මෙච්චර කාලෙකට අපි නිකන් ගත්තනම් බයිස්කෝප් අඩවිය ඉදිරියට පවත්වා ගැනීමට අපි අනිවාර්යෙන්ම උදව් කරන්න ඔන, ගොඩ දෙනෙක් ජොබ් කරනවනේ ඉතින් මාසෙකට සැලරියක් ගන්නවා නේද, සිගරැට් එකට මාසෙකට කීයක් වියදම් වෙනවද ? අනික බොන්න කීයක් වියදම් කරනවද ? මොකටද අපි මෙච්චර කාලෙකට ඇඩ් දාලා සල්ලි හෙව්වේ නැත්නම් ඉදිරියටත් කරන්න ඕන නැහැ. මගේ අදහස බයිස්කෝප් වෙනුවෙන් ගිණුමක් ආරම්බ කරන්න, අපිවාර්යෙන්නම සල්ලි දාන්නම්, මම හිතනව අනිත් අය දමයි,
සමාවෙන්න (“චූටී මල්ලි”) ඔයා කියපු දේ විවේචනය කරනව නෙමේ මගෙ අදහස
2 ඩවුන්කරන සබ් ෆයිල් එක සමග ආදාල ආයතයෙ දැන්වීමක් සහිත ඉමේජයක් ඇතුලත් කිරිම
3 සබ්ටයිටල් පටන් ගැන්මේදි හා අවසානයෙදි ආදාල දැන්වීම පලවීමට සැලැස්වීම
තව තියෙ..මේ දේවල් වලට නම් මම කැමති නැහැ, එක එක්කෙනාගෙ අදහස් වෙනස් වෙන්න පුලුවන්, නැවත වරයක් සමාවෙන්න
ඔය මාසෙකට වියදම් කරන අරක්කු, සිගරැට් වලින් පොඩි ගානක් බයිස්කෝප් ගිණුම වෙත බැර කරන්න. ඇඩ්මින් අයියලා මාසෙකට මම මේ කියපු දේ පොඩ්ඩක් අත්හදහා බලන්නකෝ. අනිවා සල්ලි හම්බෙනවා. අපිට බයිස්කෝප් අඩවිය තරමි් වෙන අඩවියක් නැහැ ගුණාත්මක සිංහල උපසිරැසියක් අරගන්න.
බයිස්කෝප් ඔබට සදා ජය..
Pradeep Nishantha
Bank account number ekak denna...
ඉසු ඩිපි (Isu DP)
මෙන්න මගේ අදහස,
විස්තර ප්‍රමාණවත් මදි කියන එකට මාත් එකඟ වෙනවා.
මේ සදහා කොපමණ මුදලක් මාසයකට වැය වෙනවාද යන්න සඳහන් කිරිම අත්‍යවශ්‍යයි කියලයි මට හිතෙන්නෙ.
කොහොම උනත් ලංකාවේ බැන්ක් එකක ගිණුම් අංකයක් මගින් මේ වැඩෙ කරනවනම් වඩා සාර්ථකයි.
ඇඩ් දැමිම ගැන මම ඉන්නෙ Positive.
ඒත් එක කරනවන්ම් පිලිවෙළක් ඇතිව සිදුවිය යුතුයි.
අනිවාර්යයෙන් Baiscope අඩවියෙ දියුණුවට හැකි පමනින් උදව් වෙනවා.
ජය වේවා බයිස්කොප්. !!!Panchi
Puluwan hatiyata udawwak karannam aiye
sanka
අනේ සහො මට paypal තෙරෙන්නේ නෑ පුලුවන්නම් ශ්‍රි ලංකා එකක් දාන්න මම අනිවා 1000 මසෙකට දානවා මට පුලුවන් කාලයක් මොකද ඉස්සර dvd film වලට මම ඊට වඩා වියදම් කලා
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ ඔයාට.
isuru feat
paypal ලින්ක් වැඩ නැතෝ .........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
හර්ෂණ
දැන් වැඩ කරනෝ. සල්ලි දාන්නෝ..
Shanilka
බයිස්කෝප් වෙනුවෙන් අපි බොක්කෙන්ම..!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ.
කැලුම් ගුණසේකර
ඇති මෙහෙම දෙයක් හරි හිතුනා. ලොකු දෙයක්. පුලුවන් හැටියට මමත් කැමතියි උදව් කරන්න. ඇත්තට ම මේකේ ඉන්නේ ගොඩක් ම පොඩි කොල්ලෝ. සමහර අය තාම පාසල් යන අය. ( උපසිරැසිකරුවන්) ඉතින් එයාලට සල්ලි නැති වේවි මෙකට යොදවන්න. එයාලටත් දායක වෙන්න පුලුවන් විදියක් ගැන හිතුවොත් හොදයි නේද?
රවිඳු නිපුන්
ඔව්..මං තාම 10.අපිටත් ක්‍රමයක් තියේ නම් හොඳයි..
ප්‍රසාද් එරන්ද
මමත් එකඟයි. මොකද මට උපසිරැසි දාන්න වෙලාවක් නැති උනත් මම ෆිල්ම් බලන්න හුරු උණේ බයිස්කෝප් සයිට් එක නිසයි. මේ කරගෙන යන කර්තව්‍යය ලොකු දෙයක් විදිහටයි මම දකින්නේ. මටත් පුළුවන් විදිහට උපකාරයක් කරන්නම්. පුළුවන් නම් බැංකු ගිණුමක අංකයකුත් දාන්න.
Niro
අනිවා අපි ඕනම උදව්වක් කරනවා සහෝ. ජිටරට කේස් නම් තේරෙන්නෙ නෑ. ලංකාවේ ගිණුමක් දුන්නොත් අනිවා සලිලි දාන්නම. පොඩියට ඇඩ් එකක් දෙකක් දැම්මට අවුලක් නෑ.. අපි දන්නවා ඒක කරන්නේ සල්ලි හම්බ කරන්න නෙවෙයි සයිට් එක ගෙනියන්න කියලා....
Asanka
මෙලොව අැති කිසි දෙයක් නොමිලේ නොලැබ්. ඒසේ ලැබේ නම් කවුරුන් හෝ ඒ වෙනුවෙන් මිලක් දරා අැත.
ඒක උපසිරසක් භාගත කිරීම සදහා රුපියලක මුදලක් අය කරන්න.
වෙබ් අඩවිය මගින් පරිශීලක ගිණුම් අැති කර ගිණුමක ශේෂය easy cash වැනි ක්‍රමයක් මගින් topup කිරීමට හැකි වන පරිදි...උදා. පරිශීලකයෙකුගේ ගිණුම Rs 100/- කින් ටොප්අප් කර ඔහුට උපසිරස 100 ක් භාගත කළ හැකිය.
මෙමගින් ලැබෙන අාදායමින් උපසිරසි සකස් කරන පුද්ගලයන්ට ද කොටසක් ගෙවිය හැකි අතර ඒමගින් ඔවුන් දිරිමත් කර වැඩි වැඩියෙන් චිත්‍රපට සදහා උපසිරස වෙබ් අඩවිය තුළින් ලබාදිය හැක.
උපසිරස නිපැයුම් කරුවන්ගේ අභිමතය පරිදි අැතැම් චිත්‍රපට සදහා නොමිලේ උපසිරස භාගත කිරීම්ද ලබාදිය හැක. ඒමගින් වැඩි වැඩියෙන් අලුත් පරිශීලකයින් වෙබ් අඩවියට අාකර්ශනය කරගත හැක.
බයිස්කෝප් අඩවියේ උන්නතිය වෙනුවෙන් ලැබෙන මුදල් භාවිතා කළ හැක.
Asanka
වෙබ් අඩවියට දැන්වීම් අැතුලත් කරනවානම් ඒහිදී උපසරසි තුලටද දැන්වීම් අැතුලත් කළ හැක. චිත්‍රපටය නරඹන්නාට බාදාවක් නොවන පරිදි කෙටි දැන්වීම් අන්තර්ගත කළ හැක.
crazybuddy
lol lol lol lol lol lol lol lol lol lol lol lol lol lol lol lol lol lol
Charith
ඒක තමයි මාත් කල්පනා කලේ. රුපියලක් හෝ සත 50 ක් වගේ අය කළා නම් කාටවත් දැනෙන්නෙත් නැහැ. අවශ්‍ය මුදල බාගන්නා අයට අනුව බෙදුවොත් ඊටත් අඩුවෙයි. ඒකත් හොඳ අදහසක්. බයිස්කෝප් නෙට් එකේ සබ් කොච්චර තිබුනත් බයිස්කෝප් එකට එන ට්‍රෑෆික් අඩුවෙන්නෙ නෑනේ. ඒක නිසා බය නැතුව බොඩි ගානක් අය කරාට කමක් නැහැ
sanka
ඒකත් අවුලක් නෑ සොහො
imesh
hoda adahasak....
namuth me sayt ekata upasirasa baanna paasal lamun gdak enava mage yaluvao vage (udaaharanayak)
ithin e ayata gevanna mudal nene
eekai parasne
ehema kaloth...
kastiya ena aya aduvei..
adahask vitararai...
thanks,
api puluvan vidihata daayaka vennam
sahan
දැන්වීම් පල කරන එකේ අව්ලක් නෑ.
සල්ලි දාන එකේ අව්ලකුත් නෑ...
සල්ලි දාන විදිය නම් අව්ල්....
ලංකාවේ බැංකු ගිනුමක් තිබුනා නම් තමා හොද.....සජීවි
මටත් තියෙන්නේ මේ අදහසම තමයි.
අන්තර්ජාල භාවිත කළාට මමත් මුදල් ගනුදෙනු නම් දන්නේ නැහැ.
ලංකාවේ ගිණුම් අංකයක් නම් හොඳයි
oshan
Bank account ekak danna . Api udaw karanawa . Jaya wewa biscope :D
sanjeewa
make boc accout
චතුර බුද්ධික
මට කව්රු හරි කියනවද කොහොමද සල්ලි දාන්නේ කියලා.. ඔය තියන ලින්ක් එකෙන් ගියාම paypal ලොග් වෙන්න එනවා. එතනින් නිකම්ම dashboard එකට යන්නේ..
හර්ෂණ
දැන් කෙලින්ම donet එක ක්ලික් කරාම ඔයාට පුළුවන් සල්ලි දාන්න. ඒකට ඔයාට paypal ගිණුමක් තියෙන්න ඕනේ. ඔයාට තියෙන $ ගැන සදහන් කරලා ok කරන්න
චතුර බුද්ධික
හරි හරි එව්වා.. :)
හර්ෂණ
එල එල සහෝ.. තව ඉස්සරහට උදව් කරමු. හැබැයි හොදම දේ මේ විදියට දැන්වීම් පල කරන්න කැමති නැති නම් මාසික මුදලකට සාමාජිකත්වය දෙන එක. එතකොට මුදල් බැර කරන්න අපහසු අය වෙනුවෙන් sms වගේ ක්‍රමේකින් මුදල් ලබා දෙන්න පුළුවන් වෙන්න හදන්න
LaSa MaRLeY
බොහෝම ස්තුතියි නිදහස් අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දුන්නට, උඩින් දාලා තියෙන "චූටි මල්ලී"ගේ විසඳුම ගොඩක් සාර්ථකයි,ඒක final Option එක වේවි බොහෝ දුරට.අපි ඒ විසඳුමට යන්න කලින් Bank Acc එකකට Deposit කිරීම වෙනුවෙන් සහ ඉහළින් දක්වා ඇති බහුතරයක් අදහස් වලට ඉඩක් දෙන්න වේවි.නමුත් මේ Bank Acc එකකට Deposit කිරීම තුලින් කොපමණ කලක් එම මුදල් ප්‍රමාණයෙන් යැපෙන්න හැකි වේවිදැයි එම ක්‍රමය ආරම්භ කර මාස කිහිපයකින්ම තහවුරු කර ගන්න හැකි වේවි,වැඩේ සුභදායි උනොත් එළ.Negative උනොත් "චූටි මල්ලී"ගේ විසඳුම තමයි,ඒ අවස්ථාවේදී මෙම වෙබ් අඩවියට චෝදනාවක් කිරීම අසාධාරණයි මෙම Ad මඟින් රසවින්දනයට බාධාවක් වුවා යන කාරණාව මත.
අනිත් කාරණාව මේ දේවල් වලට ඉදිරිපත් වේවි යැයි අපට සිතිය හැකි වන්නේ බහුතරයක් වූ Sub Download කල ප්‍රමාණය නොව ඉන් 10% ටත් අඩු කොමෙන්ටුවකින්වත් සංග්‍රහ කිරීමට පෙළඹෙන සැබෑ බයිස්කෝප් මිත්‍රශීලින් පමණක් වීමයි.
අපේ කෂ්ටිය සතියකට මාසෙකට කොපමණ මුදලක් කුඩු වෙන්න වියදම් කලත් මේ වගේ දෙයකට ලබා දෙන සහයෝගය ඉදිරියේදී බලා ගන්න හැකි වේවි
මේක මගේ පුද්ගලික අදහසක් විතරයි,මේ විස්තරෙන් කාගේ හරි හිත රිදුනා නම් සමාවෙන්න යාලුවනේ,
තව දෙයක් ,මම මේ අඩවියට යන එන බයිස්කෝප් රසිකයෙක්ම පමණයි.අඩුම තරමින් Sub එකක්වත් කරලා නැහැ.මොකද මම මේක කිව්වේ කාට හරි හිතෙන්න පුළුවන් මම කාගේ හරි උවමනාවකට කඩේ ගියා කියලා,එහෙම දෙයක් නැහැ,අනිවා......,Kasun Jayasuriya [KasunSBJ]
එල සහෝ.. 100% එකඟයි අදහසට...
LaSa MaRLeY
ස්තූතියි FRIEND,
Sameera
මට මේ server එක දෙන්න පුළුවන් අවුරුද්දකට රුපියල් 40000 ට
600 GB HDD
CPU 10 vCores
Ram 10 GB
Bandwidth 100 Mbit/ssachintha
වෙළඳ දැන්වීම් ගේමක් නැතුව ඔය ගොල්ලන්ට ගන්න පුළුවන් alexa ranking වලත් මේ site එක උඩින්ම ඉන්නවා... :)
tharaka
මම නම් හිතන්නේ වෙබ් අඩවියට හානිදායක නොවන විදියට හා වෙබ් අඩවියට පැමිණෙන අයට කරදරයක් නැති විදියට වෙළද දැන්වීම් භාවිත කල නම් හරි. facebook වල ක්‍රමය ගැන හිතල බලන්න. දැන් facebook එකේ දැන්වීම් වැටුනට අපේ අය facebook භාවිතා නොකර ඉන්නවද?
මුදල් අය කරලා කරගෙන ගියොත් එක යම් දවසකදී නතර වෙන්න පුළුවන්.
කැමති අයට ආධාර කරන්න කියල වෙළද දැන්වීම් ක්‍රමය පාවිච්චි කරන එක හොදයි කියල තමා මගේ අදහස.
චාරුක අයියා
අනේ සහෝදරයනි ලංකාවේ account numbar එකක් එවන්නකො... කියක් හරි දාන්න පුළුවන්නේ එටකොට.....
Kasun Jayasuriya [KasunSBJ]
මම නම් හිතන්නේ ඇඩ් දානවට වැඩිය මේ ක්‍රමය ගොඩක් හොදයි
අනික මේ වෙනකන් ඇඩ් දැම්මේ නැති හින්ද තමයි ගොඩක් අය බයිස්කොප් අඩවියට කැමති උනේ....Nic
ඇඩ් නැති නිසා නෙමෙය් ආවේ.සබ් තියෙන නිසා.ඇඩ් දාන එක තමා හොදම වැඩේ.
LUCK
මෙන්න මගෙනුත් අදහසක්,
විස්තර ප්‍රමාණවත් මදි.
ලංකාවේ බැන්ක් එකක ගිණුම් අංකයක් මගින් මේ වැඩෙ කරනවනම් මමත් උදව් කරනවා.
ඇඩ් දාන ඒකට මම ඒකඟ නැහැ.
ඒත් එක කරනවන්ම් පිලිවෙළක් ඇතිව සිදුවිය යුතුයි.
paypal accnt ඒකක් මට නැති නිසා උදව් කරන්න බැහැ.
ලංකාෙව් ගිනුමක් ලැබුනාත් අනිවාර්යයෙන් හැකි පමනින් උදව් වෙනවා.
ජය වේවා බයිස්කොප්. !!!සඳුන් තාරක
මං නම් කියන්නෙ දැන්වීම් පලකිරීමේ අදහස හොඳයි කියලා.සයිට් එකේ කොනක දැන්වීමක් ගියා කියලා කාගෙවත් රසවින්දනේට ඒක බාදාවක් වෙයි කියලා මං හිතන්නෙ නෑ. අනික අපි වගේ නෝජොබ් කම්පැනියෙ වැඩ කරන අයට කැමති උනත් දායකත්වය දෙන්න අමාරුනෙ.






සහෝ පොඩි අදහසක්, දැන්වීම් පල කරොත් අව්ල්ද?