ඔන්න එහෙනම් කවුරු කවුරුත් එනකල් මගබලන් හිටපු කතාමාලාවක දෙවන අදියරය ගෙනාවා. ගියපාර වගේ නැතුව මේපාර කලින්ම වැඩ පටන්ගත්තා.පළවෙනි කතාසමය බැලුව ඔයාලට තේරෙන්න ඇතිනේ මේකේ සාර්ථකත අසාර්ථක බාවය.කොහොම උනත් කලින් කතාවේ සිද්ද උනේ මොනාද,චරිත එහෙම පැහැදිලි කරලදෙන, ප්‍රනීත් නාවලඇල්ල සහෝදරයා ලියපු ලිපිය මෙන්න. “ST…

ඔන්න එහෙනම් කවුරු කවුරුත් එනකල් මගබලන් හිටපු කතාමාලාවක දෙවන අදියරය ගෙනාවා. ගියපාර වගේ නැතුව මේපාර කලින්ම වැඩ පටන්ගත්තා.පළවෙනි කතාසමය බැලුව ඔයාලට තේරෙන්න ඇතිනේ මේකේ සාර්ථකත අසාර්ථක බාවය.කොහොම උනත් කලින් කතාවේ සිද්ද උනේ මොනාද,චරිත එහෙම පැහැදිලි කරලදෙන, ප්‍රනීත් නාවලඇල්ල සහෝදරයා ලියපු ලිපිය මෙන්න.
“STRANGER THINGS”රේටින් අතින් ඉහලින්ම තිබුණ මේ කතා මාලාවට හුග දෙනෙක් ගොඩක් කැමැත්තක් දැක්වූවා. ගෝල්ඩන් ග්ලෝබි සම්මාන දෙකකට නාම යෝජනා උන, වෙනත් සම්මාන 27ක් ලබා ගත් සහ තවත් සම්මාන 76කට නාම යෝජනා උන සුපිරි කතා මාලාවක් තමයි මේ, ඉතින් කොටස් නමයකින් යුත් මේ කතා මාලාවත් සමග එකතු වෙන්න ආරාධනා කරන ගමන් අපි බලමු පළමු කතා මාලොවේ මොකද්ද උනේ කියලා.
විල් මයික් ඩස්ටින් ලූකස් සහ ඉලවන් යන ළමුන් පස් දෙනෙක් වටා ගෙතුන මේ කතා මාලාවට ආරම්භයක් ගන්නේ විල් බයර්ස්ගේ අතුරුදහන් වීමෙන්, අත්භූත ආකාරයට අතුරුදහන් වෙන මේ විල් ගැන කිසිම තොරතුරක් නගරයේ කාටවත් හොයා ගන්න බැරි වෙනවා. ඉතින් මෙයාගේ යාළුවෝ ටික පටන් ගන්නවා විල්ව හොයන්න. ඔය අතර මෙයාලට හම්බ වෙනවා ගෑනු ළමයෙක්. මෙයා තමයි ඉලවන්. අත්භූතයි, බලවත් හා එයාගේ මනසේ බලයෙන් ලොකු ලොකු දේවල් කල හැකි විශේෂ ළමයෙක්. ඉතින් මෙයත් එකතු කරන් විල්ව හොයන මෙයාල දැන ගන්නෙ විල් සමාන්තර ලෝකෙක හිර වෙලා ඉන්නවා කියලා සහ ඉලවන් යනු මානසික බල ඇති ළමයෙක් ඇයව පරීක්ෂනයට ගත් අය ඇය පස්සෙන් ලුහු බදින බවත්. ඉතින් මේ කාලගෝට්ටි සේරම අස්සෙ විල්ගේ මළ සිරුර හම්බුනා මතක ඇති. නමුත් විල්ගේ අම්මා කොහොමටවත් විශ්වාස කරන් නෑ මේ එයාගේ පුතා කියලා. ඉතින් මේ ගැන සැක හිතුන නගරයේ ෂෙරිෆ් පටන් ගන්නවා ඇත්තටම මේ ළමයට මොකද්ද උනේ කියලා හොයන්න.
ඉතින් මේ හෝප් තේරුම් ගන්නවා නගරයේ තියෙන හොව්කින්ස් ලැබ් එකේ යම් යම් අත්භූත පරීක්ෂන සිදුවන බවක් හා මේ ලැබ් එක විල්ගේ අතුරුදහන් වීමට යම් සම්බන්ධයක් ඇති බව. මතකනේ මයික්ගේ අක්කා නැන්සි සහ ඇයගේ මිතුරා ජොනතනුත් දැන් මේ හෙවිල්ලට සම්බන්ධ වෙලයි ඉන්නේ .මොකද නැන්සිගේ මිතුරිය බාර්බ් වත් හිටි හැටියේම අතුරුදහන් වෙනවා. ඉතින් මෙයාලා හොයන්න යන මේ දෙන්නට රාක්ෂයෙක් පහර දුන්නා මතක ඇති . මොකද නැන්සි අනිත් මානයට ගිය නිසා.
මේ අතර අපේ යාලුවෝ මයික් ලූකස් ඩස්ටින් සහ එලවන් යනවා මේ සමාන්තර ලෝකෙට යන්න පුළුවන් මාර්ගයක් හොයන්න.ඉතින් මෙයාලා දැන ගන්නවා මේකට යන්න “දොරක්” තියෙන බවත් ලේසි නැති බවත්. කොහොම හරි මේ ජංජාල සේරමත් එක්ක ඉලවන්ගේ පස්සෙන් පන්නනවා එයාව පරීක්ෂනයට ගත්ත අය. අන්තිමට මෙයාලා එයාලගේ පාසලේ හිර වෙනවා මතක ඇති. එලවන් රාක්ෂයා එක්ක සටන් කරලා දිනනවා සහ විල් නැවතත් මේ ලෝකෙට එනවා. හැලොවීන් සම්බන්ධව යන මේ කතා සමයත් ආරම්භවෙන්නේ අලුත් චරිතයක් කතාවට ගෙනල්ලා දීලමයි. අලුතින් ඉස්කෝලෙට ඇවිල්ලා ලූකස් තියපු වීඩියෝ ගේම් වාර්තාව දවසින් කඩපු කෙනෙක් තමයි එයා. ලූකස් නම් කියන්නේ මේක එයාට තර්ජනයක් කියලා.බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. විල් බයර්ස්ට පහුගිය අවුරුද්දේ සිද්ද උන අකරතැබ්බයට පස්සේ වෛද්‍ය නිරන්තර වෛද්‍ය ප්‍රතිකාරවලට ගෙනියන්න එයාගේ අම්මා පුරුදුවෙලා ඉන්නවා, ඒ අපේ පොලිස්තුමාගේ අනුදැනුම යටතේයි. අනිත්පැත්තෙන් මයික් දුක්වෙනවා එයාට ආයෙමත් එල්ව බලන්න බැරිවෙයි කියලා. එහෙම තමයි අද කතාව යන්නේ. කතාව බලලම අදහසක් දක්වලා යන්න කොහොමද කියලා. ඊළඟ කොටසින් අපි ඉක්මනින්ම මුණගැහෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.
37,765 downloadsDownload Stranger.Things.S02E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
58 comments
Ravindu Rukshan
Senal
Thanks
Saketha Pulasthi
ඉක්මනටම සබ් එක දීල..ඊයේ රෑ සීර්ස් එකම බාල ඉවර කලා k
උපසිරසියට බොහොම ස්තූතියි :)Shashindu Thiwanka
උපසිරැසියට ගොඩාක් ස්තුතියි
kushani sanjula
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…Avishka Gihan
Thnkzz
නවින් නිසල්
ඉක්මනට සබ් එක දුන්නට පින්
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..පට්ටම කතාවක් තමයි මේක.දිගටම සබ් එක දෙන්න සහෝ! බුදුසරණයි..ජය වේවා!
නිරෝෂ්
ස්තුතියි යසිරු සහෝ.ජයවේවා !
Udara Damith B/K
මේකේ සීසන් එකත් මන් බලලා නෑනේ අයියෝ සල්ලි
ඉෂාන් මදුෂ
පට්ට.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!අසිත
elama saho thank
meda para welsanin genawatapoojana udawela
MOVIE eka dana link eka dennako
Amalka
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට මමනම් හිතූවෙ නෑ මේකට මෙච්චර ඉක්මනට සබ් දෙයි කියල පුලුවන් විදිහට ඉතුරු කොටස් ටිකත් දෙන්න
Praneeth priyadarshana
Tks saho
LSM HUSKAA
ඉක්මනට සබ් එක දුන්නට පින්
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
tharindu gunarathna
thanks thanks
Sandun
Niyamai saho.... subata thanks... mindhunter ekatath sub puluwannam denno....
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි ලිපි වලට. නොදන්නා බොහෝ දේවල් මේවාගෙන් දැන ගන්නවා. ඉදිරියටත් ලියන්න ජය!
pasindu
tnz machan subtitles akata. good luck
Dushan
Niyamai....supiri....jaya wewa!!!!
Gathsara Umesh Kumara
Sathiyak 2k athukayh deel iwara karamuda shoo...aaa
Hasitha
jayawewa
kavindu mihiranga
Tnx mchn
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka Lahiru
tnq
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
piyumal sanjeewa
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila akalanka
Thanx so much bro
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
ප්‍රසාද් රත්නායක (Prasad)
fattoo
Kavish
Sub eka gnna bha neh
rasikadnd
ela mchn..thank you
Kevin sanjay
Thanks for sub brooooh
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Juanluis
Thx saho
mmasu
Thanks Bro
Kawshan98
rgnax bro
sanduwathuge
Season 03 subtitles please...
Lahiru Lakshan
thanks machn....
laxman
thanx you
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata
Samith_fenando
Thanks bro
Naveenlakshan98
mewa wada karan nahane bn
chinthaka.max4
thankx machan
podda
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thx