මගේ පහළොස්වන උපසිරසි නිර්මාණය ලෙස ඔබ හමුවට ගෙන එන්නෙ, ටිකක් අමුතු කතාවක් අන්තර්ගත චිත්‍රපටයක්. මේ කතාවත් දාම ඝාතකයෙක් වටා ගෙතුණු කතාවක්. ඒත් මිනීමැරුමක් විමර්ෂණය කරන විධිය ගැන නම් නෙවෙයි මේ කතාව තියෙන්නෙ. මේ චිත්‍රපටය දිගටම සින්දුවෙන් යන එක ටිකක් අමුතු දෙයක් වුණත්, කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඒ ගී…

මගේ පහළොස්වන උපසිරසි නිර්මාණය ලෙස ඔබ හමුවට ගෙන එන්නෙ, ටිකක් අමුතු කතාවක් අන්තර්ගත චිත්‍රපටයක්. මේ කතාවත් දාම ඝාතකයෙක් වටා ගෙතුණු කතාවක්. ඒත් මිනීමැරුමක් විමර්ෂණය කරන විධිය ගැන නම් නෙවෙයි මේ කතාව තියෙන්නෙ. මේ චිත්‍රපටය දිගටම සින්දුවෙන් යන එක ටිකක් අමුතු දෙයක් වුණත්, කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඒ ගීත වල රිද්මයට හුරු වුණාම ඒකත් රසවිඳින්න පුළුවන්. එතරම් තාත්විකව ගත නොහැකි කතාවක් අන්තර්ගත වුණත් කිසියම් සාහිත්‍යමය සහ නාට්‍යමය ගතියක් මේ චිත්‍රපටයේ තියෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වන Tim Burton 1979 දී පාසල් සිසුවෙක් ව හිටි අවධියේ නරඹා රස විඳි Sweeney Todd කතාව අන්තර්ගත වික්ටෝරියානු නාට්‍යයක් (Victorian melodrama) ඇසුරින් මේ චිත්‍රපටය නිපදවූවා. එහිදී ඔහු මුල් නාට්‍යයේ තිබුණු ගීතමය බව මේ චිත්‍රපටයටත් ලබා දුන්නා.
මේ චිත්‍රපටය මුල්වරට තිරගත වුණේ 2007 දෙසැම්බර් තුන් වෙනිදා. ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක වියදමින් නිපැයුණු Sweeney Todd චිත්‍රපටය, එමෙන් තුන්ගුණය ද ඉක්මවමින් සමස්ත ආදායම ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 152.5 ක් ඉපයීමට සමත් වුණා. 2007 වසරේ තිරගත වුණු චිත්‍රපට අතුරින් හොඳම දහය ලැයිස්තු (TOP TEN LIST) ගණනාවක Sweeney Todd චිත්‍රපටය දකින්න ලැබුණා. 65 වන Golden Globe සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගන්න Sweeney Todd සමත්වෙනවා. ඒ සම්මාන හිමි වුණේ හොඳම නළුවා ලෙස Johnny Depp ටත්, හොඳම සංගීතමය සහ හාස්‍යජනක සලරුව (Best Motion Picture in the Musical or Comedy genre) සඳහාත් ආදී වශයෙනුයි. 80 වැනි Academy සම්මාන උළලේදී හොඳම කලා අධ්‍යක්ෂණයට ද Dante Ferretti සහ Francesca Lo Schiavo විසින් මේ චිත්‍රපටය වෙනුවෙන් සම්මාන හිමි කර ගත්තා. එමෙන්ම Evening Standard British සිනමා සම්මාන උළෙලේ දී හොඳම නිළිය ලෙස Helena Bonham Carter ද සම්මානයට පාත්‍ර වුණා. මේ වගේ සම්මාන ලැබීම් සහ සම්මාන සඳහා නිර්දේශ වීම් ගණනාවක් හිමි කර ගන්න මේ චිත්‍රපටය සමත් වුණා. IMDb දර්ශකයේ 7.4/10 ක අගයක් ලබා ගත් මෙම චිත්‍රපටය විචාරකයන් වෙතිනුත් ඉහළ ප්‍රතිචාර ලබා ගත්තා.
” Sweeney Todd මුල සිට අගටම ත්‍රාසජනක චිත්‍රපටයකි: භයානක, විකෘතික ලෙස හාස්‍යය උපදවන, සංගීතමය රසය දනවන… විස්මයජනක චිත්‍රපටයකි”
” ස්වකීය ප්‍රබල රංගනයෙන් සහ පුදුමාකාර ලෙස ගැලපෙන හඬින් Depp වසර ගණනාවකට Sweeney Todd ලෙස මතකයේ රැඳෙනු ඇත..”
පේනවනේ? අපි කවුරුත් දන්න විශිෂ්ට චරිතාංග නළුවෙක් වන Johnny Depp තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඔහු රඟපෑ Pirates of the Carribean චිත්‍රපට මාලාව, Charley and the chocolate factory, Alice in wonderland , From Hell , Sleepy Hallow , Finding Neverland ආදී චිත්‍රපට ගණනාවක ඔහු එකිනෙකට වෙනස් ලෙස අපුර්ව චරිත නිරුපණය කළා. චරිතයකින් චරිතයකට ඔහු පෙන්වන වෙනස් අන්දමේ රඟපෑම් මඟින් කියවෙන්නෙ ඔහුගේ සුවිශේෂ දක්ෂතාවයයි. එතෙක් අප්‍රකටව තිබුණු ඔහුගේ ගායන හැකියාවත් මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් වෙනවා. මිනීමැරුම් සිදු කරන අවස්ථාවලදී වඩා තීව්‍ර හඬකිනුත්, සංවේගජනක අවස්ථාවල හැඟීම්බර ලෙස බිඳෙන හඬකිනුත් ඔහු අපුර්ව ලෙස ගායනයේ යෙදෙනවා. ලවෙට් මැතිණිය ලෙස Helena Bonham Carter ඉදිරිපත් කරන රංගනයත් හරිම අපුරුයි.
කතාව ගැන යමක් දැනගනිමු. බෙන්ජමින් බාකර් කියන්නෙ කරණවෑමියෙක්. ඔහු තමන්ගේ සුන්දර බිරිඳ වන ලුසී සහ බිලිඳු දියණිය සමඟ සතුටෙන් ජීවත්වෙනවා. මේ අතර ඔහුගේ බිරිඳ ලුසී වෙත හිත ඇදී ගිය විනිසුරු ටර්පින් බොරු චෝදනා නඟමින් බෙන්ජමින්ව සිරභාරයට ගන්නේ, ඔහුගේ බිරිඳව හිමි කරගන්න හිතාගෙනයි. වසර පහළොවකට පසු බෙන්ජමින් ආපහු එන්නෙ, තම නම ස්වීනි ටොඩ් ලෙස වෙනස් කරගෙනයි. තමන්ගේ ආදරණීය බිරිඳත්, දියණියත් ආපහු හොයා ගන්න උත්සහ කරනවා. තම බිරිඳ මියගිහින් ඇති බවත් දියණිය විනිසුරුවරයා ළඟ සිටිනා බවත් ඔහුට ලවෙට් මහත්මියගෙන් දැනගන්න ලැබෙනවා. තමන්ට මේ ඉරණම අත්කළ අයගෙන් පළි ගන්න ඔහුට උවමනා වෙනවා. නාවුක වීථියේ තිබුණු තමන්ගේ පරණ සාප්පුවටම එන ඔහු අලුතින් තම රැකියාව අරඹනවා. එයාට ලවෙට් මහත්මියගෙන් ද උපකාර ලැබෙනවා.
ඔහුගේ පැමිණීමෙන් පස්සෙ ඇයගේ මස් රොටි අවන්හලේ ව්‍යාපාරයටද හොඳ කලක් උදා වෙනවා. හැබැයි ටිකක් අමුතු විධියකට!!
ඔහුට සිය දියණිය හොයාගන්න හැකි වේවිද? ඇත්තටම ඔහුගේ බිරිඳ මියගිහින්ද?
විනිසුරු ටර්පින් ගෙන් පළිගන්න ටොඩ් සමත් වේවිද?
දිගින් දිගටම පළිගැනීම අරමුණු කරගත් මිනිහෙකුට අන්තිමට අත්වෙන්නේ කොහොම ඉරණමක්ද??
Sweeney Todd : The Demon Barber of Fleet Street (2007) චිත්‍රපටය ඔබට ඒ ගැන කියා දේවි.
මේ චිත්‍රපටය ඔබට අමුතුම අත්දැකීමක් වේවි!
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා,
- Johnny Depp – බෙන්ජමින් බාකර්/ස්වීනි ටොඩ්
- Helena Bonham Carter – ලවෙට් මැතිණිය
- Laura Michelle Kelly – ලුසී/සිඟන්නිය
- Alan Rickman – වීනිසුරු ටර්පින්
- Timothy Spall – නිලධාරියා (Beadle)
- Sacha Baron Cohen – පිරෙල්ලි
- Edward Sanders – ටෝබි
- Jayne Wisener – ජොආනා
- Jamie Michelle Kelly – ඇන්තනී
ඔබට ජය වේවා!!
මීට පෙර පලවූ ලිපිය.
sweeny todd, කියන්නෙ බොහොම පරසිද්ද සත්‍ය කතා වස්තුවක් අනුසාර කරගෙන තනාපු සිත්තරපටයක්. අර අහවල් රෑන්කින් වල 7.7/10 අරන් ඔස්කාර් සම්මානෙකුත් හම්බුවෙලා තියෙනවා කිව්වම පට්ට නේ ඈ? ඕං ගොයියො උදේ පාංදරම දැනුවත් කලා මේක ගීත කතංදරයක් හරි. ඒ කිව්වෙ කතංදරේ බාගෙට බාගයක් සිංදුවෙන් තමා කියන්නෙ (පස්සෙ කුරු කුරු ගාලා කමෙන්ට් දානව නෙමේ ඕං). වැඩේ මටත් දිරවන්නෙ නැති උනාට දත කාගෙන බැලුවා johnny depp ඉන්න නිසා. හැබෑවටම අපූරු කතංදරේ.
කතාව සරලව මෙහෙමයි.. බෙන්ජමින් පාකර් කියන්නෙ බොහොම සතුටිං සරල ජීවිතයක් ගතකරපු පුද්ගලයෙක්. මෙයයි මෙයාගෙ ලස්සන බිරිදයි කිරී පැනී, නැත්තං වංගෙඩියයි මෝල්ගහයි, නැත්තං සාං නුයි ජිටාල් එකයි වගේ බොහොම ආදරෙං තමා උන්නෙ. මේ දෙන්නගෙ ජීවිතේ සම්පූර්ණ කරපු තව අමුත්තියකුත් හිටියා, ඒ තමා මේ දෙන්නගෙ සුරතල් දියණිය. මේගොල්ලන්ගෙ ලස්සන ජීවිතයට ඇහැක් අප්සට් ගිය කොකා අඩලන්නෙ කොහේදෝ යන කුපාඩියෙක් (කිව්වට ධනවත් බලවත් නඩුකාර හාමුදුරුකෙනෙක්) පාකර් ගෙ බිරිද ගැන සිතක් ඇතිකරගන්න සිද්ධියත් එක්ක. නොකරපු වරදකට පටලවලා පාකර් ව ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරන නඩුකාරයා පාකර්ගෙ බිරිදව තමා ලගට ගන්න තමා උත්සාහා කරන්නෙ. තමංගෙ ආදරණීය පවුලෙන් වෙන්වෙන්නට සිදුවන පාකර්ට මොනවා වෙයිද? නඩුකාරයාට පාකර්ගේ බිරිදව තමාට නතුකරගන්න පුලුවන් වෙයිද? Fleet විථියට පැමිනෙන අමුත්තා කව්ද?
johnny depp ගැන අටුවා ටීකා කියන්න ඕනෙ නෑනෙ, අනිත් ප්‍රධාන චරිත කිහිපයම වගේ හැරී පොටර් කතාමාලාවෙ දැකලා පුරුදු අය තමා ඉන්නෙ (professor snape, Peter Pettigrew, Bellatrix Lestrange එහෙම. ඇයි Borath. පුලුවන්නම් හොයන්න එයා මොන චරිතෙද රගපාන්නෙ කියලා). පයිට් අනං මනං නැතුව කතාවක් බලන්න ඕනා කියලා හිතෙන වෙලාවක බලන්න හොද කතාවක්.
පිටපත් කිරීම් ආදිය සදහා බයිස්කෝප් හී ඇම්ඩන් ගුරා ගේ අනුමැතිය මත සිදුකිරීමට කාරුණික වන්න 😛
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය änthräX සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Sweeney.Todd.2007.720p.BluRay.x264.YIFY
Sweeney.Todd.2007.1080p.BluRay.x264.YIFY
මෙම උපසිරැසිය ඉහත දී ඇති පිටපත් දෙකට අදාල වේ.
2,311 downloadsDownload Sweeney.Todd_.2007.baiscopelk.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
58 comments
චරිත
chamila
mata nam hariyanne ne wage........
ashan kandy
aurudu daws ne podiyata dala kagen hari kala wage..
විදුර ඉමේෂ්
ඔන්න බානවා.තෑන්ක් යු.
Akiyoshi
mamth gannawa,,,,hondai nam ok....thanks
wappula
wisthara karapu hati nam wadinawa bokkatama....
චමිදේවා
බලන්නම වෙනවා වගේ....
සරදියල්
johnny depp අයියනෙ ඉන්නෙ. එහෙනම් ෆට්ට ඇති.
හැබැයි මචෝ ආපහු උදාහරණ ගනිද්දි පරිස්සමෙන් හොදේ...යෝගී
ඔය සාං නුයි ජිටාල් එකයි කියන History එක දිග කතාවක් නේ... රොයිලි අයියා ඒකත් කියලාම දැම්මනං නේද හොඳ?
නැත්තං මං දාන්ඩද ?manukularathna
ela nam ela
änthräX
@චරිත,
කොහොමත් multiple personality disorder එකක් තියනවනෙ බං :D@chamila,
;)@ashan kandy,
හේ හේ. බිව්ව කියලා නෑ, මට හොදට දුවන්න පුලුවං බන්@විදුර ඉමේෂ්
එල එල@Akiyoshi
:D@wappula
ඒ කියන්නෙ දැං බලනවා නේද? ;)@මිදේවා,
බලලාම බලමුකො නේ@සරදියල්,
අනිවා, පස්හයපාරක් විතර හිතලා තමා අනිත් පාර උදාහරණ ගනරනෙ@යෝගී,
කිව්වනං බලන්ඩ කාට කාටත් දැනගන්න@manukularathna
:)රොයිලි
ආ ඇන්ත්‍රැක්ස් අයියා තව එලම චිත්‍රපටියක් දුන්නා වගේ ඈ. :)
හෙ හේ මට ඕකේ කියලා තියෙන එක වාක්‍ය යක් තේරෙන්නේ නැහැනේ. :) අර ජිටාල් කියන්නෙ මොකක්ද ? :D
අශේන්
ඔයා කතාව සරලවම කියල තියෙනව නේද ??? ......... හික්ස් :D :D
amal
ඒළ ඒළ බලලම කියන්නමිෙකා වැඩ කාරය ෙග වැඩ ෙකාෙහාමද කියල :P
සමන් කලුබෝවිල
bamiiiiiiiiiiiiii....thankxx
ගිශාන්
ඔන්න මමත් බාන්න දැම්මෝ.දැන් ඉතින් රවුටරේට උණ ගනියි.
fareen
fight nethi unata film aka hodai.lassana kathawak..
Anonymous
Martian Child
National Treasure I II
Percy Jackson and the Olympians - The Lightning Thief
The Spiderwick Chronicles 2008dumasrc
patta film eka beli kepili godai
විකියා
meyke eng sub aka denawada?
Dillinson
මේකේ සිංහල Subtitle නැද්ද ? තියෙනවනම් මට Link එක Email කරන්න කරුණාකරලා
ස්තුති,
සැමටම ජේසු පිහිටෛ !GANGS
meke sub hambunaa
GANGS
DA????? Hambuna nam kiiyanawads?
pramodh
mama apu dawas walama baluwa...........
katha dekak ne pattama movie ekak thamai.......
barber case ekak neda????
anthimata mange athin wifewath marenawane...........
ahanna deyak ne pattama movie ekak thamaiThisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
:P:) තුති……. :)
dev
කොහොමද මේකේ සබ් එක බා ගන්නේ
chalitha
meke sub eka diyako bn
Bryan
meke subttitle mail karannakooooooo
[email protected]Viranga
meka baganna bane!!!!!! :( :(
දිලූෂ සමරසේකර
කරුණාකරල රොයිලි අයියා හරි කවුරු හරි මේ film එකට සිංහල subtitles දෙන්නකෝ බලන්න හරිම ආසවෙන් ඉන්න film එකක්
darshana
can't down-lode
Ara
Machan meka weda nee..............link wedath nee subb wedath nee....aluthin karanna pulluwan nam loku deyak...................
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Soori
පරණ ගත්ත ෆිලුම තවම තියෙන නිසා සිංහල උපසිරැසිය ගත්තා. නැවත බලන්නයි අදහස. ප්‍රබුද්ධ සහෝට මාගේ ස්තුතිය.....!
Dish
Jonny nam ona ekak... tnx sub ekata saho
සාෂා ස්වර්ණලතා
ගොඩක් ස්තුතියි,
සිංහල sub නැති නිසා බලන්නේ නැතුව හිටියේ,
පුළුවන් නම් edward scissorhands එකටත් sub දෙන්න,Chami.S
Thanks for the sub..
Good Luck...ප්‍රබුද්ධ කේසර විතානගේ
720p :
Torrent Hash: 27EDED92604AB14FE4892ABC260B29605091DCD0
Magnet Hash: E7W63ETAJKYU7ZEJFK6CMCZJMBIJDXGQ
Size: 750.59 MB / 787051721 Bytespraneeth madu
බොහෝම ස්තුතියි
ප්‍රබුද්ධ කේසර විතානගේ
Sweeney Todd (2007) 1080p BrRip x264 YIFY
Torrent Hash: 43D6D663E882A8B799D0F80103A0068AD00165E9
Magnet Hash: IPLNMY7IQKULPGOQ7AAQHIAGRLIACZPJ
Size: 1.70 GB / 1825372001 BytesKulanjana Maduranga
niayamai…thanks PRABUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Wayantha Sandaruwan
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසට,
වෙනස් ෆිලුමක් වගේ, බලන්ඩම ඕන,
දිගටම sub දෙන්න ශක්තිය දෛයිරිය ලැබේව,
ඊළඟ උපසිරසෙන් හමුවෙමු,
ජය වේවා, තෙරුවන් සරණයි!pushpa kumara
ela ela
Asitha
මම tv එකේ බැලුවා.
ජය වේවා!!Sanjaya
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි
wiki
Thanks
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Haritha Dayanga
sinhala sub hoya hoya hitiye
ela saho
thnk sub ekataVihanga Raveen
Thanks saho sub ekata! Jaya! Digatama demu!
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මොතද කතා කරන විදිය වෙනස්? ඔලුවට පාරක් වැදුනවත්ද?