බයිස්කෝප් සිංහලෙන් හා එක්වී සිටින සියලුම ඉන්දියානු චිත්‍රපට රසික රසිකාවියන් බලාසිටි සිටි තෙලඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් සමඟිනුයි මා අද වෙබ් අඩවිය වෙතට පැමිණියේ .! මේ වසරේ සමස්ථ ඉන්දියාව තුලම දැඩි ලෙස කතා බහට ලක්වුන සිනමාපටයක්ද වෙන මේ චිත්‍රපටය ඉන්දියානු ඉතිහාසයේ යටත් විජිත සමයේ සත්‍ය කතා පුවතක…

බයිස්කෝප් සිංහලෙන් හා එක්වී සිටින සියලුම ඉන්දියානු චිත්‍රපට රසික රසිකාවියන් බලාසිටි සිටි තෙලඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් සමඟිනුයි මා අද වෙබ් අඩවිය වෙතට පැමිණියේ .! මේ වසරේ සමස්ථ ඉන්දියාව තුලම දැඩි ලෙස කතා බහට ලක්වුන සිනමාපටයක්ද වෙන මේ චිත්‍රපටය ඉන්දියානු ඉතිහාසයේ යටත් විජිත සමයේ සත්‍ය කතා පුවතක් ඇසුරෙන් නිමැවුණු සිනමා නිර්මාණයක්.! එසේනම් චිත්‍රපටය සහ එහි අනෙකුත් තොරතුරු මෙසේ පහතින් දක්වන්නම්.
ඉන්දීයානු ඉතිහාසය ගත් කල යටත් විජිත සමයේදි බ්‍රිතාන්‍යන්ට එරෙහිව නිදහස් සටන් කල අය අතර ජාන්සි ලක්ෂ්මි භායි,චන්ද්‍රසේකර් ආසාද්,භගත් සිං වැනි ශ්‍රේෂ්ඨ වීරයන් ගැන හුවාදක්වන්නට පුලුවන්.! නමුත් ඉතිහාස පොත් වල පිටුවලින් සැඟවී ගිය එක් වීරයෙකු සිටිනවා. මුළු ඉන්දියාවටම අමතකවූ ඔහු නමින් උයියාලවාඩා නරසිම්හා රෙඩ්ඩි ය. යටත් විජිත සමයේ ඉංග්‍රීසීන්ට එරෙහිව ප්‍රථම නිදහස උදෙසා සිදුකරන ලද සටන දියත් කලේ ඔහුයි.! 1805 දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කුරුනූල් දිස්ත්‍රික්කයේ උපත ලබා ඉංග්‍රීසීන් සහ සටන් වැදුනු ප්‍රථම ඉන්දීය ජාතික වීරවරයායි.! මේ කියන්නට සූදානම් වන්නේ ඔහුගේ ජිවිත කතාව සිනමාපටයකට ගොඩනැගුන ආකාරයයි.
දකුණු ඉන්දීය සිනමා රසිකයන් වගේම බහුතරයක් සිනමා රසිකයින් හොඳින් දන්නා හඳුනන කෙනෙක් තමයි මෙගාස්ටාර් චිරන්ජීවි කියන නාමය. ඒ කවුරුවත් නොවෙයි තෙලඟු නළු මේගාපවර්ස්ටාර් රාම් චරන්ගේ පියාව.! ඉතිහාස කතාවක ආදීකාලයේ ඇඳුම් අඳින චරිත සිටින (Costume Drama) සිනමාපටයක රඟපෑමට මෙගාස්ටාර් චිරන්ජීවිට දිගුකාලයක් තිස්සේ තිබු සිහිනයක්.! ඔහුගේ පුත් රාම් චරන්ගේ දිවියේ දෙවැනි සිනමාපටය වූ මඝධීරා චිත්‍රපටයෙන් ඔහු ලැබු සාර්ථකත්වය සහ ඔහුට ලැබුණු උසස් ප්‍රතිචාර නිසාවෙන් එය තවත් සැබෑකරගන්නට ඔහු පෙළඹුනා, ඒ නමුත් එවැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කලහොත් එහි වියදම සොයාගැනීම ගැන යම්කිසි මට්ටමක අවදානමක් තිබුණ නිසා ඒ සිහිනය තවත් කාලයක් තිස්සේ යටපත්වී තිබුණා. මේ අතර 2015 වසරේ තෙලඟු සිනමාවේ ඉතාමත් අද්විතීය සිනමා අධ්‍යක්ෂකවරයකු වූ S.S. රාජාමෞලි විසින් බාහුබලී සිනමාපට ද්විත්වය නිරිමාණය කරනු ලබනවා. ඔහුගේ එම නිර්මාණයෙන් සැබැවින්ම දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ තෙලඟු සිනමාවේ සිදුවූයේ මහත් පෙරලියක්.! ඒ මුළු ලෝකයම තෙලඟු සිනමාව ගැන කතා කරන්නට පටන්ගෙන එදා මෙදාතුර මුළු මහත් ඉන්දියවේම ලොකුම ආදායම් වාර්ථාව පවා තැබීමට හැකිවුණ විශිෂ්ඨ නිර්මාණයක් බවට පත්වීමෙන්.!
බාහුබලී චිත්‍රපටයෙ සාර්ථක්වය හේතුවෙන් මෙගාස්ටාර්ට තමන්ගේ යටපත්ව තිබු ආශාව යලිත් උපදින්නට පටන්ගත්තා. කිමද ඔහු ආශාකරන මාදිලියේ ඉතිහාස කතාවක් අවදානමකින් තොරව නිර්මාණය කිරිමට හැකිවීම හේතුවෙන්.! කෙසේ හෝ ඔහුගේ පුත් රාම් චරන් විසින් ඊට ගැලපෙන කතාවක්ද සොයාගනු ලැබුවා. ඒ යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යන්ට එරෙහිව මුළු භාරතපුරවරයෙන්ම ප්‍රථම වරට යුධ වැදුනු දකුනු ඉන්දීයාවේම ජීවත්ව සිටි උයියාලවාඩා නරසිම්හා රෙඩ්ඩිගේ ජිවිත කතාවයි.! මේ අවස්තාවේදි පියා සහ පුතා විසින් දක්ෂ තෙලඟු අධ්‍යක්ෂවරයකු වූ සුරෙන්ද්‍ර රෙඩ්ඩිව මුණ ගැසී මේ කාරණවා ඔහු හමුවේ තැබුවමුත් එකවරම සුරෙන්ද්‍ර රෙඩ්ඩි විසින් ඒ පිළිබඳව තමන්ට සිතීමට යම් කාලයක් අවශ්‍යය බව ප්‍රකාශකර තිබෙනවා. ඒ චිරන්ජීවි වැනි මහා රංගධරයෙකුට තමන් ගේ උපරිම කැපවීම ලබාදීමට සූදානම් වීම සඳහා බව ඔහු පසුව ප්‍රකාශකර සිටියා. අවසානයේ ඔහුගේ සහයකයන් සමඟින් එකතුවී ගැලපෙන පරිදි තිරපිටපතක් සකසාගෙන නැවතත් මෙගාස්ටාර් ව හමුවී එය ඉදිරිපත් කොට චිත්‍රපටයේ ඉදිරි වැඩකටයුතු සඳහා යොමුවී තිබෙනවා. ඊලඟට ඇතිවු ගැටලුව නම් නිෂ්පාදකයකු සොයාගැනීමට සිදුවු අපහසුතාවය අවසානයේ රාම් චරන් විසින්ම තම පියාගේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට යොමුවනවා. කෙලෙසින් හෝ මේ දැවැන්ත නිර්මාණය එලිදක්වන්ට අවුරුදු පහක් හයක්ම ගතවී තිබෙනවා.
චිත්‍රපටයේ රඟපාන නළු නිලියන් ගැන කතාකරන විට විශේෂයෙන් කතා කල යුතු නළුවකු සිටිනවා. එවකට හිංදි සිනමාවේ පමණක් නොව ලෝකය පුරාම ප්‍රසිද්ධ නළු අමිතාබ් ගැනයි.
අම්තාබ් ගේ ප්‍රථම දකුණු ඉන්දීය සිනමා ආගමනය මෙයයි.! ඔහුට මෙහි රඟපෑම සඳහා ආරාධනා කල විටදි ඔහු පුදුම වී තිබෙනවා. ඒ තමන් දකුණු ඉන්දිය සිනමා පටයකට ගැලපේද? තමන්ට ඒ නිර්මාණය සඳහා හොඳ උපරිම සාධාරණයක් ඉටුකල හැකිවේවිද.? යන්න ආදිය ඔහු තුල ඇතිවු පැනයන් නිසා. අවසානයේ චිරන්ජීවී කල ආරධනයෙන් ගෞරවනීය රංගනය සඳහා පැමිණි ඔහු තම මිතුරු චිරන්ජීවි ට ගරු කිරිම වස් මේ චිත්‍රපටය සඳහා රඟපෑමට ඔහු කිසිඳු ගාස්තුවක් අයකරගෙන නොමැති බවද වාර්තාවෙනවා. තවද අඩුතරමින් ඔහු රූගත කීරිම් සඳහා යන එන විට ගුවන් ටිකට්පත් වලට යන වියදම සඳහාවත් අම්තාබ් නිෂ්පාදක රාම් චරන්ගෙන් කිසිඳු මුදලක් අය නොකල බවද සඳහන් වනවා.
චිත්‍රපටය සඳහා රංගනය සපයන නළු නිළියන් පිරිස වන්නේ චිරන්ජීවි, අම්තාබ් භච්චන්, ජගපති බාබු, විජයසේතුපති, සුදීප්, නයන්තරා, තමන්නා සහ ආරාධිත රංගනයෙන් අනුෂ්කා ශෙට්ටිද ඒ අතරවනවා.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එලිදක්වා පැය විසිහතරක් ගතවන විටදි එය නැරඹු සංඛ්‍යාව මිලියන 34 ක් ලෙසින් සටහන්ව තිබුණා. පූර්ව ප්‍රචාරක පටය නිකුත් කල දා පටන් චිත්‍රපටය සඳහා ඉමහත් උසස් මට්ටමේ විචාරක ප්‍රසාදයන් සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් ලැබී තිබුණා එවායෙන් කිහිපයක් පහතින් දක්වන්නම්.!
සිනමා අධ්‍යෂක SS රාජාමෞලි / බොලිවුඩ් නළු සල්මාන් ඛාන්.
බොලිවුඩ් නළු අමීර් ඛාන් තෙලඟු / සහ දමිළ නිලි සමන්තා.
චිත්‍රපටය නිර්මාණය කිරීමේදි සිදුවු තවත් විශේෂ කරුණු කිහිපයක් පහතින්..!
- මෙහි ඇති පලමු ගීතය රූගත කිරීම සඳහා නර්ථන ශිල්පීන් 4500 දෙනෙකු පමණට කුලියට ගෙන තිබෙනවා. චිත්‍රපටයක ගීතයක් සඳහා වැඩිම නර්ථන ශිල්පීන් ප්‍රමාණයක් සහභාගී කොට ගත් ප්‍රථම වතාවද මෙය වනවා.
- ජෝර්ජියාවේ රූගත කෙරුණු යුද්ධ කරන දර්ශණ සඳහා රංගන ශිල්පීන් ඇතුලු කාර්ය්‍ය මණ්ඩලය 250 දෙනෙකු යොදාගෙන තිබෙනවා.
- නොසම් බලකොටුවෙහි තිබෙනා රාත්‍රී යුධ දර්ශනය චිත්‍රපටයේ ප්‍රධාන කොටසක් වන අතර එය රූගත කිරීම සඳහා නවක රංගන ශිල්පීන් 2000 ක් සමඟින් රාත්‍රීන් 35 ක් ගතවී තිබෙනවා.
- දින තිහක කාලයක් ලන්ඩනයේ නළුවන් 100 කට වැඩි ප්‍රමාණයක් පරික්ෂාකොට ඒ අතරින් ප්‍රධාන චරිත සඳහා තොරාගෙන ඇත්තේ ශිල්පීන් සත්දෙනකුය.
- චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය දල වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 200 ත් 270 ත් අතර ප්‍රමාණයක් පමණ වී ඇත.
- චිත්‍රපටය තෙලඟු, දමිළ, කන්නඩ, මලයාලම් සහ හිංදි යන භාෂා 05 න්ම නිකුත්කර තිබෙනවා.
සටන් අධ්‍යක්ෂක- Lee Whittaker චිරන්ජීවි සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුරෙන්ද්‍ර රෙඩ්ඩි.
ඉතාමත් කලාතුරකින් නිර්මාණය වන මේ අග්‍රගන්‍ය සිනමා නිර්මාණය ඔබගේ බැලිය යුතු චිත්‍රපට ගොන්නට ඇතුලත් කරගන්නට යැයි මා ආරාධනය කරන්නට කැමතියි.ඇත්තෙන්ම ඔබටත් එය හොඳ අත්දැකීමක් වේවි. එනම් මෙවැනි චරිතාපදානයන් මෙවැනී ජාතික වීරයන් පිළිබඳ කතා පුරාවෘත අප රටේද ඕනෑ තරම් අසන්නට සොයාගන්නට හැකියි. මන්ද ශ්‍රීලාංකිකයින් වන අපටද යටත් විජිත සමයේ පෘතුගීසී,ලන්දේසීන් සහ ඉංග්‍රීසීන්ට එරෙහිව සිදුකරන ලද නිදහස් සටන් පිලිබඳ කතා අළුත් දෙයක් නොවෙයි. එකල අප රටද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක් බවට පත්වී තිබුනා.එය ශ්‍රිලාංකික අප සියලුදෙනා දන්නා කරුණක්.! අප රටේද බ්‍රිතානය්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් සිදුවුන බව ලංකා ඉතිහාසයද සක්ෂි දරණවා.
සයිරා නරසිම්හා රෙඩ්ඩි කතා පුවත රැගත් මේ චිත්‍රපටය සඳහා ඉතාමත් ධනාත්මක ප්‍රතිචාරයන් ලැබී තිබුණා. ඉහතින් පූර්ව ප්‍රචාරක පටය සඳහා ලැබුණු ප්‍රතිචාරයන් පෙල ගැස්සුවා මෙන් චිත්‍රපටය තිරගතවූවාට පසුව පලවු ප්‍රේක්ෂක අදහස් සහ විචාරක අදහස් පහතින් දක්වන්නම්.

අවසාන වශයෙන් වෙනදා මෙන් කියන්න තිබෙන්නේ චිත්‍රපටය ගැන යම් තොරතුරු ප්‍රමාණයක් පුලුවන් හැටියට ඔබට ගෙනැවිත් තිබෙනවා. චිත්‍රපටය නරඹනවද.? නැද්ද යන්න. ඔබට මේ විස්තරය දෙස බැලුවම තීරණය කල හැකිවෙයි. මේක හොඳයි අරකට වඩා මේක මෙච්චරට වියදම් කරලා තිබෙනවා. නානාප්‍රකාර කරුණු වලට මුල්තැන දලා ඇගේ ගහලා යන්නේ නෑ. අවසාන වශයෙනුත් කියන්නම් Comment තීරුවේ ඔබ දක්වන අදහස් අපට ඉතාමත් වැඳගත් වෙනවා. එය අපි ඉතාමත් අගයකොට සලකනවා. අපි මේ මහන්සිවෙලා කරන වැඩේට ඔබත් අදහස් දැක්වීමකින් යම් වටිනාකමක් ලබාදෙන්න යැයි ඉල්ලා සිටිනවා. අප වෙබ් අඩවියේ ඇඩ්මින්වරයකු වන තිසර සහෝට විශේෂ ස්තුතිය පිරිනමින් සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!
(චිත්‍රපටයෙ දමිළ පිටපත සඳහා සිංහල උපසිරැසි සකසා ඇති බව කාරුණිකව සලකන්න. එැබැවින් දමිළ පිටපත පමණකම බාගත කරගන්න. ස්තුතියි.!)

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
23,763 downloadsDownload SYE-RAA-NARASIMHA-REDDY-2019.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට සහ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
98 comments
ishanasanka
Duminda Chathuranga
කරිඳුවා එදා ඉඳං එල බොක්ක උබ ඈ
Duminda Chathuranga
(කරිඳුවා)### නෙවෙයි තරිඳුවා බොක්ක
nimmi
sthuthi tharidu
kevinpetersen
Thank you
Hemantha De Silva
ස්තුතියි තරිඳු.....
ස්තුතියි ඉන්ද්‍රජිත්....Ranidu
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
හැබැයි ෆිලුමේ නියම රසය දැනෙන්නේ Telugu Copy එකෙන් බැලුවොත්Nayanajith randunu
Sub eka wed karanne nene
Cool_maths
Ela..thax ban..
Achi
Thank bokka
darshana100
ammo thanks saho
Nilush Angana
Sub ekata thanx
subodha
Thanks
amali
link eka wena film ekakatane yanne.hari link eka ewanna
amali
link eka wena film ekakatane yanne.hari link eka ewanna
geeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ .
Rukshan37
Ela
chandika1975
thank you for the subtitle.
chanaka47
Sub ekata thanks ban ape ewunta bane a wage hoda ape weerayonge kathawak hadanna ...
ජය baiscopelk
Deshani
thank you
Ayesh Prashan
Thank You
gihan perera
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....නියමයි....දෙනකන් බලන් හිටපු ෆිලුමක්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Gayan Thilina
Please සහෝ telugu කොපියට සබ් එක දෙන්න හඩ කවපු ඒවාගෙන් නියම රසය දැනෙන්නේ නෑ.
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi saho obata sub laba dimata..
dsdkavishka
Thenks for sub
vas0303
Thank you so much
Athula
Thanks ...
Praneeth priyadarshana
Tks bro
Kaushal
Thanks for subtitles & film
arawindasunimal
ස්තුතියි උපසිරසියට (ඉන්ද්‍රජීත් උදය කුමාර & තරිඳු රැක්ෂාන් පෙරේරා) ජයවේවා ඔබ දෙපලට
Sachith Perera
thanks bro. telagu copy ekatath sub eka update karala dipan machan.
thilz
thank u very much
jagath sirilal
super work bro thanks a lot more
Dilruk lahiru
thanks bros
isuru srinath sjs
සුපිරි ඩබලක් නේ Sub එක කරලා තියෙන්නෙ.. ආයේ කවර කතාද.. බොහොම ස්තුතියි ඔබලා දෙපළටම.. ජයම වේවා ..!!
santhusha319
thanks බොක්ක!!!!!
Lahiru_sankalpa
thankz bokka
wnrodrigo
Good work friend, thanks for the sub!
ඔෂද ධනංජය
thanks sahoo.. godak mahansi wela thiyenawa...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Udaya Saman
ොඩක්ම ස්තුතියි ඔබ දෙපලටම. ආව ගමන්ම උපසිරසිය ලබාදුන්න එකට..සයිට් එකේ සුපිරිම දෙන්නනේ..ඔන්න බෑවා..
Udaya Tharanga
thanks a lott
ශසිත් සඳරුවන්
සුපිරියකට සබ් එක සුපිරි ඩබලකින්... :P
ආපු දවසෙම දුන්නා නෙහ්. නියමයි ආහ්...
එහෙනම් සබටත් බොහොම තුති කිව්වා..
දිගටම සබ් දෙමු ආ...
ජය!M.W. Dilhani
ලොකු වියදමක් කරාට ෆිල්ම් එක ෆ්ලොප් උනා නේද
isb
Unzip weddi eorr ekak enawane mcn
Sushadeenu
Superb
Bandarajbandara
ස්තුතියි
Shehan Madhusanka
ela mchn
thankssසහන් කෞෂල්‍යය
////............Thanks..........////
Ishara Janith
Thanxz bro sub 1
Kanchaka
Thanks bro
Sushadeenu
Superb
C lakmal
thank u ,ජය වේවා.
saman97
Thanks so much
asirikdsl
great work.all the best!
Rumesh dhanushka
Thanks all admins all friends
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

mama 1