Table No. 21 (2013) Sinhala Subtitles | ජීවිතය සෙල්ලමක් නෙමෙයි!!! [සිංහල උපසිරැසි සමඟ]
අදත් මම ඔයාලට ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් අරන් ආව. මුලින්ම මගේ 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් අදහස් දක්වපු හැමදෙනාටම ස්තූති කරනවා. හැබැයි සබ් එක ගන්න අය අතරින් කමෙන්ට් එකක් දාල යන්නෙ බොහොම ටික දෙනයි. හැමදාම අදහස් දක්වන හුරුපුරුදු නම් කීපයකුත් තියනව. ඒ අය නිසා තමයි අනිත් අයටත් මේ විදියට සිංහල උපසිරැසි රස විඳින්න ලැබෙන්නෙ. ඒවගෙන් මේවගෙන් වැඩක් නෑ. කෙලින්ම අද ගෙනාපු ෆිල්ම් එක දිහාට හැරෙමුකො. Aditya Datt විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Paresh Rawal, Rajeev Khandelwal සහ Tena Desae යන අය රඟපෑමේ නිරත වෙලා තියනව. මෙන්න මෙහෙමයි කෙටියෙන් කතාව.
Table No 21 කියන්නෙ ගේම් එකක්. හැබැයි කම්පියුටර් ගේම් එකක් නෙමෙයි. මේක සැබෑ ජීවිතයේ සජීවීව සිදු කෙරෙන ක්‍රීඩාවක්. “ඛාන්” කියන පුද්ගලයා තමයි ගේම් එක සංවිධානය කරන්නෙ. ලොතරැයි දිනුමක් ඇදිල ෆීජි දූපතට නිවාඩුවක් ගත කරන්න ගියපු තරුණ ජෝඩුවක් මේ පුද්ගලයාගෙ උගුලට අහුවෙනව. “ඛාන්” මේ දෙන්නට කියනව මේ ගේම් එකෙන් දින්නොත් රුපියල් කෝටි 21ක් දෙනව කියල. මේකෙන් දින්නොත් දෙන්නගෙම කල්ල මරේ නිසා වැඩේට කැමති වෙනව. මෙන්න මෙහෙමයි ගේම් එකේ ස්වභාවය. ප්‍රශ්න 8යි, උත්තර 8යි. එක් එක් ප්‍රශ්නයට අදාලව එයාලට කරන්න වැඩක් පැවරෙනව. මේ හැම සිදුවීමක්ම වීඩියෝ කරල මිස්ටර් ඛාන්ගෙ වෙබ් සයිට් එකේ සජීවීව විකාශය කරනව. හැබැයි මේ තරඟයට අදාලව නීති කීපයක් තියනව. පිටස්තරයින්ගෙ උදව් ගන්න බෑ. බොරු කියන්නත් බෑ. බොරු කිව්වොත් මරණය තමයි. මෙයාල කියන්නෙ ඇත්තද බොරුද කියල දැනගන්න මෙයාලගෙ අත් වල ‘ලයි ඩිටෙක්ටර්ස්’ සවි කරල තියෙන්නෙ. මෙයාලගෙ පළවෙනි ප්‍රශ්නෙ ඇහුනම නම් මෙයාලට හිනාත් යනව. හැබැයි පහු පහු වෙනකොට තමයි වැඩේ බරපතල කම……
තේරෙන්නෙ. කොහොම වුනත් මොනම හේතුවකට වත් මෙයාලට ගේම් එකෙන් අයින් වෙන්න බෑ. මොකද එයාල ගේම් එකෙන් අයින් වෙලා කි.මී 10කට වඩා ගියොත් අතේ සවි කරල තියන උපකරණය පුපුරණවා. ඒ නිසා දැන් මෙයාල මර උගුලක තමයි පැටලිලා ඉන්නෙ. ඇයි මේ පුද්ගලයා මේවගේ තරඟයක් සූදානම් කරේ? ඇයි මේකට මේ දෙන්නවම තෝරගත්තෙ? එයාලව මේකට පැටලුනේ අහම්ඹෙන්මද? කෝටි ගානක් වියදම් කරල ඇයි මේ වගේ තරඟයක් සූදානම් කරේ? කවුද මේ ”ඛාන්” කියන්නෙ? මොනවද මේ තරුණ ජෝඩුවට ලැබෙන ප්‍රශ්න? එයාල ඒවට කොහොම මූණ දෙයිද? හැමදේම ඔයාලට දැනගන්න පුලුවන් වෙයි. අනිවාර්යෙන්ම මේක අරන් බලන්න.
එහෙනම් මම ගිහින් එන්නම්.. හැමෝටම ජයෙන් ජයම වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18037 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30
181 thoughts on “Table No. 21 (2013) Sinhala Subtitles | ජීවිතය සෙල්ලමක් නෙමෙයි!!! [සිංහල උපසිරැසි සමඟ]”