Watch Trailer

Take Off (2009) aka Gukga daepyo Sinhala Subtitles | තවත් එක සත්‍ය කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පොඩි සටහනක් ලියන්න ඕනේ මේ බයිස්කෝප් එකේ නම ගැන. 국가대표 (ගුක්කා තෙප්යෝ) කියන එකේ සිංහල අදහස තමයි ජාතික කණ්ඩායම – National Team කියන එක. නමුත් මේ බයිස්කෝප් එකට ඉංග්‍රීසියෙන් කියන්නේ Take Off කියලා. එකට හේතුව මම දන්නේ නෑ. නමුත් මේ ගැන විස්තරයක් හොයා ගන්න වෙන්නේ මේ නමින් තමයි. ඊගාවට මම කියන්න ඕනේ…

මුලින්ම පොඩි සටහනක් ලියන්න ඕනේ මේ බයිස්කෝප් එකේ නම ගැන. 국가대표 (ගුක්කා තෙප්යෝ) කියන එකේ සිංහල අදහස තමයි ජාතික කණ්ඩායම – National Team කියන එක. නමුත් මේ බයිස්කෝප් එකට ඉංග්‍රීසියෙන් කියන්නේ Take Off කියලා. එකට හේතුව මම දන්නේ නෑ. නමුත් මේ ගැන විස්තරයක් හොයා ගන්න වෙන්නේ මේ නමින් තමයි.

ඊගාවට මම කියන්න ඕනේ මේක මගේ පළමු වෙනි උපසිරසිය කියලා. ඉතින් මම උපසිරස ගැන්වීම ගැන මුකුත්ම නොදැන ඉන්න කොට බයිස්කෝප් වෙබ් අඩවියේ අය මට ඒ ගැන කියල දුන්නට ගොඩක් ස්තුතියි. මේ ගැන මගෙන් නිතරම විමසපු විකියා සහෝ ටත් ස්තුතියි කියන්න කැමතියි. මොකද ඔහුගේ උත්තේජනය මට ගොඩක් වැදගත් උනා. මේක මේ මාසේම දෙන්න මට විශේෂ හේතුවකුත් තියෙනවා.

හොඳයි එහෙනම් බයිස්කෝප් එක ගැන කියනවනම් IMDb එකේ 7.1 ක ඡන්දයක් ලබා ගෙන තියෙනවා. මේ නිර්මාණයට සත්‍ය සිදුවීමක් තමයි පාදක වෙලා තියෙන්නේ. මුජු නගරයේ ඉන්න වැදගැම්මකට නැති ජිවිත ගතකරන තුන්දෙනෙකුත්,ඇමරිකාවේ ඉඳන් තම අම්මව හොයාගෙන කොරියාවට ආපු කෙනෙකුත්, මේ අයගේ ජිවිතේ කාලකන්ණි කම නැතිකරගන්න කොරියානු ජාතික ස්කී ජම්ප් කණ්ඩායමට බැඳෙනවා. එක්කෙනෙක් බේබද්දෙක්, තවත් කෙනෙක් නිකමෙක්, අනිත් කෙනා කරන්න කරන්න දෙයක් නැතිකමට තමන්ගේ මන්ද බුද්ධික මල්ලිවයි වයසක අච්චිවයි බලාගන්න ඕනේ නිසා හමුදාවට යන්න බැරි කමට, තව කෙනෙක් තමන්ගේ අම්මව හොයාගෙන අම්මට හොඳින් සලකන්න ඕනේ නිසා මේ අය ස්කී ජම්ප් කණ්ඩායමට බැඳෙනවා. එදිනෙදා ජිවිතයේ ඇතිවෙන සිදුවීම් කොතරම් හාස්‍ය ජනකද යන්නත්, අවස්තාව අනුව මනුෂ්‍ය හැඟීම් කොතරම් සංවේදීද යන්නත්, මෙය සියුම්ව පෙන්නා දෙනවා. මේක බලලම ඒක තීරණය කරන්න. මම මේක ඔයාලට දෙන්නේ මගේ ගෑණු ළමයාගේ උපන්දිනේ වෙනුවෙන්. එහෙනම් මේක බලන්න කියල මම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

794 downloadsDownload Take.Off_.2009.SinhalaSubs.Baiscopelk.zip81 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෙලරු සින්බාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-09-14

Subtitles

794 downloadsDownload Subtitles81 KB

64 comments

  1. උදාර

    පට්ට මේ වගේ ඒවා සුපිරි කවුරුත් සබ් නොදෙන තරම්..ජය වේවා තවත් වෙනස් විදියේ එකක් දෙන්න :)

  2. දනුක

    අප්පා එළනේ නියම පහරක් වගේ එස් එම් එස් එක ආව ගමන් ආවේ.. බොහෝ පින් වේවා.

  3. kalinga

    හෙමීට බාගන්නවා බලන්න වටිනවා... මේක කියෙවුවහම මතක් උනේ අපේ ලංකාවේ ගැහුවා "මචං" ෆිල්ම් එක :)

  4. tharanga

    Thanks so much

  5. chamath cafe

    පට්ට මචං තව ඒවා ඕනේ ඉස්සරහට ජයම පතනවා

  6. chamath cafe

    පළමු සබ් එක වගේ ඒකටත් සුභ පැතුම්!!!!!!

  7. vee

    බාන්න දැම්ම පට්ට ජය

  8. rusuru | රුසිරු

    බොහොම ඉස්තූතියි

  9. සිංහලයා

    අනිවා බලන්න ඕනේ ජය....!

  10. naleen

    thx so much :)

  11. කැළුම්

    සුපිරි වැඩක් :) දිගටම කරමු

  12. dj

    ලොවෙත් නෑ මචෝ පළමු සබ් එකට සුභ පැතුම්

  13. samaith4

    බොහොම පින් සහෝ :)

  14. චරිත පොල්ගස්දෙණිය

    නියමයි පළවෙනි උපසිරැසියට
    උණුසුම් සුභ පැතුම් ......... :D
    ~ ජයවේවා ~

  15. අසංක

    මේ වගේ වෙනස් තේමා අරගත්ත ෆිල්ම්ස් හුගාක් අඩුයි ඒක නිසා ඇත්තටම හොද දෙයක්.ඉස්සරහටත් හොද ඒවා දේවි කියලා හිතනවා..පළමු නිර්මාණයට සුභ පැතුම්!

  16. කැලුම් ගූණසේකර

    පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් යාලුවා. ඒ වගේම ඔයාගේ ගෑණු ළමයාටත් සුභ උපන්දිනයක් ප්‍රාර්තනා කරනවා ඔන්න. දිගටම කරගෙන යමු.

  17. chamara

    Maxxa machan.thxxx

  18. එරංග

    ජය වේවා පළමු නිර්මාණයට..කතාව නම් පට්ට වගේ බලමු නේද :)

  19. darshana

    Thnxxx lot bro

  20. වෙනුර

    නියම උපන්දිනයක්.. ඔන්න පළමු උපසිරසට වගේම උපන්දිනයටත් සුභ පැතුම්!

  21. gayan

    Wow....cooolll txx

  22. wall e

    පළමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම්!!

  23. elakiri

    බලන්න ඕනේ සුභ උපන්දිනයක් සහ සුභ ගමන්

  24. ශ්‍යාමල්

    වා..ව් මෙවගේ ඒවාට මම කැමති.නියමයි හොදේ අනිවා බලනවා මේක නම් එල මචං

  25. ccnp

    thnxx good luck :)

  26. හොට්ටා

    සෙලරු සහෝට බොහොම තුති

  27. h[A]s

    ජය වේවා!!!!!!

  28. uda

    ඒක නෙමේ සෙලරු සින්බාද්, උඹට ගුටි කන්න වෙයිද දන්නෑ කෙල්ලගෙන්, මේක දීලා. :P
    ඇයි ඉතිං කෙල්ලගෙ උපන්දිනේට තෑගි දුන්නෙ අපටනේ... කෝ එයාට?
    ඔන්න අපි හෙම නෑ එහෙම උණොත් බේරගන්න උඹව!

    නියමයි සහෝ, කොරියානු භාෂාව හොදට පුළුවන් ඇති උඹට නේද?
    නැතිනම් ඉතිං කට්ටක් තමා...

    එහෙමනම් පළමු වැඩේට ජය වේවා!

    හැම මාසෙම කෙල්ලට උපන්දිනයක් තිබ්බනම් තමා හොද ;)

  29. ganidu

    පට පට ගාලා සබ් දෙනවා නේ දැන් අඩේ මෙහෙම දෙන්න එපා හොදේ දිගටම කොහෙද බන් බලන්න වෙලාවක් :(

  30. සුමුදු

    සුභ උපන්දිනක් වේවා..! :)
    ඉස්සරහත් සබ් දෙන්න ඔන්න

    ජය~~~~~~~~

  31. ashan

    wede nam mal 7i.
    ela ela.

  32. රංග

    මේකත් බලමු එහෙනම් මුලින් මොකක්ද බලන්න ඕනේ කියලා දැන් තුන්ඩු දාලා තමයි බලන්න වෙන්නේ සහෝලා..කොහෙන් කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ පිස්සු වගේ :(
    ඇත්ත බන් මේ දෙන දීමනාව අඩු කරමුද..වෙනදා වගේ එකක් දෙමු අපිට බාන්න කනෙක්ෂන් නෑ :(

    ඒක නිසා හෙමින් වැඩේ කරමු දවසට එක ෆිල්ම් එකක් දුන්නත් ඒක බලන්නත් වෙලාව නෑ කොහොමත් සතියකට ෆිල්ම් 3 ක් වගේ තමා බැලෙන්නේ එහෙම ඒකෙ මෙහෙම දුන්නහම ආයේ බලන්න වෙන්නෙම නෑ :(

    පොඩ්ඩක් මේ ගැන හිතලා අඩු කරන්න දවසකට 1 කක් දෙන්න හොදේ :)

    ජය වේවා සෙට් එකටම ..බයිස්කෝප් කියන්නේ ලොවෙත් නැති පට්ට සයිට් එකක්

  33. akila

    පට්ට කොල්ලනේ වැඩේ කරගෙන යමු

  34. g-a-n-d-u

    ස්තූතී :)

  35. ashan

    elzzzzzzz

  36. යසිරු මධුක

    පලවෙනි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම්. තවත් ෆිල්ම්ස් වලට උපසිරැසි යොදන්න ලැබෙන්න කියලා පතනවා. ජයවේව!

    තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවනේ, ඔයාගේ ගෑනු ළමයටත් සුබ උපන්දිනයක් කියලා කියන්න හොදේ.:D

  37. d2dinu

    ජයවේවා! ඔබේ පෙම්වතියට සුබ උපන්දිනයක් වේවා!

  38. Namal

    ගොඩාක් ස්තූතියි සහෝ වෙනස්ම ආරක බයිස්කෝප් එකක් වගේ බලමු බාගෙනම ආ අමතක වුනා ඔයාගේ ................ සුභ උපන් දිනයක් වේවා කියලා පාර්ථනා කරනවා.

  39. pubudu

    thnx lot :)

  40. BuLa

    කොරියාවේ ඉදන් කොරියන් ෆිල්ම් එකක් සිංහලෙන් බලනවා..එළමකිරි ඔහොම දිගටම යන්.

  41. අමීර

    බොහොම ස්තුති..........

  42. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    පලමු උපසිරැසියටත් සුභ පැතුම් වගේම ඔයාග් ගෑණු ලමයගේ උපන්දිනේටත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    බයිස්කෝප් සෙට් එකත් එක්ක එකතු වුන එක ගැන සතුටු වෙනවා සහෝ.තවත් දිගටම සබ් දෙන්න. ජයවේවා.

    අහිංසක හිත්නේ.

  43. selvaraj

    thank you buddy say hello to your girl friend i warmly wish her hpy brth day

  44. චමිඳු සඳකැලුම්(චමියා)

    බැලීම කෙසේ වෙතත් කොමෙන්ටුවකින් ස්තුතියි කියන ඒක වටිනවනේ.
    බොහොම ස්තුතියි යාලුවා. කවදාහරි බලන දවසකට මේක අනිවා ගන්නවා.
    මේකේ සබ් දෙන විදිහට වෙනම net connection එකක් ඕනේ වෙනවා.
    thank you again .

  45. me

    Thanks

  46. sanju

    පළමු සබ් එකට සුභ පැතුම්
    බොහොම ඉස්තූතියි

  47. දිනිඳු සම්පත්

    ස්තූතියි.. මුල් උපසිරැසියට සුභපැතුම්..

  48. දුමිඳු

    පලවෙනි සබ් එකට සුබපැතුම්.

  49. chamila

    thanks.....

  50. සෙලරු සින්බාද්

    යාලුවනේ කාටත් ස්තුතියි. මේකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම.(කොමෙට් දාපු නොදාපු සහ සුභ පතපු.)!

    @kalinga ඇත්තටම මේක මුලින්ම බලද්දී මටත් මතක් උනා මචං ෆිල්ම් එකේ සමහර රූගතකිරීම්.
    ඒ ගැන සදහන් කරන්න බැරි උණු එක අතපසූවීමක්.

    @uda "හැම මාසෙම කෙල්ලට උපන්දිනයක් තිබ්බනම්" එක තමයි අද දවසේ(මට අහන්න ලැබුණු නියමම.) කථාව. ;)

Load more comments