MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)තාමර දෙනුවන්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Adventures of Sherlock Holmes [S04:E04] with Sinhala Subtitles |විස්ටේරියා මන්දිරයේ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 7 votes.
Please wait...

 

The Adventures of Sherlock Holmes

ඔන්න මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තවත් එක කතාවක් අරගෙන ආවා. චිත්‍රපටියකට සබ් දෙන්න හිටියත් චිත්‍රපටියක් හොයාගන්න බැරිවුනානේ. චිත්‍රපටියක් ලැබුණ ගමන්ම ඒකට සබ් දෙනවා. කතාව ගැන කිව්වොත් මේක සිව්රහස් සලකුණ පොතේ තියෙන The Adventure of Wisteria Lodge හෙවත් විස්ටේරියා මන්දිරයේ වික්‍රමය කියන කතාව.

අපූර්ව කියන වචනයේ ඛේදවාචකයක් හෝ භයානක දෙයක් කියන අර්ථය ගැබ් වෙලා තියෙනවා. ඒ වචනය අපරාධමය පැත්තට බරවෙලා බව පෙනේවි“

හෝම්ස් මේ කතාව කියන්නේ මේ කතාවේ ගැටළුවට මුහුණපාන ස්කොට් එකල්ස් කියලා සිතියම් ශිල්පියෙක් එවපු ලියුමේ තිබුණ නිසයි. ගාසියා කියලා කෙනෙක් ඔහුව තමන්ගේ ගෙදරට ගෙන්වා ගන්නවා. ඒ ගෙදර ගැන විශේෂයෙන් ඒ ගෙදර කෝකියා ගැන අමුතු මූසල ගතියක් එකල්ස්ට දැනෙනවා. එදා රෑ මැද ගාසියා ඇවිල්ලා එකල්ස්ව ඇහැරවනවා. ඒත් උදේ  එකල්ස් ඇහැරිලා බලද්දී කලින් දවසේ ගෙදර හිටපු ගාසියාවත්, අර කෝකියාවත් පේන්න නැහැ. ඔහු විතරක් ගෙදර තනිවෙලා. මේ හින්දා ගාසියාට මොකද වුණේ? මේ විදියක වැඩක් කළේ ඇයි? කියන ප්‍රශ්න වලට උත්තර හොයන්න එකල්ස් හෝම්ස්ව හොයාගෙන එන්නේ “අපූර්ව“ සිද්ධියකට මුහුණ පෑ බව කියමින්. ටික දවසකින් මේ ගාසියා මරලා දාලා තියෙන බව දැනගන්න ලැබෙනවා. ඉතින් කොහොමද ගාසියා මැරුණේ? කවුද ඔහුව මැරුවේ? ඇයි ඒ? අර ගෙදර හිටපු අයට මොකද වුණේ? මේ ප්‍රශ්න වලට උත්තර මේක බලලම හොයාගන්න.

මේ කතාවෙදිත් කලින් කතාවෙදි වගේ ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කරන ඒවා තිබුණා. මම සමහර දෙබස් වල අර්ථය අවස්ථාවට අනුව හිතලා දාලා ඇති. හිතාගන්න බැරි දෙබස් වල [ස්පාඤ්ඤ භාෂාව] කියලා දාලා ඇති. ඒක අවුලක් වෙන එකක් නැහැනේ. එහෙනම් හතරවෙනි කතා මාලාවේ අවසන් කොටස තමයි ගේන්න තියෙන්නේ. මට මතක හැටියට නම් ඒකෙ නම “නාවික ගිවිසුමේ අබිරහස“ නේද? ඒ කතාවත් අරගෙන ඉක්මනින්ම එන්නම්.

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/B54wY” type=”icon” “center” newwindow=”yes”] 375 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

9d3943972a296a3c8e53b17209efe876bec002d4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2467 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                           Next Episode>>

27 thoughts on “The Adventures of Sherlock Holmes [S04:E04] with Sinhala Subtitles |විස්ටේරියා මන්දිරයේ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

  • Sajith Randika

    Ai meke sub eka nawaththuwe….

    Aparadee broo.. meke ithuru sub tika compleate karannakoooooo…

    Reply
  • සුපිරියි… බොහොම් ස්තූතියි උපසිරැසියට….

    Reply
  • ko me season 5 eke sub

    Reply
  • niyama wadak habai tikak parakkui

    Reply
  • tharindu Rangana

    ඉතුරු ටිකටත් ඉක්මනට දෙන්න…!!!

    Reply
    • ටිකක් දවස් යයි සහෝ….ඊට කලින් වෙන සබ් එකක් දෙන්න තියෙනවා.

      Reply
  • සබ්””’එකට නම් ගොඩක් ස්තුතියි…..සහෝ……
    කලබල වෙන්න ඕනේ නැහැ සහෝ……කතා මාලාව පිළිවෙලට දුන්නනම් ඇති….
    ”””ජය වේවා……….

    Reply
  • නලින් පෙරේරා
    ස්තූතියි වේවා තාමර මල්ලියා සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • ඔන්න මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ චිත්‍රපටි 4ක් තියනවා ඒවා Translate කරලා දෙන්න
    The Sign Of Four
    The Hound Of The Baskervilles
    The Master Blackmailer
    The Eligible Bachelor

    Reply
    • මේකෙ සිව් රහස් සලකුණ දැනටමත් දීලා තියෙනවනේ්‍. ඉතිරි ටික දෙන්න බලන්නම්

      Reply
  • බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chinthaka

    thamara malliyoooo supiri eeeeee degatama sub demu…..

    Reply
  • Sub eka hariyata wada na

    Reply

Leave a Reply to Indika Cancel reply

Your email address will not be published. Required fields are marked *