1999 දි යොගස්ලවියාවේ NATO (නේටෝ) බෝම්බ ප්‍රහාරය කොසෝවා යුද්ධය අතරතුර සිදුවූ මහා ඛේදවාචකයක්. 1999 මාර්තු 24 සිට ජූනි 10 දක්වා යෝගස්ලවියාවට මේ බෝම්බ සහ ගුවන් ප්‍රහාර එල්ල වූවා. බෝම්බ ප්‍රහාර වලින් සිවිල් වැසියො 489ත් 528ත් අතර ප්‍රමාණයක් මිය යනවා. පොදු ස්ථාන, කර්මාන්ත ශාලා, පාලම්, පුද්ගල ව්‍යාපාර හමු…

1999 දි යොගස්ලවියාවේ NATO (නේටෝ) බෝම්බ ප්‍රහාරය කොසෝවා යුද්ධය අතරතුර සිදුවූ මහා ඛේදවාචකයක්. 1999 මාර්තු 24 සිට ජූනි 10 දක්වා යෝගස්ලවියාවට මේ බෝම්බ සහ ගුවන් ප්‍රහාර එල්ල වූවා. බෝම්බ ප්‍රහාර වලින් සිවිල් වැසියො 489ත් 528ත් අතර ප්‍රමාණයක් මිය යනවා. පොදු ස්ථාන, කර්මාන්ත ශාලා, පාලම්, පුද්ගල ව්‍යාපාර හමුදා ස්ථාපන වගේ දේවල් විශාල වශයෙන් විනාශ වෙනවා. ඉතින් මේකට මුල් උන NATO සංවිධානය ගැන හැදින්වූවොත් NATO කියන්නෙ ( උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය-North Atlantic Treaty Organization) මේක උතුරු ඇමරිකාව ඇතුලු රටවල් 29ක් අතර තියෙන අන්තර් රාජ්‍ය හමුදා සන්ධානයක්. 1949 අප්‍රේල් 4 තමයි මේ සංවිධානය ආරම්භ වෙන්නෙ. NATO කියන්නෙ සාමූහික ආරක්ෂක පද්ධතියක්. ඒ සංවිධානයේ රටවල්වලට වෙනත් ඕන පාර්ශ්වයක් ප්‍රහාර එල්ල කරොත් ඒකට ප්‍රතිචාර දක්වද්දි එකිනෙකාගෙ ආරක්ෂාව වෙනුවෙන් බැදිලා ඉන්නවා. අන් ජාතින්ගේ ලේ වැගිරීම්, වාර්ගික වාදය, ජන සංහාර අසල්වැසි රටවල් අල්ලගැනීමට තැත් කිරීම වගේ ඇල්බේනියානු ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා කලාපය අස්ථාවර කරන්න තමයි එක්සත් ජාතින්ගේ සංවිධානය, නේටෝ සංවිධානය වගේ සංවිධාන මැදිහත් වෙන්නෙ.
NATO සංවිධානයට අයත් රටවල් යුධමය කටයුතු සදහා එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් අවසර ගන්න හැදුවත් චීනය සහ රුසියාව ඒකට විරුද්ධ වෙනවා. ඉතින් එක්සත් ජාතින්ගේ අනුමැතියක් නැතුව හමුදා බලය පාවිච්චි කිරීම නිසා ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරමින් ස්වෛරී රටකට එරෙහිව සිදු කර නීති විරෝධී යුද්ධයක් විදිහට නේටෝ යුද්ධය විස්තර කෙරෙනවා.
මේ චිත්‍රපටිය 2019 මාර්තු 21දින රුසියාවේ යෝගස්ලවියාහි සිදුවූ බෝම්බ ප්‍රහාරයේ 20වන සංවත්සරය සදහා තමයි නිකුත් කරන්නෙ. කතාව දිව යන්නෙ නේටෝ බෝම්බ ප්‍රහාර අතරතුර ඇල්බේනියානු ත්‍රස්තවාදී නායකයා වන ස්මොක් ඇතුළු ත්‍රස්තවාදීන් විසින් ස්ලටීනා කියන ගුවන්තොටුපොළ අත්පත් කරගන්න එක වැලැක්වීමට හිටපු රුසියානු බුද්ධි නිලධාරියෙක් වන ඇලන් බෙක් අන්ඩ්‍රේ ශටලාවා ප්‍රමුඛ අති දක්ෂ හමුදා කණ්ඩායමක් සමග තම ජීවිත පරදුවට තබා කරන සටන පිළිබඳවයි. 20th Century Fox සමාගමේ බෙදාහැරීමක් වන මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Andrey Volgin විසින් කරලා තියෙන්නෙ. නිෂ්පාදනය Gosha Kutsenko. 7.8ක IMDb අගයක් ලබාගැනීමට ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. ධාවන කාලය පැය දෙකයි විනාඩි 10ක්. රුසියානු-සර්බියන් භාෂා වලින් තමයි දැනට චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නෙ. Action-war ගනයට තමයි මේක වැටෙන්නෙ. ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක මුදලක් චිත්‍රපටියට වැය කරලා තියෙනවා. පළමු සතියෙම ඒ මුදලින් භාගයක් පමණ ලබාගන්න සමත් වෙනවා. Anton Pampushnyy, Emir Kusturica, Ravshana Kurkova, Milos Bikovic, Yuriy Kutsenko වගේ දක්ෂ නළු නිළියන් රැසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. ඉංග්‍රීසි යුධ චිත්‍රපටිම බලපු අයට මේක වෙනස් අත්දැකීමක් වෙයි කියලා හිතනවා. ඔය තමයි මේ චිත්‍රපටියෙ වැදගත්ම කරුණු ටික.
කොහොමහරි මාස එකහමාරකට විතර පස්සෙ තමයි මට උපසිරැසියක් අරන් එන්න උනේ. මේ පාර මං තෝරගත්තෙ නම් ටිකක් වෙනස් චිත්‍රපටියක්. ඉංග්‍රීසි චිත්‍රපටියක් නොකර ගොඩක් අය නොබලන රුසියානු චිත්‍රපටියක් තමයි අරන් ආවෙ. හැබැයි මේක බාරගෙන ලෝක අමාරුවක වැටෙන්න සිද්ධ උන බවත් කියන්න ඕනි. මොකද තාමත් මේ ෆිල්ම් එකේ නිවැරදි එක ඉංග්‍රීසි උපසිරැසියක් නෑ. සමහර ඒවගෙ රුසියන් සර්බියන් ලයිනුත් තියෙනවා. තවත් ඒවගෙ ටයිම් ලයින් අවුල් වෙලා. ඒ නිසා බාරගෙන සති දෙකක් විතර හොද චිත්‍රපට පිටපතක් සහ උපසිරැසියක් එනකන් බලන් හිටියත් ආවෙ නෑ. ඒ නිසා හිමින් දැනට නිකුත් වෙලා තිබ්බ සබ් එක කරන්න ගත්තා. අන්තිමේදි ටයිම් ලයින් අලුතින් දාලා, රුසියන් සර්බියන් සබ් ට්‍රාන්ස්ලේට් කරලා හිමීට සබ් එක කරගෙන යද්දි මැදක ටයිම් ලයින් සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ආයෙත් ඒවා හදලා සබ් එක ඔක්කොම ඉවර කරද්දි දන්නෙම නැතුව මාසයක් විතර ගිහිල්ලා. ඉතින් සමාවෙන්න ඕනි කවුරුහරි මේක සබ් එක්ක බලන්න හිටියනම්. සබ් එක පුලුවන් උපරිමයෙන් හදලා තියෙන්නෙ.ඒත් සමහර වචන වලට තේරුම් හොයාගන්න අපහසු නිසා ඒවට ගැලපෙන වෙන යෙදුම් දාලා තියෙන්නෙ. ටයිම් ලයින්වලත් පොඩි ප්‍රශ්න ඇති. මොකද මේ ෆිල්ම් එකේ සමහර පිටපත්වල රුසියන් වෙළඳ දැන්වීම් වගේ ඒවා තිබ්බා. එතකොට එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. මං සමහර ලයින් වෙනස් කරපු හින්දත් එහෙම වෙන්න පුලුවන්. ඒ වගේම තිසර නියෝ සහෝටත් අශාන් සහෝටත් ස්තූති වෙනවා සබ් එක දෙනකන් ඉවසීමෙන් කටයුතු කරාට. ඔය ටික තමයි කියන්න තියෙන්නෙ. ඒ වගේම අන්තිමට සබ් එකේ ගුණදොස් ගැනත් අදහසක් දාගෙන යන්න කියලා මතක් කරනවා.
ඉතින් හොද පිටපතක් ආව ගමන් පුලුවන් ඉක්මනින් උපසිරැසිය යාවත්කාලීන කරලා දෙන්නම්. එතකන් තවත් බයිස්කෝප් එකකින් ඉක්මනටම හමුවෙමු. හැමදෙනාටම ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
24,838 downloadsDownload The.Balkan.Line_.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුභාෂණ බණ්ඩාර
Subtitles
123 comments
Shansenarathne
deshan vidusanka
Thank you!!
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekata....
Ruwanpc
Film eka gaththa link eka mokakda bro
madhubashana bandara
thanks
CREATIVE Alpha
Film eka hoya ganna bane bro...plz help me.........
dsdkavishka
Thenks bro
lahiruboola
khomada me film download karannw
AKilaperera12345
THANXXCC
Suranjan
Thanks jayawewa.....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sandaru
Thanks for sub.good luck bro
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සහෝ සබ් එකට....
ජය වේවා.!sumithwickramarachchi
thanks
buddika sudarman
supiri
gayanarti
sub eka issella watenawa time set wela nane
DasunIndulaPerera
Sub eka open karanna bane bn.. download unata storage eke na.
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....මාසයක් නෙමෙයි මාස ගානක් ගියත් කමක් නෑ උපසිරැසි නියමෙට ගලපලා දෙනවා නම් එ ඇති සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
milinda8812
ඔබේ මහන්සියට....
බොහෝමත්ම ස්තුතියි!මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .මධුභාෂණ bro
waruna23
Subtitles wala sahena loku gap ekak thiyenawa bro..spanish nisa patta amarui hari thanata gannath :(
AKilaperera12345
SUb ohe ynw bn time awl
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!chamodlakchan
thanks bro
chamodlakchan
thank you bro
Manjula Senaratna
ටයිම් ලයින් පිස්සු කෙලිනවා. ෂිට්
පුළුවන් නම් හඳලා දියන්
700mb අපරාදේ මස්සිනාkelum2000
සබ් එකට බොහෝම ස්තුතියි.
මම openload ඒකෙන් 620MB පිටපත ගත්තේ. ඒ්ක ගන්න ඒපා ඒකේ advertisement යනවා. සබ් ඒකෙත් අවුලක් තියෙනවා වගෙයි. ඒ්ත් උත්සාහයට බොහොම ස්තුතියි.Kanchaka
Thanks bro
Manjula Senaratna
620 නෙමේ ඔක්කෝම එවායේ ටයිම ලයින් අවුල්
620 එක් ඇඩ් එහෙමත් යනවා තමයි.මාත් කමේන්ට් බලන්නේ නැතිව සයිට් එකෙන් බලලා ඩවුන්ලෝඩ් කලේ. අපරාදේ
සබ් එකට තැන්ක්ස්
ඇඩ්මින් අයියලා - පුළුවන් නම් ෆිල්ම් එක තප්පර ගාණක් වගේ ප්ලේ කරලා සර්වර් එකට අප් කලා නම් පට්ට වටිනවා. එහෙම උනා නම් ටයිම් ලයින් අවුල් අහු වෙනවනේ
Nandana_kumara
Tu brother
Bobby
You are great man. Good luck
Sujee
thnquuuuuuu
Tharindhumadhusanka
El bn ela
AKilaperera12345
MChn aye hri gassala dpmko 620mb ekta hariynd loku deyk bn time ehm mara awl
Asanke
Thanks for sub
lighthouse american
මහන්සියට ගොඩක් පිං සහෝදරයා..
Hashferdz
sub eke time awl bn,epa wenawa balanna,puluwannm sub eka fix karala dapan,sub eka hadannath therum ganna amarui bashawa nisa,anika add yana nisa patta awl sub eka video eke.
akilaperera121987
good work
thilz
thank youuuu
D.Chamara
bohoma sthuthi sahooo
gayanarti
sub eke time hadala dammoth kiyana yalu
Thevidu99
Sub eke time hadala dennako....
chinthaka_priyadrshana
film eka nam fatta wage...Timing aula hadala denna bro....Thank u......
Monro Buultjens
MPC-HC x64 dowlod karala f1 aken sub aka hadanna puluwan f2 wadi karanna puluwan natnam km playe nam shift & p akan natnam { puluwan
chanukapurnajith
Thanks bro...
Gayansampath3731
TNq machan fatta
susa1980
The.Balkan.Line.2019.480p.WEB-DL..mkv සබ් එක full අවුල් සහෝ....
Kapila4499
thanks for sub
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Sandun
SUbbake hamathanama time aul hadala danwada?
suranuwan
thanks bro..
Thilankadissanayake
THANKS
Nirosha Nirosha
thanks
gayan215
bohoma sthuthi saho...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Tnx mcn