ආයූබෝවන්! අනේ මන්දා මොනවා කියන්නද කියලා, කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා. ඔව් මේ මගේ උපසිරැසි දිවියේ පලවෙනි කඩයිම එහෙම නැත්තම් 50 වැනි උපසිරැසිය. 50 නම් මේ වෙනකොට පහුවෙල හමාරයි. ඒත් අපේ සයිට් එකේ සම්ප්‍රදායක්නේ කඩයිම් වලට විශේෂයක් කරන එක. එහෙනම් පොඩි කතාවක් කියන්න යන්නේ මුලින්ම කියන්නම් ඒ…

ආයූබෝවන්! අනේ මන්දා මොනවා කියන්නද කියලා, කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා. ඔව් මේ මගේ උපසිරැසි දිවියේ පලවෙනි කඩයිම එහෙම නැත්තම් 50 වැනි උපසිරැසිය. 50 නම් මේ වෙනකොට පහුවෙල හමාරයි. ඒත් අපේ සයිට් එකේ සම්ප්‍රදායක්නේ කඩයිම් වලට විශේෂයක් කරන එක. එහෙනම් පොඩි කතාවක් කියන්න යන්නේ මුලින්ම කියන්නම් ඒක කියන්න අකමැති අය පල්ලෙහාට ගිහිල්ලා සබ් එක අරගන්න හොදේ. එහෙනම් මම මෙහෙම පටන් අරගන්නම්.
2017 අන්තිම වගේ වෙනකොට තමයි ඇත්තටම මම මේ සයිට් එක ගැන දැනගත්තේ. ඒකත් දැනගත්තේ පාසලේ යාළුවෙක්ගෙන් බලන්න කියලා ඉල්ලගෙන ආපු ෆිල්ම් ටිකක් නිසා. ඒවගේ තිබ්බා Baiscopelk.com කියලා එතකොට තමයි මම දැනගත්තේ මෙහෙම උපසිරැසි දෙන සයිට් එකක් තියෙනවා කියලා. ඒත් එක්කම තමා ඉන්ටර්නෙට් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්නත් ඉගෙනගත්තේ. එතකන් කඩේකට ගිහින් ඩීවීඩ් එකක් අරගෙන ඇවිල්ලා තමයි ෆිල්ම් එකක් බැලුවේ. ඒත් එදායින් පස්සෙ මම සම්පූර්නයෙන්ම බයිස්කෝප් එකේ රසිකයෙක් වුනා. ෆිල්ම් විතරක් බලපු මම ටීවී සීරීස් වලටත් ඇබ්බැහි වුනා. එහෙම සබ් අරගෙන සයිට් එකෙන් ෆිල්ම් එහෙම බල බල ඉන්නකොට මටත් හිතුනා සබ් එකක් කරන්න ඕන කියලා, ඒත් කොහොමද කරන්නෙ කියලා හොයන කොට සයිට් එකේම තිබ්බ ලිපියකින් ඒ ගැන සම්පූර්න විස්තර හොයාගත්තා. ඊට පස්සේ තමයි මම සයිට් එකට මේල් එකක් දැම්මේ. එදා මට රිප්ලයි කලේ සිසිල ප්‍රසාද් අයියා, එයා තමා සයිට් එකෙන් මට මුලින්ම මුන ගැහුනේ. සිසිල අයියා කියලා තිබ්බේ Godzilla-Planet of monsters 2017 ෆිල්ම් එක තියෙනව ඒක කරමු කියලා. ඒක කරන්නම් කියල භාරගත්තම තමයි තේරුනේ ෆිල්ම් එකක් බලනවා වගේ නෙමෙයි සබ් එකක් කරන්න තියෙන අමාරුව. ඒත් කොහොමහරි දුක් විදගෙන වැඩේ ඉවර කරලා යැව්වා. එදත් සබ් එකේ තිබ්බ වැරදි පෙන්නලා දීලා මට උදව් කලේම සිසිල අයියා තමයි. එදා පටන් අරගත්ත මේ උපසිරැසි ජීවිතයට මේ වෙනකොට මාස 10-11ක් වගේ පොඩි කාලයක් තමා වෙන්නේ. 2018.06.30 තමා මම සයිට් එකට සම්බන්ධ වුනේ. එදා ඉදලා අද වෙනකන් වුන පුංචි කාලය තුල උපසිරැසි 50ක් කරන්න ලැබීම එක අතකින් විශ්වාස කරන්නත් බැරි දෙයක් වගේ. අනික මම් හිතුවේ නෑ මේ උපසිරැසි කරන එක මෙච්චර දුර කරගෙන එන්න හැකියාවක් මට තියේවි කියලා. කොහොමහරි එක අතකින් මේ සබ් කෙරුවාව කොටි වලිගේ අල්ලගත්තා වගේ තමා. අතරින්න බෑම තමා. ඉතින් මේ වෙනකොට කරලා තියෙන උපසිරැසි 53 තුල මේ වෙනකොට මම 39ක්ම ටිවී සිරීස් කොටස් තමා කරලා තියෙන්නේ ඒ වගේම 14 ක් චිත්‍රපටිත් කරලා තියෙනවා. අනික මේ ඔක්කම ඇතුලේ භාෂා 12ක උපසිරැසි ඇතුලත් වෙනවා. ඉතින් මේ ඔක්කම ගැන මට ලොකු ආඩම්බරයක් වගේම ලොකු සතුටක් දැනෙනවා. වචනයෙන් කියන්න බැරි තරමේ පෞද්ගලික සහනයක් දැනෙනවා. කිසිදු ලාභ අපේක්ෂාවක් නැතුව මේ කරන සේවාව ගැන ඇත්තෙන්ම නිහතමානි සතුටක් ඇති උපසිරැසි කරන අපේ සියළුම සහෝදර සහෝදරියන්ට. ඉතින් මේ මාස කිහිපය තුල අපේ මේ බයිස්කෝප් වෙබ් අඩවියේ පිරිස පවුලක් වුනා කිව්වොත් නිවැරදියි. දෙවැනි පවුල. හුගක් නිහතමානි සහෝදර බැදීමක් අපි අතරේ තියෙනවා කියන්න පුළුවන්. කවදාවත් හමු වෙලා කතා බහ කරලා නැති වුනාට හම්බුවෙලා කතා බහ කරලා තියෙන අයටත් වඩා සබදතාවක් අපි අතරේ තියෙනවා. ඒකම ඇති මේ සයිට් එකත් එක්ක දිගටම රැදී ඉන්න.
තව දෙයක් මේ සයිට් එක 2009 ආරම්භ කරපු පොතේගුරා අයියා එහෙම නැත්තම් ඉසිර අයියව මේ මොහතේ මතක් නොකරම බෑ. ඔහු නොහිටින්න අද අපට මේ වගේ සයිට් එකක් නොතිබෙන්න තිබ්බා ඒ වගේම ශ්‍රී ලංකාවේ මුල්ම නිදහස් උපසිරැසි නිර්මාණය ලබාදුන්න පුද්ගලයා වගේම අපේ සයිට් එකේ වැඩිම උපසිරැසි ප්‍රමාණයකට හිමිකම් කියන පුද්ගලයා වෙන රොයිලි ප්‍රනාන්දු අයියවත් අමතක කරන්නම බෑ. ඊට පස්සේ මට ළගින්ම ඇසුරු කරන්න ලැබුන ඇඩ්මින් මණ්ඩලයේ හසන්ත වික්‍රමරත්න අයියා, අශාන් විමුක්ති (විමා) අයියා, ප්‍රදීප් රණතුංග අයියා (ලෝගන්), සිසිල ප්‍රසාද් අයියා, චාමර සම්පත් අයියා, ආසිරි ප්‍රියන්ත අයියා, තිසර නියෝ අයියා, සමීර කරුණාරත්න අයියා, සමන් ප්‍රසාද් අයියා වගේම නිර්මාණි විජේසිංහ අක්කා සහ නවෝදිනි තිලිණි අක්කවත් මතක් කරන්න ඕන මේ අවස්ථාවේ. විමා අයියා, සිසිල අයියා, හසන්ත අයියා තමා හුගක් දුරට මට උපසිරැසි කරණයේ හුගක් දේවල් කියා දුන්නේ. ඊට පස්සේ අපේ උපසිරැසි කණ්ඩායමේ සදුන් ධනුෂ්ක අයියා (පීටර් කුයින්), උදයංග සම්පත් අයියා (අපෙ ගමේම කෙනෙක් තමා), රවිදු රුක්ෂාන් අයියා, ඉසුරු සම්පත් අයියා , තරිදු ගමගේ අයියා, නුවන්ත දුලාන් අයියා, තාරක නුවන් අයියා, නිලපුල් මධුකප්‍රිය අයියා, මලිත් මදුෂාන් අයියා, ළහිරු ප්‍රසාද් අයියා, අචින්ත උදයංග අයියා, ශසිත් සදරුවන් අයියා, මයුර සුරාජ් අයියා, දිල්ශාන් සචින්ත අයියා, චානක ඉදුනිල් අයියා, ඔෂධ ධනංජය අයියා, දසන් බුද්ධික අයියා, තරිදු රුක්ෂාන් අයියා, සොහාන් ජයසූරිය අයියා, ඉමේෂ් ලක්ෂාන් අයියා, කාවින්ද බුද්ධික අයියා, නවීන් නිසල් ධනුෂ්ක අයියා, පසිදු මධුමාල් අයියා, හිරාන් එරන්ද මල්ලි කියන සහෝදරවරු වගේම හෙළිලි හේමමාලි අක්කා, සෙව්මිණි බණ්ඩාරනායක අක්කා, දිලේකා ප්‍රබෝධනි අක්කා, දහරා මුතු අමා අක්කා, සොනාලි තාරකා අක්කා, නෙතිනි නිමන්තිකා අක්කා කියන සහෝදරියන් ඇතුළු සියලුම උපසිරැසිකරුවන්ව මේ මොහතේ මතක් කල යුතුමයි. විශේෂයෙන්ම මට ලගින් ඉදපු මලිත් වීරමුණි අයියයි බේනුක සේනාධිර මලයයි කවිනු වීරක්කොඩි මලයයි මේ මොහොතේ මතක් කරන්නම ඕන. (අනේ සමාවෙන්න ඕන කාගේ හරි නම වැරදිලා හරි මග ඇරිලා හරි නම්.)
ඔහොම තමා මේ උපසිරැසි ජීව්තය ගත වුනේ. කියන්න තියෙන්නේ උපසිරැසි 400 ගණන්, 300 ගනන් කරලා ඉන්න සහෝදරවරුන් එක්ක බැලුවම මම කියන්නේ තාම ආධුනිකයෙක් විතරයි. මේ උපසිරැසි කිරීම දිගටම කරගෙන යන්න හිතාගෙන ඉන්නවා, හැබයි මේ අවුරුද්දේ උසස් පෙල විභාගය නිසා මාස කිහිපයක් යනතුරු උපසිරැසි කිරීම අවම කරන්න සිද්ද වෙනවා, ඒත් ඊට පස්සේ දිගටම වැඩේ කරගෙන යනවම තමා. මොකද මේක අතාරින්න බෑ. ඒකයි ඇත්ත. අනික මරණ තර්ජන මැද්දේ හෙන ගේමක් දීලා තමා මේ දක්වා කරපු සබ් ටික කලේ, ඉතින් එහෙම එකේ උසස් පෙල ඉවර වෙනකන් ටිකක් ඈත් වෙන එක ඇගට හොදයි.
තව දෙයක් කියන්නම ඕන ඒ තමයි අපි මේ කරන සේවය කිසිම ලාභ අපේක්ෂාවක් නැතුව කරන දෙයක්. එහෙම කරලා අපිට ඉතුරු වෙන්නෙ සබ් එකක් ගන්න තැනට පහල තියෙන කොමෙන්ට් ටිකයි, ඩවුන්ලෝඩ් කවුන්ටර් එකේ ගාන දිහා බලලා ඇතිවෙන සතුටයි විතරයි. එහෙම තියෙන කොමෙන්ට් බොක්ස් එකෙත් සමහරක් උපසිරැසි කරන සහෝදරයින්ට කියන සමහර දේවල් වලින් ඔවුන් අධෛර්‍ය්මත් වෙනවා. උපසිරැසි කිරීම එපා වෙනවා. ඒ නිසා ඒ ගැන හිතලා අපිව ධෛර්‍යමත් කරන එක විතරක් කරන්න. වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දෙන්න ඒකේ කිසිම වැරද්දක් නෑ. එහෙම නැතුව කිසිම තේරුමක් නැතුව වෙන දේ නොදැන, අපි දරන මහන්සිය නොදැන බනින්න හදන්න එපා. සබ් එකක් පරක්කු වුනොත් ඒ උපසිරැසි කරුවාගේ කාර්‍යබහුලත්වය නිසා මිස හිතලා කරන දෙයක් නෙමෙයි. දහසක් වැඩ රාජකාරි මැද්දේ තමා මේ වැඩේ අපි හැමෝම කරන්නේ. එහෙම එකේ තවත් ඒ උපසිරැසි කරුවන්ට ප්‍රෙසර් කරන එකෙන් වෙන්නේ පාඩුවක්. ඔයාලටම පාඩුවක්. (මේක ආයාචනයක්/ඉල්ලීමක් විදිහට පිළිගන්න) එහෙනම් ඔය අටුවා ටිකා ටිප්පනි මදෑ නේද? හැරෙමු එහෙනම් කතාව දිහාට. ඒකට කලින් මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටය මම කරන්න හිටපු එකක් නම් නෙමෙයි. මට කඩයිමට හොද චිත්‍රපටයක් මාසයක් තිස්සේ වගේ හොය හොය ඉද්දි තමා මේක මට නිර්මාණි අක්කා දුන්නේ, ඉතින් එයාට මේක මට ලබාදීම ගැන හුගක්ම ස්තූතිවන්ත වෙනවා.
Walt Disney Studios කිව්වම කවුද දන්නේ නැත්තේ නේද? එතකොට Motion Pictures කිව්වම ඔව් ඒකත් දන්නවනේ හැමෝම වගේ. ලොකු පොඩි කවුරු අතරත් බොහෝ ජනප්‍රිය චිත්‍රපට රාශියක් මේ සිනමා ඉතිහාසයට එකතු කරපු බොහොම ප්‍රසිද්ධ ආයතන දෙකක් තමා මේ. ඉතින් මේ ආයතන දෙකම අයිති වෙන්නේ Walt Disney Company එකට. ඉතින් මේ ආයතන දෙක එකතු වෙලා කලින් කරපු හුගක් චිත්‍රපටි ඔයලා බලලා ඇති. දැන් හුගක් චිත්‍රපට හදන විශාල ආයතන අයිති Disney Company එකටම තමා. ඉතින් මේ Disney ආයතයෙන් අලුතින්ම එළිදක්වපු ලොකු කුඩා බාල මහළු හැමෝටම එකට සිට නරඹන්න පුළුවන් චිත්‍රපටිය තමයි අද මම මේ අරගෙන ආවේ. පොඩ්ඩෝ නම් හුගක් මේ චිත්‍රපටියට කැමති වෙයි. පොඩ්ඩෝ කියලා කිව්වට ලොකු අයත් ආසයිනේ පොඩ්ඩොන්ගේ චිත්‍රපට බලන්න. මෙන්න ඒකට කියාපු චිත්‍රපටයක්. ඒක තමා Dumbo චිත්‍රපටය. 2019 මාර්තු 29 වෙනිදා තිරගත කිරීම ඇරඹු මෙම චිත්‍රපටය සාර්ථකව තම ගමන නිමා කලේ බොක්ස් ඔෆිස් ලේබලයද තමා සතු කර ගනිමින් බව ඔබ දන්නවත් ඇති සමහර විට නොදන්නවාත් ඇති.
1941 තිරගත කරපු Dumbo ඇනිමේෂන් චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් විදිහට තමා මේ 2019 Dumbo චිත්‍රපටය එළිදකින්නේ. ඒ 1941 චිත්‍රපටයට පාදක වෙන්නේ Helen Aberson සහ Harold Pearl විසින් රචනා කරපු ළමා කතා පොතක්. එදා ඒ චිත්‍රපටයට Academy Awards සම්මාන උළලේදි එහෙම නැත්තම් කවුරුත් දන්න Oscar සම්මානයක් පවා හිමි වෙනවා. ඒ Best Scoring of a Musical Picture කියන සම්මානය ඒ වගේම ඒ සිනමා උළලේදීම Best Original Song සම්මානයට නිර්දේශ පවා වෙනවා, 1947 දී Cannes Film Festival සම්මාන උළලේදි Best Animation Design සම්මානය පවා හිමි කරගන්නා මේ චිත්‍රපටය තවත් සම්මාන උළලෙවල් වලදි සම්මාන සදහා නිර්දේශයන් සිදු වී තිබෙනවා. ඉතින් මේ ආකාරයට එදා තිරගත වුන චිත්‍රපටය ඉන් වසර 78කට පසුව නැවත ප්‍රති නිර්මාණය කිරීම එක අතකින් හොද උත්සහයක් කියන්න පුළුවන්. ඒ වගේම මේ 1941 චිත්‍රපටයෙන් පසු Dumbo’s Circus නමින් 1985දී තවත් Live Action කතාවක් නිර්මාණය වුනා. නමුත් එය සාර්ථක වූයේ නෑ.
ඉතින් මේ වසරේ තිරගත වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සිදු කරන්නේ සුප්‍රසිද්ධ Tim Burton නම් අධ්‍යක්ෂකවරයා. ආ…. දන්නේ නැද්ද?? සුප්‍රසිද්ධ කිව්වට අදමද ඇහුවේ… හෝව් හෝව්. එහෙනම් ඔයාලට ඔහුව මග ඇරිලා. එහෙනම් ගිහින් බලන්න Alice in Wonderland, Charlie and the Chocolate Factory කියන ලෝකප්‍රසිද්ධ චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා කවුද කියලා. ඔව් ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි Tim Burton තමා. ඉතින් ඒ වගේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්ගෙන් තමා මේ Dumbo චිත්‍රපටය අධ්‍යක්ෂණය සිදු වෙන්නේ. එතකොට නිශ්පාදනය සිදු වෙන්නෙ
Justin Springer
Ehren Kruger
Katterli Frauenfelder
Derek Frey
කියන අයගේ අතින් ඒ වගේම මේ කතාව ගොඩ නැගෙන්නෙත් මුලින් කිව්ව 1941 Dumbo චිත්‍රපටයට පාදක කරගත් Helen Aberson සහ Harold Pearl යන දෙන්නගේ පොතෙන්. ඊට අමතරව පොඩි පොඩි වෙනස්කම් කලින් චිත්‍රපටයට වඩා වෙනස් කරලා තියෙනවා Otto Englander, Joe Grant සහ Dick Huemer කියන අය විසින්. එතකොට මේ චිත්‍රපටය අයත් වෙන්නේ Adventure | Family | Fantasy කියන කැටගරීස් වලට.
ඉතින් මේ චිත්‍රපටයේ රගපාන නළු නිළියන් වෙන්නේ Epic චිත්‍රපටයේ රොනින් සදහා හඩ දායක්තවය සැපයූ වගේම True Detective කතා මාලාවේ සහ Fantastic Beasts and Where to Find Them චිත්‍රපටය සමගින් සිනමාවේ වෙනසක් කරපු Colin Farrel | American Assassin, Spider-Man: Homecoming චිත්‍රපට වල රගපෑ වගේම Minions චිත්‍රපටයේ හඩ දායකත්වය සැපයූ Michael Keaton වගේම Danny DeVito | Eva Green | Alan Arkin කියන අයයි.
එතකොට මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා ගැන කතා කලොත් ඩොලර් මිලියන 170ක වියදමකින් ඩොලර් මිලියන 347 කට අධික ආදායමක් ලබා ගන්නවා. ඒ ඩොලර් මිලියන 111කට අධික දේශීය ආදායමකුත්, ඩොලර් මිලියන 235කට අධික විදේශීය ආදයමකුත් මෙම චිත්‍රපටයට හිමි වෙනවා. තිරගත වූ පළමු දිනයේදී (සිකුරාදා දිනයක්) ඩොලර් මිලියන 15කට අධික ආදායමක් ලබා ගන්නවා. ඉන් පසු එම සතිඅන්තය අවසන් වීමෙදි ඩොලර් මිලියන 45කට අධික ආදායමකුත් එම පලමු සතිය අවසානයේදි 62කට අධික ආදායමක් ලබා ගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබෙනවා. ඉතින් ඔන්න ඔහොම තමා බොක්ස් ඔෆිස් තොරතුරු.
ඊට පස්සේ ගත්තම 24,000 අධික මනාප සංඛ්‍යාවකින් IDMb මීටරය 6.6 දක්වා කැරකෙනවා. කුණු තක්කාලි මීටරය 47%ක් දක්වා කැරකෙනවා. තව ගත්තම Rolling Stone මීටරයේ 2.5/5 දක්වා කැරකෙනවා. ගූගල් පරිශීලකයන්ගේ 87%ක මනාපයක්ද මෙයට හිමි වෙනවා. මධ්‍යස්ථ විචාරක මත තමයි මේකට තියෙන්නේ. ඇත්තෙන්ම කිව්වොත් ඔය කියන මීටර් වලින්වත් විචාරක මතවලින්වත් චිත්‍රපටයක හොද නරක කියන්න කියන්න හැකියාවක් තිබ්බත්, සමහර විටක එය සාවධ්‍ය වන අවස්තාද නැතුවා නොවෙයි. තව පොඩි විස්තර කිහිපයක් යටින් මෙහෙම දාන්නම්.
* ධාවන කාලය – මිනිත්තු 112
* තිර රචනය – Ehren Kruger
* සංගීතය – Danny Elfman
* සිනමාරූපණය (Cinematography) – Ben Davis
* සංස්කරණය – Chris Lebenzon
* නිශ්පාදන ආයතන – Walt Disney Pictures | Tim Burton Productions | Infinite Detective Productions | Secret Machine Entertainment
* බෙදාහැරීමේ අයිතිය – Walt Disney Studios | Motion Pictures
* භාෂාව – ඉංග්‍රිසී (United Satates America)
* මෙම චිත්‍රපටයේ කිසිදු රූපගත කිරීමක් ස්ටුඩියෝ වලින් පිට සිදු කර නැහැ. සියළු රූපගත කිරීම් ස්ටුඩියෝ තුල තමා සිදු කරලා තියෙන්නෙ.
* මේ චිත්‍රපටයේ චරිත සදහා මුලදි Will Smith | Tom Hanks සහ Chris Pine යන නළුවන් තෝරගෙන තිබෙනවා, නමුත් ඔවුන්ගේ කාර්‍යබහුලත්වය නිසා ඒ අවස්ථාවන් ගිලිහි ගොස් තිබෙනවා.
* මෙම චිත්‍රපටය සදහා සංකේත නාමය වී තිබෙන්නේ Big Ears යන්නයි.
* ඩිස්නි ආයතනයේ live-action සහ computer-animated දෙමුහුන් පස්වන චිත්‍රපටය වෙන්නෙත් Dumbo 2019 චිත්‍රපටයයි.
* තවත් විශේෂත්වයක් වෙන්නේ මෙ චිත්‍රපටය මීට පෙර තිරගත වූ 1941 Dumbo චිත්‍රපටයේ 78 වැනි සංවත්සරයට මාස කිහිපයකට පෙර තිරගත වීමයි.
– මේ යකාගේ කියවිල්ල ඉවරයක් වෙන්නේ නැද්ද? ෆිල්ම් එක බලන්න දෙන්නෙත් නැද්ද?
*එහෙම යන්න දෙන්න පුළුවන්ද හොද හොද කතා ටික කියන්න එපැයි.
-ඒ කියන්නේ තවත් තියෙනවද?
*අපෝ නෑ. දැන් නම් ඉවරයි.
මෙන්න එහෙනම් ඔයාලගේ අවස්තාව මේ කතාව නරඹන්න. පවුලේ හැමෝම එක්ක එකට වාඩි වෙලා සතුට, දුක, කුතුහලය පිරි මේ කතාව නරඹන්න. පොඩි අයට හුගක් දේවල් කියාදෙන්න පුළුවන් කතාව නරඹන්න. එහෙනම් මෙන්න මම ගියා ඔයාලට මේ චිත්‍රපටය බලන්න ඉඩ කඩ ලබා දීලා. කතාව ගැන ඉතින් වැඩිය කියන්න යන්නේ නෑ. සර්කස් එකක් තියෙනවා, ඒ සර්කස් එක බංකොලොත් වෙන්න හරිම ළගයි. එහෙම ඉන්නකොට කලින් මේ සර්කස් එකේ හිටපු කෙනෙක් (යුධ හමුදා භටයෙක්) නැවත මේ සර්කස් එකට එනවා. මේ කෙනාගේ පවුල සර්කස් එකේ කරලා තියෙන්නේ අශ්වයන් එක්ක වැඩ දාන එක. ඒත් දැන් සර්කස් එකේ ලොක්කා අශ්වයෝ ටික විකුණලා ඒ වෙනුවට අලි ටිකක් අරගෙන, ඒ අතරින් එක අලි අම්මා කෙනෙක්ට හම්බුවෙන්නේ එසේ මෙසේ පැටියෙක් නෙමෙයි ලොකු කන් දෙකක් තියෙන අලි පැටියෙක්. ඉතින් මේ අලින්ව බලාගන්න වැඩේ පැවරෙන්නේ මේ ආපහු ආව යුධ හමුදා භටයටයි එයාගේ දරුවන්ටයි, එතන ඉදලා මේ පුංචි අලි පැටියා ලොකු කන්වලින් පියාබන්න උත්සහ කරනවා, ඒත් හිටි හැටියේ නගරයේ ඉන්න ලොකු ධනවතෙක් ඇවිල්ල මේ සර්කස් එකේ අයිතිකාරයා එක්ක ගිවිසුමක් ගැහුව නිසා ඔක්කම වෙනස් වෙනවා. මේ ඇති, වැඩිය කිව්වම ගතියක් නෑ. බලන්නකෝ එහෙනම් අරගෙන. තවත් කියන්න නම් කරුණු බෝහොමයි ඒත් මේ ඇති කියලා හිතනවා. හොදම සහ වටිනම තොරතුරු ටික තමා ඔය කිව්වේ. එහෙනම් ආයේ හැකි ඉක්මනින් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා….!!!!
ප.ලි.
ආ තව දෙයක් යන්න කලින් කියන්න ඕන ඒ තමයි පසුගිය 9 වෙනිදා HBO ආයතනේ Big Little Lies කතා මාලාවේ දෙවැනි කතාසමය විකාශය වීම ආරම්භ වුනා. ඉතින් මේ විභාග කටයුතු නිසා බොහෝදුරට මට ඒක සතිපතා දෙන්න හැකියාවක් නැති වෙයි. පුළුවන් වුනොත් දෙන්න බලන්නම්, ඒත් බැරි වුනොත් අනිවාරෙන් විභාග කටයුතු වලින් පසුව ලබාදෙන බව මම පොරොන්දු වෙනවා. ඉතින් අපහසුතාවක් සිද්ද වුනොත් ඒ ගැන සමා වෙන්න කියලත් ඉල්ලා සිටිනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD/Blu-ray පිටපත සඳහා අදාළ වේ.
14,795 downloadsDownload Dumbo-2019-BluRay.zip133 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
114 comments
NimanthaMadusanka
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
ඒ වගේම 50 වෙනි කඩ ඉමටත් සුබ පැතුම්....!arawindasunimal
thankas kavishal a wagema baiscope.lk sama denatama jaya wewa
Prakash Rangana
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට . 50 වන කඩයිමට හදවතින්ම සුභපතනවා. ජයවේවා .....!
nirodha
Ayogya (2019) Movie Eke Sub Eka Denna Puluwada Bro
චානක ඉඳුනිල්
හඳවතින්ම සුභ පැතුම් කවිෂල් මලයෝ,
කොහොමෙන් හරි 50ත් ගැහුවා,
අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා,
ඉදිරියටත් එකතුවෙලා සබ් කරමු.Ravindu Rukshan
50 වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා Big Little Lies හදිසි නෑ අගෝස්තු වලින් පස්සෙම ලබාදෙන්න එහෙනම් ඉතිං මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා
Charith Pramodya
අර්ධ ශතකයට හදවතින්ම සුභපැතුම්!
Tharaka
50 ta suba petum wagema sub ekatat godak thanks saho..............
pasinduhasalankakm
Elama thankz
geeganagamage
හදවතින්ම සුබ පතනවා බොහොම ස්තුතියි .
prince isha
සබට බොහොම ස්තූතියි සහෝ...
ඒ වගේම 50 වෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා...
❤️kavini99
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
PaSindu MaDumal
50 වෙනි කඩයීමට සුබ පැතුම් මල්ලෝ☝❤
ඔයා කීව දේත් ඇත්ත, කමෙන්ට් එකේ තමා වැඩේ තියෙන්නේ...!
විබාගේ දාගෙන ඉමු.සයිටේ විබාගේ ලියන හැමෝටම Good Luck කියනෝ...බුදුසරණයි!D.Chamara
suba pathum sahoooo jaya
bohoma sthuthi ...Hiranhiru
50 වෙනි කඩඉමට සුබපැතුම්...!
පිලුමක විස්තරය කියවන අය නැතිවේවි කියලා නම් කවදාවත් හිතන්නෙපා. විස්තරය කියෙවුවාමයි අපි දන්නෙ මේ පිලුම ආස හිතෙන එකක් ද නැද්ද කියලා. ඔබටත්, බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල ඇතුළු සියළුම උපසිරැසිකරුවන්ට ගොඩක් ස්තුතියි...!
තෙරුවන් සරණයි...!Rakitha Ranathunga
සුභ පැතුම් මචන්....
පලවෙනි කඩයිමට සුභ පැතුම්...
මීලඟ කඩයිමටත් ඉක්මනින් යන්න..C.R.Jayalath
පලවෙනි කඩයිමට සුබ පැතුම් සහෝ!!!!
dasun ayesh
elama macho,apith me para a/l kohomahari godadamu
vas0303
Thanks bro
benukanimsena
50 වෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් අයියේ
තව කඩයිම් ගණනාවකටම යන්න ලැබෙන්න ඕන
විභාගෙන් පස්සේ එකතු වෙලා හොඳ වැඩ ටිකකට අත ගහමුකෝ
ජය වේවා!!!!Stranger
thanks
MW CD house
elaa. ..bro. . . ..
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
කඩඉමට මගෙන් උණුසුම් සුබ පැතුම්.
ජයෙන් ජය.Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Navodani Thilini Sasanika
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා මල්ලි, නියම ලිපියක් දීලා තියෙනවා, ඒ වගේම එනකල් බලාගෙන හිටපු එකක්. උපසිරසියටත් ගොඩක් ස්තූතියි ☺️☺️
rathnayake@123
නියමයි මල්ලියා.තැන්ක්ස් හොදේ.තවත් ලස්සන ෆිල්ම්වලට සබ් දෙන්න .ජයවේවා.
Psujithj
wish u all the best..
Bandarajbandara
ජයවේවා
nuwan_lakmal_thilakasiri
thanks bro.. oyala hinda thamai api aluth film balanne sub ekka
කවිනු වීරක්කොඩි
අලි කොටි වලස්සු මැද්දේ වන්නිහත්පත්තුවේ ඉඳන් සබ් කොටන නිසාද මන්දා කඩයිමටත් අලියෙක්වම තෝරගෙන..'
උදව්වක් ඉල්ලුවොත් බෑ නොකියා කොරලා දෙන, කරන වැඩේ අන්තිම තිතටම කරන මනුස්සයෙක් තමා ඉතිම්.
විබාගෙත් හොඳටම කරගන්න සුබ පතනවා ඈ.
' විප්පවේට ජෛය වීවා!! '
අන්තිමට කියන්න තියන්නේ ඉතින්, අර ඤාව් කටහඬක් තියෙන කන්නඩ රැවුලගේ දෙවෙනි චැප්ටරේ ගැන බලාපොරොත්තු අත්හැරගන්ඩ.
ඒක එන්නෙ නෑලු!Disharasandakelum
Sirada bn
කවිශල් රසින්ත (කවී)
මෙයා මේ ජෝක් එකට මට කියලා තියෙන්නේ සහෝ... මම ඒ ෆිල්ම් එක කරන නිසා. ඒ ෆිල්ම් එක එනවා කොන්ෆර්ම්...
එල්.සී. දමැල්
බොහොම අගෙයි 50ට මගෙනුත් සුභ පැතුම්.
ඊලඟ කඩයිමුත් මෙලෙසම ඉක්මනින් පසු කරමු.
ජය...ranga11112
Suba pathum malli...
Theruwan Saranai....
Jayaweva.....ranga11112
suba pathum malli....
Digatama Sub denna..
Theruwansaranai
Jayaweva.......Rumesh dhanushka
TThanks friend
subodha
Thanks
උදයංග සම්පත් හතරසිංහ
ජය වේවා මල්ලි.. ඔහොම ඉස්සරහට යමු. දැන් ඉතිං 100 ළං වෙලා ඇත්තෙ. මේ වැඩ වගේම අධ්‍යාපන වැඩ ගැනත් අවධානය දෙන්න ඕනෙ. එතකොට තමයි මේ ජයග්‍රහණ වල සැබෑ සතුට ලබන්න පුළුවන් වෙන්නෙ. පොඩි කාලෙම වැඩේට අතගහපු නිසා සෑහෙන ලොකු ගමනක් යන්න පුළුවන් අනිවා. ඔක්කොටම වඩා ආඩම්බර උඹ අපේ ගමේ කොල්ලෙක් වීම.. එහෙනම් ජය වේවා..! ❤️❤️❤️
thiwanka anuhas
thanks bro sub walata idiri weada katayuthu sarthaka wewa
Buddhika Lakmal (laKMal)
සුභ පැතුම් සහෝ 50වෙනි සබ් එකට.. දිගටම සබ් දෙන්න.. ගුඩ් ලක්...
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
50ට සුබ පැතුම්!!
100ත් ගහමු...
සුපිරි TV Series ටිකක් එහෙම දීලා තියෙනව...A/L ඉවර වෙලා ඒවත් කරමු....ඉසුරු සම්පත් සිරිසේන
50* වැනි උපසිරසියට වගේම පළමු කඩයිමට උණුසුම් සුබපැතුම් මලේ..
දිගටම උපසිරසිකරණයේ යෙදෙන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා..
~~ඔබට ජය~~සනිඳු ලක්ඛිත
50 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ..ඕනිම දීර්ඝ ගමනක් ආරම්භ වෙන්නේ පුංචි පුංචි බලාපොරොත්තු වෙනුවෙන් කරන ලොකු කැපකිරීම් එක්ක. ඉතිං බයිස්කෝප් අඩවියේ හොදම උපසිරසකරුවා වෙන්න ලැබේවා කියලා වගේම අධ්‍යාපන කටයුතු ද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..මේ උපසිරසටත් බොහොමත්ම ස්තූති.. බුදුසරණයි...ජය වේවා!!!!
තිසර නියෝ
50 කඩයිමට හදපිරි සුබ පැතුම් මලේ. මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්න සුබ පතනවා.
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra.Thilankadissanayake
THANKS U
Bandara76
50* වැනි උපසිරසියට සුබ පැතුම් රසින්ත !!
100ත් ගහමු…gayanmadu3333
Niyamai malli.thanks sub ekata.oyala karana kepakireema nisa thamai api me film eka hondata therum ethuwa balanne.baiscope mulu kandayamatama godak thanks
SAjith Anthony
50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා...!!AsithaDilruwan
ela saho thanks
Haritha245
Thank you bro
darshana100
kati kalayak tula upasirasa 50 kaarapu obata tuthi budusaranai malli
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dumbo (2019) Sinhala Subtitles | විශ්මයජනක අලි පැටියා ඩම්බෝ…!! [සිංහල උපසිරසි සමඟ] *50](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/Dumbo-2019-1.1.jpg)
Thankz bro