The Banker (1989) Sinhala Subtitles | ආත්ම එකතු කරන බැංකුකරුවා [සිංහල උපසිරසි] 18+
ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම. අදත් මං ඔන්න ඔයාල වෙනුවෙන් තවත් එක ලස්සන, ලංකාවේ සිනමා ශාලාවක වාර්ථා තැබූ විදේශීය චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා.
The Banker (1989)
ආත්ම එකතුකරන බැංකුකරුවා
චිත්‍රපටය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මං ඒ චිත්‍රපටයේ ලංකාවේ පසුබිම ගැන විස්තර ටිකක් කියන්නම්.
1990 දශකයේ මුල් කාලයේ මේ චිත්‍රපටය ලංකාවට ගෙන්වන්නේ එවකට චිත්‍රපට ප්‍රදර්ශනයේ දැවැන්තයෙක් වූ එච්.ඒ. වෑන් ස්ටාරෙක්ස් මහතාගේ නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගමයි. ඒ ආකාරයට ගෙන්වූ චිත්‍රපටය වෑන් ස්ටාරෙක්ස් මහතා ඇතුළු ඒ සමාගමේ ඉහළ නිළධාරීන්, ප්‍රධාන කාර්යාලයේ ඇති මිනි ගෘහස්ථ සිනමා හලෙන් බලලා තියනවා. චිත්‍රපටයේ අන්තර්ගතය සහ එහි කතාව ගලාගෙන යන ආකාරය ලාංකිය සිනමා ලෝලීන් කෙසේ පිලිගනීද කියන එක එදා ඒ නිළධාරීන්ට පොඩි චකිතයක් ඇති කරලා තියනවා. මොකද ඒ වන විට ලංකාවේ ඉංග්‍රිසි චිත්‍රපට කියන්නේ ක්‍රියාදාම සටන් වලින් පිරි චිත්‍රපට තිබුණු කාලයක්. ඉන්පසු ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ මේ චිත්‍රපටය වෙනුවෙන් විශාල ප්‍රමාණයේ කටවුට් එකක් නිර්මාණය කරමු යන්නයි. අද කාලේ මෙන් ඩිජිටල් ප්‍රින්ට් නැති යුගයක ඒ කර්තව්‍ය භාරදීලා තියෙන්නේ නමින් අජිත් වන ප්‍රේම් ජයන්ත් මහත්තයගේ පුතාට. චිත්‍රපටය සමඟ එන මුල් පෝස්ටරය, ඒ මහතා අඩි දහයයි පහළව ප්‍රමාණයේ, එවකට දැවැන්ත කටවුට් එකක් විදිහට නිර්මාණය කරනවා.
දැන් වගේ චිත්‍රපට බෙදාහරින්නට එවකට මණ්ඩල තිබිලා නෑ. සෑම චිත්‍රපටයක්ම මුදාහැරලා තියෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව හරහා. ඒ මුදාහරිද්දි ඒ ඒ චිත්‍රපට වලට සිනමා ශාලා ඉලක්කකරගෙන තමයි මුදාහැරලා තියෙන්නේ.
ජනප්‍රිය තලයේ සුපිරි ක්‍රියාදාම නළුවන් පිරි චිත්‍රපට එවකට බම්බලපිටියේ මැජස්ටික් සිනමා ශාලාවත්, ක්‍රියාදාම සහ සරාගී චිත්‍රපට එහෙමත් නැත්නම් ඇක්ෂන් සෙක්ස් ෆිල්ම් සෙන්ට්‍රල්, ඔලිම්පියා, රියෝ වැනි සිනමා ශාලාත් ඉලක්ක කරගනිමින් තමයි මුදාහරින්නේ. එම සමාගම විසින් ගෙන්වූ Melody in Love චිත්‍රපටයත් රියෝ සිනමා ශාලාවේ වාර්ථා තැබූ චිත්‍රපටයකි.
කොහොම හරි මේ The Banker චිත්‍රපටය මුදාහරින්නේ සැවෝයි සිනමා ශාලාව හරහා. ලංකාවටම ගෙනල්ලා තියෙන්නේ එක පිටපතයි. අර දහයයි පහළවේ කටවුට් එකත් එක්ක සැවෝයි සිනමා ශාලාවේ තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටය කවුරුත් නොසිතූ ලෙස ලාංකීය සිනමා ලෝලීන් ඉතා ආදරයෙන් වැළඳගෙන තියනවා. නොකඩවා දින පනහකට වැඩි දින ගණනක් දර්ශණ වාර තුන බැගින් මෙම චිත්‍රපටය සැවෝයි සිනමා ශාලාවේ ප්‍රදර්ශණය කරලා තියනවා. එදා සැවෝයි සිනමා ශාලාව කියන්නේ ආසන 600ක මහ විශාල සිනමා ශාලාවක්. එයින් නොකඩවා දර්ශණ වාර 50ක්ම හවුස් ෆුල්. මේ වාර්තාවට සමකල වෙනත් විදෙස් චිත්‍රපටයක් නම් මතකයට එන්නේ නෑ. මෙන්න මේ විදිහට තමයි මේ චිත්‍රපටය ලංකාවේ තිරගතවෙලා තියෙන්නේ සහ බොහෝ ජනප්‍රිය වෙලා තියෙන්නේ.
The Banker චිත්‍රපටයේ මුල් පෝස්ටරය. මෙය අදටත් සුරක්ෂිතව කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමා ශාලාවේ ප්‍රදර්ශණයට තබා ඇත.)
චිත්‍රපටය ගැන අතීතය යලිත් මතකයට ගෙනල්ලා දුන්නේ නිව් ඉම්පීරියල් සමාගමේ සාමාන්‍යධිකාරී වගේම වත්මන් ලාංකීය චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ ගරු සභාපතිතුමා වන අනුරාධ බී. රැකව මහතායි. එතුමාට මගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා.
ස්පෝල්ඩින්ග් ඔස්බෝර්න් යනු මහා මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන, නගරාධිපති ඇතුලු සමාජයේ ලොකු ලොක්කන් හා කිට්ටු සම්බන්ධකම් ඇති බැංකුකරුවෙක්. ඒ වගේම සමාජයේ ඉහළ තලයේ වැජබෙන ශ්‍රේෂ්ඨ මිනිසෙක්. නමුත් මොහු රෑට නගරයේ සිටින සුරූපී ළඳුන් සමඟ ආශ්‍රය කරන අතර පසුව ඔහු එම කාන්තාවන්ව මරා දමයි. ඒ හිතාගන්න බැරි අමුතුම තාලයකටයි. ඩෑන්, ලෝස් ඇන්ජලීස් පොලිසියේ සාජන්ට් කෙනෙකි. ඔහුගේ අළුත් පාට්නර් එඩී සමඟ ඔහුට විසඳන්න ලැබෙන්නේ මේ ගැටළුවයි. එහිදී ඔහුට මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරන විවාහයෙන් වෙන් වෙන්නට බලා සිටින ෂැරොන්ව නැවතත් මුණගැසෙනවා. ඔස්බෝර්න් මේ කාන්තාවන් මරන්නේ කුමන හේතුවකටද යන්න සහ ඩෑන් මේ අපරාධ රැල්ල මැඩලන ආකාරය චිත්‍රපටය බලලම රසවිඳින්න.
චිත්‍රපටයේ ඩෑන් ලෙස Rebert Forster, ෂැරොන් ලෙස Shanna Reed සහ ඔස්බෝර්න් ලෙස Duncan Regehr ප්‍රධාන රංගනයෙන් එකතුවෙනවා. චිත්‍රපටය වෙනුවෙන් IMDb 4.8 ක අගයක් සහ ගූගල් පරිශීලිකයින්ගෙන් 85%ක කැමැත්තත් ලැබී තියනවා. 1989 වසරේ තිරගත වුන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය William Webb විසිනි.
එහෙනම් අදට මං සමුගන්නම්.
ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…
~ ජය වේවා ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1234 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Bro.. sub ekata. Jaya..
Thanks for Sub!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
දිගටම මේ වගේ මග ඇරුන පරණ හොද ඒවට සබ් කරමු සහෝ…
දැන්නං ඔයාගෙ නම දැක්කත් සබ් එක බා ගන්නවා…
Thanks jayawewa…..!
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Great Explanation.I remember the this poster
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
thanks..
මටත් මතකයේ රැඳුනු ෆිල්ම් එකක නමක් මේක. නරඹන්නට ඩවුන්ලෝඩ් කළා. රොෂාන් සමීර සොයුර, ස්තුතියි ඔබට!
Old is gold, thanks!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. හැමදාම සයිට් එකට අැවිල්ලා මුලින්ම බලන්නේ ඔබ පරණ ෆිල්ම් දිලා තියනවාද කියලා. ගොඩක් ස්තුතියි. දිගටම පරණ ෆිල්ම් දෙන්න. 70 දශකයේ 80 දශකයේ බොක්ස් ඔෆිස් ගහපු චිත්‍රපටි තියනවා බයිස්කෝප් සයිට් එකෙන් සබ් නොකරපු. පුළුවන් නම් එවාට සබ් දෙන්න.
උදා:-
Grease – 1978
American Graffiti – 1973
Animal House – 1978
Tootsie – 1982
Who Framed Roger Rabbit – 1988
Crocodile Dundee – 1986
Crocodile Dundee II – 1988
Beverly Hills Cop – 1984
Beverly Hills Cop II – 1987
Twins – 1988
තෑන්ක්ස් සබ් එකට
thanks
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request:
Chip ‘n Dale: Rescue Rangers (2022)