Watch Trailer

The Boss Baby (2017) with Sinhala Subtitles | අය්යා බබයි මල්ලි බබයි [සිංහල උපසිරසි සමඟ]

කළුපාට කුරුල්ලායි මැදියම් රැයේ ගීත ගයන්නේ මේ බිඳුණු පියාපත් රැගෙනයි පියාඹන්න ඉගෙන ගන්නේ දිවි ඇති තෙක් ඔබේ ඔබ පමණයි මේ මොහොත උදාවනතුරු බලා සිටින්නේ බයිස්කෝප්වාසී සියල්ලන්ටම සුභ දවසක් වේවා. හුඟ කාලෙකට පස්සෙ ඔන්න මම ආවා මේ අවුරුද්දෙ උණු උණුවෙම නිකුත් වෙච්ච ලස්සන සහ වෙනස්ම විදිහක නිර්මාණයක් එක්ක. නිර්…

 

කළුපාට කුරුල්ලායි මැදියම් රැයේ ගීත ගයන්නේ
මේ බිඳුණු පියාපත් රැගෙනයි පියාඹන්න ඉගෙන ගන්නේ
දිවි ඇති තෙක් ඔබේ
ඔබ පමණයි මේ මොහොත උදාවනතුරු බලා සිටින්නේ

බයිස්කෝප්වාසී සියල්ලන්ටම සුභ දවසක් වේවා. හුඟ කාලෙකට පස්සෙ ඔන්න මම ආවා මේ අවුරුද්දෙ උණු උණුවෙම නිකුත් වෙච්ච ලස්සන සහ වෙනස්ම විදිහක නිර්මාණයක් එක්ක. නිර්මාණය ගැන නං කියල වැඩක් නෑ සුපිරි නිර්මාණයක් කියල මම කිව්වොත් ඒකෙ කිසි වැරැද්දක් නෑ. බලපු අයට උණත් දෙවරක් බලන්න තරම් හිතෙන නිර්මාණයත්. The Boss Baby කියන්නේ ලොව පුරා චිත්‍රපට ලෝලීන් විශාල සංඛ්‍යාවකගේ ආකර්ෂණය ලත් නිර්මාණයක් කිව්වොත් මම නිවැරදියි. ගොඩක් ලමා වැඩිහිටි සියල්ලන්ගෙම ආකර්ෂණය මේ නිර්මාණයට ලැබිල තියෙනවා. ඒ වගේම මේ වෙද්දි මේ නිර්මාණය, ගොඩක් සිංහල උපසිරැසි හොබවන වෙබ් අඩවිවලත් මේ නිර්මාණයට උපසිරැසි ලබා දීල තිබුණ බව දැනගන්න ලැබුණා. දිරිගන්වන්න කවුරුත් නැතිව උණත් භාරගත්ත දිනයෙන් පසු දවස් තුනක් ඇතුලත මහන්සිය නොබලා මම උපසිරැසි ගොනුව පරිවර්තනය කලා. මේ නිර්මාණය අපේ සහෝදරවරුත් මේ වෙද්දි නරඹලා ඇති කියලත් මම හිතනවා. කඩ්ඩ අවුලක් නැති සහෝදර සහෝදරියන්ට නම් මගේ උපසිරැසියෙ වටිනාකම අඩු වෙන්න ඇති. නමුත් මේ උපසිරැසිය මම නොමිලේම වෙහෙස මහන්සි නොබල ලබාදෙන්නෙ මේ නිර්මාණය හොඳට වැදෙන්න බලන්න ආස අස කඩ්ඩ බැරි නොබැරි අය ඔක්කොමලම වෙනුවෙන්. ඒ නිසා කථාවේ දෝෂ තියෙනවනං ඒ ගැන සමාව භාජනයකට දාල පැත්තකින් තියල කථාව රසබලන්න කියල මම හැමෝටම ආරාධනා කරනවා. කෝකටත් මේ පාර උපසිරැසි ගන්වද්දි ටිකක් වෙනස් විදිහකටයි මම උපසිරැසි ගැන්නුවෙ. වෙනස ඔයාලට බලාගන්න පුළුවන් වෙයි නිර්මාණය රසවිඳිද්දිThe Boss Baby නම් ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය මුලින්ම තිරගත උණේ 2017 එනම් මේ වර්ෂයේ මාර්තු 12 මියාමි වල. ඊටපස්සේ එක්සත් රාජධානියෙදි 2017 මාර්තු 31 වෙනිදා තිරගතවෙනවා. මේ නිර්මාණය ටොම් මැක්ග්‍රාත් තමා අධ්‍යක්ෂණය කරන්නේ. මර්ලා ෆ්‍රාසී ගෙ The Boss Baby කෘතිය පදනම් කරගෙන තමා රැම්සි ඈන් නයිටෝ ගෙ නිෂ්පාදනයෙන්  මේ චිත්‍රපටිය කල එලි බහින්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් මිනිත්තු 98ක් දිවෙන මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 467.9 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියල තියෙනවා. ඒ එයාල මේ නිර්මාණය වෙනුවෙන් කැපකරපු මුදල වගේ 3න් ගුණයකටත් වඩා ආදායමක් ලබල. මේ ඡේදය, ඒ අයව පොඩ්ඩක් අපේ සහෝලට මතක් කරල එයාලට උපහාරයක් ලබා දෙන්නයි.

දැන් කථාව දිහාවට හැරෙමු. මේ කථාව ඇත්තටම ගොඩක් අයට හාස්‍යජනක නිර්මාණයක්, පියවි ලෝකයෙන් එහා ගිය නිර්මාණයක් කියල හිතෙන්න පුළුවනි. ඒත් කථාව අවධානයෙන් බලන කෙනෙක්ට මේ කථාවෙන් ජීවිතයට ගන්න පුළුවන් හුඟක් දේවල් අන්තර්ගතවෙලා තියෙනවා. ලමයින් පාදක කරගත්තත් මේ කථාව ඇත්තටම අපිට ලොකු පාඩම් කීපයක් කියල දෙනවා. පොඩි උදව්වක් විදිහට කීපයක් ගත්තොත්.. මාර්ග නීති පිලිපැදීම, දිරිය අවශ්‍ය අයව දිරිගැන්වීම, උත්සාහයෙන් ජය ලැබීම, සහෝදර ප්‍රේමය වගේ තව ගොඩාක් දේ අන්තර්ගතයි මේ නිර්මාණයේ.

මේ කථාවෙ ප්‍රධාන චරිත තමා අය්ය මලෝ දෙන්නා. අය්යා තමා ටිම් කියන වයස අවුරුදු හතක.. නෑ.. හතාමාරක ලමයා.. එයා තමා වැඩිහිටියෙක් විදිහට ඉඳගෙන කථාව අපිට කියාගෙන යන්නේ. එයයි අම්මයි තාත්තයි විතරක් සතුටින් ඉන්න පවුලට එකපාරම මල්ලි කෙනෙක් පාත් වෙනවා. මල්ලි බබා පාත් උණාට පස්සෙ එයාට කලින් වගේ අම්ම තාත්ත එක්ක ඉන්න කාලය නැතිවෙනවා. මේකට අය්යා මල්ලි එක්ක කේන්තියෙන් ඉන්නෙ. ඔහොම ඉද්දි මේ අය්යට මල්ලිගෙ අමුත්තක් පේනවා. බබෙක් උණාට මල්ලි සාමාන්‍ය බබෙක් නෙවෙයි කියල එයා දැනගන්නවා. ඊට පස්සෙ ඉතිං….. එක්කො ඔයාල බලලම දැනගන්න.

කථාව නං කියන්න බෑ මෙහෙම. හුඟක් රසවත්. හුඟක් දේවල් තියෙනවා. කාලය මදි මේ හැමදේටම. දැන් නං ඇඟිලි ටික නෑ වගේ හැඟීමක් දැනෙන්නෙ ටයිප් කරලම. කී බෝඩ් එකේ අවුලක් නිසා සමහර කී උඩ පැන පැන ඔබන්න වෙලා. පසුපරික්ෂාවෙදි හමුනොවුණු ඉස්පිලි පාපිලි අකුරු මදිකම් තියෙන්න පුළුවන් ඒ නිසා. ඒවත් ගණන්ගන්න එපා. කට්ටියට ආසහිතෙන විදිහට මම උපරිමයෙන් චිත්‍රපටියට සාධාරණයක් කලා කියල හිතනවා. එහෙනං තවත් සුපිරි නිර්මාණයකින් නැවත හමුවෙනකං ඔක්කොලාටම ජය!

 

The Boss Baby (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Boss.Baby.2017.720p.WEB-DL.x265-YSTeam

The.Boss.Baby.2017.720p.BluRay.x264-SPARKS

මෙම පිටපත HD සහ BR පිටපත් සඳහා අදාළ වේ.

49,210 downloadsDownload The-Boss-Baby-2017.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Deptha-Thushara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

49,210 downloadsDownload Subtitles57 KB

103 comments

  1. Rusiru Dilsara

    බොහොම ස්තූතියි සහෝ

  2. එල්.සී. දමැල්

    මොන සයිට්ටුවේ දුන්නත් සහෝගේ සබ එක්කයි අපිනම් බලන්නේ...
    සහෝගේ සබ්වල රහ අපිනේ දන්නේ...
    නියමයි ස්තුතියි
    තවත් මේ වගේ දුපිරිම කතාවකින් ආයෙ හමු වෙමු...

    1. එල්.සී. දමැල්

      සුපිරිම*

  3. උදාර රාජපක්ෂ

    නියමයි මචන්!
    මේක ඉතින් අනිවා බලන්න ඕන
    සබට බොහෝම ස්තූතියි

  4. kumara

    ඇත්තටම කඩ්ඩ බැරි අපි වගේ උන් වෙනුවෙන් කරන මේ සේවයට ගොඩාක් පිං....

  5. ඉෂාන් මදුෂ

    නියමයි.ගොඩක් ස්තූතියි සහෝ

  6. Udaya Fernando

    Thanks

  7. sunimal

    pahu bahinne natuwa me karapu de godak watinawa bn.... thanks.....

  8. Kalindu Wasuka

    බොහෝම ස්තුතියි උපසිරසට !

  9. Gathsara Umesh Kumara

    Bohoo sthuthiy shooo...
    Baiscope sub ekk thma api hendam idiye...
    Isrht inneth....
    Eknisa prkku welhri sub ek denwnm e arthi....
    Bohoon sthuthiy....
    Ikmnin thwth upsiresiykin hmuwemoo....

  10. Tony

    Supiri bn
    Digatama karagena palayan

  11. champika

    red cliff 1,2 torrent link ewapanko

  12. Chanaka

    නියමයි.ගොඩක් ස්තූතියි සහෝ

  13. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    අනිත් site වල සබ දැන්මා නෙමයි දාලා ගෙදරට ගෙනත් දුන්නත් බලන්නෙත් නෑ බැලෙන්නෙත් නෑ සහෝ. බයිස්කෝප් එකෙන් දුන්නට පස්සේ තමයි එලකිරි වගේ බලන්නේ..අපි වෙනුවෙන් වෙන මහන්සියට බොහොම පිං මචං..
    ~~බුදුසරණයි..ජය වේවා~~

  14. Ravin Laksitha

    thanks bro....

  15. praneeth madu

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ නියමෙට කරලා තියෙනවා සබ් එක

  16. ආසිරි ප්‍රියන්ත (හේවා)

    හම්මේ, සුපිරිම සුපිරියක් තමයි. කොච්චර ආසාවෙන් හිට්‍යද කියනවනම් මේ ලගදිත් ට්‍රේලරේ බැලුවා.
    බොහොම ස්තුතියි දීප්ත මචෝ.
    ගින්දර එකක් බැස්සුවට.
    බලලත් කමෙන්ට් එකක් දාන්නම්.
    ජයවේවා!!

  17. Nelson

    Good Work Friend, Thanks!

  18. Shenin Perera

    බොහොම ස්තුතියි සහෝ

  19. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  20. Shehani

    Film eka download wen nanee

  21. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. හර්ෂණ

    මචන්ලා දැන් වෙනම සයිට් එකක හෑෂ් එක දෙනකොට අර කලින් ආපු කචල් එක නැද්ද?

    සබට තුති,

  23. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා

  24. ඩිලාන් හසිත

    සබ් එකට තුති තුශාර සහෝ
    නැවත හමු වෙමු

  25. Janith.K.B.

    බොහෝම ස්තුතියි

  26. RANA D

    උපසිරැසියට බොහෝම ස්තුතියි............... අපි වගේ උන් වෙනුවෙන් කරන මේ සේවයට ගොඩාක් පිං….

  27. අසිත

    elama saho thanks

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. rasikalf

    ස්තුයි සහො මෙක එනකල් බලන් හිටියෙ

  30. Ravindu Adassuriya

    elm saho

  31. chan

    american gods tv series ekata sub dandakoo

  32. Sandheep

    Enakan blan hitiya film ekak saho..godak sthuthei ..

  33. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. anujaya

    supiriyak thnaks brooooo

  36. NILANTHA

    MA FILM OKAMA DAN RAR FILS WALAIN WATANE.AKA MAGA LAP AKA NA MALLI.PULUWANAM AKAN DAUNLORD KARANA HATE KIYALA DANDA THANKS.

  37. Rasindu V. Perera

    අම්මෝ සබ් එක එනකම් හිටියේ....
    සුපිරි කතාවක් වගේ.
    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  38. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට මේ බෑව

  39. Chalana

    thnx bro... denakan htye

  40. Wolwerine.

    සබ් එකට ස්තූතියි.

  41. මේනක

    උපසිරැසියට බොහෝම ස්තුතියි…………… elama saho

  42. suresh

    Tnx bro

  43. vishan

    Thank bro...

  44. silent$

    Thnxxxxxxxxxxxxxxxxx

  45. Umesh Dilshan

    suppa bn...thnx eknma
    meke sub1 enkn bln htye bn
    deegtma krn plyn
    jaya ubta

  46. prasad

    thanks sahooo... sub eka nam supiri ........ jayawewa

  47. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  48. Master Shifu

    els . !

  49. හිරු

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න මමත් සබ් එක ගන්නවා... ඇනිමේෂන් වැඩි වැඩියෙන් කරන්න අපි වගේ කාටුන් පිස්සො වෙනුවෙන්..

  50. Dayan

    Thanks bro!!

Load more comments