The Circle (2000) | ගැහැණියක වී ඉපදීම මේ තරම් අපරාධයක්ද? [සිංහල උපසිරසි සමඟ]
ඉතිං…… ඉතිං….. ඔන්න අදත් අරගෙන ආවා සලරුවක්, ඔයාලට බලන්න. අද මම ගෙනාවෙ වෙනස්ම වෙනස් එකක්. මීට කලිං අපේ කට්ටිය, ප්‍රංශ, ජර්මන්, ස්පැනිෂ්, කොරියන් වාගෙ ටිකක් වෙනස් භාෂා වල චිත්‍රපට බලල තියනවනෙ, අපේ බයිස්කෝප් සහෝදරවරු දුන්න.
ඉතිං ඒ වාගෙ අද මම ඔයාලට බලන්න ගෙනාවෙ පර්සියානු භාෂාවෙන් තැනුන සලරුවක්. අර චිකන් වුණාට සතා මොකාද, කියල අහනවා වාගේ, බාසාව නං හරි, ඒත් ඕක කතා කරන්නෙ මොන දීපංකරේද කියල,කෙනෙක් අහාවි නේද.එහෙනං අහලම බලන්ඩකො ඒකෙ විස්තරෙත්.
පරිසියානු භාෂා කතා කරන්නෙ පර්සියාව කියන රටේ. ඉතිං ඔය කියන රට ලෝකෙ තිබුණෙ මීට අවුරුදු දාස් ගාණකට කලිං නොවැ. දැන් ඒ රටට කියන්නෙ ඉරානය කියල. ඹන්න ඹය ඉරානෙ නිර්මාණය වුණ එකක් තමයි මේක.
මට හිතෙන විදියට මේ සලරුවෙන් තමයි අපේ බයිස්කෝප් එකට ඉරාන සිනමාවෙ ආගමනය සිද්ධ වෙන්නෙ. ඒ කීවෙ පළමුවෙනි ඉරාන සිනමා නිර්මාණය. (මීට කලින් අපේ කෙනෙක් ඉදිරිපත් කරලා තියනව නම් මම ඉතා අහිංකව ගැත්තාට සමාව භජනය කොරනවා)
මේ සලරුව ඉරානෙ ඉන්න නිදහස් සිනමාකරුවෙක් වන, Jafar Panahi කියනකෙනා තමයි අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරලා තියෙන්නෙ. ඒත් ඉතිං මුන්නැහේට මේක, ඉරාගෙන හැදුවට මොකද, ඉරානෙ ජනතාවට පෙන්න ගන්න බැරිවුණා. ඒ කීවෙ මේක, ඉරානෙ තුල ප්‍රදර්ශනය තහනම් කලා. ඊට පස්සෙ ඉඉරානෙං බැරිනං ඉතාලියෙන්, කියල මුන්නැහේ මේක ඉතාලියෙදි ප්‍රදර්ශනය කලා.
මේ චිත්‍රපටයෙ තඑනම් කොරන්ඩ තරං තියන කතාව මොකද්ද දන්නවද, දැඩි ඉස්ලාම් මතධාරී සමාජය තුල කාන්තාව පීඩාවට පත්වෙන ආකාරය ගැන තමයි පෙන්නල තියෙන්නෙ. ඉරානෙ එක්තරා නගරයක වටරවුමක් හා එහි වීදි හා ඒ අවට ඇති ස්ථාන වලදී එක් එක් අවස්ථා වලදී කාන්තාවන්ට සිදුවන සිද්ධී දාමයක් තමයි මේකෙ තියෙන්නෙ. පාරි කියන ප්‍රධාන චරිතයකුත් තියනවා.
මේ සලරුවේ ඹයගොල්ලො හැමදාම දකින එක දිගට පියවරෙන් පියවර කතාව ගලාගෙන යන ආකාරයක් නෑ.ටිකක් වෙනස් විදියෙ රූපමස කියවීමක් තියෙන්නෙ. මම දැක්ක තවත් විශේෂ කරුණ තමයි, මේ සලරුවේ වැදගත් යැයි හැඟෙන කිසිම පිරිමි චරිතයක මුහුණ පැහැදිලව පෙන්වන්නේ නෑ.
2000 අවුරුද්දෙ ඉතාලියෙදි තිරගතවුණ මේ සිනමා සිත්තම, විවිධ ජාත්‍යන්තර සම්මාන 13කට වග කියල තියනවා. IMDB දර්ශකයෙ 7.4 අගයකුත් ලබාගන්න සමත්වෙලා තියනවා. ඒ මදැයි නෙව.
ඔයාලත් අරගෙනම බලන්නකො. ඉතිං මම හැමදාම උත්සාහ කරන්නෙ අපේ යාළුවන්ට නැවුම් සිනමා අත්දැකීමක් ලබාදෙන්න.ඒක කොයි තරම් දුරට සාර්ථකද කියල, තීරණය කරන එක මේ නිර්මාණ නරඹන ඔබට බාරයි. ඉතිං අවසානෙට කියන්න තියෙන්නෙ, ගොඩක් මහන්සිවෙලා ඔයාලට දෙන මේ නිර්මාණයෙ සතුට අපි භුක්ති විඳින්නෙ ඔයාලගෙ කොමෙන්ටුවකින්. ඉතිං නිර්මාණෙ බාගෙන යන ගමන්, පහල තියන කොටුවෙ කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න කියල තමයි යාළුවන්ට කියන්න තියෙන්නෙ. ආයෙත් දවසක හමුවෙමු……
[button link=”http://h.oc.gs/omgig” type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 751 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/රුවන්-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
රුවන්,
සම්පතක් වන නැවුම් විදිහේ කතාවක් සහිත ෆිල්ම් එකකට සබ්ස් දීම වෙනුවෙන්
මෙන්න ඔයාට තුති මල් මල් කළඹක්!
ස්තූතියි සහෝදරයා ජයවේවා !
Thanks bro….
උපසිරැසියට බොහෝම ස්තුතියි
මේ වගේ වෙනස් නිර්මාණයකට උපසිරැසි දීපු එකට බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා..!
බයිිස්කෝප් අඩවිියට ඔයාලා වගෙ අය සමිපතක්.
තව ච්ත්රපට ගොඩකට සබ්ස් දීිලා සයිට් එක බබලවන්න ඔයාට වාසනාව උදා වේවා.
ගොඩක් ස්තුතියි අප වෙනුවෙන් කරන සේ්වයට.
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank U Ruwan.
සමාජ ගෑටලු පිලිබද අපේ අවධානය යොමු කරවීම ගෑන ඔබට ස්තුතියි.
attenma.. Royli ayya mata kiwwa, meeta kalin iran 2k dila tynawai kyala.e gena nodanai
pamporiya gahuwe.a film 2ta sub dunna yaluwangen itha yatahathwa mama sammawa bajana karanawa…..
bohoma sthuthiyi oyaata iran films wala godak loku therumak aadarshayak thiyenawa baiscope eken mita kalin mama danna tharamin iran films dekak deela thiyenawa thawa hoda film ekak thiyenawa the songs of sparrows kiyala ekath hoda film ekak
කොහොමත් මැද පෙරදිග රටවල කාන්තාවන්ට තිබෙන සැලකිල්ල අද සමාජයට තියා ගෝත්‍රික සමාජයකටවත් ගැළපෙන්නෙ නෑ.ඒ දේ ඒ රටේම කෙනෙක් විවේචනය කරමින් නිර්මාණයක් කරපු එකත් අගය කරන්න ඕන.
බොහොම ස්තූතියි සහෝ මේ වගේ වෙනස් විදිහෙ නිර්මාණයකට උපසිරැසි දීපු එකට !
ජය !
Good Work Bro..Thanks..!
බොහෝම ස්තුතියි යාළුවා
මේක කලින් දැක්කට බලන්න හිතුණේ නෑ .
දැන් බලන්න ඕන .
බොහොම තුති සහෝ සබට !
😀
නියමයි සහෝ බලන්න ඕනි මේකනම්, බලමුකෝ කොහොමද කියල එවැනි රටක ගැහැනියක් වී ඉපදීමේ විපාක, ස්තුතියි උපසිරසියට,ජයවේවා.
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks Saho…. Lassana Kathawak Wage… Sub akata Bohoma Pin
Niyamai Ruwan Sahoo……
Wenas Kathawak Wage….
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
සුපිරි ඉරාන චිත්‍රපටි මීට කලිනුත් දීලා තියේ.මජීඩ් මජිඩිගේ සුපිරි චිතුපටි කිහිපයක්ම දීලා තිබුනා.මේ ඉරාන චිත්‍රපටි වල සංවේදී තේමාවන් ගොඩක් වෙලාවට යොදා ගන්නවා වගේ පේන්නේ.මේකත් ඒ වගේ නෙව.නියමපි සහෝ මේවට උපසිරැසි දෙන එක නම්…සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.දිගටම සබ් දෙන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා.ඔබට ජය…!
මීට කලින් ඉරාන සිනමා කරුවන්ගේ විශිෂ්ඨ නිර්මාණ කිහිපයක් බෛයිස්කෝප් අඩවියෙන් මම බලල තියෙනවා. විශිෂ්ඨ නිර්මාණ කරුවන් වන අබ්බාස් කිසරොස්තාමි,මජීඩ් මජිධි,ගේ නිර්මාණ ඒ අතර වනවා.
මෙන්න මේ වගේ හොඳ නිර්මාණ තමයි, වැඩියෙන් බයිස්කෝප් එකෙන් දෙන්න ඕනේ. ඕන් දැනුයි බෑවේ. අද හරි, හෙට හරි මේක අනිවාර්යෙන් බලනවා. ඉංග්‍රීසි, හින්දි, තෙලිඟු ෆිල්ම් වලට අමතරව මේ විධියට විවිධ රටවල හොඳ නිර්මාණත් ඉදිරියේදී තව ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. සබට බොහෝම ස්තූතියි මචෝ! ජය වේවා බයිස්කෝප්!
Patta mchn
මගේ කැමතිම ටයිප් එකේ ෆිල්ම් එකක්. බොහොම ස්තුතියි
මීට කලින් ඉරාන සලරුවක් බයිස්කෝප් එකට ආව……A Separation .. ඒත් මේකත් හොද එකක් වගේ…ela ela
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
Thanks.
ජෆාර්ගේ නිර්මාණ හුඟක් ඉහළ මට්ටමකයි තියෙන්නෙ………….
මේකට සිංහල සබ් දුන්නට බොහොම ස්තූතියි.
එලස් මචෝ
සබට තුති
ඔබට ජය……….
ඉරාන සිනමා නිර්මාණ කලින් නම් ලැබිලා තියේ කොලුවෝ 😉
හැබැයි ඉතින් මේ වගේ වෙනස් කතා වැඩිය ලැබෙන්නේ නැහැනේ
බොහොම ස්තුතියි උපසිරසට 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks……..Saho Thanks A Lot…………
ස්කුතියි සහෝ!
ජය වේවා!
Thanks Bro
I like these type movies
Cheers
ela………subata thanks RUWAN saho.Great work .digatama sub denn.jaya wewa……….
සොහොයුර, ඔබගේ ව්‍යායාමයට බෙහෙවින් තුති පුදමි.
මේ අගනා සම්ප්‍රදානයට ඔබ කැප කළ වෙහෙසට අපි ඔබට ආයුරාරෝග්‍ය සම්පත් ප්‍රාර්ථනා කරමු.
thanx sub ekata
Hey bro the link doesn’t work 🙁
Thanks a lot bro … 🙂
Ela ela.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀