The Circle (2017) with Sinhala Subtitles | කවය [සිංහල උපසිරසි සමඟ] 150*
උපසිරැසි පරිවර්තනය කරන්නෙක් හැටියට බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා අද වෙනකොට හරියටම අවුරුදු 4ක් සම්පූර්න වෙන්න දවස් 5ක් විතරයි අඩු වෙලා තියෙන්නේ. ඉතිං මේ මුල පුරන්න යන්නේ තවත් කඩ ඉමක් සනිටුහන් කරන්නයි. අහස කඩාවැටීම තුළින් පටන්ගත්ත මේ ගමන් මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා නම් කොහෙත්ම හිතුවේ නැහැ. මේ 150 කඩ ඉමට එනකොට වැඩිපුරම තියෙන්නේ ටීවි සීරීස් තමයි. අහසකඩාවැටීම, කළු ලැයිස්තුව, ඩෙයාඩෙවිල්, 24 (කොටස් කිහිපයක්), මේ දවස්වල විකාශය වල කොලනි කියන ටීවි සීරීස් 5ට උපසිරැසිගැන්වීම් කරලා තියෙනවා. චිත්‍රපටි නම් බොහොම සුලු ප්‍රමාණයක් තමයි කරලා තියෙන්නේ. 100 වෙනි කඩ ඉම වෙනුවෙන් චිත්‍රපටයක් කලාට පස්සේ මේ එකක් කරනවමාද කොහෙද!!! ඇත්තටම කියනවා නම් ආපහු ජිවිතේ ගැන හැරිලා බැලුවාම සතුටු වෙන්න පුළුවන් දේවල් අතරේ උඩින්ම තියෙන දෙයක් තමයි මේ උපසිරැසිකරණය. හැමෝම හැමදාම කියනවා වගේ මේක කරනවා කියන්නේ ලොකු කැපකිරීමක්. ඒ වෙනුවෙන් අපේ නින්ද, රාජකාරි කටයුතු, ඉගනීම් වැඩ, ඔක්කෝම කැපකරපු අවස්ථා තියෙනවා. හැබැයි ඒ හැම දේකටම ලොකු වටිනාකමක් තියෙනවා කියලා සයිට් එකේ මේවා පළවෙනකොට, කමෙන්ට් එකක් හරි වඩුන්ලෝඩ් එකක් හරි වැටෙනකොට හිත දැනෙනවා. ඉතිං මේ ආපු දුර ගමනේදී උදව් කරපු අය ගොඩක් ඉන්නවා. ඒ හැමෝම මතක් කරන්න ගියොත් පේජ් එකේ ඉඩත් මදිවෙයි ඒ ලැයිස්තුවේ මුලටම එන්නේ මේ අපි නිදිනොලබා කරන උපසිරැසි නරඹන ඔබයි. සයිට් එකට කවුරුත් ඇවිත් මේවා බාගත කරගන්නේ නැත්නම් අපි මේවා කරන්නෙත් නැහැනේ. ඒ එක්කම හැමදාම කියනවා වගේ අම්මා තාත්තා ඇතුලු පවුලේ හැමෝමත් බයිස්කෝප් පවුලේ ඇඩ්මින් මඩුල්ල ඇතුළු හැම දෙනවාමත් මතක් නොකර නම් බැහැ. ඉතිං විකියා අයියා, රොයිලි අයියා, හසන්ත අයියා, සමන් මල්ලී, විමා මල්ලී (මේ ෆිලුම ලැබුනෙත් විමා මල්ලිගේ ධන පරිත්‍යාගයෙන් තමයි) සමීර චතුරංග අයියා නිර්මානි නංගී ඇතුලු බයිස්කෝප් පවුලේ හැමෝටම ස්තුති කරන්න අමතක කලොත් ඒක ලොකු අඩුපාඩුවක් වේවි.
මේ වෙන කොට Imdb දර්ශකයේ 5.3 වගේ අගයක් අරගන තිබුනත් බලන්න වටින කතාවක් කියලා කිව්වොත් නිවැරදියි. James Ponsoldt ගේ අධ්‍යක්ෂනයෙන් සහ Emma Watson, Tom Hanks, John Boyega, Karen Gillan වැනි අයගේ විශිෂ්ට රංංගනයෙන් හැඩවෙලා තියෙන මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Dave Eggersගේ 2013 දී නිකුත් වුන The Circle කියන නවකතාවයි. කතාවේ තිර රචනයත් ඔහු සහ අධ්‍යක්ෂකවරා දෙන්නා එකතුවෙන් සිදුවෙලා තියෙන්නේ.
හොදයි එහෙමනම් ඉතිං කතාව පැත්තට හැරෙමු. මේ හොලන්ඩ් කියලා කියන්නේ දුප්පත් ගෑණු ළමයෙක්. එයාට එයාගේ යාළුවෙක් මාර්ගයෙන් එයාගේ සිහින රැකියාව කරන්න අවස්ථාව ලැබෙනවා ලෝකේ තියෙන බලවත්ම සහ විශාලම සමාජ ජාලා සමාගමේ. ඉතිං එයා ඒක භාරගන්නේ එයාගේ මුලු ලෝකයම ඒක හැටියටයි. එයා දක්ෂ විදියට වැඩ කරගන යනකොට සමාගමේ ලොක්කා ගෙන් එයාට අවස්ථාවක් ලැබෙනවා තීරණාත්ම අත්හදාබැලීමකට සහභාගී වෙන්න. ඉතිං එයා මේ අවස්ථාව එයා භාරගන්නවාත් එක්කම සීමාවන් ඉක්මවලා යනවා. ඒකෙන් එයාගේ පුද්ගලිකත්වය සදාචාරත්වය සහ අවසානයේදී පුද්ගලික නිදහස නැති කරගන්නවා. මේ අත්හදා බැලීමේදී ඇය ගන්න තීරණ වලින් එයාගේ පවුලේ අයට සහ යාළුවන්ට දරුනු විදියට බලපෑම් එල්ල වෙනවා. ඇත්තටම හොද පනීවිඩයක් අරගන එන කතාවක් කියලා කිව්වොත් හරි. එහෙමනම් කතාව බලන්කෝ.
චිත්‍රපටයේ කොපිය ගැනත් අනිවාර්යෙන්ම කියන්න ඕන. HD කොපියක් උනාය බ්ලූරේ එකක් තරම් ගුනාත්මක භාවයක් තියෙනවා අදුරු දර්ශන කිහිපයක් ඇරෙනකොට. ඒ නිසා මේ කොපියෙන් කතාව බැලුවට පාඩුවක් වෙන එකක් නැහැ.
එහෙමනම් කතාව බලන්කෝ. නැවත හමුවනතුරු ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD සහ BR පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 12064 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
good job
sub eke akuru wardi thibba
thanks
all the best
Thank you soo much….
Good job
All the best
thank you yaluwa
Thank you!
Thanks sis sub ekata..
Jaya wewa!
congracts
Sub akata thanx sis
Thanks
150ට උණුසුම් සුබ පැතුම්!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට….ජය…!!!
thanks..
thanks
තැන්කු සහෝ සබට… ජය වේවා….!!!!!!!!!!
සුපිරි
thanq sub ekata
කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට සමාවෙන්න අක්කෙ.
තුන්වෙනි කඩඉම වෙනුවෙන් සුභ පතනවා…!!!
ඉන්නෙත් මගේ ක්‍රෂ් එක නිසා අනිවා බැලීමක් තමා…!!! <3 <3
එහෙනම් ඊළඟ කඩඉමටත් යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
ජය වේවා...!!!
නියමයි සුපිරි film ekak සිදුකරන මේ කටයුතුවලට බොහොම පින් නන්ගී
සුපිරී ගොඩක් ස්තුතී අක්කේ
good luck sis
thnx sis…
නියමයි අක්කේ ජය වේවා!!!!! තවත් උපසිරැසි දිගටම කරගෙන යමු
suba pathum sis
Download kara, balanna hadanne. Thanks sub dunnata.
150ට සුභ පතනවා. ස්තුතියි සොයුරිය.
බොහොම ස්තුතියි,ජයෙන් ජය
Mewa update karan nadda weprip, blurry avidin godak kal wada hariyata karannako please
150ට සුබ පැතුම්.
200ටත් ඉක්මනටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
ජයෙන් ජය.
150ට සුබ පැතුම්! ✌
BR එක ඇවිත් තියෙන්නෙ. ඒකට සබ් එක අප්ඩේට් කරන්න අක්කේ
බොහොම ස්තූතියි සබ් එකට 150 ත් සුබ පතනව ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා
150වෙනි උපසිරැසියට සුබ පැතුම් අක්කෙ
150 වෙනි උපසිරැසියට බොහොම ස්තූතියි අක්කෙ.
තව තවත් උපසිරැසි කරන්න කාලය ලැබෙන්න ඕන.
ඒ වගේම තමා අනික්වා කෙසේ වෙතත් Falling Skies එක නම් ඒ දවස් වල බැලුවා.
නියමයි. එහෙනම් ජය වේවා කිව්වා.~ ~
Ane Sis puluwan nam me tv series eke sub dennako Pretty Little Liars
ස්තූතිය සබ් එකට ජය වේවා..!!
150වෙනි උපසිරැසියට සුභ පැතුම් සුරේනි අක්කේ..ඊලග කඩයිම් වලටත් යන්න සුභ පැතුම් …
Br එක ආවම මේක බලන්න ඕනේ..හම්මේ එමා..:-)..
ජයවේවා!!!
150 වැනි උපසිරසියට සුභ පැතුම්
meke torrent eka hoyaganna behe. tiyena kenek link eka danna.
150 වැනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
මෙතනින් නොනැවතී, ඉදිරි කඩයිම් වලටත් යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා!!!
150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්….
thank you sis. congratz
Thanks for 150th sub.
Good Luck.!!
150ට හෘදයාංගම සුබ පැතුම් එක් කරනවා..
හම්මේ ඉස්සරනම් සට සට ගාලා සබ් දීපු කෙනෙක් නොවෑ..
කොහොමහරි මෙතනින් නොනැවතී 200ත් ඉක්මනටම දෙමු..
උපසිරසියට ස්තුතියි ජය..
Thanks for the all subtitles…congraaatz akka..go further
Great job.Thanks
thank you
උණුසුම් සුබ පැතුම් සුරේනි. දැන් නම් උපසිරැසි ඉස්සර තරම් වැඩියෙන් නොදෙන්නෙ වැඩ හින්දා වෙන්න ඕනා. කමක් නෑ මෙහෙම හරි දෙන එක මදැයි. මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් 200 ට යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
හදවතින්ම සුබ පතනවා! ඉදිරි ගමනට ආසිරි වේවා…!!!
thank u very much sis………….Go ahead…..!
බොහොම ස්තූතියි………. 150 වන උපසිරැසියට සුභපැතුම්……
බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට
150 ට සුබ පතනවා
ඉක්මනටම 200 ත් ගේන්ඩ වාසනාව ලබා ගන්ඩ කියලා පතනවා
කොලනියෙන් හමුවෙමු …………….
Good Work Friend, Thanks!
niyamay akki… 150ta subapathum oyata. 200th ikmanta karamu hode………….
mage unusum subapatum akkiyo ikmanatama 200 gahmu
සුබ පැතුම් සුරේනි අක්කා
subapethum
150 වෙනි උපසිරැසියට සුබපැතුම්.බොහොම ස්තූතියි
ඉදිරි කඩයිම් වලට යාමට දිරිය,කාලය වැඩි වැඩියෙන් ලැබේවා
ජය!
සුබ පැතුම් සුරේනි අක්කා. ජයවේවා…!!!
Godak thanka me movie ekata sub dunnata..Jeyen jaya..
150ට සුභ පැතුම්.. දිගටම උපසිරස දෙමු.
150 වන කඩයිමට උණුසුම් සුභපැතුම් වේවා අක්කේ..! දිගටම අප ඔබගෙන් උපසිරැසි බලාපොරොත්තු වෙමු.
Cars 3 2017 TS x265-Omikron mekatah sub ekak damu kooooooo machna laaa
150 උපසිරැසිය වෙනුවෙන් මගෙනුත් උණුසුම් සුබ පැතුම්.. එමා ඉන්නව කියන්නෙ බලනවම තමයි.. ඒ වගේම ස්තූතියි..
welldone….Hat off Respect SURENI sis….Great work & Lot of thanks SURENI sis.wish u’r great future…..
Thank you sis. Keep it up.
Thank you
Hoda film ekak wage saho….jaya wewa oyata naganiya….
150 වෙනි උපසිරසිය වෙනුවෙන් සුභම සුභ පැතුම් අක්කේ. උපසිරසියටත් මාව මතක් කරාටත් බොහොම ස්තූතියි. අද බලන්න ඕන ෆිලුම. එහෙනම් ජය වේවා. තව එකසිය පනහක් දෙසීයක් කරන්න හැකියාව ශක්තිය ලැබේවා. ජය…
150 වෙනි උපසිරැසියට සුභ පැතුම්!
සබ් එකට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
උපසිරැසියට බොහොම ස්තුතියි අක්කේ:)
සුභ පතනවා 150 වෙනි උපසිරැසියට………..
obata bohoma stutiy,,,jayen jayama wewa,,,,,,
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි අක්කේ…°°°°°°°°
°°°°°°හදවතින්ම සුභ පතනවා 150 වෙනි උපසිරැසියට°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
Thanx akke… Gud luck. digatama apita sub denna oyata shakthiya lebewaaa…
elama saho thanks
Loku kdyimk akkee…
Bohom sthuthiy….
Ap wenuwen me krn sewyt mt sthuthi krnn wchnee…
Illne thw thwth sub denn kiyl…me gmn methnin nthr krnn epa kiyla……
Jyen jym wewaa…
Ikmnum ilg upsrsyn hmuwemmo….
නියමයි සුරේනි අක්කේ සබ් එකට තෑන්ක්ස්
150 ට සුභ පැතුම්
කොලනියෙන් ඉක්මනටම නැවත හමු වෙමු
සබ් එකට තෑන්ක්ස් සුරේනි අක්කේ
200 ත් ඉක්මනටම ගහමු හොදේ…
කොලනිය ඉවර කරලා blacklist- Redemption කතාමාලාවටත් හැකි නම් සබ් දෙන්න ( කොටස් 8යි තෙයෙන්නේ.. සීසන් 2 ක් එන්නෙත් නෑ ඒක නිසා බය වෙන්න එපා 🙂 )
සිංහල උපසිරැසියට ස්තූතියි සුරේන් අක්කේ
150 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුබ පතනවා…
කොලනියෙන් නැවත හමු වෙමු
#ජය වේවා
jaywewa sahodari…
Good luck
Wish you all the best akki !!!
සොයුරියගේ 150 වෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම්, 150 ට 300 ආයු බෝවේවා. 151 ට “Body Of Evidence (1993)” සබ් දෙන්න පුලුවන්ද please,,,,,,,,,,,,,,,,,,,,,
::::::::බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට::::::::
150 වෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම් අක්කේ..මෙතනින් නොනැවතී ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න හැකිවේවා..ඔයාලා මේ කරන සේවයයෙන් කී දාහක් දෙනා සතුටින්,තේරෙන විදියට චිත්‍රපට,ටෙලි කතාමාල බලනවද. ඒක නිසා ස්තුතියි කියනවට වඩා වටිනාම වචනේ තමයි බොහොම පිං කියන එක..!
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::
එමා නංගි ඉන්න නිසා අනිවා බැලිල්ලක් තමා. හැබැයි බීආර් කොපියක් එනකම් ඉවසනවා.
උපසිරැසිය ගත්තා. සුරේනි නංගීටත් ගොඩාාාාක් ස්තුතියි වෙහෙස මහන්සිය නොබලා අප ගැන අනුකම්පාවෙන් මේ උපසිරැසිය දුන්නාට….!
ඔහොමම යමු 200 දක්වා…… මගෙන් සුබ පැතුම්…!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
ela ela degatama karamu.best of luck
150 වෙනි උපසිරසට සුබපැතුම් සුරේනි නංගි !!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…
150 ට සුභපැතුම්! 200 ත් ඉක්මනටම ගහමු නේහ් 😛
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!