IMDB ශ්‍රේණි ගත කිරීම් වල 7.8/10 ගත්තු මේ චිත්‍රපටිය ගැන මම කොහොමද කියන්නේ. බොහොමත්ම කරුණු ප්‍රමාණයක් මතක් වුණත් කෙටියෙන්ම කියන්න ඕනනේ. මම මේ චිත්‍රපටියට පාදක වුණු නවකතාව ලියවුණේ Frederick Forsyth අතින්. එයාගේ පොත් බොහෝවිට ක්‍රියාදාම වලින් පිරුණු හා රහස්පරීක්ෂක ගණයට වැටෙන කියවද්දි නවත්වන්න නොහිතෙන…

IMDB ශ්‍රේණි ගත කිරීම් වල 7.8/10 ගත්තු මේ චිත්‍රපටිය ගැන මම කොහොමද කියන්නේ. බොහොමත්ම කරුණු ප්‍රමාණයක් මතක් වුණත් කෙටියෙන්ම කියන්න ඕනනේ. මම මේ චිත්‍රපටියට පාදක වුණු නවකතාව ලියවුණේ Frederick Forsyth අතින්. එයාගේ පොත් බොහෝවිට ක්‍රියාදාම වලින් පිරුණු හා රහස්පරීක්ෂක ගණයට වැටෙන කියවද්දි නවත්වන්න නොහිතෙන නවකථා. – අන්න පොත් නම් පොත් චිත්‍රපටි පරාදයි. – ඇත්තෙන්ම මේ නවකතාවට පාදක වුණු සිද්ධිය 1960 දී ඒ ආකාරයෙන්ම සිදුවී තිබෙනවා. එම සිදුවීමෙ නොදුටු පැති හා එළි නොවූ අභිරහස් එළිකරමින් 1971 දී ලියවුණු මේ නවකතාවට 1972 දී හොඳම නවකතාවට හිමි Edgar සම්මානය ලැබුණා.
මම මේ නවකතාව මුලින්ම කියෙව්වෙ අභය හේවාවසම් නැමැති පරිවර්තකයාගේ පරිවර්තනයක් තුළිනුයි. ඔහුගේ පරිවර්තන ශෛලියේ සිත් ඇද්ගන්නා බව නිසා හෝ මුල් නවකතාවේ ශෛලිය මත මා මෙම කතාවට වහ වැටුණා කිව්වොත් නිවැරදියි. ෆෙඩ්‍ර්ක් ෆෝසයිත් ගේම II ලෝක යුද්ධයේ පරාජයෙන් පසු ජර්මනියේ නාසි ජෙනරාල් වරුන්ගේ පලායෑම හා සැගවීසිටීම ගැන එළිදරව් වූ නවකතාවක් වෙච්ච The SS Files නැමැති නවකතාවම අභය හේවාවසම් මහතා අතින් පරිවර්තනයට ලක්වුණා.
මේ චිත්‍රපටය මා ටොරන්ට් ගැන දැනගත්තු අලුතම බා ගත්තත් ලිපිය ලියන්න හිතුවේ නැහැ. ඒ සීඩ්ස් අඩු නිසා. ඒත් දැන් ටිකක් ඉස්සරට වඩා සීඩ්ස් තියෙන නිසා ඔයාලා හමුවට ගේන්න හිතුවා. සබ් දදා නොහිටියේ සීඩ්ස් අඩුවේවි කියෙන බය නිසයි. මෙහි කතාව වෙන්නේ ප්‍රංශයේ ජනධිපතිවරයෙක්ව සිටි ජෙනරාල් ඩිගෝල් ගේ ඝාතන තැතක් ප්‍රංශ ආරක්ෂක අංශ දැන ගැනීම හා එය වැළැක්වීමට උත්සහ කිරීමයි. ඒත් හැමවිටම ඝාතකයා ඔවුන්ට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටිනවා.
හැබැයි එක දෙයක් කියන්න ඕනා. චිත්‍රපටිය පොත තරම්මනම් රසවත් වෙන එකක් නැහැ. හැකියාවක් තියෙනවනම් පොත හොයාගෙන කියවන්න. අනික මේ පොතේ බොහොම අඩු කරුණු ප්‍රමාණයක් අනුසාරයෙන් 1997 දී ජැකෝල් නමින් වෙනමම චිත්‍රපටයක් හැදුණා. ඒකනම් මේ පොතේ කතාව නෙවෙයි. අතීත සිද්ධි ගැන උනන්දුවක් දක්වන අයට සහ රහස්පරීක්ෂක කතා ගැන උනන්දුවක් දක්වන අයට මේ කතාව අල්ලලා යයි කියලා හිතනවා.416
” Due to copyright issues, we do not provide any torrent links. “
The.Day.of.the.Jackal.1973.WEB-DL.720p.x264.anoXmous_
සියලුම WEB පිටපත් සඳහා අදාළ වේ.
654 downloadsDownload The-Day-Of-The-Jackal-1973.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
71 comments
Suren n. Semage (සිව්පෙතියා)
chanaka
ye ada mama 2
mama banawa banawa
thanks hoderadi
mama 2nd.... banda oone.
Suren n. Semage (සිව්පෙතියා)
රොයිලි සහෝ ආයේ කරලියට ආපු එක ගැන ගොඩක් සතුටුයි. ෆිල්ම් එකට තැන්කු වෙරි මච්.
හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
හැබැයි අද මැසේජ් එක නම් ආවේ නෑ.Suren n. Semage (සිව්පෙතියා)
සොරි සොරි මැසේජ් එක දැන් ආවා.
chamath
appa onna an ada late wela ne hmmmmmmmm kamank na.onna saho baganna list ekata damma.ela thanks saho
විකියා
මේ දවස් ටිකෙම බැලුවෙ පරණ බයිස්කෝප්...පරණ ඒවා බැලුවම තේරෙන්නේ අද තියෙන බයිස්කොප් මොනවද කියලා...මේක අනිවා බලනවා..ස්තූතියි රොයිලි සහෝ :-)
විකියා
SMS වැඩේ නියමයි...කවුරුත් දැන් ප්‍රයෝජන ගන්නවා ;-)
මොකද දැන් උදේ නැගිට්ට ගමන්ම sms එක දකිනවනේ....kasun
onna math ada banawa elakiri
chamila
:)
අමල් ප්‍රසාද් සමරවීර
royli kiyana nisama balamukooo... thnxxxxxxxxx
Buwaneka
Maru Maru Marama film collection ekakne thiynne
තිසර
මෙහි සිංහල පරිවර්තනය එනම් "වෘකයාගේ දවස" ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වුනා. බොහෝ නවකතා ඇසුරින් නිපදවන චිත්‍රපට අසාර්ථක වුවත් මට හිතෙන හැටියට නම් නවකතාව තරම්ම නොවූවත් උසස් මට්ටමේ චිත්‍රපටයක්.
රොයිලි සහෝ, හොද දේට අපි පුල් සපෝට් ආ... (හුග දවසකින් කමෙන්ට් එකක් දැම්මේ)
Viraj
තෑන්ක් මචන්. සෑහෙන කාලෙක ඉදන් හොයපු පිල්ම් එකක්. බලලම කියන්නම් ඉතුරුටික.....
රොබින්හුඩ්
mea kathawa nam ahala tibune nea meeta kalin. seeds adu wunath hemin sarea hari banawa :-)
bohoma sthuuthiyi Royly sahoa...Nish
Meka attha kathawak, mamath potha kiyewwa, film eka ganath ahala thibuna, torrent ekak hamba une naha, bohoma sthuthi saho meka dunnata.........
Akalanka Yapa
බලමු බලලා... රහස් පරික්ෂක කතා වලට නම් බොහොම කැමති.. ස්තුතියි සහෝ..
රොයිලි
@Suren n. Semage (සිව්පෙතියා),
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ඒ වගේම බයිස්කෝප් අඩවිය ගැන දක්වන උනන්දුවටත් බොහොමත්ම පිං :P :P@chanaka,
අනිවා අනිවා. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :Pරොයිලි
@radi,
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දෙක කිව්වට දෙකම නෙවෙයි නේද? තුන් වෙනියා වෙලා. චානක ඉස්සර වෙලානේ. හෙට බලමුකෝ. :P :P@chamath,
Late වුනාට මොකෝ සහෝ ආවනේ කොහොමහරි. හෙට මුලින්ම එමුකෝ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :Pරොයිලි
@විකියා,
බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ඒ වගේම මේ SMS යැවීම ගැන අපේ අවධානය යොමුකරවීම ගැනත් බොහොම පිං. :P :P@kasun,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :PRamraj
මේ කථාව ගැන මම පොඩ්ඩක් අහලා තියෙනවා. නමුත් ෆිල්ම් එකක් තියෙනවා කියලා දැන ගෙන හිටියේ නෑ. අද තමා ඔන්න දන්නේ. රොයිලි ස්තූතියි.
Enri
appe royly puthe!!!hondin innawa ne?man hitanne awuruddakinda koheda me comment 1k danne.hondama tikak allala bagannawa.tnx kiwwa deela tiyena hama ekakatama.on dan harry potter 7 part 1 heta anidda release wenawalu!!!ehenan ape baiscope kandayamata subapathanawa tawa chirath kalayak wade koragena yanna hambawewa kiyala!!!samatama jaya!!!
රොයිලි
@Ramraj,
අහ් එහෙමද. හොදා හොඳා දැන් දන්නවනේ. බලලත් කියන්නකෝ එහෙනම්. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. අහ් දැන් ඔබතුමා කමෙන්ට් කරන අයගෙන් 8 වෙනියට වැඩිම කරපු කෙනා විදියට ඉන්නෙ නේද?. එල එල ඔහොම යං ඔහොම යං :P :P@Enri,
අහ් ඔබතුමා නැගිට්ටද? එල එල සන්තෝසයි සන්තෝසයි. දිගටම එමු නේද ඉතින් :P :P
රොයිලි
@chamila,
:P :P@අමල් ප්‍රසාද් සමරවීර,
අනිවා අනිවා කියන දේ අහන්නෙ හොඳ ළමයි නේ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :Pරොයිලි
@Buwaneka,
ඔබතුමා බයිස්කෝප් අඩවියට අලුත් කෙනෙක් වගේ. සාදරයෙන් පිළිගන්නවා. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
:P :P@තිසර,
අනිවා චිත්‍රපටිය අසාර්ථකයි කියලා නෙවේ මම අදහස් කළේ. පොත තරම්ම රසවත් වුනේ නැහැ කියන එකයි. සමහරක් විට පොත කියවලා අපි මවාගෙන උන්නු චිත්‍රය වෙනස් වුන නිසා වෙන්න ඇති. කොහොමත් මේ චිත්‍රපටය නිපදවන්න සෑහෙන වියදමක් දැරූ බවනම් ආරංචියි. නමුත් හිතු තරම් box office සාර්ථකත්වයක් ලැබුවේ නැහැ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :Pරොයිලි
@Viraj,
එලම තමා. බලලත් කියන්නකෝ එහෙනම්. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
:P :P@රොබින්හුඩ්,
හිතපු තරම්මනම් slow නැහැ. බාගෙන බලන්නකෝ. කෝ ඔබතුමාගෙන් තව උපසිරැසි චිත්‍රපටයක් එනකම් මම බලාගෙන ඉන්නේ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :Pරොයිලි
@Nish,
එලම තමා. බලලත් කියන්නකෝ එහෙනම්. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
:P :P@Akalanka Yapa,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :Pචමීදේවා
මමත් දැනුයි ඔන්න මේක බලලා ඉවර උනේ....
නියම ෆිල්ම් එකක්නේ රොයිලි සහෝ....
නියමයි...පරණ හොඳ ෆිල්ම් එකක් අපිත් එක්ක බෙදාගත්තට බොහොමත්ම ස්තූතියි....AL1717
Elakiri Onna Mama Banna Demma
Balama Kiyannam Ithuru Tika.Jaya Wewa...
hemantha samarakoon
මගෙ ලඟ නම් ඉතින් මේක තියෙනවනෙ. මම බලාගෙන හිටියෙ සබ් ගන්නයි.
කොහොම වුණත් මගෙත් අදහස "පොත තමා වඩා හොඳ" ... කියන එකයි.dil
mama laganam The SS Files potha tiyenawa.
dil
mama laganam The SS Files potha tiyenawa. habei pothe potha tharamma film eka rasawath nehe matanam
Nirmal
Oya kiyanawanam aniwa balanawa Royli ayye ayeth 2k nehe!!
Mamanam mehema story ekak gena ahala nehe eth dekkama terenawa maxxa movie ekak wenna athi kiyala...kohomath true incident ekak inspire karalane hadala tiyenneth
ela ela
greetings Baiscope Sinhalen n da crew!!!!!Supun
Mama oya pariwarthanaya kiyawala tiyenawa maxxa
me wage movie ekak dunnata isthuthi saho..
Koralege Dhanushka clear
thanks saho.
chamath
patta film eka saho.onna mna nam baluwa.me balapu gaman thamai oyalatath me kiyanna haduwe.hoda copyak macho.menna balananna ikmanata bagena.ela meka damma sahota godak thanks .thawath me wage dewal danna kiyala illanawa.ela saho :D
buratheno
ෆෝර්සයිත්ගෙ හැම පොතක්ම නියමයි.. SS Files, Day of the Jackal, Dogs of War වගේ ඒවා කියවලා අපි නොදන්න කරුණු ගොඩක් දැනගන්න පුළුවන්.. හැබැයි ඒ පොත්වලින් ගහපු ෆිල්ම් එකක්වත් සාර්ථක වුනේ නෑ.. මේකත් ඒ වගේ තමා..
ashan kandy
thanks bro.. parana unath gindara wage athi..
Uraj Deemantha
Thanks රොයිලි macho :)
gayan
ඔයා දාපු දේවල් ගොඩක් බලලා තියෙනවා ක්මේන්ට් නොකෙරැවාට ස්තුතිය මේ දෙවල් වලට
boothaya
mama potha kiyawala thiyanawa machan patta kathawa. film 1th balannam, thanku wewa!!!
chap
බැලුවා.. ෆිල්ම් එක හොදයි..
supun
macho parana unat elxxxxxxxxx
puluvannm sinhala sub dapankooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooSisila Prasad
බොහොම ස්තුතියි රොයිලි සහෝ.
ජයවේවා !Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
චමිල් අලංකාර
ස්තුතියි මෙය ලබා දුන්නට . මෙම නවකතාව කියවපු වාර ගණනනම් මට මතක නැහැ. එතරම් රසවත්. චිත්‍රපටයනම් මිට පෙර දෙවතාවක් බැලුවා. ඇත්තටම නව කතාව තරම් රසවත් නතු උනත් වරදක්ම නැහැ. කොහොමත් යොදාගත හැකි කාලය හා සම්පත් මෙන්ම පහසුකම් බැලුවම බොහෝවිට නවකතා චිත්‍රපට අභිබවා සිටිනවා. විශේෂයෙන්ම අතීතයේදී. එමෙන්ම මෙම චිත්‍රපටය 1980 ගණන් වල ලංකාවේ ප්‍රදර්ශනයට හා රුපවාහිනී ප්‍රදර්ශනයට සුදානම් වූවම එවකට රජය හා ජනාධිපති එය වැළැක්වූ බව මා අස තිබෙනවා. හේතුව මෙයින් පුර්වාදර්ශයක් ගනී කියා. එමෙන්ම අපේ කෘතහස්ත දේශපාලකයෙකු වූ කදිරගාමර් මහතාගේ ඝාතනය මට මේ කතාව. යලි සිහි කැඳවුවා. යලිත් බොහොම ස්තුතිය මෙය ලබා දීම පිලිබඳ .
NALIN
Thanks for Subtitle...!
Please Subtitle for This
Central Intelligence [2016]
Kickboxer Vengeance [2016]
Skiptrace [2016]
The Secret Life of Pets [2016]
Tooooooo............harsha
ආ! රොයිලි මහත්තයා සෑහෙන දවසකට පස්සේ පට්ට ෆිලුමක් එක්ක ඇවිත් තියෙන්නේ. මමත් මේ කතාවේ සිංහල පොත කියවලා තියනවා. ඉතින් මම දන්නවා කොච්චර අපූරුද කියලා ඒ නවකතාව, ඒ නිසාම මේ චිත්‍ර පටයත් බලනවා. ඉඳ හිට හෝ මෙවැනි අපූරු කතා සමඟ එන්න. අපි ඉන්නවා ඒවා බලන්න. ස්තූතියි ජයවේවා
කේ.යූ.ජී. උදාර
ඔන්න එහෙනම් මාත් ගත්තා................
සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි.mithun
ඔබතුමාගෙ උපසිරැසි නිර්මාණය ගොඩක් බලල තියෙ මම. පුද්ගලිකව. එව අනගි බවනියයි . ඔබ කියන නිසාම බලනව මෙකත්. ටිකක් ඔල්ඩ් එකක් දෙන්න ඇත්තෙ ඉදල ,ඉදල හොදම වෙන්න ඔනෙ කොහොමත් රහස්පරික්ශක කතාවලට මාත් උනන්දු යි. තුති උපසිරැසියට සහො
Withanage Priyantha Dayakeerthi
"රොයිලි" කියන නම දුටුව ගමන්, මා තීරණය කළා මේ සිනමාපටය බලන්නට. ඒ මන්ද ඔබ උපසිරසි කරනා ලද සවර්ණමය චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් මා නරඹා ඒවා සුරක්ෂිත එකතුවක් ලෙස නැවත නැවතත් නැරඹීමට ළඟ තබාගෙන ඇති නිසා. ඉතින් නැවතත් මෙවැනි කලාත්මක අගනා උපසිරසියක් ලැබෙනතුරු බලා සිටින්නම්, ස්තුතියි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුභ දවසක්!!! ඔන්න මං එක.