කොහොමද බයිස්කොප් යාලුවනේ. මේක තමයි මගේ පළවෙනි පරිවර්තනය. මේ මම කියන්න ලැස්ති වෙන්නේ අවාසනාවට සිදුවුනු ඇත්ත කතාවක් ගැන. the devils double මූවි එක ඩොලර් මිලියන 20ක මුදලක් වැය කරමින් නිමැවුනු පට්ටම සුපිරි මූවි එකක්. අධ්‍යක්ෂනය කරල තියෙන්නේ ‘Lee Tamahori‘,ඔහුගේ නිර්මාණ බොහොමයක් ක්‍රියාධාම ගණයට අයත් ඒවා…
කොහොමද බයිස්කොප් යාලුවනේ. මේක තමයි මගේ පළවෙනි පරිවර්තනය. මේ මම කියන්න ලැස්ති වෙන්නේ අවාසනාවට සිදුවුනු ඇත්ත කතාවක් ගැන. the devils double මූවි එක ඩොලර් මිලියන 20ක මුදලක් වැය කරමින් නිමැවුනු පට්ටම සුපිරි මූවි එකක්. අධ්‍යක්ෂනය කරල තියෙන්නේ ‘Lee Tamahori‘,ඔහුගේ නිර්මාණ බොහොමයක් ක්‍රියාධාම ගණයට අයත් ඒවා. ‘Latif Yahia‘ නැමැති පුද්ගලයාගේ පොත් වලින් උපුටා ගත් මෙම කතාව ලියල තියෙන්නේ ‘Michael Thomas‘. මේ මූවි එකට IMDB රේටින් වලන් 7.1/10 ලැබිලත් තියෙනවා. මේකේ වැඩේ කියන්නේ එක නළුවයි චරිත දෙකයි.(double acting) ‘උඩේ සදාම් හුසේන්’ සහ ‘ලතීෆ් යහියා’ කියන මේ ප්‍රධාන චරිත දෙකටම රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු ‘Dominic Cooper‘. මේ මූවි එක වැටෙන්නේ ක්‍රියාදාම හා නාට්‍ය ගනයටයි.
කතාව ගැන කිව්වොත්,
මේ ඉරාකරේ ජනාධිපතිගේ පුතාගේ ඒකීවේ සදාම් හුසේන්ගේ පුත්තරයාගේ උඩේ සදාම් හුසේන්ගේ විනෝද කාමී රාක්ෂ ජීවිතය වටා ගෙතුනු අපූරු කතාවක්. ලතීෆ්, එක් ප්‍රධාන චරිතයක්. මොහු ඉරාක හමුදාවේ ලුතිනන් වරයෙකු ලෙස සේවය කරන නිහතමානී පුද්ගලයෙක්. ලතීෆ්ගේ පෙනුම උඩේගේ පෙනුමට සමාන නිසා උඩේ ලතීෆ්ව එයාගේම කොපියක් බවට පත් කර ගන්නවා.
උඩේ සදාම් හුසේන් සමග ගෙවන මේ ජීවිතය ලතීෆ් යහියාට කෙසේ බලපායිද? උඩේගේ ලෝකය කොහොම එකක්ද? මේ අය මොනවද කරන්නේ? කියන එක දැන ගන්න බාගෙනම බලන්න. මම කතාව ගැන වැඩිය කීවේ නෑ කියල තරහ වෙන්න එපා. මුලු කතාවම මම මෙතන දැම්මොත් මූවි එකේ රස නැති වෙනවනේ, ඒ වගේම ඔයාලටත් කියවන්න එපා වෙනවනේ, ඒකයි.
මේක මගේ පලවෙනි සබ් එක. මේක ඉවර කරගන්න නම් ටිකක් කල් ගියා. හිතපු තරම් ලේසි උනෙත් නෑ. අඩුපාඩුත් ඇති. මට මේ වැඩේ දිගටම කරගෙන යන්න comment එක්කින් සපෝට් එකක් දෙන්න හොදේ.. හැමෝටම ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,550 downloadsDownload The-Devils-Double-2011.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලීන් මලල්ගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-02-01
Subtitles by
නලීන් මලල්ගොඩ
Subtitles
172 comments
ඇඩ්මින්
කේ. යූ. ජී. උදාර
මේ ෆිල්ම් එක මාත් බලල තියෙනවා. ෆිල්ම් එක නම් උපරිමයි. දිගටම මේ වැඩේ කරගෙන යමු සහෝ....
නිෂූ
ජයවේවා !
ඔහොම යන් ! ඉදිරියටමgayan
1280 x 544 කොපි එකක් නිකුත් කරන්න බැරිද?මේකේ කොලිටි එක අඩුයිනේ.කට්ටියක් සබ් එක idx කලා..දැන් තව කට්ටියත් ෆිල්ම් එක කොලිටි අඩු කරලා දෙනවා.133x.org එකේ සිඩ් නම් අන්තිමයි.ෆිල්ම් එක ඩිරෙක්ට් බාන හරි අපි වගේ හොද කොපි එකක් බාන එවුන්ට දැන් දෙයියන්ගේම පිහිටයි.මොනවා කරන්නද නිකම් දෙන සබ් එකනේ අපිට මුකුත් කියන්න බෑ.පුලුවන් නම් ගන්නවා බැරිනම් දන්න ඉංග්‍රිසියෙන් බලන්න වෙන්නේ.තැන්ක්ස් මචන් සබ් එකට.එත් මගේ ගාව තියන කොපි එකට සබ් මෙතන නෑ නේ.පුලුවන් නම් සබ් දාපු කෙනා මට සබ් එක මේල් කරන්න පුලුවන් නම් කියන්න.
ස්තුතියි.Nimal
thanks bro...
[DiN3sH]
ela. ela. thankyou!
chamila
thanks.....
AL1717
meka nam patta movie eka...
Mamath beluwaSinhla Sub Demmata thanks Kiwaa
Balapu nethi un BalapallaPattai Film Eka Nam...
Rumesh
තෑන්ක්ස් මචන් සබ් එකට ඒත් මචන් මට ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න බෑනෙ,ඔෆිස් එකේ ටොරන්ට් බ්ලොක්.ඉතින් මම වගේ අයටත් සිංහල සබ් ගන්න විදිහක් කියන්නකෝ.
Hondaputha
Is this a Tamil film ?
Truth
1st of all the correct translation for The Devil’s Double is not යක්ෂ ජෝඩුව
secondly its verry funny when you are talking about rights when you are dealing with pirated stuff ....
im talking about this (අප අඩවියෙන් ලබා දෙන උපසිරැසිවල අදාල උපසිරැසි යෙදූ අයගේ නම් ඉවත්කර වෙනත් අයගේ නම් සහ අඩවි ඇතුලත් කර අන්තර්ජාලයට මුදා හැරීම වැලැක්වීමයි. )... LOLසාරංග ලියනගම
නියමයි.. මේ ෆිල්ම් එක බලන්න සෑහෙන්න ආසාවෙන් හිටියේ. ගොඩක් ස්තූතියි සහෝ... දිගටම මේ වගේ හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න.
මොනවා වුනත් ඇඩ්මින් එකෙන් මේ වගේ තීරණයක් ගනිපු එක හොඳයි.සබ් හොරකම් කරන එක නවත්වන්න අමාරු වුනත් මේ වගේ දේවල් වලින් ඒක ටිකක් හරි අඩුවේවි කියල හිතන්න පුළුවන්.Djwathila
තෑන්ක්ස් මචං.. සබ් එක්ට....
බයිස්කෝප් ටීම් එකට තව පොඩි යෝජනාවක් කරන්න කැමතියි
ගොඩක් අය සිංහල සබ් බාගත්තට කමන්ට්ස් එකක් දාන්නෙ නෑ ඒ නිසා සබ් ඩවුන්ලෝඩ්කරපු ගානත් දාන්න පුලුවන්නම්... සබ් දාන අය තවත් දිරිමත්වෙයි කියල හිතනව
තෑන්ක්ස්kantha
thanks very much for sinhala sub.......
indika
ඔන්න මමත් බාන්න දැම්මා බලලම හොද නරක කියන්නම් බොහොම ස්තුතියි සිංහල සබ් දුන්නට වැඩේ දිගටම කරගෙන යං අපි කොහොමත් පස්සෙන් ඉන්නා මේ වැඩේට
c
meka beluwa machan.. patta movie ekak thamai... thanks a lot yaluwa.. pls digatama karan yanna...
Nalinda
Thanks Machan....
P. Wiki
අපෝ අදත් මෙහේමද?මේකේ ටොරන්ට් එක බාලා හුගක් කල්!
මොකක්ද බන් මේ කරන්නේ.කලින් ටොරන්ට් බාපු අපිට දැන් හුලන්ද?මේකේ දෙන audio video කොලිටි අඩු කොපියද අපි ගන්න ඕන?????
අනේ මන්දා කවුරු හරි හොරොකම් කරනවා කියලා එකට විදවන්න වෙන්නේ
අපි හැමෝටමයි.මොනා කරන්නද අර එක සහෝදරයෙක් කිව්වා වගේ නිකම්
දෙන සබ් එකනේ.ඔයාලට ඕන විදියට දෙන්න අයිතිය තියනවා.
හොරකන් කරන එක වලක් වන්න බෑ..මේකෙන් අඩු කරගන්න පුළුවන් ඒක ඇත්ත..
එත් එක්කෙනක් මේකේ සබ් එක වෙන් කරලා නෙට් එකට දාපු ගමන් සම්පුර්ණම ඉවරයිනේ..පරණ විදියටම දෙන්න..
ඒක කාටත් කරන ලොකුම ලොකු උදවුවක්....Isuru
parana widihata sub 1ka nikan denna ko aduma gane tika kal gihilla hari sub withrak bana apita hulan thama
shiwantha
niyamai machan thanx .
godak asawen hitiye meka balanna :)
ganesh
මමත් දැක්ක සම "හරක්" site වල baiscop එකෙන් copy කරලා දල තෙයෙනවා ඒමදීවට ඒවා දෙන්නේ වලට
Mihicherub
Blueray bana apita hulando?
ලිට්ල් ජෝන්
ස්තුතියි සහොදරයා ජයවේවා!!!
sub kanna
මේ මොන මගුලක්ද බන්. AVI ෆෝමැට් එකෙන් දීපල්ලකො සබ් දාලා. මේවා DVD player එකේ බලන්න බැහැ.
Mihicherub
chaater ban me dena widiya. ubalama thiyaganilla ubalage sub. apita epa.
pasan
මින් ඉදිරියට බොහෝ විට බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබා දීම ටොරන්ට් එක ඇතුලතම සිදුකරණු ඇත. ඊට හේතු වන්නේ, අප අඩවියෙන් ලබා දෙන උපසිරැසිවල අදාල උපසිරැසි යෙදූ අයගේ නම් ඉවත්කර වෙනත් අයගේ නම් සහ අඩවි ඇතුලත් කර කිසිදු හිරිකිතයකින් තොරව අන්තර්ජාලයට මුදා හැරීම වැලැක්වීමයි.
----
මුන් හරියට නිකන් මුන් ෆිල්ම් එක හැදුව වගේ නේ කතාව කොහෙන් හරි හොරට ගත්ත ෆිල්ම් එකක් දෙන ගමන් මුන්ගේ සබ් වල අයිතිය ගැන කියවනවා ..... මීට වැඩ විහිලු වෙන තියෙනවද ?(-----------)
X1 නම් පුද්ගලයා Z එකෙන් හොරකන් කර B හි ඔබයි.X2 මෙය B ගෙන් හොරකන් කර වෙනත් තැනක ඔබයි.ඒ නිසා B කලබල වෙයි..
අනේ _කේ !!!
දැන් වෙලා තියෙන්නේ හොරුන් ගෙත් හොරු "කම්බ" හොරු නිසා හොරා බය උන seen එකක්.sithu
අඩේ දැන් මේක බලන්න වෙන්නේ මට විතරයි බන්. mkv නැතුව AVI විදිහට දෙන්න.
pill
@pasan
LOLZZZP. Wiki
@pasan:
වුන්ට ඕවා කියල වැඩක් නෑ බන්.වුන්ට ඕන විදියට තමයි වැඩේ වෙන්නෙ.අන්තිමේ ඕකෙන් පාඩුවෙ සබ් බලන වුන්ට තමා පාඩු වෙන්නෙ.අනික එක හොරෙක් හිටිය කියල හැමෝටම මෙහෙම අසාධාරණයක් කරන එක වැරදියි.හොරකම් කරන එකා කොහොමත් කරනවා බං.දැනටම වුන් ඒකට විදියක් හොයාගෙන ඇති.හොරකම වළක්වන්න කියල කරපු වැඩෙන් දැන් සබ් බලන බහුතරයකට වෙන්නෙ තමන් ඩවුන්ලෝඩ් කරපු හොඳ කොපිය තියාගෙන නිකං උඩ බලං ඉන්න.මීට හොඳයි මේ ෆිල්ම් එක ඉංග්‍රීසියෙන්ම බලනවාP. Wiki
@pasan
කෝ බන් උඹේ කොමෙන්ට් එක? ඒක වගකිවයුතු වුන් අයින් කලාවත්ද?savi
මචන් මේක ***** සයිට් එකෙන් කලින් දුන්නනේ
Janaka
ඔන්න බානවා
sena
මෙම උපසිරැසි ෆයිලය නොමිලේ බෙදාහරින ලද්දක් වන අතර චිත්‍රපටය ඔබ සතුවීම පිළිබඳ කිසිම වගකීමක් අප සතුව නැති බව කරුණාවෙන් සලකන්න.
------
යකෝ සබ් එකේ site එකේ නමත් ඔබල ඒක ෆිල්ම් එකට ඔබල මෙතන ලින්ක් එකකුත් දාල තියෙද්දී මොන මගුලක් කතාකරනවද මන්ද ? (කලින් විදිහට සබ් වෙනමම දුන්න නම් කියන්න තිබ්බ හනේ අපි ඔව්ව දන් නෑ හෆ්ෆා කියල ...ලොල්)sAnDuN
Super Machan
sithu
කතු අයිතිය රැකුනොත් වෙබ් අඩවිය නොරැකේ. වෙබ් අඩවිය රැකුනොත් කතු අයිතිය නොරැකේ.
sena
දැන් වෙලා තියෙන්නේ හොරුන් ගෙත් හොරු “කම්බ” හොරු නිසා හොරා බය උන seen එකක්.
------------
හරියටම කියල තියෙනවා .... වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්න !!sura
o.k macho ohoma yamu
Budditha Fernando
සහෝදරවරුනි කලබල නොවෙන්න.. සිංහල සබ් දාන්න උත්සහ කරපු කෙනෙක් විදිහට මම දන්නවා ඒක කොච්චර අමාරුද කියලා.. එහෙම අමාරුවෙන් කරපු එකක් වෙන වෙබ් සයිට් එකක නම වෙනස් කරපුවාම එන්නෙ ලොකු දුකක්.. අපිට සල්ලි දීලා මේ ෆිල්ම් බලන්න වත්කමක් නෑ තමයි.. එකනේ අපි ඔක්කොම මෙහෙම බලන්නෙ...
මොකද හිතන්නෙ හෑම පේලියකම baiscopelk කියලා දැම්මොත්... එතකොට හැම පේලියක්ම වෙනස් කරන්න වෙන නිසා හොර වැඩ අඩු වෙයි... කොහොම වුනත් නිකන් අපිට ලැබෙන මේ සිංහල සබ් වලට ගොඩක් ස්තුතී...xoxo
අනේ බන් මේ මොන මගුලක් ද මොන site එකෙන් අරගෙන බැලුවත් බලන්නේ අපේ ලංකාවේ සහෝදරයෙක් නේ .............
Shashi Fernando
aiyo sub eka embaded karala film eka dena eka chater ne happa :-( shik... :-(
lahi
(-----------)
Niyameta kiyalaa tiyanawa...Hari nam ohoma karanna one "Z" ne. :):):):):):):):)
Hinath yanawa..:):):):):):):):):)raven
මුන් මේ සබ් එකක් release කරලා මෙච්චර කෑගහනවා නම් තව ෆිල්ම් එකක් release කරොත් කොහොමට හිටී ද ? (හිස් තැනෙ නුත් හිනා)
sujeewa
සිංහල සබ් වලට ගොඩක් ස්තුතී…
kalum gunasekara
ඇයි බං උඹල මරාගන්නේ? මේ සබ් දෙන එවුන් මොන තරම් මහන්සි වෙනවාද? මමත් සබ් කරන නිසා ඒ අමාරුව දැනෙනවා. කොහෙන් හොරකම් කරත් ඒක උඹල අපි වෙනුවෙන් නේද දෙන්නේ? ඒ ගැනත් හිතපල්ලා.
D_DASH
ela ela.... thanks..... film akata... balanda oni
mudiya
අනේ අපි නම් කිසිම දොසක් කියන්නෙ නැතුව දෙයියනේ කියලා සිංහල සබ් එක්කම දීල තියෙන මේ ෆිල්ම් එක බලනවා.බලන්ඩ බැරි එවුන් ඕන මගුලක් කර ගත්තු දෙන්.ඒ නිසා ඇඩ්මින්ට කියන්නෙ සිහංල සබ් එක්ක බලන්ඩ පුළුවන් ඕන විදිහකට ෆිල්ම්ස් දෙන්න.අපි බාගෙන බලනවා.නලීන් මලල්ගොඩ සහෝ, එළ කිරි වැඩේ නම්.තව තව සබ් දාපං.අපි ඉන්නව කමෙන්ට් දාන්ඩ.ගොඩා..................ක් ස්තූතියි...!
Nirmal
elakiri macho mama meaka gena IMDB eke kiyewwa release wenna issella mekanam balanna kiyalamai hitiye thanx for the sinhala sub too@!!
රාම් රාජ්
බැනලා හරි කමක් නෑ කමෙන්ට් දානවනේ.වෙනදට සද්දයක් නැතිව සබ් බාන අය කොහොම හරි කමෙන්ට් දැමීම ගැන සතුටුයි. ඕවා ගනන් ගන්න එපා මලයෝ දිගටම අපිට සබ් දෙන්න.අපි ඉන්නවා හැමදාම කමෙන්ටි දාන්න.
චන්ද්‍රකුමාර.........
“නලීන් මලල්ගොඩ” සහෝ එල වැඩක් නෙ.....පලවෙනි සබම එල ෆිල්ම එකකට දාල තියනව.....සුපිරි ආ.....දිගටම වැඩේ කරන්න.......මාත් සිංහල සබ් දානව.....බයිස්කෝප් එකේ මං දාපු ඒවා තියෙන්නෙ.......මං දන්නව ඒකෙ තියන අමාරුව....ඒ උනත් සබ් ෆයිල් එක වෙනම දෙන්නෙ නැති එකනං මහ අපරාදයක්....අපේ නම නැතිවෙනව තමයි....ඒකට මොකද.....මිනිස්සුන්ට ජීවිතේ විඳින්න දෙයක් අපි ඉතුරු කරනවනෙ...අනික අපි මේකෙං කාල ඇඳල ජීවත් වෙනව ඈ.....අනේ ඇඩ්මින් සහෝ....ඔන්න ඕව අත ඇරල් පුරුදු විදිහට සබ් ෆයිල් එක වෙනම දෙන්න......නැත්තං වෙන්නෙ "වැඩිය කන්න ගිය රටේ..උලා කාපි පිඩි ගැටේ" සීන් එකක්...ඒක හිනද අපිත් එක්ක ඉන්න යාලුවො තරහ කර ගන්නෙ නැතුව.....ඔන්න ඔය කරපු විදිහටම වැඩේ කරගෙන යන්න........" මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා....ආපි හෙට මැරෙයිද කියල දෙන්නෙ නෑ.....ඔය ඉරිසියාව අතහැරපල්ලා....යන දාට මේවා අරගෙන යන්නෑ......"
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මින් ඉදිරියට බොහෝ විට බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබා දීම ටොරන්ට් එක ඇතුලතම සිදුකරණු ඇත. ඊට හේතු වන්නේ, අප අඩවියෙන් ලබා දෙන උපසිරැසිවල අදාල උපසිරැසි යෙදූ අයගේ නම් ඉවත්කර වෙනත් අයගේ නම් සහ අඩවි ඇතුලත් කර අන්තර්ජාලයට මුදා හැරීම වැලැක්වීමයි.