අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Exorcist: Believer (2023) Sinhala Subtitles | අදෘශ්‍යමානයේ දෘශ්ඨික වියරුව! [සිංහල උපසිරසි]

Rating: 7.7/10. From 27 votes.
Please wait...
The Exorcist: Believer, The Exorcist: Believer (2023) Sinhala Subtitles, The Exorcist: Believer sinhala subtitles, The Exorcist: Believer sinhala subThe Exorcist: Believer (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් අපෙන් උපසිරැසි ඉල්ලලා තිබුනු මෑතකාලයේ නිකුත් වුණ The Exorcist: Believer චිත්‍රපටය. මේ ෆිල්ම් එක ඇවිල්ලා ජනප්‍රිය හොරර් චිත්‍රපට මාලාවක් වෙන The Exorcist හි හය වෙනි චිත්‍රපටය. මේක 1973 දි නිකුත් වුණ The Exorcist පලවෙනි චිත්‍රපටයේ ඩිරෙක්ට් සීක්වල් එකක් විදිහට තමා නිපද වෙන්නේ. වගේම මේ චිත්‍රපටයේ තව සීක්වල් එකකුත් The Exorcist: Deceiver යන නමින් 2025 නිකුත් වෙන්නත් නියමිතයි.

මේ ෆිල්ම් එක සිනමා ශාලාවල් වලට නිකුත් වුනේ 2023 ඔක්තෝම්බර් 06 වෙනිදා Universal Pictures ආයතනය හරහා. චිත්‍රපටය නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් මිලියන 30 වැය වෙලා තියෙනවා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 130 ආදායමක් උපය ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ෂණය කරන්නේ David Gordon Green විසින්. වගේම මේක The Exorcist පලමු චිත්‍රපටයේ සීක්වල් එකක් නිසා ඒකෙ චරිතත් අපිට මේකෙදි බලාගන්න හැකිවෙනවා, අනුව මෙයට රංගනයෙන් දායක වෙනවා  Leslie Odom Jr. / Lidya Jewett / Olivia O’Neill / Jennifer Nettles / Norbert Leo Butz / Ann Dowd / Ellen Burstyn වැනි අය.

මේ ෆිල්ම් එකේ ප්‍රේක්ශක ප්‍රතිචාර ගැන කතා කළොත්, අතින් නම් මේක එච්චරම සාර්ථකත නිර්මාණයක් වෙන්න සමත් වෙන්නෑ. හැම අතින්ම මේකට සෘනාත්මක ප්‍රතිචාර තමයි හම්බ වුනේ. IMDb දර්ශකෙත් මේ වෙනකොට මනාප 25,500 අධික ප්‍රමානයකින් 4.9/10 අගයක් තමා ගන්න සමත් වෙලා තියෙන්නෙ. වගේම කුණු තක්කාලිත් 22% වගේ තමයි ලැබිල තියෙන්නේ.

මේකෙ කතාව ගැන මතක් කරනවා නම්, ඇන්ජෙලා කියන්නේ ඉපදෙනකොටම අම්මාව අහිමි කරන් ඉපදුනු දරුවෙක්. නිසා කුඩා කල සිට මෙයාට අම්මගෙ ආදරය ලැබෙන්නෑ. ඒත් මෙයාට අම්මා කතා කරනව වගේ සද්ද ඇහෙන්න ගන්නවා. ඉතින් මෙයාට ඕනෙ වෙනවා ඇහෙන සද්ද ඇත්තටම අම්මද කතා කරන්නෙ කියල දැනගන්න. දවසක් මෙයයි එයාගෙ හොඳම යාලුවා වෙන කැතරිනුයි ගෙදරටත් හොරෙන් කැලෑවට ගිහිල්ලා ඇන්ජලාගෙ අම්මා එක්ක සම්බන්ද වෙන්න බලනවා. ඒකෙන් නොහිතපු විදිහට ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. කොටින්ම මෙයාලගෙ ගෙදර අයට පවා හොයාගන්න බැරිවිදිහට මෙයාල අතුරුදහන් වෙනවා. ඉතිං ඇත්තටම මොකක්ද මේ ළමයි දෙන්නට වුනේ? එයාල ඇත්තටම ඇන්ජලාගෙ අම්මාව සම්බන්ධ කරගත්තද? නැතිනම් ඒකෙන් වෙනත් යක්ෂාත්මයක් එයාල තුලට එන්න පාර කැපුනද?

මේව දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. එහෙනම් ඉතිං එච්චරයි ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නෙ. සබ් එක නම් ගේන්න සෑහෙන්න පරක්කු වුනා, තාමත් මේක බලපු නැති අය ඉන්නවා නම් කැමති අය අරන් බලන්න. වගේම අන්තිම වශයෙන් මතක් කරන්න ඕනෙ මේකට උපසිරැසි කරන්න සහය දුන්න දුලක්ශ මල්ලිව, එයාගෙ සහය නොතිබුනා නම් මේක ගේන්න තවත් පරක්කු වෙන්න තිබුනා. එහෙනම් ඔයාලට මේක බලන්න ආරාධනා කරන ගමන් අපි සමුගන්නවා. ජයවේවා!

The Exorcist: Believer, The Exorcist: Believer (2023) Sinhala Subtitles, The Exorcist: Believer sinhala subtitles, The Exorcist: Believer sinhala sub

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට සහ “දුලක්ෂ සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

11 thoughts on “The Exorcist: Believer (2023) Sinhala Subtitles | අදෘශ්‍යමානයේ දෘශ්ඨික වියරුව! [සිංහල උපසිරසි]

  • Thank you brother sub ekata…… Puluwannam Me series eke anith film 4tath sub karanna pls..

    Reply
  • Thanx for the sub!!!!!!!!!!!…….

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි දෙන්නටම!
    සැහෙන්න ඉල්ලීම් ලැබුණු මුවි එකක්.

    Reply
  • meke film eka downlond karanne kohomatha

    Reply
  • Thanks for the subtitle

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *