කාලෙකට පස්සෙ උපසිරසියකුත් අරගෙන මේ පැත්තට ආවා.හැබැයි අද එක අනිත් ඒවට වඩා විශේෂයි.මේක මගේ 50 වැනි උපසිරසි නිර්මාණය .2014 ජූලි 14 වෙනිදා seal patrol ෆිල්ම් එකට සබ් දාලා පටන්ගත්ත වැඩේ මෙච්චර දුරක් අරගෙන එන්න මුලදිනම් මගේ බලාපොරොත්තුවක් තිබ්බෙම නැති බව මුලින්ම කියන්න ඕන.මම මුලින්ම උපසිරසිකරණයට යොමු උන…

කාලෙකට පස්සෙ උපසිරසියකුත් අරගෙන මේ පැත්තට ආවා.හැබැයි අද එක අනිත් ඒවට වඩා විශේෂයි.මේක මගේ 50 වැනි උපසිරසි නිර්මාණය .2014 ජූලි 14 වෙනිදා seal patrol ෆිල්ම් එකට සබ් දාලා පටන්ගත්ත වැඩේ මෙච්චර දුරක් අරගෙන එන්න මුලදිනම් මගේ බලාපොරොත්තුවක් තිබ්බෙම නැති බව මුලින්ම කියන්න ඕන.මම මුලින්ම උපසිරසිකරණයට යොමු උනේ A/L කරන දවස්වල. මගේ හොඳම යාලුවා කවිඳු සිත්මිණගෙන් තමයි වැඩේ අල්ලගත්තෙ. කවිඳුගෙන් විස්තරේ අහගෙන ගෙදර ඇවිත් ඉංග්‍රීසි සබ් විතරක් තිබ්බ ෆිල්ම් එකක් හොයාගෙන සබ් දාන්න ගත්තත් වැඩේ ලේසි නෑ කියලා තේරුනා පස්සෙ හොයලා බලද්දි ඒ ෆිල්ම් එකට සබ්ටයිටල් සයිට් එකේ තියෙනවා.අපරාදෙ මහන්සිය කියලා හිතුනත් වැඩේ අත ඇරියෙ නෑ තව ෆිල්ම් එකක් හොයාගෙන මේල් එකක් දාලා වෙන් කරගෙන වැඩේ පටන්ගත්තා.කොහොමහරි කවිඳුයි මමයි දෙන්නම අපි දෙන්නගෙ මුල්ම ෆිල්ම් එකට සබ්ටයිට්ල් කරලා එකම දවසෙ මේල් කලා මට අද වගේ මතකයි.කොහොමහරි මුල් කාලෙදි දිගටම වැඩේ අල්ලගෙන ගියා.මුලදි සිංහල කීබෝඩ් එක හුරු නැති නිසා මුල් ෆිල්ම් තුනම වගේ ටයිප් කලේ ඔන් ස්ක්‍රීන් කී බෝඩ් එකෙන්. අර රොයිලි අයියා කිව්ව වගේ ඇත්තටම මුලදි මේ වැඩේ හරියට කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමයි, එක ෆිල්ම් එකක් ඉවර කරද්දි තවත් ෆිල්ම් එකක් කරන්නමයි හිත.2014 ඉඳන් 2018 වෙනකන් මුල්ම කඩයිම පහු කරන්න මට අවුරුදු හතරක් ගත වෙලා තියෙනවා.ඒකට හේතුව තමයි මම වැඩේ පටන් ගත්තෙ AL විභාගෙට අවුරුද්දකට කලින්. මේ කාලය අැතුලත මම දෙසරයක් ඒලෙවල්ස් කරලා දැන් කැම්පස් ඇවිල්ලත් අවුරුද්දකට කිට්ටු වෙනවා.මේ අවුරුදු හතර ඇතුලත එක දිගට අවුරුද්දකට වැඩි කාලයක් මේ උපසිරසිකරණයෙන් ඈත් වෙලා ඉන්න සිද්ද වීමත් පලවෙනි කඩයිම සම්පූර්ණ කරන්න මෙච්චර කාලයක් යන්න හේතුවක්. ඉස්සර වගේ නෙමෙයි දැන් මේ වගේ දේකට යොදවන්න ලැබෙන කාලය බොහොම සීමිතයි.ඒ නිසා දැන් මේකෙන් ගොඩක් ඈත් වෙලා ඉන්නෙ.මේ ෆිල්ම් එක උනත් උපසිරසි ගන්නවන්න ලොකු කාලයක් ගත උනේ කාල වේලාව මදි කම නිසා තමයි.අනිත් දේ තමයි මම මේ වැඩේ පටන්ගන්න කාලේ බයිස්කෝප් රසිකයො ගොඩක් දෙනෙක් අපිව දිරිගැන්වීමක් වශයෙන් කමෙන්ට් එකක් දාන්න පුරුදු වෙලා හිටියා ඒත් දැන් ඒ දේ සිද්ද වෙන්නෙ බොහොම අඩුවෙන් කමෙන්ට් බලාගෙනම මේ දේ නොකලත් කමෙන්ට් එකකින් ලැබෙන දිරි ගැන්වීම ඊලග ෆිල්ම් එක උපසිරසි ගන්වන්න ලොකු දෙයක් අපි හැමෝටම.ඉතින් මාව මෙච්චර දුරක් අරගෙන එන්න කමෙන්ට් එකක් දාලා දිරිගන්වපු බයිස්කෝප් රසික සහෝදරයින්ට මම මේ වෙලාවෙ ස්තූති කරන්න කැමතියි. මම මේ තාක් කරපු ෆිල්ම් ටීවී සීරීස් පහලින් පෙල ගස්සන්නම්
ඉංග්‍රීසි චිත්‍රපට 20ක්
එක් තෙලිගු චිත්‍රපටියක්
ඩෙන්මාර්ක් චිත්‍රපටයක්
තූර්කි චිත්‍රපටයක්
චිලී චිත්‍රපටයක්
ජර්මන් චිත්‍රපටයක්
කොරියන් චිත්‍රපටයක්
In To The Badlands කතා මාලාවෙ එපිසෝඩ් 16ක්
Shooter කතා මාලාවේ එපිසෝඩ් 7ක්
Jessica Jones කතා මාලාවේ එක් එපිසෝඩ් එකක්
විදියට පෙල ගස්වන්න පුලුවන්. මේ අතරින් චිත්‍රපටි දෙකක් IMDB හොඳම චිත්‍රපටි 250ටත් ඇතුලත් වෙනවා. ඒ වගේම චිත්‍රපට දෙකක් උපසිරසි ගැන්වීම සිදු කලේ කවිඳුයි මමයි එකතු වෙලා. කවිඳුනම් චිත්‍රපට 14ක් විතර උපසිරසි ගන්වලා දැන් වැඩෙන් ඈත් වෙලා ඉන්නෙ.
බයිස්කෝප් හරහා හඳුනාගත් පිරිස ගැන මතක් කරනවනම් අංක එකට එන්නෙ මුල ඉඳලම දුකට සැපට දෙකටම ඉන්න හසන්ත අයියා තමයි.වැඩේ පටන්ගත්ත කාලෙ ඉඳලා තාමත් මම ඕන දේකට මැසේජ් එකක් දාන්නෙ හසන්ත අයියට.මේ ෆිල්ම් එකත් පරක්කු කලා කියලා මැසේජ් දාදා කීප සැරයක්ම ඇහුවා.ඊට අමතරව රොයිලි අයියා ,විමා අයියා ,ආසිරි අයියා(බයිස්කෝප් සෙට් එකෙන් ඇස් දෙකට දැකලා තියෙන්නෙ ටී ෂර්ට් එක ගෙනත් දුන්න ආසිරි අයියා විතරයි) රවිඳු රුක්ෂාන් මල්ලි, Shooter කතා මාලාව කරද්දි සෙට් උන මධුකප්‍රිය අයියා, In To The Badlands කතා මාලාව කරගන්න වෙලාව නැතුව හිර වෙලා ඉද්දි ඒක ඉවර කරල දෙන්න ඉදිරිපත් උන සමීර කරුණාරත්න අයිය,මාත් එක්ක In To The Badlands එපි දෙකකට සබ් කරලා දීපු මගේ අනිත් හොඳම යාලුවා අයේෂ් අකලංක සහෝදරයා ඇතුලු සියලුම බයිස්කෝප් උපසිරසි කරුවනුත් ඇඩ්මින් මඩුල්ලත් මේ වෙලාවෙ මතක් කරනවා.
බයිස්කෝප් එකට සබ්ටයිට්ල් කරනවා කියලා දැන ගත්ත ගමන් ඕනම කෙනෙක් අහන්නෙ කීයක් ලැබෙනවද කියලා. කීයක්වත්ම ලැබෙන්නෙ නෑ කිව්වම සමහරු පිලිගන්නෙත් නෑ, ඒ උනාට හැම උපසිරසි කරුවෙක්ම මේ දේ කරන්නෙ ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.ඒක දන්නෙ තමන්ගෙ කාලය මේ වෙනුවෙන් වැය කරන අය විතරයි. උපසිරසි ගැන්වීම හරහා මං ලබාගනිපු දේවල් ගැන කියනවනම් මේ වෙනකන් විශාල ඉංග්‍රීසි වචන ප්‍රමාණයක් ඉගෙන ගන්න ලැබිලා තියෙනවා. උසස් පෙලට සහ කැම්පස් එකෙත් ඉංග්‍රීසි විශයක් විදියට හදාරන නිසා මට උපසිරසිකරණය හරහා ඉගෙනගන්න ලැබුන හැම අලුත් වචනයක්ම ගොඩක් වැදගත්. ඒ වෙනුවෙන් බයිස්කෝප් සයිට් එකට ස්තූති නොකරම බැහැ. ඒ වගේම මුල ඉඳලම මේ වැඩේට ඉතාම කැමැත්තෙන් උදව් කරන අක්කලවයි, අම්මයි තාත්තවයිත් මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි.

ෆිල්ම් එක ගැන කියනවනම් මේ ෆිල්ම් එක වෙන් කරලා දීමේ ගෞරවයත් වෙනදා වගේම යන්න ඕන හසන්ත අයියට. ඒ වෙනුවෙන් මුලින්ම ස්තූති කරනවා. මේක ටිකක් වෙනස් විදියක ෆිල්ම් එකක්. කතාව පොඩ්ඩක් කියනවනම් ඇමරිකාවෙ අලුතෙන් පත්වන ආණ්ඩුව ස්ටේටන් කියන දූපත පාදක කරගෙන පරීක්ෂණයක් කරන්න තීරණය කරනවා. පරීක්ෂණය තමයි පැය 12කට කිසිම නීතියක් බල පැවැත්වෙන්නෙ නැති වෙන්න මිනිස්සුන්ට නිදහසේ ඉන්න ඉඩ දෙන එක .ඒ කියන්නෙ ඒ පැය 12 ඇතුලත දූපතේ මිනිස්සුන්ට තමන් කැමති ඕනම දෙයක් ඕනම විදියකට කරන්න පුලුවන් නීතියෙන් කිසිම බාදාවක් නැතුව. තව දෙයක් තමයි දූපතේ මේ කාලය ඇතුලත රැදී ඉන්න කැමති ඕනම කෙනෙකුට ඩොලර් 5000ක මුදලකුත් ඒ අය ගෙවනවා. මෙහෙම කරන්න හේතුව මොකද්ද? මේ දේ කොහොමද සිද්ද වෙන්නෙ කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා.මේ චිත්‍රපටයට 5.1ක IMDB අඟයකුත් ලැබිලා තියෙනවා. දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නැහැ.වෙන්නෙ මොකද කියලා ෆිල්ම් එක අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ හැම උපසිරසිකරුවෙක්ම මේ වෙනුවෙන් තමන්ගෙ කාලය වැය කරන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඉතින් අපි මේ කරන කැප කිරීමට ලැබෙන එකම දේ තමයි ඔයාලා ස්තූතියි කියලා දාන කමෙන්ට් එක. ඒ නිසා මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න.ආයෙ ෆිල්ම් එකක් අරගෙන එන කාලයක් හරියටම කියන්න බැරි උනත් පුලුවන් වෙලාවක ආයෙ එන පොරොන්දු පිට මම ගියා කාටත් ජය!!

Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
14,234 downloadsDownload The-First-Purge-2018.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
177 comments
චරිත් ඉහලවිතාන
Apsmdk.ampara
film එක ගත්තෙ කොහෙන්ද බං.ලින්ක් එකක් තියෙනව නම් දිපංකෝ
kasun_chathuranga10
film aka anith baiscope page ake pennannahane
bgiprasad
Thanks bro
Mayura
50ට සුබ පැතුම්.. ජයවේවා
Dilshanfernando
Thank you machan....!!! Sub eka hodataqma thyenawa
kasun3
digatama sub denna jaya wewa..........
naveenlakshitha
Thanks sub ekta jaya
Prabodha Madhusankha Hettiarachchi
Supiri movie series ekak. Thank brooo sub ekata. Congratulations 50th sub ekata..
kalana
Thanks Bro....congratz..Keep it up..
Apsmdk.ampara
එල එල මචං දිගටම මේ විදියට සබ් කරපන් බං.අපි උබලත් එක්ක හැමදාටම ඉන්නවා.
kasun_chathuranga10
film ake link eka dennako plz
Shansenarathne
Tnx
dinesh88
ස්තුතියි
buddhi
tnks saho sub ekt
Pathmila_kushantha94
නියම වැඩක් සහෝ! සුභ පැතුම්... ජය වේවා!!!
vipul jay
එනකන් හිටියෙ බන් මරු බොහොම ස්තූතියි !
nuwan1226
thanks bro eye msg ekak damme puluwan nam dapanko kiyala
gihan perera
Congratulations 50th subtitle bro.....ස්තුතියි උපසිරැසි කරලා මහන්සි වෙලා මේ වගේ කතාවක් අපිට ලබා දුන්නට මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඒවගේම 50 වෙනි කඩයිමටත් හදවතින්ම සුභ පතනවා
ජයvipul jay
ආහ් කියන්න බැරිවුනා 50 ට සුභ පැතුම් මචාං !!!
damithww99
congratulations 50th bro. thenks
JMaxx
Thanks for the subtitle bro......
Congratulations for the 50th....
Good Luck....!!ශසිත් සඳරුවන්
පළමු කඩඉමට සුභපැතුම් කොලුවෝ...
හෙමින් ගමන දුරයි කියනවනේ...
හෙමින් හෙමින් දිගු ගමනක් යමු.
ඉගෙනීම් කටයුතුත් කරගන්න ගමන් සබ් කෙටිල්ලත් කරගෙන යමු ආ...
ඔබට ජය!Rashmika dumidu
Thanks you bro
Good LuckKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Breezyace95
Good Luck Broh
KTGJ
Thanks
Hasitha Madush
සිංහල උපසිරැසියට තුති...!!!! සහෝ...!!! :)
Hasitha Madush
ඉදිරියටත් මේ වගේ සුපිරි සබ් ඕනේ සහෝ
Panther
Thanz brother
sampath n perera
oba wisin kala sewaya godak watinawa
jayawewa.......thilina86
thank you so much bro. Keep it up the good work. we will be with you always. god bless you.
Krish anu
දිගටම කරගෙන පලයන් යාළුවා...උබ කරගෙන යන්නේ හොද වැඩක්...උබට ජය....
Sherlock holmes
Thanks bro
Piumi ann
niyama wadak saho api wenuwen karana sewayata uththamacharaya....
kapila27
Thanks sub ekaata.
පැතුම් ඉෂාර
50 වෙනි කඩයිමට සුභ පැතුම්!!! ඒ වගේම තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඉල්ලනවා!!! බයිස්කෝප් අඩවියට ජය!!!
Nuwantha Dulan
50 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ!!!
ඉක්මණින්ම අනික් කඩයිම් වලටත් යන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!යුරාන් ධනුක
සුභ පැතුම් සහෝ...!!!
බොහෝම ස්තූතියි උපසිරැසියට....Sudheera Kasun
Thanks machan... Digtama karagena yamu...
GOOD LUCK...!kalum456
thanks
Supun_chinthaka
Thnks mcn..
madusanka
Thanks bro*--
gayan215
bohoma sthuthi saho, suba pethum 50ta.....
Desadanushka
Ela
nirosha
me film eka enkan balan hithiye. thanks bro..
rasara
Sub ekata thanks saho jayawewa
උදයංග සම්පත් හතරසිංහ
පනස් වෙනි නිර්මාණයට සුබ පැතුම් මිත්‍රයා.. ජය වේවා.. ඉක්මනටම 100 ගහමු. :D
kumarasinghedx
good luck yalu shathaketh gahamu
Indika Kumara
good luck ,,,
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
congrats.. 1st comment and download :)