Watch Trailer

The Flash [S04 : E09] Sinhala Subtitles | දුවන්න එපා [සිංහල උපසිරැසි සමඟ]

සුපර්ගර්ල්, ඇරෝ, ෆ්ලෑෂ් සහ ලෙජන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ කතාමාලා හතරේම එකතුවෙන් කොටස් හතරක් විදියට පැය හතරක් විදියට තමයි සති කිහිපයකට කලින් ක්‍රොස් ඕවර් එක ආවේ. එකදිගට කතාව කොටස් හතරේම ගලාගෙන ගියපු නිසා ඇත්තටම දැනුනේ ෆිල්ම් එකක් වගේ. කලින් ක්‍රොස් ඕවර් එකේ තිබුනේ ඩොමිනේටර්ලා එක්ක සටනක්. හැබැයි ඒකේ පොඩි පොඩි…

සුපර්ගර්ල්, ඇරෝ, ෆ්ලෑෂ් සහ ලෙජන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ කතාමාලා හතරේම එකතුවෙන් කොටස් හතරක් විදියට පැය හතරක් විදියට තමයි සති කිහිපයකට කලින් ක්‍රොස් ඕවර් එක ආවේ. එකදිගට කතාව කොටස් හතරේම ගලාගෙන ගියපු නිසා ඇත්තටම දැනුනේ ෆිල්ම් එකක් වගේ. කලින් ක්‍රොස් ඕවර් එකේ තිබුනේ ඩොමිනේටර්ලා එක්ක සටනක්. හැබැයි ඒකේ පොඩි පොඩි අවුල් නම් තිබුනා. සමබරතාවයේ ප්‍රශ්නයක් තිබුනා. ඒ කිව්වේ ක්‍රොස් ඕවර් එකේදී කතාමාලා කිහිපයක් එකතුවෙන් හැදෙන නිසා හැම කතාමාලාවකින්ම සමාන දායකත්වයක් තියෙන්න ඕන. හැබැයි මේ පාර නම් ඒ වැරැද්ද හැදිලා තිබුනා. මෙදා පාර ක්‍රොස් ඕවර් එක හොඳ සැලකිවයුතු මට්ටමකින් තිබුනා කියලා නම් කියන්න පුලුවන්.

“සමාන්තර ලෝකයන් අතර 53 වෙනි පෘථිවියක් තියනවා. ඒකට කියන්නේ Earth-X කියලා. ඒක භයානක තැනක්. කවදාවත් සිහිය තියෙන මනුස්සයෙක් එහේට නම් යන්නේ නෑ, අනික් පෘථිවියන් අතරින් මේ earth-x කියන පෘථිවියේ වෙනසකට තියෙන්නේ, earth-x වල නාසි සංවිධානය දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීම ” ඔන්න ඔය විදියට තමයි හැරි earth-x කියන්නේ මොකක්ද කියලා කිව්වේ. ඒ කියන්නේ අනික් ලෝක වගේ නෙමෙයි earth-x පාලනය කරන්නේ නාසිවරු.

අයිරිස් සහ බෙරිගේ විවාහයයට හැමෝම එකතු උනා. හැමෝම කියන්නේ කවුද කියලා ඔයාලා දැනටමත් දන්නවානේ. බෙරිගේ සුපිරි යාළුවෝ ටික. ඉතින් විවාහයට කලින් දවසේ අයිරිස් එක්ක කේට්ලන්, කාරා, ෆෙලිසිටි යනවා එයාලාගේ බියුටි කචල් වැඩ ටික කරගන්න. බෙරි සහ ඔලිවර් යනවා එයාලාගේ ඇඳුම් ගැන බලන්න. එතනදී බෙරී ඔලිවර්ට කියනවා අපි වගේ අය හැමවෙලේම අගේ කරදර වලට මුහුණදෙනවා. අපි ආදරේ කරන කෙනෙක් අපි ලඟින් එන්නකොට අපිට ප්‍රශ්න වලින් ගොඩ එන්න ලේසියි කියලා. ඒත් ඔලිවර් නම් කිව්වේ මේ ඒකට හොඳ කාලයක් නෙමෙයි කියලා.

ලෙජන්ඩ්ස් කතාවේ ස්ටයින් සහ ජැක්ස් අතර දිගටම පොඩි අරගලයක් තිබුනා ෆයර්ස්ටෝම් වෙන් කරන්න විදියක් ස්ටයින් හොයන නිසා. ඒකට හේතුව එහෙම වෙන් වෙන්න පුලුවන් උනොත් ස්ටයින්ට එයාගේ පවුල එක්ක ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් සිස්කෝට සහ වෙල්ස්ට පින්සිද්ධවෙන්න අන්තිමේ ඒකට විදියක් හොයාගන්නවා. හැබැයි ජැක්ස්ට නම් එච්චර හිත හොඳ බවක් පේන්න තිබුනේ නෑ. මොකද ඒ වැඩෙන් සුපිරි බලය නැතිවෙන නිසා. ඉතින් වෙඩිමට කලින් දවසේ රෑ සාදයට කට්ටිය එකතුවෙනවා. එතනදී ස්ටයින් එනවා එයා හදපු සේරම් එකක් අරගෙන ජැක්ස්ව මුණගැහෙන්න. ස්ටයින් කියනවා ඒ සේරම් එකෙන් ජැක්ස්ට මකුළුවෙක්ගේ බලය ලැබෙනවා කියලා. හැබැයි ඒ බිත්ති දිගේ බඩගාන්න විතරයි. ඊටපස්සේ ජැක්ස්ට මල පැනලා එතනින් යනවා.

ඉතින් බෙරිගේ සහ අයිරිස්ගේ විවාහය දවසත් උදා උනා. සුපිරි වීරයෝ කියන්නේ ඉතින් මොකක්හරි කරදරයක් පස්සෙන් එන කට්ටියනේ. විවාහ උත්සවයට earth-x හි නාසි හමුදාව කඩන්පාත් වෙනවා. හැබැයි එතන විශේෂත්වය තමයි ඔලිවර් වගේම කෙනෙක් සහ සුපර්ගර්ල් වගේම කෙනෙක් මේ නාසි හමුදාව මෙහෙයවීම. ඔතනින් තමයි ඉතින් earth-x සමඟ සුපිරි වීරයන්ගේ සටන පටන් ගන්නේ. කොහොමහරි සුපර්ගර්ල් earth-x සුපර්ගර්ල්ව එතනදී පරද්දනවා. එතනින් තමයි ක්‍රොස් ඕවර් පලවෙනි කොටස අවසන් උනේ.

ඉතින් වෙල්ස් අනික් සුපිරිවීරයෝ ටිකට පැහැදිලි කරලා දෙනවා Earth-X කියන්නේ විශ්වයේ 53 වෙනි පෘථිවිය සහ කවුරුවත් එහේට ගිහින් නෑ කියලා. ඒකට හේතුව ඒ ලෝකය ඒ තරමටම දරුණු තැනක් නිසා. ඉතින් නාසියෝ මෙතනට සම්බන්ධ වෙන්න හේතුව තමයි Earth-X හි දෙවන ලෝක යුද්ධය දිනලා තියෙන්නේ නාසියෝ. එතනින් පස්සේ දිගටම ඒ ලෝකය පාලනය කරන්නේ නාසි හමුදාව විසින්. එතකොට මේ කට්ටිය මේ ලෝකයට එන්න හේතුව උනේ සුපර්ගර්ල්. කොටින්ම කිව්වොත් සුපර්ගර්ල්ගේ හදවත. ඉර අසලින් පියෑඹීම නිසා

Earth-X සෙට් එක නගරයේ තව තැනකට පහරදෙන වෙලාවේ ෆ්ලෑෂ්, ග්‍රීන් ඇරෝ සහ සුපර්ගර්ල් එතනට යනවා. එතනදී තමයි එයාලා දැනගන්නේ මේ ඇවිත් ඉන්නේ Earth-X ලෝකයේ එයාලා වගේම අනික් අය කියලා. ඒ විතරක් නෙමෙයි ෆ්ලෑෂ්ගේ පරණ හතුරා ඊබෝඩ් තෝන් පවා එයාලා එක්ක ඉන්නවා. එතනදිත් ඔන්න මේ හයදෙනා අතර සටනක් ඇතිවෙනවා. වැඩේ කියන්නේ ග්‍රීන් ඇරෝ තියපු ඊතලයක් Earth-X සුපර්ගර්ල්ට වදිනවා. පුදුමයක් :O නෑ පුදුම වෙන්න දෙයක් නෑ, ඒ ඊතලය ක්‍රිප්ටොනයිට් ඊතලයක්. ඒකයි සුපර්ගර්ල්ට ඒකෙන් තුවාල උනේ. ඒත් එයාලා හොරකම් කරගන්න ආපු දේත් අරගෙන එතනින් පැනගන්නවා. ඒ හොරකම් කලේ නියුට්‍රෝන බෝම්බයක්.

ඊටපස්සේ ආයෙත් මේ කණ්ඩායම් දෙක අතර සටනක් ඇති වෙනවා නැව් අංගනයකදී. එතනදී Earth-X කණ්ඩායම ෆ්ලෑෂ් ඇතුළු කණ්ඩායම අල්ලගන්නවා. එයාලාට සිහිය එනකොට එයාලා ඉන්නේ බල හීන කරන කරපටි එක්ක බැඳලා දාලා. එතනදී Earth-X අය පැහැදිලි කරනවා Earth-X සුපර් ගර්ල් මැරෙන්න යන්නේ ඉර ලඟින් පියාඹලා ගියපු නිසා විකිරණ වලට නිරාවරණය වීම නිසා සහ එයා මැරෙන එක නවත්තන්න අනික් සුපර් ගර්ල්ගේ හදවත ඕන කියලා. ඊට පස්සේ Earth-X රොබෝ Metallo එතනට කඩන්පාත්වෙනවා. නැව් අංගනයේ මේ සටන යන අතරේ Earth-X ඇරෝ ස්ටාර් ලැබ් එකට පහර දෙනවා. ස්ටාර් ලැබ් එකේ අයවත් හිර කරනවා. හැබැයි කේට්ලන් සහ ෆෙලිසිටි හැංඟෙනවා. ඔය ටික තමයි දෙවෙනි කොටසේ සිද්ධවුනේ.

ඉතින් තුන්වෙනි කොටස පටන් ගන්නේ Earth-X හිර ගෙදරකින්. ඇරෝ, බෙරි, සාරා, ස්ටයින්, ජැක්ස් සහ ඇලෙක්ස් Earth-X හිර ගෙදරකට ගිහින් දාලා. එතනදී මෙයාලාට අතව මෙටා කෙනෙක්ව මුණගැහෙනවා රේ කියලා. ඉතින් එතන තව කතන්දරයක්. ලාන්ස් වගේ Earth-X වල අනික් කෙනා තමයි ඔලිවර්ට පස්සේ නාසියන්ගේ ලොක්කා. එයා එතනට ඇවිත් තීරණය කරනවා මේ අයව මරලා දාන්න. කොහොමහරි මේ අයව මරන්න යනකොටම ඔන්න තව කෙනෙක් එතනට එනවා. Earth-X වල ස්නාට්. එයා මේ අයව බේරගන්නවා.

එතකොට පලවෙනි පෘථිවියේ සිස්කෝ, හැරි, කේට්ලන්, බ්ලැක් කැනේරි, රික් සහ අනික් අයව මෙටා හියුමන් කුටි වල හිර කරනවා. එතකොට ඊබෝඩ් සූදානම් වෙනවා සුපර්ගර්ල්ගේ හදවත එලියට ගන්න. ඒකට කලින් සුපර්ගර්ල්ගේ ශක්තිය දුර්වල කරන්න රතු ඉර එලිය යට එයාව තියලා තියනවා. මේ සේරම හිරවෙලා හිටියත් දෙන්නෙක් එලියේ බේරිලා ඉන්නවා. ෆෙලිසිටි සහ අයිරිස්. ඉතින් එයාලා හොරෙන් යනවා සිස්කෝ සහ අනික් අයව බේරගන්න. ඒත් එයාලාට බැරි වෙනවා. ඒත් ෆෙලිසිටි වැඩේ අතහැරියේ නෑ. එයා ස්ටාර් ලැබ් එකේ විදුලිය බිඳවට්ටනවා. ඒකෙන් සුපර්ගර්ල්ව බේරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ලැබුනත් වැඩිවෙලාවක් නෙමෙයි. අර Metallo රොබෝ ආයෙත් කඩන්පාත්වෙනවා.

ඉතින් Earth-X වල හිර කරලා හිටපු ෆ්ලෑෂ් සහ අනික් අය ස්නාට්ගේ පිහිටෙන් එහෙන් පැනගත්තානේ. එයාලා එතනින් යන්නේ ස්නාට් සහ රේගේ බංකරයට. එතනදී රේ පෙන්නනවා ආපහු පලවෙනි පෘථිවියට යන්න විදියක් තියනවා කියලා. ඒත් ඒක තියෙන්නේ නාසියන්ගේ අධි ආරක්ෂාවක් යටතේ. ෆ්ලෑෂ් සහ අනික් අයට පලවෙනි ලෝකයට එන්න පුලුවන් එකම මාර්ගය තමයි ඒක. ඒත් එයාලාට නාසියෝ හරහා එතනට යන්න වෙන්නේ. ඒත් ඒකට ඉඩදෙන්නේ නෑ ජනරාල් ෂොට්. ජනරාල් ෂොට් කියන්නේ රේ සහ ලෙනාඩ්ගේ Earth-X වල ඉන්න ලොක්කා. එයාලා සැලසුම් කරනවා මේ ද්වාරය විනාශ කරන්න. එතන පුපුරවා හරින්න. ඒක පිපිරෙව්වොත් වෙන්නේ Earth-X ඇරෝ, සුපර්ගර්ල් සහ තෝන්ට ආපහු Earth-X වලට එන්න බැරිවෙන එක. ඉතින් ජනරාල් ෂොට්ගේ කොහෙත්ම කැමතිවෙන්නේ නෑ පලවෙනි පෘථිවියේ තමන්ගේ ලෝකයට යන්න උත්සාහ කරන්න අවස්ථාවක් දීලා එයාලා අවුරුදු ගානක් බලන් හිටපු අවස්ථාව නැති කරගන්න. කොහොමහරි ඉතින් මේ අයට එතන පුපුරවන්න කලින් පොඩි වෙලාවක් ලැබෙනවා. ඉතින් ද්වාරය ලඟට යන්න් ගිහින් නාසියෝ එක්ක ඇතිවෙන සටනේදී බොහොම අවාසනාවන්ත සිදුවීමක් සිද්ධවෙනවා. ස්ටයින්ට වෙඩි වදිනවා.

කොහොමින් කොහොමහරි නාසියෝ එක්ක සටන් කරලා ෆ්ලෑෂ් අනික් අය එක්ක ආපහු පලවෙනි පෘථිවියට එනවා. ඇවිත් අනික් අයවත් බේරගන්නවා. ඊටපස්සේ තමයි අවසන් මහා සටන සිද්ධවෙන්නේ. එතනදී Earth-X සුපර්ගර්ල් සහ ඇරෝ මැරෙනවා. ඒවගේම තමයි ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ස්ටයින් මැරෙනවා.ඉතින් ක්‍රොස් ඕවර් එක පටන් ගත්තේ නම් එක විවාහයක් එක්ක. හැබැයි ක්‍රොස් ඕවර් එක අවසන් උනේ විවාහ දෙකක් එක්ක. බෙරි-අයිරිස් සහ ඔලිවර්-ෆෙලිසිටි මේ දෙගොල්ලෝම විවාහ වෙනවා. ඔන්න ඔය විදියට තමයි ක්‍රොස් ඕවර් එක අවසන් උනේ.

ඉතින් අපි ෆ්ලෑෂ් නමවෙනි කොටස දිහාවට හැරුනොත්, ඔයාලාට මතක ඇති ෆ්ලෑෂ්ගේ ලොකුම හතුරා ඩෙවෝයි එක්ක තමයි මේ ටිකේ කතාව ඇදිලා ගියේ. ඉතින් හත්වෙනි කොටසේ ඔයාලා දකින්න ඇති ඩෙවෝයිගේ බලය ලැබුනේ කොහොමද කියලා. ෆ්ලෑෂ් ටීම් එක ඩෙවෝයි කොටු කරගන්න හැදුවත් වැඩක් නෑ ඩෙවෝයි හැමවෙලේම ඉන්නේ එයාලාට වඩා පියවරක් ඉදිරියෙන්. ඉතින් මේ සතියේ කොටසින් තව දේවල් ටිකක් බලාගන්න පුලුවන්. ක්‍රොස් ඕවර් එක ගැන ටයිප් කරලාම අත රිදෙනවා. මේ සතියේ කොටස ගැන හොඳ විවරණයක් දහවෙනි කොටසින් දෙන්නම්. එහෙනම් මේ කොටස අපි බලමු මොකද වෙන්නේ කියලා. ආයෙත් ෆ්ලෑෂ් දහවෙනි කොටස එන්නේ ජනවාරි මාසයේ 16 වෙනිදා කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙනම් හැමෝටම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

13,376 downloadsDownload The-Flash-S04E09.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

13,376 downloadsDownload Subtitles30 KB

158 comments

  1. Kantha_DLA

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.......

  2. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  3. Dj UsHaN

    Bohoma Thnq Macn Bs.

  4. Hasitha Chathuranga

    TNKZZ OBRR

  5. Hasitha Chathuranga

    Tnkz broo...............

  6. Kawi Jayasinghe

    TNx sahooo

  7. Subhash pushpakumara

    Ftt aa

  8. jinadaree

    Thank you....

  9. oshanda

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….

  10. Deshan

    Thank You Bro................

  11. Sanju

    THx bro

  12. manjula pradeep

    උබලා තමයි අපිට හොදම නත්තල් තෑග්ග දුන්නේ. ස්තූතියි බොහෝම. ජයවේවා!

  13. Romesh

    Thanks Bro. Keep it up

  14. w.rumesh asanka

    Thank you….

  15. Naveen_Sampath

    Eka patta

  16. Naveen_Sampath

    Eka Nam supiri

  17. sakun pinto

    thanks..!!

  18. Mistake finder

    බලා තමයි අපිට හොදම නත්තල් තෑග්ග දුන්නේ. ස්තූතියි බොහෝම. ජයවේවා!

  19. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  20. Omal

    Thanks saho sub ekata....

  21. Lushan

    ඉදලා ඉදලා හොදම නත්තල් තෑග්ග විදිහට සබ් දුන්නට තෑන්ක්ස් බ්‍රෝ...

  22. Amila Eranda

    Thank's Sub Ekata......

  23. Tharindu Dilshan

    Thanks bro sub ekata.......

  24. Anonymous

    Patta aiye බෝහෝම ස්තුති

  25. Isuru Sky

    Thnk u saho sabata....jaya wewa..digtama sub denna.

  26. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

  27. lahiru

    thanks machn....

  28. Dhananjaya

    බොහොම ස්තුතියි

  29. Osada Bimsara

    Thankzzz brooooooo

  30. Suresh

    බොහොම ස්තුතියි

  31. Suresh

    බොහොම ස්තුතියි....

  32. Lakshan

    Thanks Bro.

  33. Amila sandaruwan

    Thnks saho

  34. එල්.සී. දමැල්

    ස්තුතියි නුවන්ත උපසිරසට...

  35. Suu

    Thank you

  36. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. Tharaka lahiru

    Tnx

  38. gayan madusanka

    thanks

  39. UJ

    Thank You Vary Much.......

  40. naughty

    sub ekata thanx.............

  41. podda

    thanks bro!!!

  42. Yohan Dhananjaya

    Mona unath aimath sub denna gatta thiranaya nm marama winawa.......
    thanks qyala wedak ne ubalata....
    Pin machan........

  43. udara damith

    ලිපියනම් මල් 45 යි හොදේ
    නිකන් අර කොටස් ටික බැලුවේ නැත්ත මේක කියවල තේරුම් ගන්ඩ පුළුවන්
    හේනට මහන්සි වෙලා තියෙනවා ලිපියට
    ස්තුතියි
    සුබ අලුත් අවුරුද්දක් වේවා

  44. udmilinda

    Thanks Bro

  45. Naveen Rangana

    Sub1 Tnks... Aye sub denna patan gatta ekata godak watinwa. Jayawewa..............................!!!!!!!!!!!!!!!!!

  46. udmilinda

    Thanks

  47. sasinduweerasinghe

    thanks sahooo...

  48. lahiru sadaruvan

    thankzzzz brother

  49. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  50. Charith Eranga Munasinghe

    PAtta....thanks

Load more comments