Watch Trailer

The Flintstones & WWE: Stone Age Smackdown (2015) | ගල් යුගයේ රෙස්ලිං [සිංහල උපසිරැසි සමඟ]

WWE Studios කිවුවම ආයේ වෙන මොකුත් නෑ රෙස්ලිං නොව මතක් වෙන්නේ, අද අපි බලන රෙස්ලිං මිට වසර මිලියන 65කට පෙර ගල් යුගයේදී ආරම්භවුනේ කොහොමද කියල මේකෙදි බලාගන්න පුළුවන්, මේකේ අපි හොඳට දන්න ගල්පාත, බොරළුගොඩ, විමලා සහ ඩොටී හතරදෙනා ඉන්නවා, හැබැයි වෙන නම් වලින් මොකද මේක The Flintstones යන නමින් විකාශනය වෙච්ච…

The Flintstones and WWE Stone Age Smackdown 2015

WWE Studios කිවුවම ආයේ වෙන මොකුත් නෑ රෙස්ලිං නොව මතක් වෙන්නේ, අද අපි බලන රෙස්ලිං මිට වසර මිලියන 65කට පෙර ගල් යුගයේදී ආරම්භවුනේ කොහොමද කියල මේකෙදි බලාගන්න පුළුවන්, මේකේ අපි හොඳට දන්න ගල්පාත, බොරළුගොඩ, විමලා සහ ඩොටී හතරදෙනා ඉන්නවා, හැබැයි වෙන නම් වලින් මොකද මේක The Flintstones යන නමින් විකාශනය වෙච්ච රුපවාහිනී කාටුන් එකක්, ලංකාවේ හඬකවල විකාශනය වෙච්ච කාර්ටුන් එකේ එයාලගේ නම් තියෙන්නේ ඔය විදිහට උණාට මේකෙදි එහෙම නැහැ මම මේකෙදි පාවිච්චි කරේ මේකේ තියන නම් නෙමේ, අපිට හුරු පුරුදු බොරළු, ගලපාත, විමලා, ඩොටී කියන ලංකාවේ හඬ කවල ගිය කථාවේ නම්, බලන අයට හුරු පුරුදු ගතියක් දැනෙන්නේ නැතිවෙයි කියල හිතුණ මේකේ තියන නම් දැම්මොත්, ඒ වගේම නූතන රෙස්ලිං වළල්ලේ ජනප්‍රිය කට්ටිය වෙන, ජෝන් සීනා, රේ මයිස්ටිරියෝ සහ ද අන්ඩර්ටේකර් ඒ කාලෙත් එක කණ්ඩායමේ සාමාජිකයෝ විදියට ඉන්නව. ඒ විතරත් නෙමේ අපේ ගලයයි බොරළුගොඩයි දෙන්නත් ඒ ටිම් එකේ, එයාලගේ විරුද්ධවාදීන් වෙන්නේ CM පන්ක්, මාර්ක් හෙන්රි සහ නිකී බෙලා – බ්‍රයි බෙලා සොහොයුරියන්, ඒ වගේම ඩැනියල් බ්‍රයන් කියන කෙනත් ඉන්නව ( yes yes yes කිය කිය එන්නෙ රෙස්ලිං වල). තව වත්මන් WWE එක කරගෙන යන Vince McMahon බොරළුගොඩටයි ගලයටයි පිං සිද්දවෙන්න අද හොඳ සල්ලිකාරය උණාට ඒ කාලේ මාළු ලෑල්ලක් දාගෙන මාළු වික්ක කෙනෙක් හේහ් හෙ.. 😛 ඉතින් “සැබෑවටම එයාලම තමයි එයාලගේ රෙස්ලිං චරිත වලට හඬකවල තියෙන්නෙ මේකෙදි”, රෙස්ලිං බලන අයට මේ චරිත වගේම එයාලගේ හඬ ඒ හැටි නුහුරු වෙන්න විදියක් ඇත්තෙම නෑ. ඒ අය ජොළියටත් එක්ක මේක බලාවි කියල හිතනව, මාක් හෙන්රිවයි, CM පන්ක්වයි කිච කරලම දාල තියනව මේකෙදි. ඉතින් මේකේ Imdb අගය කීයද කියලනම් කියන්න විදියක් නෑ, මොකද මේකේ පිටපතක් නිකුත් උණත් Imdb සයිට් එකේ රේටින්ග්ස් දෙන්න හැකියාවක් නැහැ තවමත්, මට අනුව නම් 6-7 අතර අගයක් මේකට ලැබේවි, වෝනර් බ්‍රදර්ස් සහ WWE ස්ටුඩියෝ එකතුවෙලා තමයි මේක හදල තියෙන්නෙ. කොහොම උණත් ඉතින් කතාව සිද්ධවෙන්නේ මෙහෙමයි…

හැමදාම වගේ අදත් බොරළුගොඩ පරක්කුවෙලා වැඩට යනව, ලොක්කගෙන් බැණුම් අහමින් ඉන්න අතරෙ වෙන අනතුරකින් ලොක්කවයි බොරළුවයි, ජෝන් සීනාගල විසින් බේරාගන්නව, ඒ ඇඟට වැටෙන්න ගිය ඩයිනසෝර් කෙනෙක්ව උස්සල විසි කරල. සීනාගල එතනට එන්නෙ ගල් කඩන රස්සාවක් හොයාගෙන, ඔව් ඔව්, දැන් ජෝන් සීනා උණාට ඒ කාලේ කෙනා ජෝන් සිනාගල ( John Cenastone ), ගල් යුගයෙ නම් ගල් යුගයෙ විදියට තියෙන්න එපාය ඉතින් 😀 . අනතුර සිද්ධවෙන්නේ බොරළුගේ වැඩක් නිසා, ඉතින් ලොක්කා තවත් තරහෙන්, ඔය අතරෙ බොරළු පවුලේ කට්ටියව ට්‍රිප් එකක් එක්කන් යන්න මාසේ පඩිය කලින් ඉල්ලනවා, තියන තරහට ලොක්ක තියන පඩියත් කපා හරිනව, දැන් ඉතින් මොනවා කරන්නද, බොරළු විමලට පොරොන්දුවෙලත් ඉවරයි කට්ටියව ට්‍රිප් එකක් අරන් යනවා කියල, පොරට අන්තිමේදී හොඳ අදහසක් පහළ වෙනව. ජලජ මීහරක් සංගමයේ පුණ්‍ය අරමුදලට සල්ලි එකතුකරන කානිවල් එහෙකදී ගලපාතය, CM පන්ක්ගල ( CM Punkrock ) එක්ක වලියක් ගහගන්නකොට තමයි බොරළුට අදහස පහළ වෙන්නේ, පන්ක්ගල ඉන්නේ කිරිගරුඬ හෙන්රි එක්කමයි. ( Marble Henry ), ඉතින් බොරළු සිනාගලව හම්බවෙන්න යනවා, සිනාගල හොඳ මසල්ස් තියන හාදයා, පොර ලව්වා තව හයේ හතරෙ පොරවල් දෙක තුනක් හොයාගන්නවා එක්කෙනෙක් තමයි 619 එහෙමත් නැත්තම් රේ මයිස්ටිරියෝ අග්නි මාණික්‍ය (Rey Mysteriopal) , 619 කියන්නේ කවුද කියල දන්නවා ඇතිනේ, අනිත් කෙනා තමා කනත්තට වෙලා ඉන්න “ද අන්ඩර්ටේකර්”… බොරළු උත්සහ කරන්නේ මිනිස්සුන්ට වලි ගහගන්නව පෙන්නලා සල්ලි අරගෙන ඒ සල්ලි වලින් විමලවවයි ගලාගේ පවුලේ අයවයි නිවාඩුවකට ට්‍රිප් එකක් එක්කන් යන්න… අන්තිමේදී බොරළුට තනියම පොහොසතෙක් වෙන්න හිතෙනවා, ගලයට බොරු කරල පොර විතරක් තනියම දියුණු වෙන්න යනව.ඉතිං ඊටපස්සේ මොකෝ වෙන්නේ කියල දැනගන්න වෙන්නේ ෆිල්ම් එක බලලම තමයි. ප්පප් පරප්පා… ප්පර පරප්පා… ජෝ..න් සීනාගල….හ්හ්හ්! ගිහින් එන්නම්.. 😉

 

 

450 MB කොපිය මෙතනින් බාගන්න

3a094e40fe283b236f4f19d73dc1a37fcd3bc162 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,878 downloadsDownload The.Flintstones.WWE_.2015.baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,878 downloadsDownload Subtitles27 KB

62 comments

  1. කැලුම් ගුණසේකර

    ස්තුතියි විමා. අනිවා බලනවා මේක.

  2. elakolla

    thakuu aaaa

  3. නලින් පෙරේරා

    විමා එළටම ලිපිය තියෙනවා..!

    අනිවා බලන්න ඕනේ මෙක නම්.

    ජය වේවා!

  4. ERANGA

    machanla waday hodai eath ai ban torrent eka downlord click karama googal search annay... eta passay torrent click karama anneth naa bana ai a

  5. ශාන් විමුක්ති [විමා]

    extratorrent . cc කියන එක ක්ලික් කරලා එකෙන් ගන්න
    ටොරන්ට් එක කෙලින්ම දෙන්නේ නෑ දැන්

  6. chamara

    මේක මම බලන්නම හිතාගෙන
    හිටපු එකක්,ගොඩක් ස්තූතියි.

  7. ERANGA

    machana kawru hari mata torrent eka downlord karala denawada

    1. ශාන් විමුක්ති [විමා]

      මෙතනින් බාගන්න කියන එක ක්ලික් කරාම එන ගුගල් සයිට් එකේ උඩම ලින්ක් එක ක්ලික් කරන එන ටොරන්ට් පිටුවේ
      extratorrent . cc කියන එක ක්ලික් කරලා එකෙන් ගන්න සහෝ
      ටොරන්ට් එක කෙලින්ම දෙන්නේ නෑ දැන්

    2. ERANGA

      prasney machan a site eka his ney ban ekai

    3. thisal

      කැයි බන් kickass.to එකෙ තියෙනෙන් උබ දිලා තියන කොපියයි ඉට වඩා හොද කොපියි ?

    4. ශාන් විමුක්ති [විමා]

      දෙකම එකම කොපිය
      ටොරන්ට් සයිට් දෙක විතරයි වෙනස්

  8. එල්.සී. දමැල්

    උපස්රසට ස්තුතියි සහෝ!
    ජය!

  9. #ChalinduDeshan (කිනා)

    හම්මේ ඇති යාන්තම් දීලා.
    අදත් දීලා නැත්නං මම උබට හවසට පදේ කියන්න හිටියේ.
    දැංම බලනවා ඈ.
    ජයමවේවා!

  10. එල්.සී. දමැල්

    මේච්චර අළුත් හරියන ඉංග්ලිශ් සබ් හොයන්නෙ කොහෙන්ද?

    1. ශාන් විමුක්ති [විමා]

      සමහර ෆිල්ම් වලට සබ් ඉක්මනට එනව සහෝ

  11. බ්ලැක් පැන්තර්

    උඹද සබ් එක දුන්නෙ... එළ...
    ඇයි බං අද නැන්දා හිටියේ නැද්ද උදව්වට.???
    මං හිතුවේ දිගටම ඩුවල් සබ් දෙයි කියලා...
    ආරංචියි උඹ ට්‍රයි කොලාට එයා නෑ කියලා...
    මොනා කරන්නද බං. ඔව්වා ඔහොම තමා ඉතින්.
    දැන් ඕවා ගැන හිත හිත අඬන්න එපා බං දැන්...

    තව සබ් එකකින් හම්බෙමුකෝ එහෙනම්...
    ජය...!!!

    1. බ්ලැක් පැන්තර්

      අඩේ විමා, සිරාවටම කියන්නෙ.
      ලියන එක ගැන නම් මට තවත් උඹගෙන් හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා... :D

  12. asiri

    maxxxa machan

  13. Asel

    Ela 1 ahh
    Elaz

  14. Sajith Anthony

    සුපිරියටම ලිපිය ලියල තියනවා.
    අනිවා බලනව...
    බොහෝම ස්තුතියි ස්බ් එකට...

  15. Kulanjana Maduranga

    niayamai…good post & good movie..thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  16. නිර්මාණි විජේසිංහ

    මේවා කොහොම නොබලා ඉන්නද අප්පා.හැබෑට කො අද හිතවතී ? සබට තුති හොදේ :-D

    1. ශාන් විමුක්ති [විමා]

      ආයේ නැන්ද එක්ක සබ එන්නෙ නැහැ ඕඕන් :/

  17. thisal

    අඩො පට්ට විමො මෙ වගෙ එව්වා මැක්සා තැන්ක්ස් සබට බන් එල්ස්

  18. තරුෂ දිනුජය

    අනිවා බලනවා විමා අයියා.
    තෑන්ක්ස් සබ් එකට.

  19. ආදරය හීනයක්

    තෑණ්ක්ස් මචං...මේකනම් අපෙ රෙස්ලින් ගෘප් එකෙත් ශෙයාර් කරනව!

  20. isuru

    thanks bn wima.enakal unne.

  21. Jack

    නියමයි මචෝ.
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  22. D.Chamara

    thanks sahoo

  23. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. chathura madusanka

    thank you machan...........

  25. imasha

    බොහෝම ස්තුතියි ස්බ් එකට…

  26. එල්.සී. දමැල්

    උපසිරසට තුති!
    ජය!

  27. අදිත ප්‍රවීන්

    අප්පේ විමා අයියනේ දීලා තියෙන්නේ .
    නියමයි නියමයි .
    ඒකත් බානවා එහෙනම් .
    සබට බොහොම ස්තුතියි !

  28. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  29. Tharindu

    Thank you very much saho...:)

  30. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට...... ජය වේවා..... !!!

  31. lahiru

    thanks machn

  32. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බලන්න ආසයි ඔයි මේ කියලා තියෙන විදියට..
    ඒත් මමනම් රෙස්ලින් වලට පොඩ්ඩක් වත් කැමති නැහැ.,..
    කොහොඅමහරි කමක් නැහැ, උඹ දීපු නිසා බලමුකෝ..
    සමාවෙයන් හොදේ...
    පරක්කු කමෙන්ට් එකට..
    කවුද බං දන්නේ උඹ දීලා කියලා...
    ජය වේවා!!!

  33. indika

    thn q :)

  34. නෙතින්එහා.කොම්

    supiri macho

  35. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  36. TharinDu

    ෙබාෙහාම ස්තුතිය මචං... අැත්තටම ෙම්ක නම් මරු මූවි ඒකක්... අපි ෙවනුෙවන් වන මහන්සියට අෙප් හෘදයාංගම ස්තුතිය නැවතත්. හැමදාම අපි ඔබ සමගයි... ස්තුතියි...

  37. TharinDu

    he he jone ciznt innawane

  38. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  39. Lahiru

    The Flintstones (1994)
    The Flintstones in Viva Rock Vegas (2000)
    Kiyana film 2 tath sub denna puluwan nm hodai :-)

  40. ලස්සන boy

    තැන්කු කොල්ලා
    සබට තුති

  41. ARA

    බොහෝම ස්තුතියි සබ් එකට.

  42. lahiru444

    niyamyi mcn

  43. සසිනිකා කුලතුංග

    උපසිරැසියට ස්තුතියි සහෝ..ඇනිමේශන් නම් කොහොමහරි බලනවා.

  44. Sahan

    thankz a lot wewaaa sahooo.. :D :D

  45. Ruchira

    sub 1ට ස්තුතියි.......

  46. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  47. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  48. thilina

    උපසිරැසියට තුති

  49. Prasad

    supiri machan....thanks aaa.

  50. Anonymous Person

    විමා වෙනුවෙන් දාන පළමු කමෙන්ටුව මේ.
    මම විමාගේ ෆිල්ම් එහෙම ඒ වුනාට හුඟක් බලලා තියෙනවා.
    පට්ටයි ඉතින් උඹ කරන ෆිල්ම්.
    ඔන්න බානවා විමෝ...
    එලස්...:)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.