The Great Gatsby කියන නම මම හිතන විදිහට ඒ තරම්ම නුහුරු නමක් නෙමෙයි. මේ නම මුලින්ම ලොව කල එළි බසින්නෙ 1925 ඇමරිකානු ලේඛක F. Scott Fitzgerald ගේ පෑන් තුඩින්.1925 මෙහි පිටපත් 20,000 පමණයි අලෙවි කරගත හැකි වුනේ. අවසානයේ F. Scott Fitzgerald 1940 මිය යන්නෙ තමන්ගේ අසාර්ථක රචනයන් ගැන කළ කිරීමෙන් ඒ වගේම ඔහුග…
The Great Gatsby කියන නම මම හිතන විදිහට ඒ තරම්ම නුහුරු නමක් නෙමෙයි. මේ නම මුලින්ම ලොව කල එළි බසින්නෙ 1925 ඇමරිකානු ලේඛක F. Scott Fitzgerald ගේ පෑන් තුඩින්.1925 මෙහි පිටපත් 20,000 පමණයි අලෙවි කරගත හැකි වුනේ. අවසානයේ F. Scott Fitzgerald 1940 මිය යන්නෙ තමන්ගේ අසාර්ථක රචනයන් ගැන කළ කිරීමෙන් ඒ වගේම ඔහුගේ නම ලොවට අමතක වේවි යැයි සිතින් මවාගෙන. නමුත් දෙවන ලෝක යුද සමය වන විට ඔහුගේ ග්‍රන්තයන් අතරින් The Great Gatsby විශේෂ අවදානයකට පාත්‍රවීමට පටන් ගැනුන. කොටින්ම කියනවා නම් උසස් පාසල් විෂය නිර්දේශයේ කොටසක් බවට පත් වෙනව. “Great American Novel” යන ග්‍රන්ත ගොන්න අතරට ඇතුල් වීමට තරම්ම විශිෂ්ට වෙනව ඉතින් එහෙව් කෘතියක් ලේසියෙන් සිනමාව හෝ රූපවාහිනිය අමතක නොකරන බව අපි හැමෝම දන්න දෙයක් නොව.
ඔන්න ඉතින් හා හා පුරා කියල 1926 The Great Gatsby නමින්ම සිනමා පටයක් ලොවට දායාද වෙනව. එය නිහඬ චිත්‍ර පටයක් ඒ වගේම දැනට ලොව කොහේවත් නැති චිත්‍රපටයක් (Lost film). ඉන් පසු නැවත ගැට්ස්බි කරලියට එන්නෙ 1949 The Great Gatsby නමින්මයි ඒත්. අද අපි ඔබ වෙත තිළිණ කිරීමට යන සලරුව ලොවට දායාද විමට මත්තෙන් ලොව වඩාත්ම ප්‍රේක්ෂක ආදරය දිනාගත් The Great Gatsby චිත්‍රපටය එළි දැක්වෙන්නෙ 1974. එහි සාර්ථකත්වය කෙටියෙන් කියනව නම් ඔස්කා සම්මාන ද්විත්වයක්. ඉන්පසු 2000 වසර වෙනකම්ම ගැට්ස්බි ගෙව්වෙ සැගවුන ජීවිතයක්, නමුත් ආයේත් 2000 වසරේ රූපවාහිනී චිත්‍රපටයක් නිර්මාණය වෙනව The Great Gatsby නමින්ම. එහෙව් මගක් ගෙවාගෙන ආව ජේ ගැට්ස්බි ඔන්න 2013 වසරේ විජයග්‍රාහී ලෙසින් කල එලි බහිනව ආයෙත්.
අධ්‍යක්ෂණය ඔස්කා සම්මානයට නිර්දේශ ලැබූ ඕස්ට්‍රේලියානු ජාතික අධ්‍යක්ෂක Baz Luhrmann.රංගනය ලොව එදා මෙදා තුර බිහිවූ අති විශිෂ්ට නිසි ඇගයීමට පාත්‍ර නොවූ රංගදරයෙකු ලෙස ලොව පතල ගිලුනු නැවේ සිහින කුමරා Leonardo DiCaprio ගෙන්. ඔහුට අමතරව මෙහි මුල් Spider-Man චිත්‍රපට ත්‍රිත්වයේම මකුළු මිනිසාට පණ දුන් Tobey Maguire හා Carey Mulligan, Joel Edgerton, Isla Fisher, Jason Clarke,Amitabh Bachchan ආදී සුපිරි නළු නිළියන් රැසක තම රංගන ප්‍රතිභාව හුවා දක්වනව. 2013 මැයි මස 10 වනදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කර මේ වන විට $330,825,739 Box office ආදායමක් ලබන්නට තරම් ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් ආක්‍රමණය කොට තිබෙනව. IMDB දර්ශයක වුනත් 7.4ක් වගේ ඉහළ අගයක් තමයි පෙන්වන්නෙ.
ඉතින් කතාව පැත්තට හැරෙමු එහෙනම්, නික් කැරවෙයි කියන්නෙ ලේඛකයෙක් වීමෙ අදහසෙන් සිටි තරුණයෙන්. නමුත් ඔහු යේල් නගරයේ සිට නිව්යෝක් නගරයට සංක්‍රමණය වූ පසු වෘතිය ලෙස තෝරා ගන්නෙ සුරැකුම් පත් වෙළෙදාම, අලුතින් පොහොසත් වූවන්ගේ මන්දිර ගහන බටහිර එග් නම් ප්‍රශේශයේ අත්හැර දැමූ උයන් පල්ලෙකුගේ නිවහනක් ඔහු කුලියට ගන්නව $ 80කට. ඔහුගේ අසල් වැසිය වෙන්නෙ ජේ ගැට්ස්බි නම් ධනකුවේරයෙක්. ඔහු සති අන්තයන්හි තමන්ගේ මන්දිරය නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ ජනයාගෙන් පුරාවා ලන්නෙ විනෝද උත්සව වලින්, නමුත් මේ වන විට නික් ඔහු හැදිනගෙන නැහැ. ඔහුට අනුව නම් ගිම්හානයේ ඉතිහාසය ආරම්භ වන්නෙ ඔහු පරම්පරාගත පෝසතුන් ජීවත් වෙන නැගෙනහිර එග් ප්‍රදේශයේ ජීවත් වන තම ඥාති සහෝයුරියගේ නිවසේ දිවා ආහාරයට යාමත් සමගයි. ඇයගේ ස්වාමි පුරුෂයා ටොම් බියුකැනන් නම් පරම්පරාගත ධනකුවේරයෙක්. නික් හා කෙමෙන් කෙමෙන් මිත්‍රවන මේ ධනපතියා නික්ගෙන් ඉල්ලීමක් කරනව. එය ඩේසි හා සම්බන්ධ ඉල්ලීමක්. ඒ කුමක්ද? මේ අභිරහස් ධනපතියා ජේ ගැට්ස්බි ඇත්තෙන්ම කවුද? ඔහුගේ මේ ධනය උපයා ගත්තේ කෙසේද? ඩේසි හා ඇයගේ පවුල් ජීවිතය කෙබදු එකක් ද? ටොම් බියුකැනන් තමන්ගේ චරිතය කෙලෙස මේ කතාව තුල ගලපයි ද? මේ සියල්ල තුල නික් කැරවෙයි නම් නගරයට ආගන්තුක මෙම තරුණයාගේ භූමිකාව කුමක් වනු ඇති ද? මෙහි අවසානය කුමක් වනු ඇති ද? මේ සියල්ල අතිශය රසවත් මිනිත්තු 142 ඔබට පවසාවි.
මේ වසරේ මම මෙතෙක් නැරඹූ විශිෂ්ඨම සිනමා පටය මෙය යැයි කිවහොත් මම නිවැරදී. මම මෙතෙක් උපසිරැස කරණය කළ හොඳම චිත්‍රපටය මෙය බව මගේ මතයයි. මෙහි සිංහල උපසිරැසක් අන්තර්ජාලයට පැමිණි වහාම මා වෙත ලබා දී මෙම තරමක් සංකීර්ණ නිර්මාණය කිසීමට මා උනන්දු කල හසන්ත වික්‍රමරත්න සහෝයුරාට මේ අවස්ථාවේ විශේෂ ස්තුතිය පිරි නමන්නම ඕනෙ. එහෙනම් ඔන්න කාලෙකි ආයෙම් මම මේ සිලරුව ගැන ඔබට දැනුන හැගුණ දෙය ලියා යන ලෙස ඉල්ලා සිටිනව. නැවතත් වතත් සලරුවක් සමඟ හමුවනතුරු ඔබට සදා ජය…!
77ccd7ca50d887cb888692334dfdee638dab3821 b8cfa46436986f142bc0db9605fcf955e33a9946 56f6cbba64f07d96ae6fe51828a60b8e03a3f028 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,099 downloadsDownload The-Great-Gatsby2013-www.baiscopelk.com-.rar153 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
109 comments
Lamz
hh
meyka anakm unne supiri
vee
maxxa hode
quik
thanks
shann
පට්ට මචෝ මමත් බලනවා සුපිරි නළුවෝ ඉන්නේ :)
Bandula
meyka subs denakm unne mamath jaya wewa!!!!
ositha
loweth na macho supiri :)
geeth
bohoma pin :)
mihin ලංකා
අඩේ පට්ට පතුරු මචං මෙච්චර ඉක්මනට දුන්න එක නම් සුප්පා
රොෂීන්
superb saho
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අද නැගිට්ට ගමන් කල මුල්ම වැඩේ තමයි මේ ෆිල්ම් එක බාපු එක...
කාලයක් තිස්සෙම එනකම් බලන් උන්නු ෆිල්ම් එකක්...
අනික කොහොමටත් ඩි'කැප්රියෝ ගේ නම් නොබලා කොහොමෙයි.
දැන් ඉතින් කට අරං බැලිල්ලක් තමයි...
බොහොම ස්තුතියි සැමියෝ...
එලම බඩ්ඩක් ගෙනාවට...
ජය වේවා කිව්වා ඔන්න.ccnp
Thanks
upali
ela ela ela ela
was
මේක කිවුවත් වගේ පට්ටම එකක්
udara
download :)tx
rusuru | රුසිරු
එනකම් උන්නේ මාත් සමීර ආව ගමන් බස්සලා නේ මරු
dilan
ela wadak macho
charlie
meka enakan balan hitiye.thanks
thusitha
mey naluwa inna awa nobala kohomada thxxxxxxxxxxx
නිරෝෂ්
නියමයි..ස්තුතියි සමීර
මේක දෙනකම් බලන් හිටියෙ..නලින්
ඇත්තටම මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් ලොවට විවර වු සැනින්ම.
ශ්‍රී ලාංකීක අප සැමගේ රසවින්දනය වෙනුවෙන් සිංහල උපසිරැසි සමග ඉදිරිපත් කිරිම එතරම් පහාසු කටයුත්තක් නෙවේයි.ඉතිං ඒ වගේ බාරදුර කටයුත්තක් නිසි වගකිමෙන් ඉටු කරන්න මොන තරම් ධෛර්ය්‍යක් තියෙන්න ඔනේද? කථා රසයට හානියක් නොවෙන අයුරින්ම...
මේවගේ ම විශ්ෂ්ඨයෙක්ට නම් ඒක ලොකු ප්‍රශ්ණයක් නොවන බව මට විශ්වාසයි.
ඉතිං සමිර සහෝ.. අප සැමගේ රසාස්වාදනය වෙනුවෙන් මේ කළ මහාඟු මෙහෙයට
මොනවා නම් අපි දෙන්නද? අපිට දිය හැක්කේ..අපේ හෘදයාන්ගම ස්තුතිය විතරයි..බයිස්කෝප් සිංහලෙන් අඩවියේ බලකණුව නුඹයි සැමියෝ..
තවතවත් මෙවැනි දැවන්ත සිනමා කෘතින් අපි ඉදිරියේ දිග අරින්න නුඹේ දැත් වලට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ..ජය වේවා..
jana,
patta patta saho
nimesh
මේකට subs දානකම් මම බලාගෙන හිටියේ!!!! පට්ට .....
Thank you !!!!!!!!!!!!!!!!tharanga
ලොවෙත් නෑ මේක නම් අද බාගන්න පුළුවන් උනොත් බලනවා බොහොම තුති!!!!
Gayan
maru film aka
frenando
aniwa balanwa hode niyamama kathwak ne machan
chamath cafe
වටිනා කියන වැඩක් ඔහොම යන් බයිස්කෝප් සහ සමීර
waruna
gr8 work sameera
කැළුම්
මමත් මේ සිනමා පටය එනකම් බලන් උන්නේ නියමයි :) ඔබට ජය
eraNga
loweth machan supiri
zumo man
elazzz thnxzzz
ganidu
තැන්ක්ස් වේවා!
venura
maxxa maxxxa
kalana
meyka nam supiri kiyanan deyak na naluwo nam patta
Harsha Lahiru
එලකිරි සහො සුපිරි බයිස්කෝප් එකක් වගේ
පට්ට නළුවෙකුත් ඉන්නෙ....
තවත් මේවගේ සුපිරි බයිස්කොප් වලට
සබ් දෙන්න ජයවේවා සහොදිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සමීර කොල්ලෝ සිංහල උපසිරැසියට. මාත් කොහොමහරි බාගෙන බලන්න ඕන. උඹ බලපු විශිෂ්ඨතම එකනම් ආයෙ දෙකක් නෑ සුපිරි ඇති..
amilatk
jaya wewa!!!
dimuthu
meyka hamoma balanna supiri akak
කේ.යූ.ජී. උදාර
මේ වගේ චිත්‍රපට සිංහලෙන් හැඩ කරල අපි එක්ක බෙදාගන්නවට බොහොම ස්තූතියි සමීර........
jack
මේ නලුවා ඉන්න එකක් කොහොමද නොබලා ඉන්නේ.. ඔන්න ගත්තා. බොහෝම ස්තුතියි මචෝ
me
Thanks
[chathura]
එල එල සුබපැතුම් යාලුවා.
[chathura]
ගොඩාක් ස්තූතියි
vernie
niyamai samie
vernie
සුපිරී film එකක්. සබ් ටිකත් එලකිරි
sampath
බොහොම ස්තුති යලුවා...
#ChalinduDeshan (කිනා)
යකෝ කතාව කියෙව්වට වඩා, ට්‍රේලර් එකත් බැලුවට වඩා අන්තිමටම දාල තියෙන පෝලිම කියෙව්වාම චිත්‍රපටිය බලන්නම හිතුනා. එල එල..
ජයවේවා!!bee
tnx tnx pattata athi
තුෂාන් මධුසංඛ
සමීයා අයෙමත් ගින්දර බඩ්ඩක් ගෙනත් වගේ.එළමකිරි සමියෝ.උබගේ කැපවීම හදවතින්ම අගය කරනවා
“චූටී මල්ලි”
"මේ වසරේ මම මෙතෙක් නැරඹූ විශිෂ්ඨම සිනමා පටය මෙය යැයි කිවහොත් මම නිවැරදී. මම මෙතෙක් උපසිරැස කරණය කළ හොඳම චිත්‍රපටය මෙය බව මගේ මතයයි"
මේක කොහොමත් බලන්න තමයි හිටියෙ
අර උබ උඩ කියලා තියෙන එක දැක්කම
මේක බැලිමේ ආසාව දෙගුන තෙගුන වෙලා ගියා බන්
එල සැමියෝ එන පරක්කුවට
සබ දුන්නට පින් ඈ.....
එහෙනම් වෙනදා වගෙම මම පතනවා
ඔබට ජය.................Nanosudha
එලස්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama 1 st yeahhhhhhh ela elaa thankzzzzzzz