Watch Trailer

The Great Wall (2016) with Sinhala Subtitles | චීන මහා ප්‍රාකාරයේ බිහිසුණු වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ] (50)

අද නම් වෙනදට වඩා ටිකක් වැදගත් දවසක්. 2015 වර්ෂයේ ජනවාරි 24 වෙනි දින, Velayudham (2011) චිත්‍රපටයෙන් ඇරඹුනාවූ මගේ උපසිරැසි ජීවිතයේ 50 වෙනි උපසිරැසිය සමගින් තමයි අද මම ඔබ හමුවට එන්නේ. කියන්න නම් ගොඩාක් දේවල් හිත ඇතුලේ තියෙනවා. ඒ නිසා ලිපිය ටිකක් දීර්ඝ වෙන්නත් පුළුවන්. නමුත් කියන්න තියෙන හැමදෙයක්ම, ක…

 

අද නම් වෙනදට වඩා ටිකක් වැදගත් දවසක්. 2015 වර්ෂයේ ජනවාරි 24 වෙනි දින, Velayudham (2011) චිත්‍රපටයෙන් ඇරඹුනාවූ මගේ උපසිරැසි ජීවිතයේ 50 වෙනි උපසිරැසිය සමගින් තමයි අද මම ඔබ හමුවට එන්නේ. කියන්න නම් ගොඩාක් දේවල් හිත ඇතුලේ තියෙනවා. ඒ නිසා ලිපිය ටිකක් දීර්ඝ වෙන්නත් පුළුවන්. නමුත් කියන්න තියෙන හැමදෙයක්ම, කියන්න වෙන අවස්තාවක් ලැබේවිදෝ කියලා සැකයක් තියෙනවා. ඒ නිසා පුළුවන් විදියට කියන්න තියෙන ඔක්කොම ටික කියලා දාන්න හිතුවා. ඒ නිසා, කැමති අය කියවන්න. කියවන්න අකමැති අය, සබ් එක අරගෙන යන්න. කියෙව්වා, නොකියෙව්වා කියලා, කිසිම කෙනෙක් එක්ක, කිසිම තරහක් නැහැ.

කියන්න ගොඩක් දේවල් තිබුනත්, කොතනින් පටන් අරගෙන, මොනවා කියන්නද කියලා, තවම නම් තේරෙන්නේ නැහැ. අසාවට වගේ එකම එක උපසිරසියක් කරනවා කියලා හිතාගෙන පටන් අරගත්ත මේ වැඩේ, මටත් නොදැනීම අද මේ වගේ තැනකට ඇවිල්ලා. එදා ඉඳලා අද දක්වා, විවිධ ආකාර වලින් මට සහය දක්වමින්, උනන්දු කරවමින්, මාව මේ තැනට අරගෙන එන්න ගොඩක් දෙනෙක් උපකාරී වුණා. මේ අතරින්, මුලින්ම මම තුන් දෙනෙක්ට මුලින්ම ස්තුතිය පුදකරන්න කැමතියි. මොකද, මේ තුන්දෙනා නොහිටින්න, සමහරවිට අද මම මේ ස්ථානයේ නොසිටින්න තිබුනා. පළවෙනියටම ස්තුතිවන්ත වෙන්න ඕනේ, සමීර කරුණාරත්න සහෝදරයට. උපසිරැසි ජීවිතයේ ආරම්භයේදී, මාස ගණනාවකට එක චිත්‍රපටයක් කරමින් ඉඳපු මම, දවසකට එක චිත්‍රපටයක් දෙන්න පුළුවන් තත්වයට වැඩි දියුණු කලේ සමීර සහෝ. කිසිවෙකුගේ ඇස නොගැටී, වහං වෙලා ඉඳපු මට, එක දිගට චිත්‍රපටි බාරදීලා, උපසිරැසි වේගය හොඳටම වැඩි දියුණු කරලා, බයිස්කෝප් කරලියට මාව හඳුන්වලා දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා විසින්. අද අපෙන් තරමක් දුරින් හිටියත්, කල සේවය වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි, සමීර සහෝ. සමීර කරුණාරත්න සහෝගේ නික්ම යෑමෙන් අනතුරුව, ඒ හිස් වෙච්ච ස්ථානයේ වගකීම කරට ගනිමින්, එතැන් සිට මාව ඇදගෙන ආවේ, අපි කවුරුත් දන්න විමා හෙවත් අශාන් විමුක්ති සහෝදරයා. ලබාදෙන්න පුළුවන් හැම චිත්‍රපටියක්ම ලබාදෙමින්, සමීර සහෝ විසින් යොදා දුන් අත්තිවාරමට, බිත්ති බැඳලා. අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දීලා, හැඩයක් ලබාදුන්නේ, විමා විසින්. ඒ හැමදෙයක් වෙනුවෙන්ම, ස්තුතියි විමා සහෝ. කාලය ගතවෙත්ම, විමා කාර්යබහුල වීමත් සමගින්, ඒ අඩුපාඩුව පුරවන්න බර කරට ගත්තේ, සමන් ප්‍රසාද් සහෝ. එදා ඒ පටන්ගත්තාවූ කර්තව්‍ය, අද දක්වාම බිඳුවක් හෝ නොපිරිහෙලා අකුරටම ඉෂ්ඨ සිද්ධ කරමින්, මගේ උපසිරැසිකරණයට වටිනාකමක් එකතු කරන ලද්දේ සමන් සහෝ විසිනි. ඒ වෙනුවෙන්, ඔබටත් අනේකවාරයක් ස්තුතියි සහෝදරයා.

මීට අමතරව, මේ තාක් පැමිණි ගමන් මගෙහිදී, නිරතුරුවම අත්වැලක් වූ බයිස්කෝප් අඩවියේ අනෙකුත් සහෝදරයින් මතක් කළහොත්, බයිස්කෝප් අඩවියට එකතුවීමට පලවෙනි වතාවට ඉල්ලීමක් කරපු වෙලාවේ, මාව බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගෙන, මට පලවෙනි චිත්‍රපටය ලබාදීපු, ඒ වගේම දැනටත් මට ගැලපෙන චිත්‍රපටයක් තියෙනවා නම්, කිසිම පැකිලීමක් නැතිවම මට බාරදෙන, වර්තමාන බයිස්කෝප් අඩවියේ බල කණුවක් වන, හසන්ත අයියාවත් , දැන් නම් වැඩිය කරලියට ආවේ නැති වුනත්, බයිස්කෝප් අඩවියේ උන්නතිය වෙනුවෙන් මහඟු මෙහෙයක් ඉටු කරන ලද, බයිස්කෝප් අඩවියේ පුරෝගාමියා,  රොයිලි අයියාවත් , බාරගත්ත චිත්‍රපටයක හොඳ පිටපතක් ඇවිල්ලා තියෙනවා නම්, කාටත් කලින් හරියට එලාම් එකක් වගේ අපිව දැනුවත් කරන, ඒ වගේම පෞද්ගලිකවම මට උපසිරැසිගන්වන්න චිත්‍රපටි කීපයක් ලබාදුන්න,  සමීර චතුරංග අයියාවත් , ශාරුක් ඛාන් නම් ආසිරි, ආසිරි නම් ශාරුක් ඛාන් විදියට, අපගේ සිත් තුල සදා නොමැකෙන මතකයක් ඉතිරි කල, දකුණු පුරවරයේ අභිමානය ලෙස හැඳින්වෙන, ආසිරි ප්‍රියන්ත සහෝ , බයිස්කෝප් අඩවියේ නවතම ඇඩ්මින්තුමා, අසංක සහෝදරයා , උපසිරැසි කලාව පිළිබඳව නොදන්නා තැන් බොහොමයක් කියාදෙමින්, වර්තමානයේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්’ වෙබ් අඩවිය පවත්වාගෙන යන, දකුණු ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ පුරෝගාමියා,  සඳුන් ධනුෂ්ක සහෝ , මාත් සමගින් උපසිරැසි කීපයක්ම හවුලේ කරමින්, බයිස්කෝප් ජීවිතය තුල හමුවූ දයබරම සහොයුරෙක් වන යුශාන් පියුමාල් සහෝදරයා , බයිස්කෝප් මංසල තුලින් මුණගැහුණු  තිසර නියෝ සහෝදරයා , ඉදිරි අනාගතයේදී විදේශ ගතවී, ලොකු පිම්මක් පැනීමට බලාපොරොත්තුවෙන් සිටින  චාමිකර සහෝ  😀 , චිත්‍රපට සඳහා පෝස්ටර් නිර්මාණය කරමින්, නිහඬ සේවයක් ඉටු කරන්නාවූ නලීන් අයියා , ටියුබ් ලයිට් වුනත්, වෙඩි වගේ වැඩ තියෙන, මේ වන විට බයිස්කෝප් අඩවියේ වැඩිම රූපවාහිනී කතාමාලා ප්‍රමාණයක බර කරට අරගෙන තියෙන, නිලුපුල් සහොදරයා , උපසිරැසි සෑදීම පිළිබඳව කරුණු කියාදුන්, කන්නාඩ චිත්‍රපට නිසාවෙන්ම දැන හඳුනාගත්, තරිඳු රුක්ෂාන් සහෝ , Iru Mugan චිත්‍රපටය නිසා දැන හඳුනාගත්ත, වැඩක් බාරදුන්නම සියවතාවක් විතර ඇඟිල්ලෙන් ඇනලා ඇනලා තේරුම් කරලා දෙන්න වෙන, බයිස්කෝප් අඩවියේ අළුත්ම සිත්තරා, ඉමේෂ් කුමාර හෙවත් ස්නේක් රාජ් මලයා , මීට අමතරව මේ තාක් කාලයක් පුරාවට සොයුරු දමින් බැඳෙමින්, දුකේදී සැපේදී එකාවන්ව සිටියාවූ බයිස්කෝප් අඩවියේ ආදරණීය සොයුරු සොයුරියන් වන, දිල්ශාන් සචින්ත, චන්දිම අමරසිංහ, රඛිත රණතුංග, කැලුම් ගුණසේකර, දසන් බුද්ධික, චමල් පෙරේරා, ප්‍රනීත් නවලැල්ල(නම හරිද මන්දා :D), චාමර සම්පත්, ලහිරු චානක, ඉසුරු නයනානන්ද, කළිඳු වසූක, මයුර සුරාජ්, තාරක නුවන් දිල්හාර, සුදීර මාලන්, සිරාජ් ප්‍රියන්ත, සොහාන් ජයසූරිය, දිල්ශාන් කාලිංග, ඉසුරු දිල්ශාන්, ප්‍රනීත් චින්තක ඇඩ්මින්තුමා, සචිත් ලක්ෂාන්, චාමල් කැලුම් අතපත්තු, රශීන් මන්සිල්, ලහිරු ප්‍රසාද්, දහරා මුතු අමා, රසිත ප්‍රදීප් සෝමසිරි, සසිත සඳරුවන් , මෙන්ම ෆේස්බුක් අඩවිය ඔස්සේ නිරන්තරයෙන්ම මා දිරිමත් කල, හසිත කොඩිතුවක්කු  සහෝදරයාත්, චිත්‍රපට බැලුවත් නොබැලුවත්, එක වචනයකින් හෝ දිරිගැන්වීමක් කල දයාබර ප්‍රේක්ෂකයින් මෙන්ම, චිත්‍රපට නරඹන සියලුම දෙනා හට ස්තුතිය පුදකර සිටිනවා. ඔබ සියළුම දෙනා නොසිටින්නට, අද මම මේ ස්ථානයේ මෙලෙසින් නොසිටිනට තිබුණා. ඒ වගේම, කවුරුහරි මතක් කරන්න අමතක වුනානම්, දහස් වාරයක් සමාව ඉල්ලා සිටිනවා.

 

ඒ වගේම ගොඩක් දෙනෙක් මගෙන් අහපු කාරණාවක් තමයි, ඇයි රූපවාහිණි කතාමාලාවකට උපසිරැසි කරන්න ගන්නේ නැත්තෙ කියලා. කාරණා කීපයක්ම තියෙනවා. එකක් තමයි, රූපවාහිණි කතාමාලා හරි වෙලාවටම ලබාදෙන්න ඕනේ. අනිත් කාරණාව තමයි, එක් රූපවාහිණි කතාමාලාවක් තුලින්, සීමිත වූ ප්‍රේක්ෂක පිරිසක් තුලට පමණක් කොටු වීමක් සිදුවෙනවා. නමුත් චිත්‍රපටි ගත්තාම එහෙම නැහැ. විවිධ රටවලට අයත්, විවිධ භාෂාවන්ගේ චිත්‍රපට තියෙනවා. ඒ නිසාම තමයි මම, ඉංග්‍රීසි, හින්දි, දමිළ, තෙලිඟු, මලයාලම්, කන්නාඩ, මරාටි, ජපන්, චීන ආදී භාෂා ගණනාවකින් යුති චිත්‍රපට පනහකින්ම, මගේ උපසිරැසි පනහ කඩයිම සම්පූර්ණ කලේ. ඉදිරියේදී 100 වෙනි කඩයිම පහුකරන්න හැකියාවක් ලැබුනොත්, බොහෝ දුරට ඒ චිත්‍රපටි සීයකින්ම වීමේ ලොකු හැකියාවක් තියෙනවා.

අවසාන වශයෙන් එක දෙයක් කියන්න තියෙනවා. උපසිරැසි පනහක් පුරාවටම, මේ කාරණාව හිත තුල ගුලිකරගෙන හිටියා, නිවැරදි වෙලාවට එලියට දාන්න. මං හිතනවා, අද තමයි ඒකට ගැලපෙනම දවස. මේ තාක් කාලයක් පුරාවට, මේ ගැන එකම වචනයක්වත් කියලා නැහැ, අදින් පස්සේ කියන්නෙත් නැහැ. මේ තමයි පලවෙනි සහ අවසාන වතාව. උපසිරැසිය කරනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. උපසිරසියක් කරන්න, චිත්‍රපටයක් බාරගන්න තැන ඉඳලා, ඒ උපසිරැසිය අංග සම්පූර්ණව නිමා කරලා, හැඩ වැඩ කරලා, බයිස්කෝප් අඩවියේ පලකිරීම දක්වා, විශාලා කාර්යභාරයක් සිදුවෙනවා. මතුපිටින් සරලයි වගේ පෙනුනත්, උපසිරසියක් වෙන්කර ගැනීම, උපසිරැසිය හරියාකාරව නිර්මාණය කිරීම, චිත්‍රපටය වෙනුවෙන් ලිපියක් සම්පාදනය කිරේම, වැඩ අවසන් කරන ලද සිංහල උපසිරැසිය බාරදීම, චිත්‍රපටය වෙනුවෙන් පෝස්ටරයක් නිර්මාණය කිරීම,  අවසානයේදී චිත්‍රපටය වෙබ් අඩවිය තුල පලකිරීම ආදී කර්යව්‍යයන් රාශියක්, කිහිප දෙනෙකුගේ දායකත්වය සහිතව සිදුවී, අවසානයේ එහි ප්‍රතිපලයක් ලෙසට තමයි, සිංහල උපසිරැසිය ප්‍රේක්ෂක ඔබගේ දෑතට පත්වෙන්නෙ. චිත්‍රපටයක් උපසිරැසි ගන්වනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. කවදාහරි චිත්‍රපටයක් උපසිරැසි ගන්වන්න උත්සාහයක් අරගෙන හරි තියෙනවා නම්, ඒක කොච්චර අමාරු දෙයක්ද කියන එක අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය ඉංග්‍රීසි චිත්‍රපටයක් උපසිරැසි ගන්වන්න, පැය 8-10ක් වගේ කාලයක් ගතවෙනවා. නමුත්, කාල රාමු ප්‍රමාණය අනුව, මෙය වැඩි වෙන්න පුළුවන්. හින්දි, දමිල, මලයාලම්, තෙලිඟු ආදී භාෂාවන්ගේ චිත්‍රපටයක් නම්, ගොඩක් වෙලාවට දවස් ගණනාවක් ගතවෙනවා උපසිරැසි ගන්වන්න. අපි කවුරුවත් මේ දේවල් කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. මේ හැමදෙයක්ම අවසානයේ අපිට සතුටු වෙන්න පුළුවන් එකම කාරණාව, ප්‍රේක්ෂක ඔබගෙන් ලැබෙන වචනයක් පමණයි. තමන්ගේ ජීවිතයේ වටිනා කාලය වැය කරගෙන, තමන් කිසිසේත්ම නොදන්නා පිරිසකගේ සතුට වෙනුවෙන් කැපකිරීම් කරන්නාවූ උපසිරැසිකරුවා හට අවසානයේ ඉතිරි වන්නේ, ප්‍රේක්ෂක ඔබගේ කාලයෙන්, තත්පර කීපයක් වැයකර ඔබ විසින් ලබාදෙන්නාවු දිරිගැන්වීම පමණයි. නමුත් කියන්න කනගාටුයි, මේ වනවිට අදහස් දැක්වීම නම් අන්තිම පහල මට්ටමක තියෙන්නෙ. අති විශාල බාගතකිරීම් සංඛ්‍යාවක් පවතින චිත්‍රපට සඳහා පවා, අදහස් දැක්වීම් ස්වල්පයක් පමණයි තිබෙන්නෙ. නමුත්, පොඩ්ඩක් හිතන්න. ඔබ විසින් උපසිරසියක් බාගත කරන්න තත්පර කීපයක් වැයකරනවා වගේම, එම උපසිරැසිකරුවා වෙත අදහස් දැක්වීමටත් තත්පර කීපයක් වෙන් කිරීමට හැකියාවක් ඇත්නම්, මේ තැන කොච්චර ලස්සන තැනක් වේවිද…බාගත කිරීම් සංඛාව සමගින්, අදහස් දක්වන ලද සංඛාව සම අයුරින් ගමන් කරනවා නම්, මේ ක්ෂේත්‍රයේ කෙතරම් නම් පිබිදීමක් අත්වේවිද…ඔවුන්ව අගය කරන්න…වරදක් ඇත්නම්, මහත්මා ගතියකින් යුක්තව එය පෙන්වා දෙන්න…චිත්‍රපටි නරඹන ඔබ සියලු දෙනා තමයි අපේ ශක්තිය…එක වචනයකින් හෝ මේ හැමදෙනාවම දිරිමත් කරන්න…ඔබ සිහිනෙන් හෝ නොසිතන අන්දමේ අපූරු ලෝකයක් මේ තුලින් ඒකාන්ත වශයෙන්ම බිහිවේවි…

චීන මහා ප්‍රාකාරය…වසර 1700ක මහන්සියේ අග්‍රගණ්‍ය ප්‍රතිපලයක් ලෙසින්, සැතපුම් 5500ක් පුරාවට චීන රාජධානිය ආරක්ෂා කරමින්, විරාජමානව වැජඹෙන්නාවූ ලෝක උරුමය…එදා මෙදා තුර ලෝක ඉතිහාසය තුල මිනිසා විසින් ගොඩනගන ලද ශ්‍රේෂ්ඨතම නිපැයුමක් ලෙසින් සලකනු ලබන මෙම ලෝක උරුමය, අතීත චීන අධිරාජ්‍යය සතුරු උවදුරු වලින් ආරක්ෂා කරන ලද්දේ, වතාවක් හෝ දෙවතාවක් නොවෙයි. මෙයින් සමහරක්, අදටත් පුරාවෘතයන් ලෙසින් සලකනු ලබනවා. එසේනම්, ඔබ මේ සූදානම් වන්නේ, චීන මහා ප්‍රාකාරය පාදක කොටගත්, සුවිශේෂී පුරාවෘත්තයක් සමගින් අත්වැල් බැඳ ගැනීමටයි.

එක්තරා සුවිශේසී ආයුධයක් සොයමින්, චීන අධිරාජ්‍යයේ සැරිසරන්නාවූ බටහිර වෙළෙඳුන් කණ්ඩායමක්. නමුත්, අවාසනාවන්ත ලෙස, ගෝත්‍රික පහරදීම් හේතුවෙන්, සහ වෙනත් හේතු නිසාවෙන් මොවුන්ගේ කණ්ඩායමේ අවසානයේ ඉතුරු වන්නේ, සාමාජිකයින් දෙදෙනෙක් පමණයි. දෛවයේ ඉරණමකට මෙන් මොවුන් දෙදෙනා ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක් සහිත, ලොවෙන් සැඟවීගිය අධිරාජ්‍යයක් වෙත අහම්බයෙන් පය තබනවා. නමුත්, මොවුන්ට මෙම අධිරාජ්‍යයේ රිසිසේ සතුටු වීමට අවකාශයක් ලැබෙන්නේ නම් නැහැ. මීට වසර හැටකට ඉහතදී අවසාන වතාවට මෙම අධිරාජ්‍යයට පහරදෙන ලද, මෘගයින් පිරිසක් විසින් මෙම අධිරාජ්‍යය ආක්‍රමණය කරනු ලබනවා. ගිණිය නොහැකි තරම් වූ මෘගයින් සංඛ්‍යාවක් සහිතව, අතිශය දරුණු ජීවී කොට්ටාශයක් වන මොවුන්ව පාලනය කිරීමට, අහස සිඹින්නාවූ චීන මහා ප්‍රාකාරයෙන් සන්නද්ධව, යුද්ධයේ මනා පුහුණුවක් ලබා සිටින, නිර්භීත හමුදාවකින් සමන්විත මෙම අධිරාජ්‍යට හැකියාව ලැබේවිද…?

චීන – ඇමරිකා මිත්‍රත්වය පදනම් කරගනිමින්, ඇමරිකානු ඩොලර් මිලියන 150ක අති දැවැන්ත වියදමක් දරමින්, අතිශය ඉහල මට්ටමේ VFX තාක්ෂයක් භාවිතා කරමින් නිෂ්පාදනය වුනා වූ මෙම සිත්තම, මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 327ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබීමට සමත්වී ඇත. සුප්‍රකට හොලිවුඩ් නළු Matt Damon ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් හැඩ වැඩ ගැන්වී, Action, Adventure, Fantasy යන කාණ්ඩයන් නියෝජනය කරන්නාවූ මෙම සලරුව, මේ වන විට IMDB දර්ශකයේ 6.3ක මනාප අගයක් ලබාගැනීමට සමත්වී ඇත.

ඒ වගේම විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. මේ චිත්‍රපටය මුලින්ම බාරගෙන තිබුනේ, රොයිලි අයියා. නමුත්, මගේ පනස් වෙනි කඩයිම වෙනුවෙන්, කිසිම ලෝබකමක් නැතිව මට චිත්‍රපටියේ උපසිරසි ගන්වන්න අවස්තාව ලබාදුන්නා. ඒ වෙනුවෙන්, රොයිලි අයියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.

එහෙනම්, කියන්න තියෙන ඔක්කොම ටික කිව්වා කියලා හිතනවා. ඉදිරියටත් හොඳ චිත්‍රපට තුලින්, ඔබ හමුවට පැමිණීමට බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් චිත්‍රපටිය රසවිඳින්න. හැමදෙනාටම ජයවේවා!!!

ප.ලි. – චිත්‍රපටය උපසිරසි ගන්වා තිබෙන්නේ, HC HDRiP පිටපතක් සඳහා. නමුත්, වගකීමෙන් කියනවා. ඉතාමත්ම හොඳ පිටපතකට තමයි උපසිරැසි ගන්වලා තියෙන්නෙ. බ්ලූරේ පිටපතක් නිකුත් වුන සැණින් උපසිරැසි යාවත්කාලින කරලා දෙන්නම් වෙනදා වගේම.

 

 

 

The Great Wall (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

209 comments

  1. charith

    tnx bn sub 1 denakan balagena hitiye

  2. shanaka

    Thax bro...

  3. sammika

    thanks. blu -ray ekata update eka denna awa gaman. waitin n thanks

  4. Gathsara Umesh

    50 weni upasiresyt hadawathinm sub pathanwa ayyaa..Gmn nawaththnn EPAA..100 hmuwemmoo...

  5. prabodha

    Niyama film ekak bro. Thank u sub ekata..

  6. Dhanushka

    බොහොම ස්තූතියි සහෝ. දිගටම කරගෙන යමු වැඩේ. ජය!

  7. Sajeevi

    50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්!

  8. samee

    thnx macho

  9. Ravin Laksitha

    bomoma thuthi saho......

  10. Sanindu Lakkitha

    50 වෙනි කඩඉමට හදවතින්ම සුබ පතනවා සහෝ.. නියම ෆිලුමක් තමයි අරගෙන තියෙන්නෙ..ලිපියත් මරු..ඒත් සහෝ එක දෙයක්නම් වෙනස් වෙයි කියලා හිතන්න අමරුයි.. ඒ තමයි comment දැමිල්ල.. මොන තරම් තේරුමක් ඇතුව ලිපි ලියුවත්,කොච්චර හොදට සබ් එක කලත් හැමදාම comment දාන්නේ එකම කට්ටියක් තමයි.. අඩුම තරමේ මේක නිකන් දෙන සබ් එකනේ කියලා Comment එකක් දාන්නවත් දන්නේ නෑ ගොඩක් එවුන්. හැබැයි පොඩි අඩුපාඩුවක් උනොත් හරක් වගේ කෑගහන එවුන්නම් ඔනි තරම් ඉන්නවා..
    ඔවා ගැන නොහිතා දිගටම උපසිරැස කරන්න සහෝ.. 100 වෙනි කඩඉමටත් සාර්තකව යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි..ජය වේවා..

  11. Dulanga

    Thanks

  12. මධුකප්‍රිය පෙරේරා

    50වන උපසිරසියට උණුසුම් සුබපැතුම් සහෝ..
    එහෙනම් සිසිල සහොත් හෙමින් හෙමින් 50 ගැහුවා..
    තනිකර ෆිල්ම්වලින්ම ගහපු පනහක් නොවෑ ඉතින් මේක..
    සහෝගේ සබ් බලලා තියෙන කෙනෙක් වශයෙන් කියන්න පුළුවන්
    ඒවා ආයේ සුපිරියට කොලිටියටම තියෙනවා.. කොටින්ම කිව්වොත් මල්හතයි ඈ.
    එහෙමනම් ඉතින් සහෝට කියන්න තියෙන්නේ නොනවත්වාම හැකි තාක් කාලයක්
    උපසිරසිකරණයේ යෙදෙමින් මීටත් වඩා ඉක්මනට 100 වැනි උපසිරසියට ලගාවෙමු කියලා තමා..
    එහෙනම් 50ට යළිත් වරක් සුබ පතනවා.. මේ වගේ ෆිල්ම් එකක් බලන්ට ඉතින් බ්ලුරේ එනකම් ඉවසනවා..
    බ්ලුරේ ආ සැනින් අප්ඩේට් ඕනේ ඉතින්. වැඩි වැඩියෙන් උපසිරසි කරන්න අවශ්‍ය කාලය ශක්තිය ඔබට ලැබේවා..
    ජයෙන් ජයම වේවා!

  13. SUN VIDEO

    THANKS

  14. Menaka

    50 Weni Sub Ekata Suba Pethum... Thanks..

  15. Kolitha4

    Ela thanx bro..
    Congratulations

  16. Udara Damith B/K

    පනහට ඔන්න සුබ පැතුවා
    නතර කොරන්ඩ එහෙම එපා
    එල
    ලිපියත් නියමයි
    කට්ටිය අඩු වුනත් පෙන්නලා ඉවර පොඩි ටීවී සීරියස් කට්ටක් වත් කරන්ඩ

  17. දිල්ශාන් සචින්ත

    නියමයි සිසිල අයියා. මෑත කාලයේදී ආසිරි ප්‍රියන්ත අයියයි ගයාන් රූකාන්ත අයියයි දෙන්නා උපසිරසි කරනයෙන් ඈත් වෙනවත් එකකම ඒ අඩුව දැනෙන්න නොදී අලුතෙන් එන ගොඩක් හින්දි චිත්‍රපටි ඇදගන ගියේ ඔයා. ඒක ගොඩක් වටිනවා නැත්තම් ඒ අඩුව ගොඩාක් දැනෙන්න තිබුනා. අනික ඕනී කෙනෙක් ඕනම වෙලාවක,ඉල්ලන ඕනීම උදව්වකට කොයිතරම් වැඩ තිබුනත් නෑ බෑ නොකියා එක පයින් කරල දෙන සුපිරිම බොක්කක්. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.තවදුරටත් අදහසක් දක්වනවනම් චිත්‍රපට 50කින්ම හාෆ් සෙන්චරිය හහනවා කියන්නේ ලේසී පහ්සු දෙයක් නෙමෙයි. මේ ආපු දුර ආදර්ශයක් කරගෙන තව තවත් ඉස්සරහට යමු. ඉදිරියටත් මේ වගේ නිර්මාන කරන්න ශක්තිය සහ කාලය ලැබේවා.....

  18. hiran

    niymai lokka...all the best

  19. Kasun Widusha

    50 ta subapaethum ,tnx sub ekat

  20. thusitha

    subapathum bro,,,,,obata niduk nirogi suwayamenma sama wadakma sartaka wewa,,,thanks

  21. සචිත් ලක්ෂාන්(සචී)

    මෙන්න එහෙනම් සිසිල අයියත් 50 ගහල නෙව..
    මුලින්ම එහෙනම් 50වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනව හොදේ...
    මේ 50නම් එසේ මෙසේ 50ක් නෙවේ...චිත්‍රපටිම 50ක් නෙව...
    ඒමනම් ඉතින් මේකත් එනකන් බලාගෙනම හිටපු ෆිලුමක්....
    ඒ උනාට බ්ලූරේ එනකන්ම ඉන්නව...
    වෙනද වගේම බොහොම ස්තූතියි උපසිරසියට...
    ඒ වගේම ඉතින් මීට වඩා ඉක්මනට 100ටත් යමු.. ඒ වගේම 150ටත්.. ඊටත් එහාටත්..
    එහෙමනම් ඉතින් ජයීන් ජයිම වීවා සිසිල අයියා....!

  22. silent$

    Congtzzzzzzzzzzzz

  23. එල්.සී. දමැල්

    නියමයි සහෝ...
    50ට සුභ පැතුම් කිව්වා එහෙනම්...
    මේ චිත්‍රපටය බ්ලූරේ ආවමම ගන්නවා...

  24. Ameera

    Thanks..

  25. අසංක ප්‍රදීප් රණතුංග

    පනස්වන උපසිරසියට සුබ පැතුම්.

  26. mithun

    Congratulations සහෝ.. බොහොම ස්තුතියි කරන වැඩේට ඔයාගෙ ටැමිල් ෆිල්ම් අතාරුන් නෑ දිගටම සබ් කරන්න කියල ඉල්ලනව ඔයාගෙ සියලුම දේවල් සාර්ථක වෙන්න කියල පතනව ජය වෙවා ...

  27. Chamal Perera

    50 වෙනි උපසිරසට මගෙන් සුභ පැතුම් සිසිල අයියේ. ඔයා නම් නියමෙට උපසිරස හදනවා... ඊටත් වඩා හොදට ලිපි ලියනවා.

  28. බුද්ධික (අමුගොඩ )

    දන්නා කියන අපේ කොල්ලෙක් මේ වගේ වැඩක් කරන එක එල මචෝ , බොක්කෙන්ම සුබ පතනවා !

  29. shehan

    50 gahanavai kiyanne sellan vadakyaa. man nam dannava sub akak denna kanakatta. math try kara kalayak. ahenao sisila saho magenuth subapathum. hodee

  30. chamalkalum

    සුබ පැතුම් සහෝ.. දිග ගමනක් යමු.. බ්ලූ රේ එනකල්ම ඉන්නම් මේකට.

  31. ආසිරි ප්‍රියන්ත

    බුදු අම්මේ, මම හිතුවෙම අර කියලා තියෙන්නේ මම ගැන කියලා.
    වෙලාවට හේවා කෑල්ල දාලා තිබ්බේ නෑ, වෙන කවුරුහරි ගැන වෙන්ටැති.

    ඉතිං, මචෝ, මම මේ ඊයෙත් ඔයාගේ සබක් බැලුවා, පින්ක්.
    සිරාම කියනවා නම් සුපිරියටම සබ් කරන අයගෙන් කෙනෙක් තමා ඔයා.
    ඉතිං, පනහ ගැහුවා කියන්නේ අනිවා සීයටත් ගහනවා නේ.
    එහෙනම් එලම සුප්පිරි ෆිල්ම් ඉදිරියටත් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා.
    පනහටත් සුපිරියක් ගෙනත් තියෙන්නේ මේ.
    එහෙනම් ජය වේවා!!

    පනස් වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා මස්සිනේ.

  32. දමිත්

    සුබ පැතුම් සහෝ 50ට. ඔයාගේ කාලය, ශ්‍රමය වෙන් කරගෙන අපි වෙනුවෙන් කරන මෙහෙයට ගොඩක් පින්.

  33. Devaka Sadaruwan

    අනිවා කියන්නම ඔනා වැඩිය කතා බහක් නැති උනත් සුපිරිම කතා එක්ක ෆිල්මි වලින්ම 50 ට ආව එකගොඩාක් ලොකු ජයක් ඒ වෙනුවෙන් සුභ පතනවා වාගේම
    1-50 ට එන්න ගිය කාලේට වඩා ගොඩාක් අඩු කාලයකින් 50-100 එනවා කියලා විශ්වාසයි.

    සුභ පැතුම් සහෝ
    ජය

  34. Jack

    පට්ටයි මචෝ...
    ඉස්සෙල්ලම 50 වෙනි උපසිරැසි කඩයිමට සුබ පතනවා.
    සබ් එකක් වෙඩි වගේ ඉක්මනින් දෙන්න පුලුවන් සුපිරි කෙනෙක් තමයි අපේ සිසිල සහෝ...
    දිගටම වැඩේ කරගෙන යමු.
    සියලු කටයුතු වලට සුබ පතනවා.
    ජයෙන් ජය...

  35. Lasitha gayan

    Subapathum 50 sub ekata.jaya wewa

  36. ලහිරු චානක

    තවත් සුපිරියටම සබ් කරන කෙනෙක්. ආයේ කතා දෙකක් නෑ. මෙච්චර ඉක්මනට 50 ට ආවා කියන්නේ 100 ට වැඩි වෙලා යන්නේ නෑ. එහෙනම් දිගටම උපසිරැසි කරගෙන යමු මචෝ. ජය වේවා...!!!

  37. Kulanjana Maduranga

    Hat off Respect Bro....Great work & Lot of thanks SISILA saho.wish u'r great future.....

  38. තරිඳු රසාංග

    50ට හදවතින්ම සුභ පතනවා සහෝ,
    ඔහොමම 100ත් ගහමු.
    ඔබට ජය !

  39. Harsha

    Thanks.sub ekata. Please kavuruhari me film eka download karaganna link ekak denawada ?

  40. Sohan Jayasooriya

    එහෙනම් අයියත් පනහ ගැහුවා නේහ්.. නියමයි අයියේ ගොඩක් සතුටුයි ආපු ගමන ගැන. චිත්‍රපටි වලින්ම පනහ ගහනවා කියන එක සෙල්ලම් නෑ.. අඩවියේ මම දැකපු සුපිරිම චරිතයක් තමා සිසිල අයියා. උදව්වක් ඉල්ලුවොත් ආයෙ නෑ, බෑ කියන්නෙ නෑනේ. ඕනි වෙලාවක රෙඩි. ඉතින් මේ ආපු ගමන මෙතනින් නවතින්න එපා. තව කඩයිම් පහුකරමු.. 100 , 150, 200 තව දිග ගමනක් යන්න මම සුභ පතනවා. මාවත් මතක් කළාට ස්තූතියි. ජයවේවා!

  41. Milan Ranishka

    බොහොම ස්තුතියි සහෝ....
    පනස් වෙනි උපසිරසියට අපෙන් සුබ පැතුම්....

  42. mithun

    Congratulations සහෝ... සොරි කොමෙන්ට් එකක් දෙන්න පරක්කු උනාට .. ඔයා දෙන එව ටැමිල් එව විශෙශයෙන් බලනව උපසිරැසි 50 ෆිල්ම් වලින්ම හැහුව කියන්නෙ ස්තුතියි අරල මදි
    කරන වැඩෙට නම් ගොඩක් ස්තුතියි දිගටම සබ් දෙන්න ඔයාගෙ සියලු දෙවල් සාර්ථක වෙන්න කියල පතනව ජය වේවා මෙකත් බ්ලුරෙ ආපුම තම අත තියන්නෙ සුපිරි එකක් නෙ

    1. mithun

      කලින් කොමෙන්ට් එකත් වැටිලම තියෙන්නෙ ටයිප් කර කර ඉද්දිම නෙට් අවුලක් ගියා එඋනත් සෙන්ඩ් වෙලා ජය වේවා සහෝ

  43. සහන්

    තැන්ක්ස් සිසිල අය්යේ

  44. Nadun

    supiri bro..
    mewage loku deyak Api wenuwen karana eka pilibanda
    hada piri pranamaya..

    Jayawewaaa....!!!!!!

  45. charaka milan wickramasinghe

    බොහොම ස්තූතියි මචන්.. වචනයෙන් ස්තූති නොකළත් උපසිරැසි කියවන ගොඩක් දෙනෙක් හදවතින් ස්තූති වන්ත වෙනවා ඔයාලගෙ උසස් සේවයට.. අනික ඩීවීඩී වලිනුත් ගොඩක් අය ෆිල්ම් බලනව මාත් ඉස්සර එහෙමයි. වෙබ් අඩවියේ වැටෙන ප්‍රමානයට වඩා සෑහෙන ගුනයක් සබ් කියවනව.

  46. Thilina weerasinghe

    Thanks for subs bro.....

  47. Tharaka

    50 වන උපසිරසියට සුබ පැතුම්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  48. ravindu

    bohma tnx bro....!..50 weni kadaemata suba patum.....!..bs

  49. kavinda

    Mulinma 50 gahapu akata suba pathanawa, akath film walinma nowe aka thama supirima wede. ele ela patta digatama karagena yanna suba pathanawa bro. ubala nisa thama ithin api piliwelakata film akak balanne.

  50. gihan

    50 වැනි උපසිරසියට සුභ පැතුම්

Load more comments