මෙය “ලොව අංක එක” සිනමාපටය ලෙසට දැනට වර්ගීකරණය වී ඇති 1994 වර්ෂයේ නිර්මාණය වූ The Shawshank Redemption හා සමාන කතා රසයක් තිබෙන, ඉතා පුදුම හිතෙන ගණයේ සිනමාපටයක්. ඇත්තෙන්ම ලොව විවිධ රටවල ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. එමෙන්ම මෙය මා ඉතාම කුතුහලයෙන් නැරඹු සිනමාපටයක්. මාස දෙකක් තුළ මා මෙය දෙවරක් නැරඹුවා, තු…

මෙය “ලොව අංක එක” සිනමාපටය ලෙසට දැනට වර්ගීකරණය වී ඇති 1994 වර්ෂයේ නිර්මාණය වූ The Shawshank Redemption හා සමාන කතා රසයක් තිබෙන, ඉතා පුදුම හිතෙන ගණයේ සිනමාපටයක්. ඇත්තෙන්ම ලොව විවිධ රටවල ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. එමෙන්ම මෙය මා ඉතාම කුතුහලයෙන් නැරඹු සිනමාපටයක්. මාස දෙකක් තුළ මා මෙය දෙවරක් නැරඹුවා, තුන්වන වාරයේ නරඹමින් උපසිරසි සැකසීම සිදුකළා. ඇත්තෙන්ම සිනමාවට කැමති කෙනෙක් මෙය නරඹලා නැත්නම් වැඩක් නැහැ කියලා, මෙය නරඹා අවසන් කළ පසුව මට සිතුණා. මෙය ලෝක සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.5 ක ඉහළ අගය කිරීමක් පවතින, සුවිශේෂ ප්‍රංශ සිනමා නිර්මාණයක්. වර්තමානයේ පරිගණක මායාවලින් පිරී ඇති ප්‍රවේගකාරී සිනමාපට පමණක් නැරඹීමට පමණක් හුරුවී ඇති කෙනෙක් වුවත් මෙම සිනමාපටය විනාඩි දහයක් නොකඩවා නැරඹුවාහොත් එහි අවසානය දක්වා නැරඹීමට යොමුවෙනවා.
මෙහි කතා සාරංශය ගතහොත්, ප්‍රංශයේ දැඩි ආරක්‍ෂිත සිර කඳවුරක දීර්ඝ කාලීන සිර දඬුවම් විඳින හැඩි දැඩි පුද්ගලයන් හතර දෙනෙක් එක් සිර කුටියක කල් ගෙවමින් සිටිනවා. කලක් ගතවන විට ඔවුන් හතර දෙනා උමඟක් හාරා එයින් පැනයාමට සැලසුම් කරනවා. නමුත් සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර ඔවුන්ගේ විරෝධය මැද වුවත් තවත් තරුණ සිර කරුවෙක් එම සිර කුටියට එවනවා. එම නිසා මෙම සැලසුම සාර්ථක වේවිද? මෙය නරඹන ඔබටත් දැනේවි සිනමාපටය නිමවෙන තුරු “ඔබත් එහි සිරකරුවෙක්” බව. එතරම් සවාභාවික සිනමාපටයක් මෙය. මෙවැනි සිනමාපට තවත් තිබේනම් “ඒවායේ නම්” මට කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම ඒවාට සිංහල උපසිරසි ලබා දෙන්නම්..
මෙම වෙබ් එකේ මාගේ උපසිරසි සඳහා නිතර අදහස් දක්වන “ෂාමල් මනොජන් සොයුරාගේ” ඉල්ලීමක් තිබුණා පැරණි වෙනත් භාෂා සිනමාපට සඳහාද උපසිරසි ලබා දෙන්න කියලා. ඔහු මා විසින් සිංහල උපසිරසි ලබාදුන් ලොව හොඳම සිනමාපට සියය තුළ තිබූ “බයිසිකල් තීෆ්” සහ “ද හවුස් මේඩ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්” යන සිනමාපටය අගය කරලා තිබුණා. මමත්, ඔයාලට ආරාධනා කරනවා දැනට නරඹලා නැත්නම් ඒ සිනමාපට තුනද නරඹන්නට කියා.
මෙම වෙබ් එකේ පැරණි හින්දි හෝ ඉංග්‍රීසි සිනමාපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 1000 ක් පමණ පිරිසක් එදා සිටියත්, අද එය 50 ක් පමණ ඉතාමත් අඩු තත්වයකට පත්වෙලා. එයට හේතුව පසුගිය කාලයේ එම ඩවුන්ලෝඩ් කරන්නන් දිනපතා මෙම වෙබ් එකට පැමිණ “හිස් අතින්” ආපසු යාමට සිදුවූ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි සිනමාපට සබ් කරන්නන් තව එකතු වෙනවා නම් කොපමණ වටිනවාද?
මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් නමවන උපසිරසි නිර්මාණය” යි. මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ” ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
අන්තර්ජාලයේ Y I F Y වෙබ් අඩවියේ සිනමාපට නාමය Le Trou ලෙස සර්ච් කරන්න. පැය දෙකයි, මිනිත්තු එකොළහයි, තත්පර පනහක ධාවන කාලයක් සහිත blue ray වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,205 downloadsDownload The-Hole-1960-Aka-Le-trou.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
58 comments
ශාමල් මනෝජන්
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Anonymous
bohom sthuthi. niyama chithrapatiyak wage
tharindu gunarathna
thank you
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Gayazan
thank you
janaka
ජය වේවා
D P Gamage
ඔබ මීට පෙර සබ් දුන් The Housemaid සිනමාපටය මා දුටු හොඳම සිනමාපටයක්. ඔබගේ ඉහත විස්තරය අනුව මෙයත් එවැනි සිනමාපටයක් කියා මට සිතෙනවා. බලලා නැවත අදහසක් දක්වන්නම්.
Shaggy
බොහොම ස්තූතියි
Anonymous
Keep it up
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
මොහොට්ටි
ගොඩක් ස්තූතියි ඩවුන්ලෝඩ් කරගන්නවා
ඔබගේ උපසිරැසි ගැන්වීම් ඉතා විශිෂ්ටයි
ඒත් මම හින්දි ෆිල්ම් නම් බලන්නේ නැහැPriyantha Dayakeerthi
කවිඳු සොහොයුරා ඉහත කියූ ආකාරයට මෙම සිනමාපටයේ අවසානය ඇත්තෙන්ම හිතාගන්න බැරි අවස්තාවක්. මෙම සිනමාපයට අදහස් දක්වමින් සිටින "සියලුදෙනාටම" මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මා කරනා සියලු උපසිරසි ගැන්වීම් වල වාක්‍යය "සරල සිංහල භාෂාවෙන්" ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. දීර්ඝ වාක්‍යය කෙටියෙන් නිම කරන්න බලනවා. මොහොට්ටි සොයුරා ඒ ගැන වෙන්න ඕන කියලා තිබෙන්නේ, මම පැරණි හින්දි ෆිල්ම්වලට සබ් කිරීමට හේතුවෙන්නේ ඒවා අපේ රටට ආවේනික කතාවන් හා සමාන වන නිසායි. සමහර විදෙස් භාෂා සිනමාපට එක දිගට බලන්න බැරි අලස භාවයක් තිබෙන නිසායි. එහෙම හොඳ ඒවා තිබෙනවානම් මට දන්වන්න. ස්තුතියි ඔබ සැමට!!!
Anonymous
මමත් පෞද්ගලිකව ඉංග්‍රීසි ෆිල්ම් බලන්න කැමතියි.මොකද ඔබ කීව විදිහට ඒ කතා ගොඩක් බෝරින් නිසා.හින්දි ෆිල්ම් වල වගේ හැම වෙලාවෙම අපි ජීවිතේ සතුටින් ගෙවන් නෑ නේ.
ඉංග්‍රීසි චිත්‍රපට හදන්නෙ යුරෝපීය රටවල මිනිස්සුන්ට.ඒ මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිතවල ප්‍රශ්න අඩුයි.මොකද ඒ රටවල් දියුණුයි,ඕන දෙයක් කරන්න නිදහස තියෙනව,ආර්තික ප්‍රශ්න අඩුයි,සංස්කෘතික ප්‍රශ්න අඩුයි.ඉතින් ඒ නිසා ඒ රටවල් වල මිනිස්සු සිනමාවෙන් ප්‍රශ්න හොයනව,බෝරින් ගතිය හොයනව.ඒකෙම අනිත් පැත්ත තමයි ඉන්දියාව.මිනිස්සු ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්නෙ.ඒ හින්දා එයාල සිනමාවෙන් සතුට හොයනව,විහිලු හොයනව,සිහින චරිත,වීරයෙක්ව හොයනව,නැටුම් හොයනව..ඔන්න ඕකයි ඉංග්‍රීසි ෆිල්ම් බෝරින් වෙන්න හේතුව.ඉතින් ලංකාවෙ මිනිස්සු කොයි පැත්තට බරද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ..
ඇත්ත කතාව අපි හැමෝගෙම ජීවිත පට්ට බෝරින්.සතුට හම්බෙන්නෙ කාලෙකින්.ඉතින් ඒ ඇත්ත ඇති සැටියෙන් පෙන්නන්නෙ බොහෝ දුරට ඉංග්‍රීසි සිනමාපට.එහෙම නැතුව හැමදාම සතුට,විනෝදය,විහිලු,ආදරය හොයා ගන්න අමාරුයි.ඉතින් අපේ ජීවිත වල නැති එවුනාට අපේ හිතේ තියෙන ඒ චරිත අපි ෆිල්ම් වලින් හොයනවා.එතකොට අනිවාරෙන් හින්දි ෆිල්ම් වඩා සාර්තක වෙනව.මගේ නම් පුද්ගලික මතය අද කාලෙ එන හින්දි ෆිල්ම් වලට වඩා මලයාලම් ෆිල්ම් පට්ට තාත්විකයි,සුපිරි.ඇත්ත ඇති සැටියෙන් තියෙනවා.
Gayana Thathsara
Thank you subtitle එකට. ♥️♥️
සමහර පරණ ෆිල්ම් සබ් නැතුව උනත් බලනව.
ඉතින් ඒ හින්දා මෙහෙම හරි පරන සබ් දෙන එක ලොකු දෙයක්.පුලුවන් නම් මේ වගේම ඩව්ලෝඩ් කරන්න පුලුවන් video පිටපත් වලට සබ් දෙන එක ගොඩක් වටිනව ඉස්සරහටත් එහෙම දෙන්න බලන්න.කවිඳු ජයවර්ධන
කතාවනම් මරු.The Shawshank Redemption එකට වඩා prison break tv series එකට කතාව බරයි වගේ.
ending එක නම් පට්ට.... සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රියන්ත සහෝ.ඔබට ජය..!!!Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
thank you sahooo
Bandara
Thanks lot priyantha..old is Gold... if u have free time please sub for Body of Evidence (1993)
W T Ajith
විතානගේ මහත්මයා,
චිත්‍රපටය මම බැලුවා ඔබේ සබ් සමඟ, කියන්න වචන මදි සුපිරි එකක්, මේ මහා සිනමා සාගරයෙන් මේවා ඔබ තෝරාගන්නේ කොහොමද? ඔබට ගොඩක් ස්තුතියි, තවත් මෙවැනි ඒවා අප වගේ කැමැත්ත තිබෙන අයට ලබාදෙන්න.chaminda
thank sahoo
Anonymous
thanks
Anonymous
Thkz a lot. Keep it up. Stay safe
sanjaya
Thank you brother
Anonymous
Mewage films thawa ona...thanks sub ekata
Anonymous
Thank you for your service
Priyantha Dayakeerthi
මා විසින් සබ් කළ මෙම සිනමාපටය නැරඹීමට අදහස් කරන අයවලුන් වෙත,
මෙහි පළමු විනාඩි විස්සක පමණ කාලය ඔබට කිසියම් අලස භාවයක් දැනුනද අතහරින්න එපා දිගටම බලන්න. අවසානයේ ඔබට ජීවිතයේ අමතක නොවන අත්දැකීමකට මුහුණ දුන්නා සේ දැනේවි. පහළ "කවිඳු ජයවර්ධන" සොයුරාගේ කමෙන්ට් එක බලන්න.
මම හින්දි හැර වෙනත් භාෂා සිනමාපටයක් සබ් කරන්නේ කාටත් ගැළපෙනවානම් පමණයි. ස්තුතියි!Keerthi
Thank you so much for sub.
Sahan Prabhasara
thanks
Isuru neranjan
Meka nm pissuwak marama amuthu kathawak බොහෝම ස්තුතියි
pradeep Piyasiri
thank you very much for r great effort. i'll hang you up for next .
good luckAnonymous
upa sirasiyata sthuthi
Anonymous
thanks a lot
ab
bohoma stuti upasirasiyata!!!!!!!!!!!!!!
Thilina Weerasinghe
Thanks for Sinhala Subtitle
indika75
thanks...
Anonymous
thank you very much
kanishka
sabata bohoma thuthi
kanishka
parana hindi nathiwa me wage ewa dennako.hindi walata wada mewa hodai.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Gamage
thanks for the Shb
Dilanka
Thank you sub walata
PahasaraDv
Thankz.....
කසුන් නිරංග
ඉස්තුතියි
Anonymous
Jaye wewa!
lakshan
thank you sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Supiri Supiri....
T
Thx bro
Udaya saman
ඔබ විසින ලබාදෙනු ලබන සිනමා පට බොහොමයක් මා රසවිදින කෙනෙක්.ඉතින මේක අරන් බලන්නනම් වුනේ නැ.ටික දවසකඅන්..ඔන්න අද බලනවා.බොහොම තුති අයියේ..ලොව අංක එකේ එක වගේම ඇති නිසා ආය කියන්න දෙයක් නැතුව ඇති මේ ගැනනම්..ඔබගේ වෙහෙසන් නිමවු මෙම උපසිරසියට මාගේ හද පිරි පුණාමය .....බොහොම තුති
Pasindu heshan
Thanq brother
Request
Elle (2016) frenchAnonymous
Sub එක ගත්තා. බොහෝම ස්තූතියි . ෆිල්ම් එක බලලා comment 1k දාන්නම්
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි ප්‍රියන්ත මහත්මයා. ඒ වගේම මාවත් මතක් කරාට ස්තූතියි. ඉතාමත් ආසාවෙන් නරඹමි මෙය. ඔබ මින් පෙර ලබාදුන් The Housemaid 1960 චිත්‍රපටයද අවසාන මොහොත දක්වා ඉතා කුතුහලයෙන් හා අපූරු රසවින්දනයෙන් යුතුව නැරඹුවෙමි. කවිඳු ජයවර්ධන සහෝ කියා තිබුනා කලවමේ ෆිල්ම් බලනවා කියන්නේ වෙනමම ආතල් එකක්. අත්දැකීමෙන් කියන්නේ කියලා. ඒ අත්දැකීම මම හොදට විදින කෙනෙක් හැටියට කියන්නේ Godzilla vs. Kong - 2021 ෆිල්ම් එක බලලා අනික් අතට මේක බැලුවොත් ඒ ආතල් එක තේරෙන්නේ නැත්නම් ඒක රසවින්දනයේ ගැටලුවක්.
හින්දි සිනමාවෙන් ඔබ්බට ගොස් ලොක සිනමාවේ අගනා සිනමා නිර්මාණ ලබාදීම පිළිබඳව නැවතත් ඉතා අගය කරමි. තව දුරටත් ලෝක සිනමාවේ දුර්ලභ සම්භාව්‍ය චිත්‍රපට ලබාදෙන ලෙසද ඉල්ලමි.