මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි චිත්‍රපටියක් අරන් ආවා එහෙනම්! මේක මොකක්ද කියලා ගොඩක් අය දන්නවා ඇති. කොහොමවුනත් චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියන්නම්කෝ. මේක අයිතිවෙන්නේ Action, Adventure, Drama, Fantasyයන කාණ්ඩවලට. අප්‍රේල් 22වෙනිදා තමයි ෆිලුම නිකුත්වුනේ. imdb 6.2ක අගයක්අරන් තියනවා. රංගනයෙන් දායක වෙන…

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි චිත්‍රපටියක් අරන් ආවා එහෙනම්! මේක මොකක්ද කියලා ගොඩක් අය දන්නවා ඇති. කොහොමවුනත් චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියන්නම්කෝ. මේක අයිතිවෙන්නේ Action, Adventure, Drama, Fantasyයන කාණ්ඩවලට. අප්‍රේල් 22වෙනිදා තමයි ෆිලුම නිකුත්වුනේ. imdb 6.2ක අගයක්අරන් තියනවා. රංගනයෙන් දායක වෙන්නේ දන්න කියන කට්ටියක් තමා. ඒ අය වෙන්නේ,
The Huntsman(එරික්) – Chris Hemsworth.
The Ice Queen (ෆ්‍රේයා) – Emily Blunt.
The Evil Queen (රැවේනා) – Charlize Theron.
The Warrior (සාරා) – Jessica Chastain.
එහෙනම් කතාව ගැන හැදින්වීමක් කරන්නම්, රැවේනා සහ ෆ්‍රේයා කියන්නේ සහෝදරියන්. රැවේනා එක රාජ්‍යක රැජිණ විදියට රාජ්‍ය පාලනය කරනවා. කොහොමවුනත් පරම්පරාවෙන් ලැබුන බලයක් තියෙන්නේ රැවේනාට විතරයි. ෆ්‍රේයාට බලයක් නෑ. දේවල් ඔය විදියට සිද්ධවෙද්දී රැවේනා දැනගන්නවා ෆ්‍රේයාට දරුවෙක් ලැබෙන්න ඉන්න බව. ඒ ෆ්‍රේයාගේ ආදරවන්තයාගෙන්. රැවේනා කියන්නේ ආදරේ ගැන විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා රැවේනා ෆ්‍රේයාට කියනවා ඇයව ඔහු ප්‍රතික්ෂේප කරයි කියලා. කොහොමවුනත් ෆ්‍රේයානම් ඒක පිලිගන්නේ නෑ,එයා එයාගේ ආදරේ ගැන විශ්වාස කරනවා.කොහොමහරි ෆ්‍රේයාට දරුවා ලැබිලා සති කීපයක් ගෙවෙද්දී ඇයගේ ආදරවන්තයාගෙන් පණිවිඩයක් ලැබෙනවා. ඔහු කියනවා ඇයව රහසින් විවාහ කරගැනීමට කැමති බව. ඉතින් ඔහු කියන තැනට ෆ්‍රේයා ඔහුව හමුවෙන්න ගියත් ඔහු එතනට එන්නේ නෑ.හැබැයි ඒ වෙනුවට ෆ්‍රේයාට හිතපු නැති දෙයක් තමයි දැකගන්න ලැබෙන්නේ. ඇයගේ ආදරවන්තයා විසින්ම තමන්ගේ දරුවාව විනාශ කරනවා ෆ්‍රේයා දකිනවා.
ඉතින් ඇය ඒ තරහට ඇයගේ පෙම්වතාව අයිස් කුට්ටියක් කරනවා. ඒ වෙලාවෙදී තමා ෆ්‍රේයාටත් ඇයගේ බලය ලැබෙන්නේ. ඉතින් සිදුවුන දෙයින් ෆ්‍රේයා ගොඩක් දුකට පත්වෙනවා වගේම ආදරය කියන්නේ බොරුවක් ,වංචාවක් විතරයි කියලා විශ්වාස කරනවා. ඉන්පසුව ඇය සහෝදරිය අතහැර දුර ප්‍රදේශයකට යනවා. ඇය ඒ ප්‍රදේශයේ ගොවිබිම් සියල්ලක්ම අයිස් ගොඩක් කරලා දානවා. ඒවගේම හැම වැඩිහිටියෙක්වම මරලා දානවා. ලමුන්ව පමණක් ඇයගේ බලකොටුවට අරන් ඇවිත් ඔවුන්ට කියාදෙනවා ආදරය කියන්නේ බොරුවක් වංචාවක් පමණක් බව. ඒවගේම හැම කෙනෙක්වම දඩයම්කරුවෙක් වෙන්න පුහුණුකරනවා. ඒ මොනාටද කියලා බලලම දැනගන්නකෝ. ඒ වගේම ඇයගේ රාජධානියේ එක නීතියක් තියනවා. ඒක තමයි කාටවත් ආදරය කරන්න බෑ. ආදරය කරන එක ඇය සලකන්නේ ඇයට ද්‍රෝහිවීමක් විදියට. ඉතින් එරික් සහ සාරා කියන්නෙත් පොඩි ලමයි විදියට බලකොටුවට ඇවිත් දඩයම්කරුවන් වෙන්න පුහුණුවන දෙන්නෙක්. ඉතින් ඔය අතරේ තමයි මේ දෙන්නා අතරේ ආදරයක් ඇතිවෙන්නේ. ඒත් ඉතින් මෙතන හිටියොත් ෆ්‍රේයා මේ ගැන දැනගන්න නිසා මේ දෙන්නා පැනලා යන්න සැලසුම් කරනවා.එච්චර තමයි ඉතින් කියන්නේ. දැනටත් කිව්වා වැඩිද මන්දා. එහෙනම් මේ දෙන්නට පැනලා යන්න පුළුවන් වෙයිද? ඒගොල්ලන්ගේ ආදරය ජයගනියිද? කියන ඒවා කතාව බලලාම දැනගන්නකෝ. ලිපිය ටිකක් දිග වුනාට කතාවේ පොඩි විස්තරයක් විතරයි කිව්වේ.කතාවේ තව ගොඩක් දේවල් තියෙනවා.මාත් වැඩිය දිග ලිපි ලියන්න කැමති නෑ. ඒත් මේක කෙටියෙන් ලියන්නත් බෑ. ඒ නිසා මේ විදියට ලිපිය ලිව්වා.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray Extended පිටපත් සඳහා අදාළ වේ.
27,281 downloadsDownload The.Huntsman.Winters.War_.2016.EXTENDED.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
76 comments
රයන් ද සිල්වා
isuru
pleaseeeeeeeeee captain america civil war eke sinhala sub eka dennako
නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ HD coppiya enakan hitiye dan download karanawa (thanx for update)
devinda gamage
adooooooooooooooo.ty bro...........mn 1st...
Sisira Hegoda
සතුටින්ම අගය කරනවා ඔබගේ උත්සාහය.
Asitha
ela thanks
Dhanushka
Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
nisal
patta bn captain america civil war ekath hoda ekak awith bn ekatath sub diyanko
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.Amila Mudalige
Thanks sub ekata
pramuk
thanxxxxx saho........
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
hasitha
bohoma stutiyi sub ekata .
buddika
thanks lot , best of luck
ishara
thanks macho hoda eka awahama balanwa thanks bn
buddika
thanks a lot , best of luck
Lahiru
thank you bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Sajith Anthony
සබ් එකට ස්තුතියි
ජය වේවා...!!!sanka
meka ikmanatama awane thanks for sub
Sanjaya
සබ් එකට ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ.
මේකට සබ් එක දෙනකම් හිටියේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.gihan
මතු උපදින භවයේ google එකේ හෝ fb එකේ ඉපදේවා..lol..
thanx bro..well done.chamara jeewantha
උපසිරසට බොහෝම ස්තුතියි
swarna
patta digata new movies wala sub danna brow thankss :) :) (y)
sanath indika
thx sahoo
wimukthi
thanx subata macho.puluwannam RISEN 2016 film ekatath suba diyanko.eke blury ekath awith macho
Chami.S
Thanks...
Good Luck...රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Arjuna Thusitha
Mekata Surpport karaida me sub eka??
The Huntsman Winters War (2016) 1080p HC WEBRip x265 630 MB
Dasun kalahewaththa
Thanx Saho.....ෆට්ට ෆිල්ම් එකක් වගේ බාලම බලමුකෝ.......ජය වේවා ....දිගටම සබ් දෙන්න සහෝ
keshan
thanks bro
prasanna paradeep
පට්ට වැඩක්..එලම..
සුභපතනව ඔක්කෝටම.......Ruchira Madushan
සුපිරි
sadun
The.Huntsman.Winters.War.2016.HDRip.XViD-ETRG එකට සබ් දෙන්නකෝ ........
mithun
බ්‍රො මෙකෙ web-dl copy ඇවිදින් තියෙ අප්ඩෙට් කරන්නකො.please .
Chaminda madusanka
Thanks Bro
Meke web_dl copya awilla update karamudamithun
Saho meka web-dl වලට අප්ඩෙට් දෙන්න ඉක්මනින්ම please
Chaminda madusanka
Thanks bro
Vikum nipunajith
Me ai bn samahara sub mage phn akata support natte ? Plz help akak one ??? Mage phn aka htc akak ?? Meke sub akath wada na ???
kavish
torrent link akak denna kauruhari...........
Amalka
Thanks sub ekata
mithun
Web-dl අප්ලොඩ් එකට බොහොම තුති . එක තම වටින්නෙ..
Thx lordසබ් එක WEB-DL කොපියට Update කරපු එකා
උබ මාර ඩෑල් එකක්නේ..
උබට මම සබ් එක WEB-DL කොපියට Update කරලා දීලත් උබ නිකන්ම සබ් එක දැම්මා නේද..
කැතයි වැඩේ. අය මේ වගේ උදව් මම කාටවත් කරන්නේ නෑ.Srimal dananjaya
Thank you!!!! brwwa -_-
Vikum08
කාරුණික ඉල්ලීමයි සහෝ..!
මේ සබ් එක BR පිටපතට හදන්න. මෙහෙම කියන්නේ වෙනදට දෙන filmවල සබ් KM ප්ලේයර් එකෙන් sync කරලා බැලුවට මේ පාර ඒක කරන්න බැරි නිසා. මොකද BR පිටපතේ මිනිත්තු 7ක් වැඩියෙන් තියෙනවා. sync කරන්න ගියොත් ඉවර වෙනකංම sync කරන්න වෙනවා. එහෙම කරන්න ගියොත් film එකේ රසයත් නැති වෙනවා. ඉතිං කරුණාකර ඒ ගැන සලකන්න.
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ..Web rip එකට තාම තියෙන්නේ :(
Wish
Bluray rip ekata update karanna machan
Thankz :)hasala
The Huntsman Winters War brrip sub dannako
tharindu
yaluwa me film eke sub eka hariyata duwanne na ekata widihak kiyana
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට තුති ඉසුරු සහෝ ෴ජය වෙවා෴