ආයුබෝවන් හැමෝටම. හැමදාම කලේ බයිස්කෝප් අඩවියට ඇවිත් මේකේ තියෙන සබ් බාගෙන කොමෙන්ටුවක් දලා යන එක විතරයි නේ.මේ ලඟදි මට හිතුනා මටත් සබ් එකක් කරන්න. සබ් එක කරන්නේ මොන චිත්‍රපටියටද කියලා හිත හිතා ඉන්න කොට තමයි මට මේ චිත්‍රපටිය හම්බුනේ. මේ අවස්ථාව මට ලබාදුන් ෂෙරින් ගිනිගේ සහෝදරියටත් බයිස්කෝප් කණ්ඩායමටත් මං…

ආයුබෝවන් හැමෝටම. හැමදාම කලේ බයිස්කෝප් අඩවියට ඇවිත් මේකේ තියෙන සබ් බාගෙන කොමෙන්ටුවක් දලා යන එක විතරයි නේ.මේ ලඟදි මට හිතුනා මටත් සබ් එකක් කරන්න. සබ් එක කරන්නේ මොන චිත්‍රපටියටද කියලා හිත හිතා ඉන්න කොට තමයි මට මේ චිත්‍රපටිය හම්බුනේ. මේ අවස්ථාව මට ලබාදුන් ෂෙරින් ගිනිගේ සහෝදරියටත් බයිස්කෝප් කණ්ඩායමටත් මං ගොඩක් ස්තුති වන්ත වෙනවා. පළමු සබ් එක නිසා වැරදි තියෙන්න පුළුවන්. ඒකට මම සමාව ඉල්ලන ගමන් වැරදි ඇත්නම් කොමෙන්ටුවකින් හෝ පෙන්වා දෙන මෙන් ඉල්ලනවා.
හොඳයි එහෙනම් කතාව ගැන කියමුකෝ. මේ කතාව ගෙතෙන්නේ සත්‍ය ජීවිත කතාවක් ඇසුරෙන්. ඒ දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යයේ ජිවත් වුන ඇලන් චියුරින් (Alan Turin) කියන ගණිතඥයෙක් වටා. තරමක් වෙනස් පුද්ගලයෙක් උන මෙයාට බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ රහස් ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හම්බවෙනවා. ඒ යුද්ධ සමයේ ජර්මනිය තමන්ගේ සන්නිවේදන කටයුතු වලට පාවිච්චි කරපු enigma යන්ත්‍රයෙන් යවන පණිවිඩ කෙසේ හෝ ලබාගැනීමට. ඒකෙන් එයාලා බලාපොරොත්තු වුනේ ඉස්සරහට වෙන්න ඉඩ තිබෙන ප්‍රහාර ගැන දැනගන්න. Enigma හරහා යවන පණිවිඩ රේඩියෝ තරංග හරහා යවන නිසා ඕනෑම කෙනෙකුට ඒවා අහන්න පුළුවන්. ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ ඒ කියන ඒවා තේරෙන්නේ නැති එක.මොකද මේ යන්ත්‍රය හරහා ජර්මනිය පණිවිඩ යැව්වේ රහස් සංකේත මාර්ගයෙන් නිසා. අනික රහස් සංකේතත් ජර්මන් භාෂාවෙන් තිබුන නිසා ඒ පණිවිඩ කියවන්න තවත් අමාරු වුනා. අපේ කතානායකයගේ අරමුණ වෙන්නේ මේ තිබෙන ප්‍රශ්ණයට තාවකාලික විසඳුමක් වෙනුවට පූර්ණ කාලීන විසඳුමක් දෙන්න. ඒ වෙනුවෙන් එයා වෙනම යන්ත්‍රයන් හදන්න උත්සහා කරනවා. කියන්න අමතක උනා, මේ රහස් ව්‍යාපෘතියට ඇලන් එක්ක තව කිහිපදෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ Hugh Alexander, Joan Clarke, Peter Hilton, Jack Good, John Cairncross. එක එක තාඩන පීඩන කෙනහිලිකම් මැද්දේ මේ කට්ටිය යන්ත්‍රයක් හදනවා, යන්ත්‍රයේ නම තමයි Christopher. මේකෙන් ඇලන් බලාපොරොත්තු උන විදියටම ජර්මනිය යවන හැම පණිවිඩයක්ම එයාලට කලින් දැන ගන්න පුළුවන් උනා. ඒ එක්කම ඇලන් ගේ ජීවිත කතාවේ යම් යම් සිද්ධින් ගණනාවක් සිද්ධ වෙනවා. ඒ කතාව මෙහෙම කියලා බැහැ. ඔයාලම බලලා එයා ගැන තීරණය කරන්න. මොකද එයා කතාව පටන් ගන්නකොටම කියන්නේ එයාගේ ජීවිත කතාව සම්පුර්ණයෙන් බලලා ඉවරවෙනකම් එයා ගැන තීරණයකට එන්න එපා කියලා.
IMDB වල 8.3 ක අගයක් ලබා ගෙන ඇති මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන Alan Turing ගේ චරිතයට පණපොවන්නේ Benedict Cumberbatch. නමින් දන්නේ නැති උනාට අපි කවුරුත් දන්න HOBBIT : The Desolation of Smaug චිත්‍රපටයේ Necromancer චරිතයට පණපොවන්නෙ මෙයා තමා. තව තියනවා. තව ප්‍රධාන චරිතයක් වුන Joan Clarke ට පණපොවන්නේ Keira Knightley, ඇයත් නමින් නොදන්නවා උනාට අපි ගොඩක් දෙනෙක් ආසාවෙන් බලපු Pirates of The Caribbean කතාමාලාවේ Elizabeth Swann ට පණපෙව්වේ මෙයා. ඒ වගේම Hugh Alexander චරිතයට පණපොවන Matthew Goode කියන්නෙත් IMDB අගය ඉහළ අගයක පවතින චිත්‍රපට කිහිපයකම රගපෑ දක්ෂ නළුවෙක්.
එහෙනම් තවත් උපසිරැසියකින් ඔයාලා හමුවෙන බලාපොරොත්තුවෙන් මේ චිත්‍රපටයේ අවසානයේ කියවෙන අපි ගොඩක් දෙනා නොදන්න කාරණාවකින්ම මම සමුගන්නවා. සැමට තෙරුවන් සරණයි!!!
“සමහර වෙලාවට දෙයක් කරන්න බැහැයි කියලා හිතන මිනිස්සු කවුරුවත් හිතන්නේ නැති විදියට සමහර දේවල් කරනවා”
813 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
A3B8EFE116B63B78356FCFBD086E7131941E5D711.84 GB (1080p BR)) කොපිය මෙතනින් බාගන්න
B9A19040C3FCCC5F8AD963F43B4AC8EA3097AF9B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,212 downloadsDownload The-Imitation-Game-2014.-baiscopelk1.zip129 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/1463042_10200353356476849_913590461_n-e1424373704953.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත් රාජපක්ෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසිත් රාජපක්ෂ
Subtitles
83 comments
Sach
Yenu
Thank you...digatama sub denna..
එල්.සී.දමැල්
සුභ පැතුම්
ස්තූතියි
ඊළඟ උපසිරසෙන් හමුවෙමු!Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!Chami
Thank you very much....
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SUBHA
පළමු උපසිරසියට සුභ පැතුම්, බැලුවට පස්සේ අඩුපාඩු තිබුනොත්කියන්නම් ...
wioduranga
suba pathum\
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)-==(czRGsl)==-
elaz.. pttta films ekak thanks aaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Sajith Anthony
පළමු උපසිරසියට සුභ පැතුම්....
එනකල් බලන් හිටපු ෆිල්ම් එකක්...
ජයවේවා……චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….චතුෂ්ක විහඟ සමරසිoහ
(^^^)
නලින්
බයිස්කෝප් අඩවියට වගේම උපසිරැසි කණ්ඩායමට
සාදරයෙන් පිලිගන්නවා තව තවත් මනරම් නිර්මාණවලින්අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.ස්තුතියි හසිත් සහෝ.. සිංහල උපසිරැසියට.
ජය වේවා!
එලස්ස්!!thisal
පට්ටනෙ මැක්සා කතාවක්නෙ දිලා තියෙන්නෙ BR ආවම බලමු එතකොට අප්ඩෙට් පාරක් දාමු ඇ
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks HASITH saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
ශාන් විමුක්ති [විමා]
පලවෙනි වැඩේට සුබපැතුම් සහෝදරයා
මේවා නොබලා කොහොමද
හැමදාමත් අපිත් එක්ක රැදේවි කියල හිතනවා
මෙන්න සබ ගන්නවා
ජය වේවාgayan
patta machan....go ahead
Tharindu
Thank you very much saho..:)
isuru
1st sub ekata suba pathum.digatama sub demu.jayawewa!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අම්මො මෙකනම් ලොවෙත් බලනවා.
Sherlock බැලුවට පස්සෙ Benedict Cumberbatchගේ Acting වලට වහ වැටිලා ඉන්නෙ.
Br එනකම් ඉන්නවා.
ජය වේවා. !indika
thnq :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
shereef perera
“සමහර වෙලාවට දෙයක් කරන්න බැහැයි කියලා හිතන මිනිස්සු
කවුරුවත් හිතන්නේ නැති විදියට සමහර දේවල් කරනවා”me
Thanks
Imankar
digatama karanda . jaya wewa.
රොයිලි
බොහොම ස්තූතියි හසිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
thilina
thank you.......... waited for this (y) :)
Supun Madhusanka (Bunny)
Thanks bro.....
wish you all the best.....Deri
BR rip ekath awa. sub update karannadakooooooooo
Deri
br rip ekata sub udate karandooo......
thisal
BR එක ආවා අප්ඩෙට් පාරක් ඔනි
sanjeewa
thanks
සාරංග ලියනගම
Benedict Cumberbatch කියන්නේ සුපිරිම නළුවෙක්. ඒ වගේම ගිය අවුරුද්දේ ආපු පට්ටම film වලින් එකක්. මම නම් හිතුවේම Sherlockට මේකට හොඳම නළුවා ලැබෙයි කියලා. :(
මේකෙම තව Codebreaker කියල film එකකුත් තියෙනවා.ඒකත් සුපිරි....ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.. දිගටම උපසිරසි දෙන්න...
BRrip එක ඇවිත් තියෙන නිසා ඒකටත් update කරමු… :)සාරංග ලියනගම
Benedict Cumberbatch කියන්නේ සුපිරිම නළුවෙක්. ඒ වගේම ගිය අවුරුද්දේ ආපු පට්ටම film වලින් එකක්. මම නම් හිතුවේම Sherlockට මේකට හොඳම නළුවා ලැබෙයි කියලා. :(
මේකෙම තව Codebreaker කියල film එකකුත් තියෙනවා.ඒකත් සුපිරි....ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.. දිගටම උපසිරසි දෙන්න...
sujan wasala
saho. meke link eke awulak thiyenawa(813mb eke) download karanna be bugs kiyala pennanawa. mama hithanne yifi eke torrents gaththoth hondai kiyala. poddak balanna puluwan da?? thank u very much subs walata
Deshan
බොහොම ස්තුතියි
Dulan
Thanks.keep it up
Sahan
fatta fata fata.. thankz a lot sahooo.. :D :D
AB
thx bro
sk
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!Dulanga sugeeth
good luck bro,adin patan gaththa sub dema godak issarahata yay kiyala balaporoththu wenawa:)
pissa
Great one. Thanks a lot.
Sanira
නියම කතාවක් සහෝ......දිගටම කරගෙන යමු .
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........amila
nice choose for first sub brooo
Isuru dimantha
බොහොම තුති සබ් එකට
wayantha
godak sthithiy sub ekata a wagema palamu sub ekata subha pathum, digatama sub denda jaya wewa
ireshan
ඇලන් ටූරින් ගැන තව කිව්වොත් මෙයා තමයි "නූතන පරිගණක විද්‍යාවේ පියා" විදියට හඳුන්වන්නේ..මොහුට කරන ගෞරවයක් විදියට. තොරතුරු තාක්ශණයට,පරිගනක විද්‍යාව ආශ්‍රිත පෙරලිකාර නව සොයාගැනීම් වලට ලබාදෙන නොබෙල් ත්‍යාගය ට සමාන ත්‍යාගය "ටූරින් ත්‍යාගය" (turin prize) ලෙස හඳුන්වනවා.
උදය කුමාර
බොහෝම ස්තුතියි සබ් එකටත්, පූර්ව හැඳින්වීමටත්. ෆිල්ම් එක බැලුවා. පට්ට...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

පළමු සබට සුබ පැතුම් !!!!
දිගටම සබ් දෙමු !!!!