අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Killer (2023) Sinhala Subtitles | කුලී ඝාතකයාගේ වියරුව! [සිංහල උපසිරසි] (18+)

Rating: 9.3/10. From 25 votes.
Please wait...

The Killer (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑතකාලයේ නිකුත් වුන යම් කතා බහකට ලක් වුණ චිත්‍රපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය එහෙම යම් කතා බහකට ලක්වුණේ ප්‍රධාන වශයෙන් එකම එක හේතුවක් නිසයි, අන්න ඒ හේතුවම තමයි මං මේකට උපසිරැසි කරන්නත් බාරගත්තේ. ඒ තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, ඔහු නමින් David Fincher. නම එහෙම වැඩි මතකයක් නැද්ද? එහෙනම් ඔයාලට අනිවාරෙන් මතක ඇති Fight Club (1999), Seven (1995), Gone Girl (2014), Zodiac (2007) මේ චිත්‍රපට ටික. චිත්‍රපට රසිකයෙක් නම් මේවා එකක් හරි නොබලපු කෙනෙක් ඉන්න විදිහක් නෑ, නේද? අන්න ඒ චිත්‍රපට අධ්‍යෂනය කරේ ඔහු තමයි. හැබැයි මේ ෆිල්ම් එක ටිකක් විශේශයි.

මොකද මේකෙ කතා තේමාවට වඩා මුල් තැන අරගෙන තියෙන්නේ මේකෙ ප්‍රධාන චරිතය වෙන වෘතිමය ඝාතකයා ගැනයි. ඝාතකයෙක් වුණාම කොහොමද වැඩ කරන්න ඕනෙ, සැලසුමෙන් පිට ගියොත් වෙන දේවල්, ඔවුන් පිළිපදින්න ඕනෙ නීති මොනවද, ඒවා කඩ කොළොත් ඇතිවෙන ප්‍රතිවිපාක මොනවද යන්න තමයි මේ ෆිල්ම් එකෙන් අපිට පෙන්වා දෙන්නේ. ඉතිං කවුරු හරි කැමති නම් වෘතිමය ඝාතකයෙක්ගෙ කෝණයෙන් පැය දෙකක් පුරාවට චිත්‍රපටයක් නරඹන්න මේක තියෙන්නේ ඔබ වෙනුවෙනුයි.

මේ චිත්‍රපටය සිනමාශාලාවල්(සීමිත) වලට නිකුත් වෙන්නේ ඔක්තෝම්බර් 27 වෙනිදා. ඒත් මේක හරියටම ලොව පුරා නිකුත් වෙන්නේ නොවැම්බර් 10 වෙනිදා නෙට්ෆ්ලික්ස් ස්ට්‍රීමින් සේවාව හරහායි. ඒ අනුව මේ ෆිල්ම් එකට මේ වෙනකොට මනාප 90,000 අධික ප්‍රමානයකින් IMDb 6.9 අගයක් සහ කුණු තක්කාලි 85% ගන්න හැකි වෙලා තියෙනවා. මෙයට රංගනයෙන් දායක වෙනවා Michael Fassbender / Arliss Howard / Charles Parnell / Kerry O’Malley / Sala Baker / Sophie Charlotte / Tilda Swinton යන අය.

මේකෙ කතාව ගැන මතක් කලොත්, කොතනම තැනකවත් මේකෙ ප්‍රධාන චරිතෙ වෙන ඝාතකයාගෙ හරි නමක් කියවෙන්නෑ. මේක පටන් ගන්නේ පැරීසියෙන්. ඔහුගෙ ජීවිතේ උඩු යටිකුරු කරන මෙහෙයුමත් සමගින්. ඝාතකයා මහල් නිවාසෙකට වෙලා බලන් ඉන්නවා ඔහුගේ ඉලක්කෙ පැමිණෙන කල්. මෙහෙම සතියක් පමණ පුරාවට බලන් සිටියාට පසුව ඔහුගේ ඉලක්කය පැමිණෙනවා.  ඉතිං මොහු ඔහුගේ ස්නයිපර් රයිෆලය අරන් ඉලක්කයට වෙඩි තියනවා. ඔන්න ඔහුගේ ජීවිතේට කවදාවත් සිදුවෙලා නැති සිදුවීමක් මෙතනදි වෙනවා. ඒ සිදුවීමෙන් මේ ඝතකයා මෘගයෙක් කරවන ජාතියේ භයානක ප්‍රතිවිපාක ඇති වෙනවා. මෙතන ඉදන් අපිට කුපිත වුණ ඝාතකයාගෙ ක්‍රියාදාම සහ සූක්ෂම සැලසුම් ඔහුගෙ කෝණයෙන්ම දැක ගැනීමට පුළුවන් වෙනවා.

එහෙනම් මෙච්චරයි චිත්‍රපටය ගැන කියන්න යන්නේ. සුපිරිම  Thriller/Crime කාන්ඩයේ චිත්‍රපටයක් බලන්න ඔයාලත් කැමති නම් මේක බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

The Killer, The Killer (2023) Sinhala Subtitles, The Killer Sinhala subtitles, The Killer sinhala sub

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2020-01-04

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

23 thoughts on “The Killer (2023) Sinhala Subtitles | කුලී ඝාතකයාගේ වියරුව! [සිංහල උපසිරසි] (18+)

  • උපසිරස ලබා දුන්නට බොහොම ස්තුතියි.

    Reply
  • mahansiyata thanx. i need to meet u

    Reply
  • Thanks for Sub…❤❤❤

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි. ජය වේවා !!

    Reply
  • Thnx bro.Great job.Good luck.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Whatsapp group nadda.

    Reply
  • ස්තුතියි උපසිරැසියට ජයවේවා ❤️❤️

    Reply
  • Thanks for the sub!!!!!!

    Reply
  • විස්තරේ අනුවනං බලන්න වටින් ෆිලුමක් වගේ…
    ඔන්න එහෙනං ගත්තා…
    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි ඔලිව.
    ෆිල්ම් එක නම් ටොප්, සබත් එහෙමයි ආ… 😉

    Reply
  • thanks a lot Bimsara saho sub ekata

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • Thanx for the sub bro……!!!!

    Reply
  • ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *