Watch Trailer

The Kite Runner (2007) with Sinhala Subtitles | සරුංගල් ලුහුබදින්නා [සිංහල උපසිරසි සමඟ]

මාගේ තෙවන උපසිරැසි නිර්මාණය ලෙස මෙම අති විශිෂ්ට චිත්‍රපටය ඔබ හමුවට ගෙන ඒමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සළකමි. ඒ සදහා අවස්ථාව සලසා දුන් අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරාට මාගෙ ස්තූතිය… IMDB 7.6 ක් වැනි ඉතා ඉහළ අගයක් ලබා ගැනීමට සමත්වන මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 22 කට නිර්දේශ වන අතර එයින් ස…

මාගේ තෙවන උපසිරැසි නිර්මාණය ලෙස මෙම අති විශිෂ්ට චිත්‍රපටය ඔබ හමුවට ගෙන ඒමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සළකමි. ඒ සදහා අවස්ථාව සලසා දුන් අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරාට මාගෙ ස්තූතිය…

IMDB 7.6 ක් වැනි ඉතා ඉහළ අගයක් ලබා ගැනීමට සමත්වන මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 22 කට නිර්දේශ වන අතර එයින් සම්මාන 6ක් දිනා ගැනීමට සමත් වෙනවා. මෙම චිත්‍රපටය Marc Foster ගේ අධ්‍යක්ෂණයකි. Khaled Hosseini විසින් රචිත ” The Kite Runner” නම් කෘතිය ඇසුරින් නිපදවා ඇති මෙහි තිර රචකයා වශයෙන් කටයුතු කරන්නෙ Game of Thrones කථා මාලාවෙ තිර රචකයෙකු, අධ්‍යයක්ෂවරයෙකු වන David Benioff ය.

අමීර් සහ හසාන් යන මිතුරන් දෙදෙනා වටායි මෙම කථාව ගෙතී ඇත්තේ. අමීර්ගෙ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගාවලියෙන් ජය ලැබීමයි. ඒ සඳහා ඔහුට සහයෝගය දීමට හසාන් ඉදිරිපත් වෙනවා. හසාන් ගැන තම පියාගේ ඇති පැහැදීම පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් සිටින අමීර් තම හොඳම මිතුරාට ද්‍රෝහී වෙනව. එයින් පසු අමීර්ට නොසිතූ කරදර රාශියකට මුහුණ පෑමටද සිදුවෙනවා.

1979 දී ඇෆ්ගනිස්තානයට එල්ලවන රුසියාණු ආක්‍රමණයත්, එයින් ඇෆ්ගන් ජාතිකයන් පලායන ආකාරයත්, තලෙයිබාන් සංවිදානය බිහිවීමත් පිළිබඳව මනාව විදහා දැක්වීමට මෙම චිත්‍රපටය සමත්වී තිබෙනවා.

මෙම විශිෂ්ඨ චිත්‍රපටය නැරඹීමට ඔබටත් ආරාධනා කරනවා. අවසාන වශයෙන් චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේ විසින් මෙම කෘතිය පිළිබඳව දැක්වූ අදහසක් ඔබ හමුවේ තබමින් මා සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවන තුරු ඔබට ජය!

” මතකයෙන් ඉවත් කළ නොහැකි අපූර්ව කතාවකි. එය කොතරම් ප්‍රභලද කියතොත් ඊට බොහෝ කලකට පසුවත් මා කියවූ සියල්ල ඇල් මැරුණු කතන්දර මෙන් පෙනිණි”

– චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේ.

 

රොයිලි සහෝදරයා කලින් පලකරන ලද ලිපිය

ඇෆ්ගනිස්ථානය….. හ්ම්ම් මම දන්නවා. ඔයාලගෙ හිතට දහසක් දේවල් එනවා ඇති. තලේබාන් පාලනය, ඇමෙරිකානු ආක්‍රමණය, බෝම්බ, ව්‍යසනය, මිහිපිට අපාය වගේ දේවල් ඒකෙන් කොටසක් වෙන්න ඇති. ඒත් දන්නවද ඔය සේරටම කලින් 70 ගණන් වල ඇෆ්ගනිස්ථානය කියන්නෙ බොහොම ලස්සන රටක්. සාමකාමී රටක්. කියන්න අමතක වුනානේ මගේ නම අමීර්. උන්නෙ කාබුල් කියන සුන්දර නුවර. මගේ හොඳම යාලුවා වුනේ අපේ ගෙදර වැඩ කරපු අලී ගේ පුතා හසාන්. අපි සෙල්ලම් කළා, පොත් කියෙව්වා. ඒ අතර අපේ සංස්කෘතියටම බැඳිලා තිබ්බ පුංචි අපේම සෙල්ලමක් වෙච්ච සරුංගල් ඇරීම අපි ආසාවෙන්ම කෙරුවා. එත් සරුංගල් අරිනවා කියන්නෙ ඔයගොල්ලො කරනවට වඩා වෙනස් දෙයක්. ඒක තරඟයක්. අපි අපේ සරුංගලයේ නූලෙන් අනික් සරුංගලයේ නූල කපලා බිම දාන්න ඕනා. අවසානයේ ඉතිරිවෙන සරුංගල් අයිතිකාරයට ළමයි වගේම වැඩිහිටියන් අතර හිමිවෙන්නෙ සුලුපටු ස්ථානයක් නෙවෙයි.

ඒත් ඔය අතර අපි දෙන්නා විරසක වුනා. ඒ එක්කම වගේ 1979 දී රුසියාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළා. අපි පණ බේරගන්න රටෙන් පැනලා ගියා. ඒත් හසාන් අපිත් එක්ක ආවේ නෑ. පකිස්ථානයට පැනලා ගිහින් නොනැවතුනු අපි තලේබාන් පාලනය නිසාම ඇමෙරිකාවට සේන්දු වුණා. මම පොඩි කාලෙ ඉඳන්ම ආසාවෙන් කරපු කතා ලිවීම නිසා මම දක්ෂ නවකතා ලේඛකයෙක් වුනා.

ඒත් කුඩා කාලයේ මගේ වල් පල් ලිවීම ඉහලින්ම ප්‍රශංසා කළ කෙනා අද මට පාකිස්ථානයේ ඉඳලා කෝල් කළා. අපේ පවුලේ රහසක් එළි කරන්න තියෙන නිසා මට පාකිස්ථානයට එන්නලු. මේ මොකක්ද මේ රහස. ඔයගොල්ලන්ට දැනගන්න ඕනද? බාලම බලමු.

( IMDB – 7.8/10, ඔස්කාර් සම්මානයක් ඇතුළු සම්මාන 13 කට නිර්දේශ වී ඇති අතර සම්මාන 03 ක් දිනා ඇත. )

The Kite Runner (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

3,899 downloadsDownload The-Kite-Runner-2007.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,899 downloadsDownload Subtitles45 KB

63 comments

  1. chamila

    bami

  2. රොයිලි

    ඔයගොල්ලන්ගේ මූණු පොතේ, twitter එකේ මේ ලිපිය ගැන විස්තරයක් දාලා අපිට පොඩි සප් එකක් දෙන්න කියලා ඉල්ලනවා :P

  3. indunil

    roiya nisa onna ohe demma

  4. chama

    ela math banawa

  5. Dhanuka Pathinayake

    රොයිලි දෙන හින්දා ඉතින් නොබා බෑනෙ,ඔන්න බාන්න දෑම්මා. (එකට ලිපි දාන විදිහ ගෑන පොඩ්ඩක් කියනවද?)

  6. Tharindudoo

    රෝයිලී සහෝ,The Karate Kid 1ට සිOහළ උපසිරෑසි දාන්නකෝ,මරු චිත්‍රපටිය තාම බෑලුවේ නෑහෑ,

  7. Udaya

    mamath bewa......ela.

  8. sam

    banawoooooooooooooooo thnx macha

  9. h

    කාලෙකට ඉහතදි මම බලපු සෑහෙන්න හැඟිම්බර චිත්‍රපටියක්. ඒ රටවල් වල තිබුණ සංස්කෘතිය ගැනත් අදහසක් ගන්න පුළුවන්. මේ යාළුවා හසාන් අමීර් වෙනුවෙන් කරපු කැපකිරීම් ලස්සනට කියවෙනවා. නියමයි...

  10. Punuth Lasanka

    MAXAAAAA,අනිවා බානවා... KARATE KID සිංහල උපසිරස දෙනකම් මමත් බලාගෙන ඉන්නවා...

  11. mewi

    baami.. thank u

  12. asitha

    i ll like dis....
    bami...

  13. ashan kandy

    බාමිද නො බාමිද? ඔන්න ඔහේ බාලා දානවා.... :D

  14. kathu

    පට්ට film එකක්..! අනිවා කට්ටියම බලන්න..IMDB එකෙ top 250 අතරට අාපු film එකක්..!

  15. kolla

    baalama balamu ko :D :D

  16. නිලන්ත පියසිරි

    මා ත් හිමින් සැරේ පොඩි සිංහල උප සිරැසි පාරක් දානවා Primer කියන බයිස්කෝප් එකට. මං හිතන්නේ කවුරුවත් ඒකට sub දාන්නේ නැතිව ඇති නේද? දැම්මාට පස්සේ දෙන්නම්

  17. වාසල

    අද රොයිලි වෙනස්ම ආරකට ලිපිය ලියලා තියෙන්නේ..ඒකත් සුපිරි බයිස්කෝප් එකක් ගැන... එළ එළ මචෝ...

  18. සයිලන්ට් හන්ට(ර්)

    මෙ රොයිලි සහො ඔයාල ෆිල්ම් වලට සබ් දාන softwere එක මොකක්ද? :) ;) :P ;D

  19. පොඩි මෑන්

    රොයිලි අයියේ ඔයත් මේ ච්ත්‍රපටියේ රඟපෑවද? :P
    මරුවට ලිපිය ලියලා තියෙනවා නියමයි
    ච්ත්‍රපටියත් හොඳට ඇතිනේ..
    බොහොම ස්තූතී... :D

  20. Ansh Lucky Sri Jay

    "අද රොයිලි වෙනස්ම ආරකට ලිපිය ලියලා තියෙන්නේ..ඒකත් සුපිරි බයිස්කෝප් එකක් ගැන…"

    මමත් මේ කියන්න හැදුවා විතරයි.

    අනේ මගේ ජාලයට හැම දාම තට්ටු වෙන්නෙ මේ සයිට් එක නිසා තමයි.
    :)

  21. පිටස්තරයා

    නියම චිත්‍රපටියක්!! අනිවාර්යයෙන් නිර්දේශ කරන්න පුලුවන්.

    There is a chance to be good again(මට මතක හැටියට)

  22. sanka

    meke potha mama kiyapapu poth valin hodama ekak. puluvan nam potha kiyavanna. film ekath evagema lassana athi..

  23. lakshitha

    mama meke nawa kathawa kiyawala tiyanawa. 1 mama kiyawapu hodama potha. mekath e wage ati kiyala hithanawa. meka dammata tnzzzz

  24. Namila

    rooyil ayye...thankz :D :D

  25. nilanthaherath

    mama meke pota kiyawala tiyanawa. film ekat royliyata pinsida wenna bagena balanawa.thanks saho.

  26. Sameera

    lassana film ekak vage,danama danava,thanks mchn

  27. AL1717

    Ela Ela Onna Mamath Banawa Henam....

  28. uda

    ෂා!!! නියමයි මරේ මර්ර් ඌ
    මේ set එකටනම් වෙන වැඩක් කරන්ඩ වෙලාවක් නැතුව ඇති.
    රස්සාවට කරන්නේ ‍ෆිල්ම් බලන එකද මන්දා??????????

    මොනව උනත් නියම බඩු ටිකක් ංහා

  29. නුවන්

    එළ කිරි ෆිල්ම් එක... ලස්සන කථාවක්... ස්තූතියි...

  30. Randi

    I am also on the list to download.

  31. Uraj Deemantha

    ?? ???? ???? ???? ???? ???? ???? ?? ?????? ??????? ??????? ?? ???? ????? ??? .....!!

  32. Uraj Deemantha

    මේ දවස් වල පට්ට බිසී වෙලා නිසා, මේ පැත්තේ එන්න උනත් කාලෙකින්....බාන්න ෆිල්ම්ස් ගොඩාක් තියෙනවා වගේ....!! :)

  33. පුන්නා

    mamat banawa..........patta film kohoma atharinnada...........

  34. සවීර

    මං බලපු මැක්සම ෆිල්ම් එකක්..තේරුම් ගන්න හොද කතාවකුත් එක්ක.සුපිරි

  35. සාරංග ලියනගම

    හුඟක්ම සංවේදී කතාවක්.මේකේ නවකතාවත් ලස්සනයි.අපූරු ෆිල්ම් එකක්.ඒ වගේම මේකේ මියුසික් උපරිමයි.
    ස්තූතියි සහෝ...

  36. Hiran

    sinhala sub file eka denna puluwanda?pls

  37. Hiran

    the kite runner movie eke sinhala sub eka denna puluwanda?pls

  38. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  39. අනිල්

    මේකට සිංහල සබ් එකත් දුන්නනම් තවත් හොඳයි ..... :)

  40. yeshu

    mekata sub nadda??????

  41. nadhee lanka

    the kite runner movie eke sinhala subtitle download karanna bene..

  42. Dulanga

    Thanks

  43. Mithun

    Balannama ona sab ekata godak stuthi bro

  44. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  45. නිරෝෂ්

    බොහොම ස්තුතියි ඉෂූ සහෝ.ජයවේවා!

  46. wiki

    ඔබට බොහොම ස්තුතියි. ගොඩක් කල් ඉඳලා බල හිටිය එකක් , පුළුවන් නම් CITIZEN KANE උපසිරස ගන්වන්න

  47. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling
    Elzzzzzzzzzzzz..

  48. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  49. Anil

    අවුරුදු කීපයකට කලින් මේක බැලුවා …. ඒ දවස් වල සිංහල සබ් දීලා තිබ්බේ නෑ … දැන් සිංහල සබ් එක්ක ආයෙත් බලනවා … ස්තුතියි …

  50. era soisa

    ammooo perum puraagena hitiya film 1k ….thanks machan

Load more comments

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.