ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු, ජනප්‍රිය වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන නිපද වුණු සීරිස් එකක්. එය නමින් The Last of Us. ඔයා ගේම් ගහන කෙනෙක් නම් මේ නම අහල නොතිබෙන්න විදිහක් නෑ. මොකද ලාස්ට් ඔෆ් අස් ගේම් දෙකක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඒ The Last of Us Part I […]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු, ජනප්‍රිය වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන නිපද වුණු සීරිස් එකක්. එය නමින් The Last of Us. ඔයා ගේම් ගහන කෙනෙක් නම් මේ නම අහල නොතිබෙන්න විදිහක් නෑ. මොකද ලාස්ට් ඔෆ් අස් ගේම් දෙකක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඒ The Last of Us Part I සහ The Last of Us Part II නමින්. මේ ගේම් දෙක ඩිවලොප් කරන්නේ ප්‍රසිද්ධ වීඩියෝ ගේම් බෙදාහරින ආයතනයක් වෙන Naughty Dog විසින්.
මේ ගේම් දක පීසී වලට නම් නිකුත් කරල නෑ, ප්ලේස්ටේශන් වලට විතරයි තියෙන්නෙ. ඒ වගේම ආරංචියකුත් තියෙනවා මෙහි පලමු වැනි ගේම් එක පීසී වලට මේ වසරේ මාර්තු තුන් වෙනිදා නිකුත් වෙනව කියලා. මෙහි අන්තර්ගත වෙන්නේ දීලීරයකින් මොලේ ආසාදනය වෙලා ඇති වෙන සොම්බි ව්‍යසනයක් ගැන. මෙහි ප්‍රධාන චරිතය විදිහට අපිට ජෝල් මිලර්ව හදුනා ගන්න පුළුවන්.

මේ ගේම් එක පාදක කරන් හැදෙන මේ කතා මාලාව විකාශනය කරන්නේ HBO හරහා. මෙහි නිශ්පාදන කටයුතු සිදු කරන්නේ සම්මාන ලාබී කතා මාලාවක් වෙන Chernobyl සෑදූ Craig Mazin, Carolyn Strauss සහ Rose Lam Waddell යන අයයි. ඒ අනුව මෙහි පලමු කතාංගය නිකුත් වුණේ ජනවාරි 15 වෙනිදා. මෙතැන් සිට සතිය ගානෙ එපිසෝඩ් නවයක් නිකුත් වෙන්න නියමිතයි. ඒ වගේම මේකට imdb 9.7ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව මේ වෙනකොට. ඒ වගේම ටොමැටෝ මීටරයේ 99%ක විචාරක අගයකුත් 96%ක ප්‍රේක්ෂක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනව අද දවස වෙනකොට.
ඒ විතරක් නෙමෙයි මේක බලන්න HBOMax ස්ට්‍රිමින් සර්විස් එකට පරිශීලකයින් වැඩි පිරිසක් පිවිසෙන්න උත්සහ කිරීම නිසා එම ස්ට්‍රිමින් සේවය බිඳ වැටීමට ලක්වෙලා තියෙනව අද. මේක කොයි විධියේ වසංගතයක්ද කියල ඔයාලට හිතාගන්න පුළුවන් නේද එතකොට ? හවුස් ඔෆ් ඩ්‍රැගන් විකාශය වෙනකොටවත් මෙහෙම දෙයක් වුණේ නැහැ.
පලවෙනි කොටස නිසා කතාව ගැන මුකුත් නොකියා ඔයාලටම බලාගන්න ඉඩ හරින්නම්. මීලඟ කොටස නිකුත් වෙන්නේ ජනවාරි 22. ඒක වගේම අනික් කොටස් ටිකත් නිකුත් වුණාම හැකි ඉක්මනින් උපසිරැසි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන්, උපසිරැසිය නිම කරගැනීමට සංජන චමෝද් සහෝදරයා ලබාදුන්නු සහය අගය කරනවා. බොහොම ස්තුතියි සංජන.
එහෙනම් අපිත් එක්ක රැඳිල ඉන්න කියලා මතක් කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
30,255 downloadsDownload The.Last_.of_.Us_.S01E01.zip2.5 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
60 comments
මලා
Anonymous
බොහොම ස්තුතියි මචන් සුපිරිම කතාමාලාවක් සබ් දෙනවට.....
පටන්ගන්න කොටම පොඩි දෙයක් කියන්න හිතුනා
සමහරවිට ඉදිරි එපිසෝඩ් සබ් දෙන්න පරක්කුවෙනකොට අපේ අයියලා තමන්ගේ මෝඩකම් පෙන්නයි කමෙන්ට් සෙක්ෂන් එකේ,ඒවුනාට ඔයාලා ඒවා සතයකට ගනන් ගන්න එපා,මොකද ඒ ජානවල අවුල් අපිට හදන්න බෑනෙහ්...
පොඩි දෙනෙක් එහෙම වුනාට ලොකු පිරිසක් ඉන්නවා බයිස්කෝප් එකත් එක්ක හැමදාමත්
ජය වේවා බයිස්කෝප් ❤️
ජය වේවා බයිස්කෝප් උපසිරසිකරුවන් සියලුමදෙනාටත් ❤️Anonymous
අනේ මචන් srt වලින් sub එක දියන්.idx දැන් ඇති බන්.❤️
Ravindra
Thanks sub ekata
Anonymous
thank you
Pradeep Kumara
maru
navod
Thank you❤️
navod
Thank you sub ekata
lahiru chathuranga
ගින්දර සහෝ
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියි.ජය...❤❤❤
Pavith Wijesooriya
නියමයි අයියේ...❤️
Sulaki
දිගටම කරන් යමු සහෝ!! ආදරෙයි! ♥️
Rajitha
Thanks jayawewa....!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Viduranga
Bro meka zombie kiwwoth weradi wage.. man me games dekama play kala... e inne zombie newei.. thank you for sub....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ...
මේක දෙනකල් තමයි බලන් හිටියේ...
ඊලග කොටසෙන් නැවත හමු වෙමු...
ජය..Naveen Mbr
බොහොම ස්තූතියි!
Viraj
Thanks
Vihanga
පොඩි ඉල්ලිමක් තියෙනවා දැන් දැන් නිකුත් කරන sub files වල quality එක ටිකක් වැඩි නිසාද මන්දා phone එකෙන් episode බලද්දී පොඩි හිරවීමක් වගේ වෙනවා. ඒ නිසා පුළුවන් නම් විතරක් පරණ quality එකෙනුත් sub files upload කරන්න පුළුවන්ද?
Last of Us serie එකට sub දෙනවට ගොඩක් ස්තුතියි ❤
Sam
අඩෝ thanks මචන්...❤️
Kushan
Sub akta thanks
Kasun Shamika
Thank you Brother..! <3
පුළුවන් නම් මේ පහළ තියෙන ටිකටත් sub දෙන්නකෝ... :mrgreen:
Requests;
1). Bleach: Thousand-Year Blood War (2022 TV Series)
2). Mobile Suit Gundam: The Witch from Mercury (2022 TV Series)Anonymous
දිගටම සීරිස් දෙන්න බයිස්කෝප්
ත්‍රිලර් ටයිප් නම් ඕන බාසාවක්
මේකටත් තැන්ක්ස්Tharindu Virajith
කාටහරි මට කියලා දෙන්න පුලුවන්ද idx සබ් km player එකේ බලන්නේ කොහොමද කියලා..
sub එක දැම්මාම baiscopelk.com කියල ස්ක්‍රීන් පොඩියට පේනවා විතරයි... sub එක පෙන්නේ නැහැ..
km එකේම බලන්න විදිහක් කියලා දෙන්න පුලුවන්නම් කාට හරි ලොකු උදව්වක්..විමා
සබ් ෆයිල් දෙකම එලියට අරගෙන ෆිල්ම් එක තියෙන තැනට දාගන්න
ඊට පස්සේ ෆිල්ම් එක ප්ලේ කරලා
සයිස් එකෙන් අඩු සබ් ෆයිල් එක ඇදල දාන්න.වින්ඩෝස් අලුත් වර්ෂන් වලට සිංහල ප්‍රශ්නයක් තියෙනවා මේ ටිකේ.
මිඩියා ප්ලේයර් ක්ලැසික් එක පාවිච්චි කරන්න.Imesh
Thanks..
Tharindu Virajith
බොහෝම ස්තූතියි විමා සහෝදරයා..
Tharindu Virajith
sub ekata godak sthuthi sahodaraya..
gg
idx sub me format eken nathuwa srt denna
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
ජයවේවා බයිස්කෝප් ටීම් එකට....Movie පිස්සා
අනේ Please Bro මේකට Srt වලින් Sub දෙන්කෝ
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Imesh
Subtitle ekata thanks
Bhathiya
Sub ekata Thankss...macho.....
Isuru Ishara
thanks
nipuna
බොහෝම ස්තුතියි
සබ උස්සන උන් පො**යෝ.
idx නෙමෙයි ඕන ෆෝමැට් එකකින් සබ් දීපල්ලා.
අපිට හරි හමන් සබ් එකක් අරගන්න උඹල වෙබ් එක තියෙන්න එපයි. වෙන ඒවා දෙන සබ් සෙට් වෙන්නේ නා අපිට.අනුන්ගේ මහන්සියෙන් යැපෙන හිඟන්නෝ නිසා අපිට සබ් ගන්න තියෙන හොඳම තැන නැතිකරගන්න ඕන නැහැ.
සබ් එකට තැන්ක්ස් මචං. දිගටම මේකට සබ් දීපල්ලා මග නවත්තන්නේ නැතුව.
ආසාවෙන් සබ එකත් එක්ක මේක බලල කමෙන්ට් එකක් දාන්න ආවේ මේ.Anonymous
සිරා කතාව
bihandu
sub eka weda wenne nene windows 8.1 prasnayakda danne nene
Bimsara Yashan(ඔලිව)
මීඩියා ප්ලේයර් ක්ලැසික් එක හරි PotPlayer හරි යූස් කරල බලන්න සහෝ.
Anonymous
Thanxx broo sub ekata
Roy
Thank you brother but I want SRT Subtitle this not work for km playaerx64.I often watch English subtitles and put Sinhala subtitles for some movies. Earlier subtitles worked but no new subtitles were as we wanted. I used to get subtitles from this. So think about this.
sahangayantha
Thanks a lot saho sub ekata
ක්‍රිශාන්ත හැරිස්
ගොඩාක් ස්තුතියි සබ් එකට
Madusha
thank you for sub
මිලින්ද
◾◾◾◾◾⬛⬛⬛⬛⬛සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි බිමිිසර◾◾◾◾⬛⬛⬛⬛⬛⬛⬛
Madhawa nuwan
ko anith ewa?
Bimsara Yashan(ඔලිව)
සතිය ගානෙ එන්නෙ මේක. දෙවෙනි කොටස හෙට එන්නෙ.
Dasun dammika
thank so mutch bro....
Anonymous
thanks bro
Pavith Wijesooriya
ඔන්න අයියේ මාත් සිංහල සබ් එක්කම බලන්න පටන් ගත්තා. පළවෙනි එපියේ සබනම් පහරක් ආ... ගොඩක් ස්තූතියි සබ් එකට. පිළිවෙලට බලාගෙන එන්නම්කෝ එහෙනම්... ❤️
Anonymous
Thanks Brother
Dewadithya
Thanks for Sub!
Manu
Godak sthuthi.. Jaya wewa!
Udara Damith
kora
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last of Us [S01: E01] Sinhala Subtitles | නවතම, සුපිරි සොම්බි වසංගතය. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Last-of-Us-S01-pic-02.jpg)


බොහොම ස්තූති සබ් එකට දෙනකන් බලාගෙන ඉදියෙ ...
Good luck ❤️