ඔන්න එහෙනම් සුපිරිම එපිසෝඩ් එකකට පස්සෙ ලාස්ට් ඔෆ් අස් හය වෙනි එපිසෝඩ් එක අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ ගිය සතියෙ කොටස බොහෝ දෙනෙක්ගෙ අදහසට අනුව නම් මේ සීරිස් එකේ දැනට ආපු හොඳම එපිසෝඩ් එක තමයි ඒක. ඒ අනුව ඒ කොටසට IMDb දර්ශකේ 9.6 ඉහල අගයක් ලබාගන්න හැකි වෙලා තියෙනවා. මේ සීරිස් එකෙන් දැනට වැඩිම අගයක් […]

ඔන්න එහෙනම් සුපිරිම එපිසෝඩ් එකකට පස්සෙ ලාස්ට් ඔෆ් අස් හය වෙනි එපිසෝඩ් එක අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ ගිය සතියෙ කොටස බොහෝ දෙනෙක්ගෙ අදහසට අනුව නම් මේ සීරිස් එකේ දැනට ආපු හොඳම එපිසෝඩ් එක තමයි ඒක. ඒ අනුව ඒ කොටසට IMDb දර්ශකේ 9.6 ඉහල අගයක් ලබාගන්න හැකි වෙලා තියෙනවා. මේ සීරිස් එකෙන් දැනට වැඩිම අගයක් ලබාගත්ත එපිසෝඩ් එක කිව්වොත් නැවැරදී. අපි එහෙනම් වැඩි කතා නැතුව කතාව ගැන මතක් කරන් ඉමු,
පෙර කොටසෙදි ජෝල්ටයි එලීටයි හොඳ යහළුවො දෙන්නෙක් හමුවෙනවා, ඒ තමයි හෙන්රි සහ සෑම්. හෙන්රි තමයි මේ වෙනකොට කැන්සාස් නගරේ වැඩියෙන්ම හොයන අපරාධකාරයා වෙලා තියෙන්නේ. ඒ අපරාධය තමයි එම නගරේ මිනිසුන් විසින් ගෙන ගිය විරෝදයේ නායිකාවගේ සහෝදරයව ෆෙඩ්‍රා එකට පාවලා දීම. ඒකට පලිගන්න ඇය ඔහුව මුළු නගරෙ පුරාම හොයන ගමනුයි ඉන්නේ. මේ හැමදෙයක්ම වෙන අතරෙදි හෙන්රි ජෝල් ලට එකතු වෙලා ඒ නගරෙන් පැන ගන්න බලනවා. ඒත් මොවුන් ඒ මිනිස්සුන්ගෙන් බේරුණත් ඊට වඩා දරුණු දේකට මෙයාල අසුවෙනවා. එනම් කැන්සාන් නගරෙ අවුරුදු ගානක් පොලව යට හිරවී සිටි ආසාදිතයො පිරිසකට. ඔයාල මේ වෙනකොට දන්නවත් ඇති අපි මීට කලින් ලිපියකත් මතක් කළ පරිදි, ආසාදිතයො එන්න එන්නම පරිණාමය වෙනවා එනම් වර්ධනය වෙනවා. එසේ දිලීරය ආසාධනය වී අවුරුදු ගානක් සිටියාම ඔවුන් විශාල දිලීර වැඩුනු යෝධයන් බවට පත් වෙනවා. ඔවුන්ගෙන් භයානකම අවධියකට තමයි බ්ලෝටර්ලා කියල කියන්නෙ. මොවුන් නෙවෙයි භයානකම අවධිය ඔවුන්ට පස්සෙ එකක් තියෙනවා රැට් කින්ග්ල කියලා. ඔවුන් තමයි ශක්තිමත්ම සහ භයානකම දිලීර ආසාධිත අවධිය කියලා හදුන්වන්නේ. කෙසේ හෝ අපිට ගිය සතියෙදි මේ බ්ලෝටර් කෙනෙකුත් දකින්න ලැබෙනවා. මේවාට මුහුණ දීල ජෝල් ඇතුලු පිරිසට අවසානෙදි කුමක්ද සිදුවුණේ කියලා බලපු අයට මතක ඇතිනේ.
එහෙනම් එතැන් සිට වෙන දේවල් ඔයාලට මේ කොටසින් බලාගන්න ඉඩ හැරලා මං සමුගන්නවා. නැවතත් ලබන සතියෙ හත්වෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13,741 downloadsDownload The.Last_.of_.Us_.S01E06.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
17 comments
sachintha
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Pavith Wijesooriya
සබ් එකට ගොඩක් ස්තූතියි අයියේ. මේක නම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ...
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි ❤
vihaga
Godfather of harlem sinhala sub dennako plezzzzzzzzzzzz
vihaga
mike HULU series eke sinhala subz dennako balanna widiyak nathuwa inne
vihaga
godfather of harlem sinhala sub dennako plezzzzz
max payne
thank you. walking dead eke ithuru sub tikath dnna puluwanda?
K.G. Kaveesha Dilshan
බොහොම ස්තූතී උපසිරැසිය ලබාදුන්නට.
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥pramith
episode 7 enne kawadda saho
Sameera
zip may be dangerous ,so Chrome has blocked it kiyla enwa download krama.
baiscope eke witarai mehma enne?
Fix this issuesahangayantha
Thanks a lot saho sub ekata
Dewadithya
Thanks for Sub!
Udara Damith
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last of Us [S01: E06] Sinhala Subtitles | සමුගැනීම! ! [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Last-of-Us-S01-pic-02.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ