The Mentalist [S01 : E16] | අළු යට ගිනි… [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතාංගයේ පලවෙනි සමයේ 16වන කතාංගයට උපසිරැසි දෙන්නයි මම සූදානම් වෙන්නේ. ඒත් හැමදාමත් වගේම අදත් කතාව බලන්න කලින්, කතාව ඇතුලේ මොනාද සිදුවෙන්නේ කියලා පුංචි ඉඟියක් දෙන්නයි මේ හදන්නේ. අද කතාව වෙනදා කතා වගේ නෙමෙයි. මේ කතාවට තියෙන්නේ වෙනස්ම සිදුවීමක්. අද කතාවේ සිදුවීම ගෙතෙන්නේ ජේන්ගෙන් පලිගන්නට එන කෙනෙක් ගැන. ජේන් ඉස්සරකාලේ මලවුන් සමග කතාකරන රස්සාවක් කරා කියලා කවුරුත් දන්නවනේ. අන්න ඒ කාලේ කියපු කතාවක් නිසා, ගැහැණියක් මනුස්සයෙක්ව අතහරිනවා. ඒක නිසා ඒ ස්වාමිපුරුශයා අන්ත දූගී තත්වයට වැටිලා තමන්ගේ පුතාත් සමග මහපාරට බහිනවා. මේ පුතා තමයි ජේන් පස්සෙන් පලිගන්න එන්නේ. නමුත් මේ තැනැත්තා කවුද කියන එක අභිරහසක්.
කතාව ආරම්භයේදීම ජේන්ට කෙටි පණීවුඩයක් එනවා “ලොකු බෝම්බයක් ඇත, ඔබ එය සොයාගැනීමට දක්ශ ද ?” යනුවෙන්. මේක නිසා CBI එකේ සියළුම දෙනාව එතැනින් පිටත්කර හරිනවා. එහෙත් ජේන් දැනගන්නවා බෝම්බය තියෙන්නේ CBI එක ඇතුලේ නෙමෙයි පිට කියලා. ඒක නිසා ඔහු ඒක තියෙන තැන අනුමාන කරලා බෝම්බය තියෙන වාහනයක් හොයාගන්නවා. ඒත් වාහනය තුල තියෙන්නේ බෝම්බයක් විතරක් නෙමයි. වාහනය ඇතුලේ තවත් මනුස්සයෙකුත් තියලා තියෙනවා. ඒ මනුස්යාව ගෙටහලා තමයි තියෙන්නේ. ඔහුගේ නලලේ “ඊලඟට ඔයා” කියලා ලියලා තියෙනවා. ජේන් කොහොම නමුත් ඒ මනුස්සයාව බේරාගන්න උත්සාහා කලත්, එයාලට බෝම්බය පිපිරෙන්න තියෙන කාලයත් එක්කම ඒ මනුස්සයාව බේර ගන්න බැරිවෙනවා. ඒ වුනාට ලිස්බන් සහ ජේන් බෝම්බය පුපුරන්න කලියෙන් එතැනින් පැනගන්නවා. නමුත් බෝම්බයේ පිපිරුම් කම්පනයට හසුවෙලා ජේන් විසිවෙලා ගිහිල්ලා වැටෙනවා. ඔහුට නැවත නැගිටින්න පුළුවන් වුනත්, ඔහුගේ ඇස් දෙකම අන්ධ වෙලා. එතැන් පටන් ඔහුට තමන්ගේ තරහාකාරයා වගේම, වාහනය ඇතුලේ හිටපු මනුස්සයාගේ මිනීමරුවා හොයන්න වෙන්නේ ඇස්දෙක නැතිව. ඇස්දෙක අන්ධ වුනා කියලා, ජේන්ගේ සුපුරුදු විකාර වැඩ නවතින්නේ නෑ. ඔහු මේකත් තමුන්ට ලැබුණු අළුත් අත්දැකීමක් කියලා සලකලා විනෝදයෙන් තමුන්ගේ වැඩ කරගෙන යනවා. ඒත් අපි බලමු කතාවේ කොහොමද ජේන් ඇස්දෙක නැතිව වැඩ කරන්නේ කියලා. ඒවගේම මිනීමරුවා අල්ලාගන්න පුළුවන් වේවිද? නැතිනම් මිනීමරුවා ජේන්ට අනතුරක් සිදුකරාවිද කියලා.
හිතලා බලන්න! අපේ ඇස් අන්ධ වුනෝතින් අපිට දැනෙන්නේ ලෝකේ නැතිවුනා කියලා. ඒත් අපිට ලෝකේ නොපෙනෙනවා විතරයි. තමුන් අමතක කරනවා තවත් ඉන්ද්‍රියන් 4ක් තාමත් වැඩකරනවා කියලා. ඒත් ඇත්තටම අපිට මසැසෙන් විතරක්ම නැතිව මනසෙන් නිවැරදිව වැඩක් ගන්න පුළුවන් නම්. කොච්චර දේවල් අපිට ඇස්දෙක නැතිවුනා කියලා කරන්න පුළුවන්ද?
එහෙනං හැමෝටම ආයු -බෝ -වේවා !!! __/|\__
[button link=”http://tinyw.in/6bx8″ type=”icon” “center” newwindow=”yes”] 125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/u94z” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6714 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
thanks
ස්තූතියි බං. එල වැඩක්
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
aiyoooooooo as dake anda wanewade…………melo rahak nathi wai kathawe…
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා…!!
MKV Player ake dvd rip waleta me sub wade koraida…?
එල
සබට තුති
ඔබට ජය…………
දැනුත් දෙන්න කියලා සබ් හදන ගමන්.
බය වෙන්න එපා. මැරෙන්න කලින් සබ් දෙනවා…. 🙂
අදහස් වලට ස්තුතියි හැමෝටම.
හැම එකටම ස්තුති කරන්න වෙලාවක් නැති වුනාට සමාවෙන්න ඕනේ…
ආයු- බෝ- වේවා __/|\__
meka sex 5/ kiiyak thiyanewade saho
නියමයි ප්රණිත් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
niyamai..thanks machan…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ජයම වේවා
තෑන්ක්ස් සබට
Thanks !
thanks adat ikmanata deela
thx macho…………………..
ethuru tikath puluwan ikmanata diyan saho…………..
thaz wagan karagana ymu….. subapatum..
thanks
ela ela machan. ikmanata demu…
ada mama aka 😀