The Mentalist [S04 : E08] | කුඩු ඕමාර්….. [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 8 වෙනි කොටසට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාවේ ආරම්භයේදීම ගැහැණු කෙනෙක් වෙඩි තියලා ඝාතනය කරනවා. නමුත් කෙනා කවුද කියලා පෙන්වන්නේ නෑ. මහ රෑ මැදියමේ ඇමතුමකින් ලිස්බන් ප්‍රමුඛ කන්ඩායමට තමයි මේ සිදුවීම බාරවෙන්නේ. ව්‍යසකයාව අධ්‍යනය කරපු ජේන් විසින් හරියටම ඇය කවුද කියලා කියනවා. මැයගේ නම යොලන්ඩා කොන්සෙප්සියොන්. ඇය මත්ද්‍රව්‍ය අල්ලන්න වෙස්වලාගෙන හිටපු පොලිස් නිලධාරීණියක්. ඒ ප්‍රදේශයේ ඕමාර් කියලා කෙනෙක් තමයි කුඩු විකුණන්නේ. මේ පුද්ගලයාව අල්ලන්න සාක්ශි හොයන්න තමයි ඇය ඒ විදියට ඉඳලා තියෙන්නේ.
මේ සිදුවීම් පිලිබඳව විමර්ශණ කටයුතු ඇය වැඩ කරපු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයත් සමග සම්බන්ධවයි සිදුකරන්නේ. මේ විමර්ශණයට අතරතුර ඇයගේ ඝාතනයට අමතරව තවත් ඝාතන කිහිපයක්ම සිදුවී තියෙනවා කියලා හොයාගන්නවා. නමුත් කිසිම ආකාරයකින් හෝඩුවාවක් සොයාගැනීමට ලැබෙන්නේ නෑ. නමුත් ඇයගේ ක්‍රෙඩිට් කාඩ්පත පිලිබඳ පසුව හෝඩුවාවක් ලැබෙනවා. එතැනදී සමර් නම් ගණිකාවක් විසින් ඒ ක්‍රෙඩිට් කාඩ්පත මියගිය තැනැත්තියගෙන් අරගෙන තියෙනවා. නමුත් ඇයත් මිනීමැරුමට වගකිව යුතු කෙනෙක් නෙමෙයි කියලා ඔප්පුවෙනවා. නමුත් මෙදා පාරත් ජේන් විසින් මිනීමැරුම කරපු කෙනාව අල්ලන්න උපායක් යොදනවා.
කවුද ඇත්තටම මිනීමරුවා? කොහොමද ජේන් එයාව අල්ලගන්නෙ? මේවා දැනගන්න කතාව බලන්නම වෙයි. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5214 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛