Watch Trailer

The Old Man and the Sea (1999) | මහල්ලා සහ මුහුද [සිංහල උපසිරැසි සමඟ]

[box]“මගේ නම සැන්තියාගෝ, මම ගොඩක් දුර්වල, වයසක දිළින්දෙක්. මම ජීවත් වෙන්නෙ මුහුදු ගිහින් මාළු අල්ලලයි, ඉතින් දවස් අසූ අතරකට පස්සෙ වයසක මගේ වාසනාව පෑදුනා. මට අහුවුනා දැවැන්තයෙක්. ඉතින් මට ගොඩක් සතු‍ටුයි. හැබැයි අවාසනාවක මහත මේ කාලකන්නි දුප්පතාට තියෙන්නෙ පුංචි රුවල් ඔරුවක්. අඩුමගානෙ ඒ මාළුවව මගේ ඔරුව…

The Old Man and the Sea (1999)“මගේ නම සැන්තියාගෝ, මම ගොඩක් දුර්වල, වයසක දිළින්දෙක්. මම ජීවත් වෙන්නෙ මුහුදු ගිහින් මාළු අල්ලලයි, ඉතින් දවස් අසූ අතරකට පස්සෙ වයසක මගේ වාසනාව පෑදුනා. මට අහුවුනා දැවැන්තයෙක්. ඉතින් මට ගොඩක් සතු‍ටුයි. හැබැයි අවාසනාවක මහත මේ කාලකන්නි දුප්පතාට තියෙන්නෙ පුංචි රුවල් ඔරුවක්. අඩුමගානෙ ඒ මාළුවව මගේ ඔරුවට කිට්‍ටු කරන්නවත් බෑ. මොනතරම් අවාසනාවක්ද 🙁 මගේ අතට හම්බවෙන දේ කටට දාගන්නවත් වාසනාවක් නැති මහා කාලකන්නියෙක්ද මම…? නෑ මගේ ඇඟ දුර්වල වෙන්න පුළුවන් හැබැයි මගේ හිත තාම හයියයි. තරුණ කාලෙ කරපු හපන්කම් තාමත් ඒවිදියටම බැරි උනත් මගේ හිත තාම තරුණයි. මම මගේ දෛවයට පරාදවෙන්නෙ නෑ මට පුළුවන් මගේ ඉරණම පරද්දන්න…..!”

මහළු, කියුබානු ජාතික මැනුවෙල් උලිබාරි මොන්ටිස් මෙහෙම කියන්නෙ 1954 දී නොබෙල් තෑග්ගට හිමිකම් කියපු ලෝකප්‍රකට ගත්-කතු “අර්නස්ට් මිලර් හෙමිංග්වේ” නොඑසේනම් සාමාන්‍ය ව්‍යවහාරානුකූලව “අර්නස්ට් හෙමිංග්වේ” හටයි. හෙමිංග්වේ ඒ මහල්ලගේ ජීවිත කතාව මෙලෙස පවසා ඇත්තේ ඔහුගේ සම්භාවනීය කෘතියක් වූ “The old man and the sea” නොහොත් “මහල්ලා සහ මුහුද” කෘතියෙහිය. මෙම කෘතිය ඇසුරින් වර්ෂ 1958 දී සහ 1999දී සිනමාකෘති ද්විත්වයක් නිපදවී ඇති අතර 1990 වර්ෂයේදී රූපවාහිනී කතා මාලාවක්ද නිර්මාණය වී තිබේ. මම පොඩ්ඩක් “අර්නස්ට් හෙමිංග්වේ” නම් මහා ගත්කතුවරයා ගැන ඔයාලගෙ දැනුමට කරුනු ටිකක් එකතුකරල ඉන්නම්. මොකද තරඟකාරී ලෝකයත් ඇතුලෙ වඩා වැදගත් වෙන්නෙ “දැනුම” කියන දේ නිසා අපේ රසික හිතවතුන් කිසිවෙක් අකමැති වෙන එකක් නෑ කියල මම හිතනව. අනික මට මතකයි අපේ රටේ එක්තරා ඇමති කෙනෙක් සාහිත්‍ය උලෙළකදි කිව්වා “මහල්ලා සහ මුහුද රචනාකලේ ගීද මෝපසාං” කියල. එහෙව් රටක තමයි අපි ජීවත් වෙන්නෙ. ඒව ඇහෙනකොට තනි ඇහැට කදුළු ගගක් ගලනව! [මට සුදු වෑන් වලින් යන්න ආසාවක් නැති හින්ද කවුද? කින්ද? මන්ද? කියලනම් මගෙන් අහන්න එපා ඕං… දන්නෝ දනිති 😛 😀 ]

“අර්නස්ට් මිලර් හෙමිංග්වේ”
1899 ජූලි මස 21 දින අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර මාන්නක්කාර පවුලක දෙවැන්නාලෙස මෙලොවට බිහිවිය. තුන්හැවරිදි වියේ පටන් මසුන් ඇල්ලීමට හපන්කම් පෑ මොහුගේ දසවන උපන්දින තෑග්ග වූවේ දඩයම් තුවක්කුවකි. පාසල් අවදියේ පටන් සාහිත්‍ය කටයුතුවල නිරතවූ මොහු පාසලෙන් ඉවත්වූ වහාම හමුදාවට බැඳීමට උත්සහ කලද එය අසාර්ථක විය. පසුව මොහු වාර්තාකරුවෙකු ලෙස “ටොරෙන්ටෝ ස්ටා” පුවත්පතට බැදුනි. ඉන්පසුව එලබි පළමු ලෝක සංග්‍රාමයේදී ගිලන්රථ රියදුරෙකු ලෙස ඉතාලි යුධ පෙරමුනේ සේවය කල මොහු අවස්ථා කීපයකදීම බරපතල ලෙස තුවාල ලැබීය. එවිට ඔහුගේ වයස යන්තමින් අවුරුදු 18කි. යුද්ධයෙන් පසුවද පුවත්පත් සදහා යුරෝපීය ඓතිහාසික සිදුවීම් වාර්තා කල මොහු ග්‍රීක-තුර්කි යුද්ධයට, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට සහ දෙවන ලෝක සංග්‍රාමයටද සහභාගි වීය. එම කාලයේදීම නිර්මාණකරනයට යොමුවූ මොහුගේ “Three stories and ten poems” නම් වූ පලමු කෘතියෙන් අලවි වී ඇත්තේ පිටපත් තුන්සීයක් පමනි.”In our times, Torrents of spring,” වැනි කෘතීන්ටද හිමිවූයේ එවැනිම ඉරනමකි. නමුත් “The sun also rises” නැමති නවකතාව ජනප්‍රිය විය. එය ඔහුව කාගේත් අවදානයට යොමුකරවාගැනීමට සමත් වීය. එවක් පටන් ඔහු නවකතා 7ක්, කෙටිකතා සංග්‍රහ 3ක්, සහ කෙටිකතා 70කට අධික ප්‍රමානයක් ලෝකයට දායාද කලේය.දෙවන ලෝක සංග්‍රාමයේදී විසිහයපොලක් තුවාලකරගත් මොහු, හදිසි අනතුරු වලින් ඉළ ඇට හයක් කඩා ගත්තේය. බොක්සිං ක්‍රීඩාවේ යෙදීමට ගොස් එක් ඇසක් අහිමිකරගත් පසුවද අප්‍රිකාවේ සිංහ දඩයමට ගිය අවස්ථාවකදී ගමන්ගත් අහස් යානය කඩා වැටී ගිනිගෙන සිය බිරිද සමගම අතුරුදහන් වීය, ශෝකප්‍රකාශයන්ගෙන් පුවත්පත් මුල්පි‍ටු පිරීගිය නමුදු එවරත් මලවුන්ගෙන් නැගීසිටි මොහු තමාගේ මලගමේ ශෝකප්‍රකාශ හා ගුණ වර්ණනා කියවීමටද වාසනාවන්ත වීය.නමුදු ඔහුගේ උදරය, අක්මාව, දකුනු වකුගඩුව, කොදු ඇට පෙල සහ හිස් කබළට බරපතල හානි සිදුවිතිබුනි. වෛද්‍යවරුන් පැවසුවේ ඔහු ගලේ ගසාවත් මරාදැමිය නොහැකි අයෙකු බවය. මරණයට ඔච්චම් කරමින් ජීවත් වූ මොහු නිර්භීත මිනිසෙකි, දක්ෂ දඩයම් කරුවෙකි, ගැඹුරු දියබේ මසුන් මරන්නෙකි, සුරා සොඩෙකි, ගැහැනු ලොල්ලෙකි, මුහුනේ හටත් සමේ පිළිකාවක් වසා ගැනීමට මුහුන පුරාම රවුල වවාගත් දැවන්තයෙකු වූ මොහු හදවතින් කුඩා දරුවෙකි. තමන්ගේ සැබෑ දිවිය තම නිර්මාණ වලට දායක් කරගත් මොහු ජීවිතයේ යථාර්ථය සොයා වෙහෙසුනෙකි, ඔහුගේ සෑම නිර්මානයකම ජීවිතයේ නිරුවත් කුරිරු යථාර්ථය හුවා දැක්විනි. ඔහුගේ කෘතීන් කියවීමට ශබ්ද කෝෂයක් අවශ්‍ය නොවේ මන්ද ඔහු කිවූ ඒ යථාර්ථය ඉතාම සරල බැවිනි. කියුබාවට ආලවැඩූ මේ අමෙරිකානුවාට කියුබානුවෝද පෙරලා ආලවැඩූහ, හවානාවේ වෙරළබඩ දිවිගෙවන සමයෙහි ඔහුට මෙම ධීවරයා මුනගැසිනි ඔහුගේ වේදනාබර කතාව හෙමිංග්වේහට නොබෙල් ත්‍යාගයද ලබාදීමට සමත් වීය, ඉන් තමාටද කොටසක් ලබාදෙන ලෙස මහල්ලා මොහුට විරුද්ධව නඩුවක් පැවරූ අතර ඉන් හෙමිංග්වේ ජය ගත්හ, නමුදු ඔහු මහල්ලා හට නිතරම උපකාර කලේය. මෙය ඔහුගේ හොදම නිර්මාණය ලෙස සැලකේ ඔහුගේම වචන වලින් එය මෙලස පැවසේ.

“මා මෙම කතාව ලිව්වේ ලොකු වෑයමකින්, මා අත්පිටපත් දෙසියවතාවකට වඩා කියවා තිබේ, ඒ සෑම අවස්ථාවකම මා තුල යමක් සිදුවන්නාක් මෙන් හැගුනි. මා ජීවිත කාලය තුල සොයා වෙහෙසුනු දෙය අන්තිමේදි මට ලැබුනේය යන තෘප්තිමත් හැගීම මා තුල පහල වුණා”

හැටවන වියට පා තබනවාත් සමගම ඔහුගේ හිතුවක්කාර ජීවිතයේ ප්‍රතිවිපාක ලැබෙන්නට පටන් ගැනුනි, දිය වැඩියාව, අධික රුධිර පීඩනය, අක්මාවේ ආබාධ ආදී ව්‍යාධි සමගින්ම ඔහුගේ නිර්මාණශීලීත්වයද වියෙකෙන්නට ගැනුනි. 1961දී නැවතත් අමෙරිකාව බලා පා නැගූ මොහු “මිනිසෙකු විනාශ කල හැකි නමුදු පරාජය කල නොහැකිය” යන්න නැවතත් ඔප්පු කරමින් 1962 ජූලි මස දෙවන දින තම කළණ මිතුරෙකු ලෙස තමන්ගේ ලගින්ම සිටි, කාණු දෙකේ රයිපල් තුවක්කුවේ කට තම මුවට තබාගෙන පාදයේ ඇගිල්ලකින් රයිපලයේ කොකා තදකරගනිමින් සියදිවි හානිකරගත්තේය!

දැන් හැරෙමු යාළුවනේ අද ඔයාලට අරන් ආපු බයිස්කෝප් පටියෙ විස්තර දිහාවට 😀
මුලින්ම් කියන්න ඕන මේක “කෙටි චිත්‍රපටයක්”. Aleksandr Petrov නැමති රුසියානු බයිස්කෝප් පට අධ්‍යක්ෂකවරයා විසින් තිරපිටපත ලියා අධ්‍යක්ෂනය ලද මෙය මිනිත්තු 20ක් වැනි කෙටි කාලසීමාවක් පුරා උවද “ඉතා ගැඹුරු මානුෂීය හැගීම් සමුදායක්” සමගින් විහිද යන්නක්, මෙම බයිස්කෝප් පටය අන්තර්ජාතික බයිස්කෝප් පට දර්ශකයේ ක‍ටුව “8.0” ක් වැනි ඉහලම තැනක රදවා ගැනීමට සමත් වෙලා තියනව, ඒවගේම 2001 වසරෙදි ඇකඩමි සම්මානය ඇතුළු තවත් සම්මාන 14 කට අධික සම්මාන ප්‍රමානයකටත් වගකියල තියනව. ඉතින් යාළුවනේ විශේෂයෙන්ම කියන්න ඔන මේක ඔයාල බලල තියන සාමාන්‍ය බයිස්කෝප් පටිවලට වඩා ගොඩාක් වෙනස් එකක් මේකට කාටූන් චිත්‍රපටයක් කියල කියන්නත් බෑ පරිඝණක සජීවීකරන චිත්‍රපටයක් කියලත් කියන්න විදියකුත් නෑ මොකද මේක “ස්පර්ශ සංවේදී තිරයක් මත” මිනිස් දෑතින් අදින ලද සිතුවම් පමනක් යොදාගනිමින් නිර්මාණය කරමින් පන පොවන ලද්දක් වීමයි. ඒකට කියන්නෙ “IMAX” (an abbreviation for Image Maximum) තාක්ෂණය කියලයි. ඉතින් ඒ තාක්ෂණය යොදාගත්තු ප්‍රථම අවස්ථාව තමයි මේක. එම තාක්ෂණයේ නවීනතම, ප්‍රසිද්ධම පරිණාමීය උදාහරනය James Camaron ගේ Avatar ( 2009) චිත්‍රපටයයි. මම මේ කියන අපභ්‍රංස කතාව බයිස්කෝප් පටය නරඹා අවසනදී ඔයාලටම බලාගන්න පුළුවන් වේවි යාළුවනේ.

එහමනම් ඉතින් මම අමුතුවෙන්ම කියන්න ඕන නෑනෙ අද දවස ගැන, මොකද දැනටමත් ඔයාල ඒ ගැන දන්නවනෙ 😀
බිංදුවක් ඉලක්කමක් ඉස්සරහට වැ‍ටුනම අගයක් නැති උනාට ඒ බිංදුවම ඉලක්කමක් පි‍ටුපසින් තියනකොට ඒක යම්කිසි වටිනාකමක් එකතු කරනව ඒකට තවත් බිංදුවක් එකතු උනාම අගය තවත් වැඩිවෙනව ඒකටම තවත් බිංදුවක් එකතු උනාම අගය තවත් වැඩිවෙනව. ඉතින් ඔන්න ඔහොම බිංදුවෙන් බිංදුව එකතුවෙලා දන්නෙම නැතුව අද අපේ බයිස්කෝප් අඩවිය සාඩම්බරණීය ගමනක එක්තරා සංධිස්ථානයකට ඇවිත් ඉන්නව. ඒ නිසාම ඔන්න අද බයිස්කෝප් අඩවිය හරහා ලෝකෙ තියන විවිධ භාෂා ගනනාවකින් බයිස්කෝප් පට නරඹන්න පුළුවන් කමක් තියනව අපේ රසික හිතවතුන්ට. ඉතින් මම බාරගත්තෙ “රුසියානු” බාසාවෙන් අදාල උපසිරසිය සකස් කරන්නයි. මම එහෙම කලේ වෙන කිසිම දෙයක් බලාගෙන නෙමේ මගේ හිතේ සතුට වෙනුවෙන්! ඉතින් යාළුවනේ මගේ වටිනා කාලයෙන් බිදක් ඔයාල වෙනුවෙන් කැපකරාට එක වචනෙකින් හරි “ස්තුතියි” කියල පුංචි අගයකිරීමක් කරල ගියොත් විමා තවත් සතු‍ටුවෙයි නේද? 😀
චිරං ජයතු බයිස්කෝප්, ඔබ සැමට සදා ජය!

The Old Man and the Sea (1999) on IMDb

 

 

 We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත

1,651 downloadsDownload The.Old_.Man_.and_.the_.Sea_.1999.zip13 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/වීමා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

1,651 downloadsDownload Subtitles13 KB

70 comments

  1. සමීර කරුණාරත්න

    එහෙනම් වීමෝ ඔන්න තව උපසිරැසක් ගෙනාව නේද අද දවසට....
    බොහොම අගෙයි 2000 හට යන් ගමනේදී අපි එක්ක ඉදී කියලා හිතනවා හැමදාම වගේ කමෙන්ටුවක් දාලා සබ් දීලා එහෙම....
    ඔන්න ඉතින් එහෙනම් අද උපසිරැසට බොහොම තුතී හොදේ...1

  2. mudiya / මුදියා

    මගෙ අම්මෝ දෙනව කියල මෙහෙමත් දීමක්.මෙන්න ඒ පාර අපේ එවුන් විභාග අත මායිමේ තියාගෙන 1000 සැමරුමට සහභාගි වෙන්න ඇවිත්.මාරයි මචං මේක නම්.මං මේ දවස් වල කියවන්නෙත් අර්නස්ට් හෙමිංග්වේගෙ මහල්ලා සහ මුහුද නවල් එකේ සිංහල පරිවර්ථනේ.බලනව බොක්කෙන්ම.නියමයි වීමා.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

  3. නීනු

    ඇයි... මෙහෙම කරන්නෙ... අපි පව් නැද්ද? දෙනවා කියලා... මෙහෙමත් දෙන එක හරිද?

  4. lasidu

    Thanks saho

  5. hh

    Jaya wewa patttaaaaaa

  6. amila

    Bohoma pin

  7. නලින්

    කියලා වැඩක් නැහැ විමා..

    නියම මුවි‍ එකක් ගෙනල්ලා තියෙන්නේ

    එවගේම නොදන්න කරුණු කාරනා රාශියක් දැන් ගත්තා

    ජය වේවා සහෝ..!!

  8. pasi

    ela ela thanks sub 1 ta dunna comment 1 kuth digatama sub denna labewa

  9. dilann

    Thanks lot

  10. janaka

    Niyama wadak saho.

  11. කැලුම් ගුණසේකර

    ස්තුතියි විමා සහෝ. ලිපිය කියෙව්වා ම නම් මටත් ආසා හිතුනා බලන්න. 350 නේ? රොයිලි ට තියන් හිටියේ. කමක් නෑ. ඕන් මාත් ගත්තා. :)

  12. sumdu

    Boho pin

  13. uda

    තවත් වෙනස්ම ඉසව්වක් කරා රැගෙන යාමක්. මේකනම් කඩඉම් සන්ධිස්ථානයක් වෙන්නෙ අධ්‍යක්ෂකවරයාට නෙමෙයි වගේ. මේක ලෝක සිනමාවටම එක්තරා සන්ධිස්ථානයක් වෙලා පාටයි. අද දවස තුළ මෙතෙක් ගෙනා වෙනස් ඒවට තවත් වෙනස්ම වෙනස් එකක් එකතු කල එක හරිම අගෙයි.

    කෙටි චිත්‍රපටියක් කරන එක මටනම් හිතෙන්නෙ අනික් එකක් කරනවා වඩා අමාරු වැඩක්. හොදම අවස්ථා තේරීමම පණ යන වැඩක්! :O ලෙහෙසි නැහැ. ඊටත් මේ වගේ ඉස්තරම් කතාවක් වුණහම හරිම අමාරුවක තමයි වැටෙන්නේ. මේකනම් ඒ අභි‍යෝගය ජයගත් එකක් පාටයි නේද?

    එහෙමනම් ස්තුතියි විමාට රුසියන් බසත් අදට එක්කළාට. ජය සහෝ!

  14. yeshu

    thankZ

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......….. බුදු සරණයි…............

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….. බුදු සරණයි…............

  17. nuwa

    Ela ela...ube kale weya karagena apita balanna me wage watina film 1kata sub 1k keruwata thanx macho...keep it up...

  18. ප්‍රශන්න

    අප්පටබොල මේකත් බලන්න එපෑය... ඒකත් බානවා...

  19. කසුන්

    thanks macho...

  20. sachith

    නියමයි විමා...
    මමත් බොහොම කැමැත්තෙන් කියවපු කතාවක් මේ. මෙහෙම සිනමාපටයක් තියනබව දැනන් හිටියෙත් නෑ.
    ස්තුතියි...

  21. නවීන් ලක්ෂිත

    ආහ් අන්තිමට විකියට පින්සිද්ධ වෙන්නේ විමා රුසියාවෙන් නැවතිලා තියෙන්නේ යන්තම් පොස්ට් එක කියවන්නම විනාඩි 3ක් විතර ගියා මටනම් :)
    එල එල සහෝ ඔන්න මේකත් බානවා එහෙනම් හැබැයි දැන්ම බලන්න වෙන්නේ නම් නැතිවෙයි මේ දෙන ෆිල්ම් සෙට් එකේ හැටියට

  22. amila

    thank you

  23. Nishantha

    thanx machan

  24. දිනිඳු සම්පත්

    රුසියන් එකට සබ් දීලා තියෙන්නේ අපේ විමා කොල්ලනේ.. මම පොඩිකාලේ ආසාවෙන් කියවපු පොතක් තමයි මහල්ලා සහ මුහුද.. අනිත් එක ලස්සන වසිලිස්සා. ඒකත් රුසියන් එකක්.
    ඉතින් සහෝ, බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මේකනම් අනිවා බානවා. ජයවේවා!

  25. Menu1024

    මෙහෙම films download කරන්න ගියොත් මොකක් වෙයිද දන්නේ නෑ...

    Any way.. Thank you bro :)

  26. Amila

    kolla diyunu wela.... a.... ahomo yamu ohoma yamu.... ala a....

  27. suna

    meeka sira kathawak...harima lassanai.. thanks :)

  28. BuLa

    ඔහොම යන් ඔහොම යන් ,බයිස්කොපේ එකෙන් ඉංග්‍රීසි හැර අනෙකුත් භාෂා වලින් සබ් දීම ගැන මගේ බලවත් ප්‍රීතිය පලකරමි .රුසියන් ,ප්‍රංස ,තායි ,පිලිපින්,හන්ගේරියන්,ඊ ටි සි .... නියම ෆිල්ම්ස් තියෙනවා ,මෙහෙම යනකොට ඒවා සිංහල උපසිරසි එක්ක බලන්න ලැබේවි....ජයවේවා.....

  29. Sameera

    Great Work.Thank u Very much

  30. Sameera

    Man ape baiscope yaluvanta thava ypjanawak keranna kamthiy.me vage sahithyata sinamawata sewayak kerapu minissu gana keti lipi pelakuth dammoth ape lama parapuratath ape danumatath prayojanavath vei neda?

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේකට ඉතින් මක්ක කියන්නද...අනිවා බෑමක් තමයි ඉතින් කියලත් බැහැ...මොකද මම ඉතින් මේක කලින්ම බැලුව නොවැ...මේ වීමා කාරය ඉන්නවා නේද...අමුතුම චොයිස් එකක් තියෙන පොරක් නොවැ...දීපු බයිස්කොපුත් එහෙමමයි... මෙන්න මේක මම බලපු අමුතුම බයිස්කෝප් එකක්....මම මේක බලල මෙකාගෙන් ඇහුවත් එක්ක බං මේක දිය සායම් ෆිල්ම් එකක්ද කියලත්... ඇත්තටම මේකනම් අමුතුම ආරක් ගත්තු , කාර්ටූන් කියන්නත් බැහැ, 3D කියන්නත් බැහැ, අනිවා වචනේ තමයි දිය සායම්....ඔව් දිය සායම් බයිස්කෝප් එකක්...මේක කෙටි ෆිල්ම් එකක් උනාට මේකෙන් දෙන ආදර්ශ්යනම් ඉතාමත් විශාලයි...ඔයාල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මේ බයිස්කෝප් එක බලන්න කියලා....ඔයාලට අමුතුම රසාස්වාදයක් මෙන්ම ජීවිතයට යමක් ලබා ගන්න පුළුවන් වෙයි...එහනම් විමෝ..මම දන්නේ නැහැ මගේ මේ කොමන්ට් එක කොච්චර චාටර්ද කියලා...මීට වඩා චාටර් විදියක් මට ආවේ නැහැ..එහෙනම් ජයවේව වගේම මගේ ලිපියට දුන් සහයට බොහෝම පින් දෙනවා.....

  32. තුසිත

    jaya wewa machan thx

  33. Chami.S

    Thankss...

  34. Batta

    Great one brother !..

  35. THARAKA

    maka patta kathawa mama kiyawala thiyanawa.thanks......

  36. hm

    මචන් ඇමැති කෙනෙක් නොවෙඉ ගීද මෝප සාං කතාව කිව්වේ. ලංකාවේ බුද්ධිමත්ම සාමාජිකත්වයක් ඉන්නවා කියල ඒ අයම කියන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක විමල් වීරවංස මැතිතුමා එවකට රාජ්‍ය සාහිත්‍ය උලළේ ආරාධිත දේශකයා ලෙස සහබාගි වෙමිනුඉ ඔය කතාව කලේ.ගරු විමල් මන්ත්‍රී තුමා සාහිත්‍යය ගෙන දන්නේ නැහ.එතුමාව අමාරුවේ දාන්න බලාගෙන පුබුදු ජාගොඩ තමාලු ඔය කතාව ලියල දීල තියෙන්නෙ.

  37. ශාන් විමුක්ති [වීමා] 〠

    එලම කිරි තමා
    දැනුවත් කරාට බොහොම තුති හොදේ සහෝ
    මම ඔය වගක් දැනන් උන්නෙ නෑ නොවැ
    කොහොම උනත් මගේ අතීත මතකයක් එක්ක තමා ඕක සදහන් කලේ බන්
    මචං ඒ වෙනකොට විමල් වීරවංශ ආන්ඩු පක්ෂෙ නෙමේද උන්නෙ?

  38. d2dinu

    ජයෙන් ජයවේවා!

  39. fdf

    අදෝ පස්ටනේ. එල තෑන්ක්ස්... ඊයෙ පෙරේදා පොත කියෝල ඉවර උනේ...... හැහ්....

  40. dhanushka

    bokkatama wadinna film eka gena wistare dala tiyanawa.ela ela

  41. හසන්ත වික්‍රමරත්න

    මේකාගේ වයසට නෙමෙයි වැඩ. උඹ දන්න දේවල් බන් මල්ලියේ. හප්පේ උදා පරාදයි.ඒක නෙමේ අර විභාහගේ දින නියමයකින් තොරව කල් දැම්මද? මේවා කරන්නේ? බැහැ බැහැ කියලා මරමස්ථානයක් බලලා පහර දීලා තියෙන්නේ. වැඩේ නම් නියමයි. පොත කියෙව්වට මෙහෙම දෙයක් ගැන දැනන් හිටියේ නැහැ.එහෙනම් ගොඩක් ස්තුතියි විස්තරෙටයි උපසිරසටයි දෙකටම. මීට වඩා තමන්ගේ ජීවිතේට බලපාන දේවල් වලට හිත යොමුකරනවා නම් මැනවි. මොකද උපසිරැසි ඕනේ වෙලාවක පුළුවන් ජිවිතේ එහෙම ඕනේ වෙලාවක හරි ගස්සන්න බැහැ.

  42. “චූටී මල්ලි”

    පට්ටනෙ සහෝ
    මේ සුවිශේෂි දිනයෙ අප වෙනුවෙන් උපසිරැසියක් ලබාදුන් ඔබට
    මාගෙ ප්‍රණාමය...
    ඔබට සදා ජය...

  43. Danuka

    ඔබට
    මාගෙ ප්‍රණාමය…
    ඔබට සදා ජය

  44. indika

    ela,,.. thnq...!!! :)

  45. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ බයිස්කෝප් උපසිරැසි 1000 වෙනුවෙන් මේ දීපු සිංහල උපසිරැසියට. පොත කියවලා තිබ්බට චිත්‍රපටියක් විදියට බලල නෑ. ඒ හින්දා මෙන්න බානවා. :P :P

  46. Nuwan

    Ela machan Ela Obata ape sthuthiya

  47. Cleyoni

    gud work daleee.. <3 :) :D

  48. vernie

    maru

  49. dimuthu තරංග ඉලුක්කුඹුර

    ලස්සනම ලස්සන කතාවක් නේ සහෝ ඔයා මේපාර ගෙනත් තියෙන්නේ, බාගත කරන අය අඩු උනත් මේ වගේ ලස්සන කතා ඉදිරියටත් අරන් එන්න,ජයවේවා.

  50. dimuthu තරංග ඉලුක්කුඹුර

    1958 කතාවත් පුලුවන්නම් දෙන්න බලන්න සහෝ.

Load more comments