[box]අද බයිස්කෝප් කණ්ඩායමට සුවිශේෂී දවසක් බව ඔබ දැනටමත් දන්නවනෙ.. ඒ නිසා අද මම ගෙනාපු චිත්‍රපටය දිහාට හැරෙන්න ප්‍රථම බයිස්කෝප් කණ්ඩායමට සුභ පැතුම් එකතු කරනව උපසිරැසි සහස්ර සැමරුම වෙනුවෙන්.. අන්තර්ජාලයට නිකුත් කෙරුණු ප්‍රථම නිදහස් සිංහල උපසිරැසිය රොයිලි සහෝගේ අතින් නිම වෙද්දී සිංහල උපසිරැසි කලාව නව…
අද බයිස්කෝප් කණ්ඩායමට සුවිශේෂී දවසක් බව ඔබ දැනටමත් දන්නවනෙ.. ඒ නිසා අද මම ගෙනාපු චිත්‍රපටය දිහාට හැරෙන්න ප්‍රථම බයිස්කෝප් කණ්ඩායමට සුභ පැතුම් එකතු කරනව උපසිරැසි සහස්ර සැමරුම වෙනුවෙන්.. අන්තර්ජාලයට නිකුත් කෙරුණු ප්‍රථම නිදහස් සිංහල උපසිරැසිය රොයිලි සහෝගේ අතින් නිම වෙද්දී සිංහල උපසිරැසි කලාව නව මාවතකට යොමු කෙරුනා. අද වන විට බයිස්කෝප් කණ්ඩායම එම මාවතේ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කරගෙන තිබෙනවා. මෙතරම් දුර ගමනක් යාහැකි වේ යැයි එදා ඔවුන්වත් නොසිතන්නට ඇති.. අද මම හදවතින්ම ඒ ගැන සතුටු වෙනව, යම් තරමකින් හෝ එම ජයග්‍රහණය වෙනුවෙන් මටත් දායක වීමට ලැබීමත් ඒ සතුටට හේතුවක්. හොඳයි එහෙනම් දැන් සහස්ර සැමරුම වෙනුවෙන් මම ගෙනාපු චිත්‍රපටය දිහාට හැරෙමු.
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, දෙබස් සහ තිර රචනය කරල තියෙන්නෙ ජෝන් මහේන්ද්‍රන් විසින්. සුපිරි නළු “විජේ” සමඟ සුපිරි නිළි “ජෙනීලියා” තමයි මෙහි ප්‍රධාන චරිත රඟපාන්නෙ. සෙසු චරිත සඳහා “බිපාෂා බාසු”, “සන්තානම්” සහ “වදිවේලු” රංඟනයෙන් දායක වෙනවා. ඒ කියන්නෙ සුපිරිම නළු නිලි සෙට් එකක් තමයි ඉන්නෙ.
මට මතකයි බොහොම ඉස්සර දවසක මේ චිත්‍රපටය ටීවී එකේ ගියා. හරිම ලස්සන ආදර කතාවක් තමයි මේ චිත්‍රපටය පුරාම දිවෙන්නෙ. මම හුඟක්ම කැමති චිත්‍රපටයක් නිසා අද වගේ විශේෂ දවසක මම මේ දමිළ ආදර කතාව සිංහල උපසිරැසි සමඟ ඔයාලට දෙන්න ඕනෙ කියල තීරණය කරා. ආදරය කියන්නෙ තරුණ පරම්පරාව අතර බොහොම සුලභව ගැවසෙන දෙයක්නෙ. සමහරුන්ට නම් වහ කදුරු වගේ ඇති. ඒවට ඉතින් සාදාරණ හේතුත් ඇති. හැමදේකම දෙපැත්තක් තියනවනෙ. කෝකටත් හැමදෙනාම චිත්‍රපටයේ දිවෙන කතාව ගැන කෙටි අදහසක් ගන්න මේ ටික කියවල බලන්නකො.
සචින් තමන්ට හිමි ගමන්වාරය පැමිණෙන තෙක් ගුවන් තොටුපලේ මගී පර්යන්තයේ රැඳී සිටිනවා. තමන්ගෙ අධ්‍යාපන ජීවිතේ හමාර කරල ගෙදර යන්න තමයි එයා ඉන්නෙ. මේ අතරෙදි එයා දකිනව තරුණ ආදරවන්තයින් යුවලක්. එතකොට එයාට මතක් වෙනව තමන් කැම්පස් එකේ ගත කරපු ජීවිතය ගැන.. ඊට පස්සෙ දිගටම පෙන්නන්නෙ කැම්පස් එකේ සිද්ද වුනු සිදුවීම්. මේ කැම්පස් එකේ ඉන්නව “ශාලිනී” කියල ගෑණු ළමයෙක්. එයා තමයි කැම්පස් එකේ ඉන්න කොල්ලන්ගෙ සිහින කුමරිය. හරිම අහංකාර, ඉක්මනින් කේන්ති යන කෙල්ලෙක්.. මෙයාගෙ ලස්සන නිසා හැමෝම ට්‍රයි කරන්නෙ ශාලිනීව එක්ක යාලු වෙන්න. එක එක අය තමන්ගෙ ආදරේ විවිධ ක්‍රම මගින් ශාලිනීට ඔප්පු කරල පෙන්නන්න හදනව. මේ අතරෙදි තමයි සචින් මේ කොලේජ් එකට එන්නෙ. සචින් කියන්නෙ බොහොම අවංක, නිහතමානී, හොරබොරු වංචා නැති, කෙලින් කතා කරන, නිතරම හිනා වෙලා විනෝදෙන් ඉන්න කොල්ලෙක්. ශාලිනීව දැකපු පළවෙනි දවසෙම සචින් ශාලිනීට ආදරේ කරන්න පටන් ගන්නව. ඒත් ශාලිනී සචින්ට ආදරේ කරන්නෙ නෑ. මොකද දැකපු ගමන් ඇති වන ආදරය ශාලිනී විශ්වාස කරන්නෑ. එයා කියන්නෙ එහෙම ඇතිවන ආදරයත් තාවකාලිකයි කියල. ඒත් සචින්ට ලොකු විශ්වාසයක් තියනව ශාලිනී කවද හරි තමන්ට ආදරේ කරනව කියල.
ඕක තමයි චිත්‍රපටයේ ආරම්භය.. ඊට පස්සෙ තව හුඟක් සිදුවීම් සිදු වෙනව. කතාව වෙනම පැත්තකට හැරෙනව. මේ චිත්රපටියෙ කතාවෙ ලස්සන තවත් වැඩිවෙන්නෙ ඒකෙ තියන දෙබස් වලින්. ඒ නිසා සිංහලට පරිවර්තනය කිරීමේදී එහි රසය උපරිමයෙන් ලැබෙන විදියට පරිවර්තනය කරන්න තමයි උත්සහ කරේ. එහෙනම් ඔයාලම බලන්නකො මේ දෙන්නගෙ ආදරයට මොනවගේ දෙයක් වෙයිද කියල..
හුඟ දෙනෙක් මගේ ෆේස්බුක් මැසේජ් එවල තිබුන මට Friend Request එවන්න බෑ කියල. ඒ නිසා ඔන්න මම “ෆේස්බුක් පේජ්” එකක් හැදුව. යන ගමන් ඒකටත් ‘Like’ එකක් දාගෙනම යන්න. එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙත් දවසක මේ වගේ සොඳුරු සිනමා සිතුවමක් රැගෙන හමුවෙන්නම්. හැමෝටම ජය වේවා෴
700 MB කොපිය මෙතනින් බාගන්න 37024b919c44bbb3f25a990dfe4c828216e810da 2.1 GB කොපිය මෙතනින් බාගන්න 4a1e02e554068dbde09a9767d39989ccf2a1956b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,198 downloadsDownload Sachein.2005.zip111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
58 comments
ශාන් විමුක්ති [වීමා] 〠
sumdu
Thanks
hh
Jaya wewa
lakshitha viraj
niyamai...me wage telegu film tikak denna ...
නවීන් ලක්ෂිත
මේකත් පට්ට ෆිල්ම් එකක් නේ ඇත්තටම මාර ලසාන ෆිල්ම් එකක් ඔන්න එහෙනම් ඒකත් ආපහු සිංහලත් එක්කම බලන්න හදන්නේ ෆිල්ම් ඒකනම් තියෙනවා සබ් එක අරගෙන බලනවා ආපහු සැරයක් :)
amilatk
thanksssss
quik
thanks
tharanga
අනිවා බලන්න ඕනේ මචං.. ජය!
naleen
bohoma pin didula
wow
wow,... maru :D
chami
thnxxxxxxxxxxxxxxxxxxxxxxx
නලින්
එල එල දිදුල සහෝ
මේ බැලුවේ ඔයා කොහේද කියලා
ජය වේවා සහෝ මේ සබට
Fernando
ela tamil aniwa balanwa thanks
shann
පට්ට පතුරු මචං ඔහොම යන් :)
lasidu
සිනමාවට ජාති බේද නෑ.... ඒක නිසා මෙය සිනමා නිර්මාණයක් විදියට හැමෝටම රසවිදියට හැකි වෙන්න ඕනේ..
ජය වේවා!
zumo man
elazzz thnxzzz
නීනු
තාම ඕනෙම එක ආවෙ නෑ... මේවාට තැන්කූ.. හැබැයි... මම රෙවලූෂන් එනකං අවදියෙන් හරී.... ( තර්ජන පිට තර්ජන එවමින්.)
rusuru | රුසිරු
බොහොම පින් කොල්ලා
කැලුම් රණවක
නියමයි දිදුල සහෝ..මේක මමත් ආසම ස්ටෝරි එකක්.ලස්සන කතාවක්.
ganidu
තෑන්ක්ස් වේවා!
Bandula
jayama wewa!!! sahota!!!! :P
දිනිඳු සම්පත්
අපේ දිදුලත් 1000ට පට්ට ෆිල්ම් එකක් ගෙනල්ලනේ. මේක මම ටීවී එකේ බැලුවා. නියම කතාවක්. හැබැයි ඉතිං දිදුල සබ් දෙන නිසා තව පාරක් බලන්නම ඕන. දන්නවනෙ ඉතිං ටීවි එකේ දෙන සබ් ගැන. අපේ කොල්ලන්ගෙ සබ් වල අහලකින්වත් තියන්න පුලුවන්ද?
Menu1024
ජය වේවා සහෝ :)
D.Chamara
niyama wada tanakz
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ්..ඔන්න අපේ සබ්ටයිටල් මැෂිමත් අද පට්ට දෙමල එකක් අරන් ඇවිත්...කලිනුත් මම කියල ඇති මමනම් දෙමල තෙලිගු එව්වට එතරම් ආසා නැහැ..ඒත් විජේ, වික්‍රම් වගේ නළුවෝ ඉන්න එව්වා අතාරින්නේත් නැහැ..එහෙනම් ලිපිය දැක්කම හිතෙනවා පට්ටම එකක් කියලා, අනේ මන්දා ශක්ති ටි වී එකේ මේ වගේ එකක් බැලුවා කියලත් මතකයක් තියේ...ඒත් මොකද ආයේ බලනවා...මගේ උණුසුම් සුභ පැතුම් දිදුල සහෝ ඔයාටත් අපේ බයිස්කෝප් අඩවියේ සහශ්රයටත්.....ජය වේවා!!!!
චාමර පෙරේරා
උබල දන්නවද මේ film එක කොපි කරලා ගහපු සිංහල film එකක් තියෙනවා. ආදරයේ නාමයෙන්(feel my love) කියල අවේ මේකෙම කොපියක් තමා.
uda
දිදුළ අපිව නැවතත් ඉන්දියාවට රැගන ගොහින්නේ...
ඉන්දියාව අපට සමීපම රට හැටියට අපට සමීපව දැනෙනවා වැඩිද මන්දා!
මොනවා වුණත් අපේ ආසන්නයේ තිබෙන සිනමාවේ ශක්තිය ගැන මේ හොද උදාහරණ.
ඉතින් සහෝ ඒ ගැනත් සිහිපත් කරවලා දෙන්ඩ වෙහෙසුණ එක ගැන බොහොම සතුටුයි. කොච්චරවුණත් අපේ වුන් හොදටම වහවැටෙන ඒවා තමයි මේවා.
ඉතින් විදෙස් සිනමාව ගැන කියනකොට අපට මේ රට අමතක කරන්ඩම බෑ...ස්තුතියි රසවත් සිනමා සිතුවමක් සිංහල කරල ගෙනා එකට. ජය!
දිදුල Kd සිල්වා
@චාමර පෙරේරා: නෑ යාලුවා.. "ආදරේ නාමයෙන්" කියන්නෙ මේ ෆිල්ම් එකේ කොපියක් නෙමෙයි. ඒක "කුට්ටි" ෆිල්ම් එකේ කොපිය.. ආදර කතාවක් නිසා දෙකම ටිකක් එකවගේ නම් තමයි..
“චූටී මල්ලි”
පට්ටනෙ සහෝ
මේ සුවිශේෂි දිනයෙ අප වෙනුවෙන් උපසිරැසියක් ලබාදුන් ඔබට
මාගෙ ප්‍රණාමය...
ඔබට සදා ජය...හසන්ත වික්‍රමරත්න
දිදුලගෙන් එහෙනම් දමිළ භාෂාවෙන් එකක්. අද නම් නිකන් වර්ල්ඩ් ටුවර් එකක් ගියා වගේ. මට නිකන් පික්සු වගේ අපේ සයිට් එකමද කියලා.නියමයි උපසිරැසි 1000සදා නොමැකෙන විදිහට කොටනවා අපේ සැට් එක. ලේසි නැහැ මේක දිදුල කොල්ලා හොයලා හොයලා මටත් කියලා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරවලා හොයා ගත්ත ෆිල්ම් එක අනිවා බලන්න ඕනේ.එහෙනම් ස්තුතියි මල්ලි දායකත්වයට.
ගයාන්
තෑන්ක්ස්
Sisira Hegoda
Thanks
indika
ela,,.. thnq...!!! :)
mudiya / මුදියා
මං ගෙදර ගිය ගමන් අපේ දිදුලය පට්ටම ෆිල්ම් එකක් දීලනෙ.ඒව කොහෙද මාත් එක්ක.ඔන්න ආපු ගමන් බාන්න දැම්ම.වැඩිය දෙමළ ෆිල්ම් බලල තිබුනෙ නෑ.ඒත් ඉතිං අපේ සයිට් එකේ දුන්න ඒව වැඩි හරියක් බැලුව.මේකෙ කොමඩි එහෙමත් ඇති නේද.නියමයි නියමයි.සහශ්‍ර සැමරුමට වැඩි දායක්වයක් ලබා දුන් ඔබටත් තුති.
ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!කැලුම් ගුණසේකර
ස්තුතියි දිදුල සහෝ උපිසරැසි ගැන්වීමට
pasi
ela ela pata film 1 wage thanks sub
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ බයිස්කෝප් උපසිරැසි 1000 වෙනුවෙන් මේ දීපු සිංහල උපසිරැසියට. අනිවා බෑමක්. :P :P
sara
thanx...............
me
Thanks
Harsha Lahiru
Thanks Bro
dimuthu තරංග ඉලුක්කුඹුර
ඔන්න මමත් ගත්තා,ස්තුතියි සහෝ,ජයවේවා.
Uvindu sathsara
keep working....
රාම් රාජ්
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
lakshitha viraj
MAXXXXXXAAAAA!!!!!!!!!!
macho!
lakshitha viraj
ජය වේවා සහෝ :)
amal
ela ela math meeta kalin meka balala tiyanwa . thanks saho
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍namika
දමිළ තමා.. මම නම් මේක බලලා තියනවා. මාරම ලස්සන ලව් ස්ටෝරියක්.
දිදුලගෙත් මාරම චොයිස් එක තමා.
ලස්සණ ෆිල්ම් බලලා නැති අය ඉන්නවනම් මේක බලන්නකෝ.
උපසිරසිය සඳහා වුන මහන්සියට දිදුල සහෝට බොහොම ස්තුතියි!Sahan Chamod
sachein,villu,velayutham,tuppakki movies walata amathara thawa vijay movies denna.
shakila
pattai machan...
athama kiyanawa nam mama kawadaawath comment ekak wath daala na site eken films download karaata..!
samawenna oona eekata oyala hamootama...!
karagena yana wadee nam pattai machan la...!
mata umbalata support karanne kohomada kiyanna nam danne na
but umbalata godaak hodata wadee karagena yanna labewa kiyala wish karanawa machanlaa...!!
wish u al da best...!
Advertisement

මට නිකමට හිතුන දමිල එකනම් උබ තමා කරන්න ඇත්තෙ කියල ;)
එලම තමා
උපසිරසියට තුති වේවා,
උබට ජය වේවා :D
ඔන්න මගෙනුත් ලයික් එකක ;)