අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S03 : E07] with Sinhala Subtitles | ලේ වැගිරුණු රාත්‍රී භෝජන සංග්‍රහය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

The Originals S3P3

හම්මේ ටිකක් ප්‍රමාද වුනා මෙදා පොටේ නම්. ටිකක් නම් නෙවෙයි ගොඩාරියක්. මේකයි උනේ. මේ ඔරිජින්ල්ස් කියන්නේ හරිම ගුප්ත කතාවක් කියලා ඔයාලට තේරෙනවා ඇතිනේ. මේකට ඉංග්‍රීසි උපසිරැසිය පවා පරක්කු කරලා දාන විත්තිය මං දැනගත්තෙත් ගිය සතියේ උපසිරැසි හා මේ සතියේ එක එක්ක සසදනකොට. කොහෙද සෙනසුරාදා තමා මේකට ඉංග්‍රීසි උපසිරැසිය ඇවිත් තිබුණේ. මට පුලුවන් කමක් තිබුනේ සිකුරාදා. :/ ඉරිදා දවසෙත් ටිකක් විතර ඉවර කරලා සදුදා දවසේ තමා ඉවර කරගන්න ලැබුණේ. අනේමන්දා මාත් ඉතිං කරනවට මේක කරනවා. කලින් මේකේ එක හා දෙක යන කතාමාලා දෙකට තිබුණු බාගතකිරීම් , අදහස් මේකට නැති තරම්. මං දන්නේ නැහැ ඒක මේ කතාවේ වරදක්ද එහෙමත් නැත්තම් මගේ වරදක්ද කියලා. 🙁 හැබැයි ඉතිං මං මෙහෙම දෙයක් කියන්න කැමතියි මං දැන් ගත්ත බෙරේ මං ගහලා ඉවර කරලම තමා පස්ස බලන්නේ. ඒ නිසා මං ඔයාලට කියන්න කැමතියි උපසිරැසිය ප්‍රමාද වෙලා හරි මං දෙනවා කිව්වොත් දෙනවා. ඒකෙ ආයේ සැකයක් තියාගන්න එපා.

කලින් කොටසේ මතක ඇතිනේ නොහිතපු ගොඩක් දේවල් වුනා. රෙබෙකා හා ෆ්‍රේයා දෙන්නා මැජික් බලයෙන් එකතු වෙලා කතා කරනවා. නමුත් අර ස්ට්‍රික්ස් එකෙන් පැනලා රෙබෙකාගේ මායාකාර සිරුර විනාශ කරලා රෙබෙකාගේ සැබෑ සිරුර හොයාගෙන එනවා. ඒ වෙද්දී එයාට පනත් ඇවිල්ලා. හම්මේ රෙබෙකා ආදරෙයි ගොඩක්! ඒත් ඉතිං එයාගේ පපුවට අර අයා කියන ගෑනි කිනිස්ස බස්සලා නින්දට යැව්වා. ෆ්‍රේයා, එලයිජා, මාසෙල්, හෙයිලි කට්ටිය කලබල වෙලා හොයනවා. ඒත් හොයාගන්න බැරි වුනා. ඒ අස්සේ ක්ලවුස් ඔරෝරා එක්ක මගුල් නටනවා. රෙබෙකාට වුන දේ දැනගත්තම ක්ලවුස්ටත් ගොඩක් තරහ යනවා. ඒත් ඉතිං ඔරෝරා කියනවා එයා රෙබෙකාව ආරක්ෂා කරා කියලා අර ට්‍රිස්ටන්ගේ කට්ටිය රෙබෙකාව අරගෙන යනකොට. ඔව් ඒක නම් ඇත්ත. ඒවගේම තමා අර ලූෂියන් කියන දෙපිටිකාට්ටුවා අර පදක්කම වගේ එකෙන් තමා මයිකල්සන් පවුල විනාශ යන්නේ.ඒක තිබුණේ කැමීල් ළග. ඒකට ලොකු වදවේදනා දුන්න හැටි දකින්න ඇතිනේ.

අද කොටසේ තවම කට්ටිය රෙබෙකාව හොයන උත්සහය අතහැරලා නැහැ. ඒකට ක්ලවුස් හා එලයිජා පොඩි සැලසුමක් ගහනවා. ඒක රාත්‍රී භෝජන සංග්‍රහයක්. ඒක හරි යාවිද? ඒවගේම ඔරෝරාව විශ්වාස කරන්න පුළුවන් වෙයිද? එයා රෙබෙකාව කොහෙද හංගලා ඇත්තේ? ඒවගේම අද කොටසේ ඩවීනට හොහිතපු විදිහේ දෙයක් වෙනවා. බලලම ඉන්නකෝ එහෙනම්.!

අහ්හ්හ් එචාගේම මේ කතාමාලා බලන කට්ටියට කරන්න පොඩි දැනුම්දීමක් තියෙනවා. CW නාලිකාවේ විකාශය වෙන සියළු කතාමාලා මේ සතියට විතරක් විකාශය වෙන්නේ නැති බවට ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ මං වගේම ඇරෝ, ෆ්ලෑෂ්, අයිසොම්බි සදහා උපසිරැසි අරගෙන අය එන්නේ මේ සතියේ නෙවෙයි ලබන සතියේ. එහෙනම් ඉතිං ගිහින් එන්නම්. තවත් උපසිරැසිවලින් හමුවෙනතුරු බයිස්කෝප්වාසි සියළු දෙනාට ජයෙන් ජය..!!

 The Originals (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/fWTtrw” type=”icon” “center” newwindow=”yes”] 147 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

D9C250366131A319C2929FA124D25A5D776773FE

[button link=”https://goo.gl/OINUfr” type=”icon” “center” newwindow=”yes”] 201 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

2F39FEA2213CD9BA43E0D3D8962F941C51E6B8B9
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

28 thoughts on “The Originals [S03 : E07] with Sinhala Subtitles | ලේ වැගිරුණු රාත්‍රී භෝජන සංග්‍රහය. [සිංහල උපසිරැසි සමඟ]

  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • Thnks machn sub ekata episode 08/09 dnnnakoo

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Saman Indika

    macho comments balagena keruwoth winasai

    Reply
  • අනේ කොල්ලො නවත්තන්නනම් එපා!
    මේක එනකන් බලන් ඉන්නෙ
    Thanks සබ් එකට

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    පරක්කු උනත් උපසිරැසි දෙන එකයි වටින්නේ..
    තව සති කිහිපයකින් කොහොමත් කතා මලා විරමයක් ගන්නවනේ..
    එහෙනම් දිගටම කරගෙන යමු සහෝ..

    ජය වේවා !!!

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa

    Reply
    • BROTHER oya digatma karanda sub eka parakku unata kamak na……..nathara karanda nam epa plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

      Reply
      • BROTHER oya digatma karanda sub eka parakku unata kamak na……..nathara karanda nam epa plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

        Reply
  • thanks bn.meeka enakan patta awulen hitiye..thanks ahh

    Reply
  • sunilakalanka

    hada gelaveela wisi weela passe aye hari giya uda thibba wisthareta 😛 sub 1 denna parakku unath kamak ne nodi inna epa 😀 😀 😛 😛

    Reply
  • sunilakalanka

    hada gelaveela wisi weela passe aye hari giya uda thibba wisthareta 😛 sub 1 denna parakku unath kamak ne 😀 😀 😛 😛

    Reply
  • පරක්කු වෙලා හරි කොහොම හරි සබ් එක දුන්න එක වටිනවා…
    ඊලග කොටසෙන් හමු වෙමු…
    ජය වෙවා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *