Watch Trailer

The Revelation of the Pyramids (2010) | ලෝක ඉතිහාසයේ වෙනසක්…. [සිංහල උපසිරැස සමඟ]

කැමතිද අභිරහසක් විසඳන්න… නිකම්ම අභිරහසක් නෙමෙයි.7 වන ලෝක පුදුමය වන ගීසාහි පිරමීඩය පිලිබඳ අභිරහසක්.ඔව්…මේ අභිරහස ඒ තරම්ම සංකීර්ණයි.පොඩි උදව්වක් විදියට මම කියන්නම් මේ අහිරහසේ පුංචි කොටසක්.ඒකෙන් ඔයාලට මේ අහිරහසේ තරම මැන ගන්න පුළුවන් වේවි.මේකේ අඩංගු වෙලා තියනවා ඔරලෝසුවක්.ඒ ඔරලෝසුවෙ කටුවකට එක රවුමක් කැර…

The Revelation of the Pyramids (2010)

කැමතිද අභිරහසක් විසඳන්න… නිකම්ම අභිරහසක් නෙමෙයි.7 වන ලෝක පුදුමය වන ගීසාහි පිරමීඩය පිලිබඳ අභිරහසක්.ඔව්…මේ අභිරහස ඒ තරම්ම සංකීර්ණයි.පොඩි උදව්වක් විදියට මම කියන්නම් මේ අහිරහසේ පුංචි කොටසක්.ඒකෙන් ඔයාලට මේ අහිරහසේ තරම මැන ගන්න පුළුවන් වේවි.මේකේ අඩංගු වෙලා තියනවා ඔරලෝසුවක්.ඒ ඔරලෝසුවෙ කටුවකට එක රවුමක් කැරකෙන්න ගත වෙනවා අවු.26000 ක්.මොකද හිතන්නේ..? එහෙම දෙයක් ගැන හිතා ගන්නවත් පුලුවන්ද.මම ඒ කිව්වේ ඉතාම පුංචි දෙයක් පමණයි.අපි නොදන්නා අපිට හීනෙකින්වත් හිතා ගන්න බැරි ඒ වගේ ගොඩාක් දේවල් මේකේ අඩංගුවෙලා තියනවා.

මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම පාගේ දිවෙන්නේ පිරමීඩය පිටුපස සැඟවී තිබෙන රහසක් සොයන්න.ඒක ලෝකෙට අනාවරණය කරන්න.ඒ මඟින් ලෝකෙට දෙන්න පුළුවන් විශේෂම පණිවිඩයක් දෙන්න.පිරමීඩය හදන්න යොදා ගත් තාක්ෂණය, පිරමීඩයට ලෝකයේ අනෙකුත් පුරාතන ස්ථාන සමඟ තිබෙන සම්බන්ධය, පිරමීඩය හදන්න හේතු මොනවද , කව්ද පිරමීඩය හදල තියෙන්නේ, මොනවද යොදා ගෙන තියෙන්නේ පිරමීඩය සහ විශ්වය අතර ඇති සම්බන්ධය මොකක්ද වගේ බොහොමයක් දේවල් මේ චිත්‍රපටය තුලින් සාකච්ඡා කරනවා.ඔවුන් පිරමීඩය ගැන හොයන මේ රහස නිසා ලෝක ඉතිහාසයම වෙනස් වෙනවා.මොකද 7 වන ලෝක පුදුමය වන මේ ගීසාහි පිරමීඩය ඒ තරම්ම ලෝකයත් එක්ක බැඳිලා.

මේක ප්‍රංශය විසින් නිපදවපු චිත්‍රපටයක්.අධ්‍යක්ෂකවරයා වෙන්නේ Patrice Pooyard.ඔහු මේ චිත්‍රපටය හදල තියෙන්නේ අවු.6 ක්ම ඒ ගැන ගවේෂණය කරලා.ඒ සොයා ගත් දේවල් පමණක්ම නෙමෙයි මේකේ අඩංගු වෙලා තියෙන්නේ.මේක නිර්මාණය කරලා තියෙන්නේ Jacques Grimault කියන ලේඛකයාගේ “Revelations of the pyramid” කියන පොත පාදක කරගෙන.අන්න ඒ විදියට තමයි මේ චිත්‍රපටයට නම වැටිලා තියෙන්නේ.ඒ වගේම මේකට IMDb එකේ හිමි වෙලා තියනවා 6.9 ක අගයක්.ඉතින් ඔබ කැමති නම් ලෝකයේ තිබෙන දේවල් ගැන දැනගන්න, ලෝකයේ දේවල් ඉගෙන ගන්න ,මේ චිත්ර පටය නිසැකවම ඔබට බලන්න හොඳ චිත්රගපටියක්.මොකද අපි ලෝකයේ පුහු මිනිසුන් ලෙස මැවූ ලෝකයක ජීවත් වනවාට වඩා දැනගෙන ජීවත් වීම ගොඩක් වටිනවා.ඔබ මෙවැනි චිත්‍රපටයක් බලන පළමුවන අවස්ථාව නම්, ඒවගේ අයට මම අනතුරු හැඟවීමක් කරන්නම්.මේක බලන බොහෝ දෙනෙකුට මෙවැනි අලුත් දේවල් ඉගෙන ගන්න ලොකු ආසාවක් ඇති වේවි.

මේ මම විසින් ගෙන එන දෙවැනි වාර්තාමය චිත්‍රපටය.ඒ වගේම මේක පාසලක් වෙනුවෙන් මම කරන දෙවැනි චිත්‍රපටය.ඒ නිසාම මම මේ සඳහා විශාල වෙහෙසක් දැරුවා.ඒ වැරදි ඉතාම අවම කිරීම සඳහා සහ ඉංග්‍රීසි උපසිරසියේ තිබුණ අඩුපාඩු නිසා.ඉතින් මට සිදු වුණා මේකට සවන්දෙන ගමන් උපසිරැසි කරන්න.ඒ වගේම මම තවත් වතාවක් උපසිරසියේ අඩුපාඩු නිවැරදි කරලා තමයි ඔබ අතට පත් කරන්නේ.තවත් කිව්වොත් ඉතින් හැමදාම වගේ සත් භාවයෙන් වැඩක් කරද්දී එන කරදර මෙදා පාරත් අඩු නැතුවම ආවා.අපි ඉතින් සපත්තු හදන්න ගත්තොත් ළමයි ඉපදෙන්නෙත් කකුල් නැතුවනේ.මේක මට කරලා දෙන්න කියල දුන්නේ විකියා සහෝදරයා.ඉතින් ඔහුටත් හේතු දෙකක් නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ, මේක මට ලබා දීම සහ මෙවැනි චිත්‍රපට බැලීමට මගේ කැමැත්ත යොමු කිරීම සම්බන්ධයෙන්.ඒ වගේම හසන්ත සහෝදයත් අවසාන වශයෙන් මතක් කරනවා ඔහු තමයි මට වැරදි තියනවද බලලා කිව්වේ.ඔහු කිව්ව නිසාම තමයි මේකේ තියන නම් ගම් වලට සිංහලෙන් දැම්මේ.

ඉතින් ඉක්මනින්ම ඔබගේ රසවින්දනයට නැවතත් සලරුවක් රැගෙන එන තෙක් ඔබට ආයුබෝවන්.

The Revelation of the Pyramids (2010) on IMDb

 

 

368 MB කොපිය මෙතනින් බාගන්න

608105868D5F38EFC0F06FB7BF9AD33618384172 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,431 downloadsDownload The-Revelation-of-the-Pyramids2010-www.baiscopelk.com-2.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/දිල්ෂාන්-කාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

3,431 downloadsDownload Subtitles56 KB

73 comments

  1. dasun

    thanks wewa sahoo

    1. amiaangelo

      බොහොම ස්තුති සහෝ..http://vimeo.com/32828241 එක සබ් එකට ගැලපෙනවා.. තවත් මේ වගේ documentaries ඒවා දෙන්න..

    2. දිල්ෂාන් කාලිංග

      ඒක දුන්න එකනම් වටිනවා සහෝ...
      එල.

    3. දිල්ෂාන් කාලිංග

      http://vimeo.com/32828241
      මේකෙන් ගන්නත් පුළුවන්.

  2. sds

    pattama patta baiscope dan niyamai wadagth wena awath denawa

  3. vee

    maxxa akak

  4. ositha

    1,45 k time wage thiyenawa maru athi thawath demu mey wage awa :D

  5. Sisira Hegoda

    Thanks.

  6. Hasitha prasad

    පට්ට ඇති මේක අනිවා බලනව

  7. සමීර චතුරංග

    නියමයි..මම මේක බලලා නැහැ..බලන්න ඕනේ.

  8. wow

    wow,,, maru :D

  9. මිහාන්

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජය වේවා.

  10. mihin ලංකා

    කතාව කිය්වුවම නොබලා ඉන්නේ හිතනවා නම් මේක පව තමා ඒ තරම් පට්ට

  11. pathum

    all the best macho

  12. yasas

    thawath mey wage wadasatahan demu meywa sahenna wadagath

  13. hh

    maru macho

  14. ganidu

    තැන්ක්ස් වේවා!

  15. was

    තවත් මේ වගේ වැඩසටහන් දෙනවා නම් අගය කරනවා ජය!

  16. rusuru | රුසිරු

    ෆිල්ම් විතරක් බලලා හරියන්නේ නෑ නේ අනිවා මේවා දෙන එක බයිස්කෝප් එකෙන් අගය කරනවා කාලිංග එහෙනම් තවත් ඒවා ඉදිරියේදී දෙමු නේ

  17. sasika

    thq

  18. quik

    thanks

  19. venura

    supiri kalinga

  20. eranga

    thanksss lot

  21. ‍ගම්‍‍බට්‍‍ටා

    ‍ගො‍ඩා....ක්‍ ස්‍‍තු‍ති‍යි ‍ම‍චෝ........

  22. shan

    Me wage watina documentary denawata godaaak thanks bro.

  23. mudiya / මුදියා

    ඔන්න මචං පළවෙනි ඡේදෙ කියවල ඉවර වෙන්නත් කලින් කරපු වැඩේ මේක බාන්න දාපු එක.
    ලිස්ට් එකේ තියෙන ඔක්කොම බාන එක නවත්වල මේක බාන්න දානව.ඇත්තටම ආස හිතෙනව දිල්ෂානයො උඹෙ විස්තරේ කියෙව්වම.
    අනිව අද රෑම බලනව.
    සයිඩ් සපෝට් දුන්න හැමෝටමත් පිං හොඳේ.
    ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!

    1. දිල්ෂාන් කාලිංග

      බලලා එහෙනම් අඩුපාඩුත් කියන්නකෝ.

  24. ඉසුරු

    මේවා නම් මග ඇරෙන්න දෙන්නේනෑ. රත්තරන් වටිනවා. තෑන්ක්ස් සබ් වලට!

  25. uda

    අනිවා සහෝ; මමත් මේ වගේ ඒවාට ආශයි. ආශයි කියන්නේ හරිම ආශයි. අම්මෝ හිතාගන්නවත් බෑ. වතාවක් හසා ගේ Escape From Planet Earth ලිපියේ කියෙව්වා මතකයි, බාබ් ලෝකෙ අය පෘථිවිය හදුන්වන හැටි.

    "දියුණුවෙන් ආපස්සට යන එකම ග්‍රහලොව!" මේවා බලද්දී හිතෙන්නේ නම් ඒක ඇත්තයි කියලා තමා... :P අනිත් එක තමයි, මේවා දැනගන්න දැනගන්න ඈන්සන්ට් ඈලියන්ස් ගැන කියන කට්ටිය හෙළි කරන ඒවා ඇත්තම තමයි හිතෙනවා.

    කවුරු මොනවා කිව්වත් ප්‍රාථමික මිනිසුන්ට ප්‍රාථමික ආවුධ යොදාගෙන හීනයක් දකින්නවත් බැරි දේවල් ඒ මිනිස්සු කරලා තියෙනවා කියන එක ඇත්තයි. මේවා පුරාවිද්‍යාවෙ ප්‍රධාන ධාරාවෙන් පැහැදිලි කරන්නට බැරි හේතුවත් ඒකම වෙන්නට ඇති.

    බලලම බලමු මේ ගැන දැනගන්න... දිගටම ගේන්න මේවා. මාත් කලකට ඉහත සිටන් කරන්නට උත්සාහ කළ වෙනසක් මේක. එදාට වඩා අද ඒ වෙනුවෙන් පිරිසක් යොමුවෙලා ඉන්න එකනම් අතිමහත් සතුටට කරුණක් සහෝ! එනිසා සුබ නොපතාම බෑ ඔයාට. ජය!

    1. දිල්ෂාන් කාලිංග

      අනිවා සහෝ...
      ඔය කරලා තියෙන්නේ මටත් වඩා විස්තරයක්. :-)
      මම බලල තියෙන්නේ මේ විදියේ ෆිල, දෙකයි.ඒ දෙකටම සබ් දුන්නා.
      අනිවා....දෙවැනි එක බලලා සබ් කරලා ඉවර වෙද්දී අනිත් ෆිල්ම් සේරම අතැරලා දාල මේවා බලන්න හිතුනා.
      ඒ තරම්ම ආස හිතෙනවා මේකට.
      ලොකු වෙනසක් කරන්න බලාගෙන තමයි ඉන්නේ.
      ඒත් බය හිතෙනවා ඒකට අත ගහන්න. කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැති නිසා.
      බලමුකෝ බලමුකෝ...

  26. Amil

    මෙන්න සබ් දෙනවනම් දෙන්න ඔනි චිත්ත්‍රපටි. මේ වගේ දැනුමට යමක් එක්කරගන්න පුළුවන් දේවල් වලට සබ් දෙනවනම් ආයේ තව මොනවද ඉතින්.....
    බොහෝම ස්තුතියි සහෝ.....
    ඔයාගේ මේ කැපකිරිම ගොඩාක් අගය කරනවා, තව තවත් මෙවැනි වැඩසටහන් වලට සබ් දෙන්න ශක්තිය ලැබෙන්න ඔනි....

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටයි කාලිංග මචෝ..මමත් හරි අසයි මේ වගේ දේවල් ගැන දැනගන්න..
    හිතට සතුටුම සීන් එක තමයි කොපියේ සයිස් එක..
    ඒත් දුක සීන් එක ලිමිට් ඉවර වෙච්චි එක..
    ලබන මාසේ තමයි කොල්ලෝ ගන්න වෙන්නේ..
    අරගෙන බලල තව කොමන්ටුවක් දාන්නම්...

    1. දිල්ෂාන් කාලිංග

      එල එල...
      බැලුවට පස්සේ ඔන්න සබ් එකට බැනල එහෙම දානවා නෙමෙයි.
      දුක යනු....අහවල් එකය.
      :-D

  28. හර්ෂ ලහිරු

    ආ‍යෙ කියන්න දෙයක් නෑ සහො වැඩේ නම් මල්හතයි
    මේවා කොච්චර බැලුවත් පාඩුවක්නම් වෙන්නෑනෙ
    තව එකක් තියනවා නම් ඉතින් ඒකත් හෙමිහිට දෙමු
    ජයවේවා

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙවැනි වටින එකක් දුන්නට බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  30. sp පියමල්

    නියමයි,හැමදාම එකම විදිහේ ෆිල්ම් බලනවාට වඩා මේ වගේ වැදගත් දෙයක් බලන්න ලැබුන එක අගය කරනවා,ඔයාගේ අනතුරු ඇඟවීමත් මතක තියාගෙනම මන් මේක බාන්න දානවා,තව මේ වගේ ඒවා දෙන්න කියලා ඉල්ලනවා,thanks

  31. sarath

    thanks kalinga.

  32. Chathura Madusanka

    ela mcn

  33. ශාන් විමුක්ති [ විමා]

    වටිනා කියන වැඩක් දිලා..
    සමාජ සේවයෙමයි අපි එක්ක එකතු වෙච්චි දා ඉදන්ම
    ඒ වගේම මේ පොඩි කොපිය ඊටත් වඩා වටිනා සමාජ සේවයක් මම වගේ අයට
    සබට බොහොම ස්තුත්යි මචෝ
    නිවාඩු පාඩුවේ බලලා හොද නරක කියන්නම්කො ;)

    1. දිල්ෂාන් කාලිංග

      ආයේ මොනවද ඉතිං...
      කව්ද කියල තියවනවනේ සමාජ සේවය හැම සේවයටම වඩා උතුම් කියල.
      කියල තියන එකා නම් මතක නෑ වෙලාවට.
      අනිවා බලපන්.පට්ට.
      එහෙනම් බලලම කියපන්කො.

  34. yeshu

    thankZ

  35. කේ.යූ.ජී. උදාර

    ඔන්න එහෙනම් බාන්න දැම්ම ‍ෆිල්ම් එක නවත්තල මේක බාන්න ගත්තා................
    සිංහල සබට බොහොම ස්තූතියි දිල්ශාන්.

  36. ajith pathirana

    වටින එකක් දුන්නට බොහොම ස්තුතියි ,,,,,,,,,,,,,,,,

  37. Hashan

    මෙවැනි වටිනා වාර්තාමය චිත්‍රපටි ගෙන ඒම පිළිබදව ඔබට ස්තූතියි......

  38. “චූටී මල්ලි”

    මේ දිලා තියෙන්නෙ එල භාන්ඩයක්
    ඩිරෙක්ට් දුන්න එකත් වටිනවා සහෝ
    සබට තුති
    එහෙනම්
    ඔබට ජය.....

  39. nuwan

    thank you machan.....!

  40. NCJD

    අපූරු කතාවක් වගේ. ඕනා බාන්න දැම්මා. සැඟවුන රහසක් හොයනවා වගේ දෙයක් කියවෙන කතාවලට කොහොමත් මම කැමතියි. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.

  41. namika

    බොහොම ස්තූතියි සිංහල උපසිරසියට!

  42. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. හසන්ත වික්‍රමරත්න

    කාලිංග මල්ලි ඇත්තටම ලොකු පිනක් මේ කරලා තියෙන්නේ. හැමදාම මනංකල්පිත චිත්‍රපටි වලට කොටු වෙලා ඉන්න පිරිසකට. මේ වගේ ඇත්ත පුදුමාකාර දේවල් සිංහලට හරවලා තේරෙන විදිහට හදලා දුන්න එකට. ඒ වගේම මේ කතාව නම් නොබලා ඉන්න එපා යාළුවනේ. චිත්‍රපටියක් බැලුවා වගේම තමා එත් මේක මනංකල්පිත එකක් නෙමේ. ස්තුතියි උපසිරසට. අයෙත් මේ වගේ එකකින් හමුවෙමු.

    1. දිල්ෂාන් කාලිංග

      එල එල...
      ඔව් අනිවා හසා අයියේ.
      මම මේක කියවන හැමෝටම බලන්න හිතෙන විදියට පුළුවන් උපරිමෙන් ලිව්වේ ඒ නිසා.
      තැන්ක්ස් ආයෙත් ඔයාට උපසිරසියේ අඩුපාඩු බලල දුන්නට.
      මම හිතන්නේ අපිට හැම උපසිරසිරසියකටම එහෙම කරන්න පුලුවන්නම් වටිනවා.
      එතකොට අඩුපාඩු අවම කරගන්න පුළුවන්.

  44. වරුණ නිරෝෂණ

    මම හරිම කැමතියි මේ වගේ අභිරහස් ගැන හොයන්න... ඒ නිසා මේ වැඩසටහන සිංහල උපසිරැසි සමඟ දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ... තවත් මේ වගේ ඒවා දෙන්න පුලුවන් නම් වටිනාකම කියලා වැඩක් නැහැ....

  45. කේ.යූ.ජී. උදාර

    සබ් එක ටයිමින් එක්ක මැච් නැහැ මචෝ........
    පොඩ්ඩක් බලන්න.

    1. දිල්ෂාන් කාලිංග

      ඇත්තද සහෝ..
      මම මේකේ සබ් එක හැදුවේ,http://vimeo.com/32828241
      ඔන්නඕකට.සබ් එක වෙනම බාගෙන කරේ.
      එත් බාන්න දෙන්න තිබුනේ එක ටොරන්ට් එකක් විතරයි.එකත් ලොකු ප්‍රමාණයේ එකක්, ඒ නිසා විකියා කාට හරි කියල ටොරන්ට් එකක් හදල දැම්මේ.
      ඒ නිසා වෙන්න ඇති අවුල.

  46. Neranji Sulakkana

    මේක බලන්නමයි කියලා.. කියන එකේ.. ඔන්නොහෙ බලමු... පස්සෙ අපිට මේකට මොනා හරි ලියන්ට බැරියෑ

  47. සමීර කරුණාරත්න

    මම මෙතක් බලපු හොදම ඩොක් එකක්.. කියන්න වචන නැහැ කාලිංග සහෝ සුපිරිම වැඩක්... අනික මේ විකියා මේවා කොහෙන් හොයාගන්නවද දන්නේ නැහැ...
    බොහොම ස්තුතියි මේක අපි වෙත ගෙනාවට.

  48. janaka

    THANKS PISSU HADENAWA BELUWAMA..

  49. Janakac2

    එළකිරි වැඩක්. මේකට සබ් දැම්ම එක නියමයි. සහෝ ... මේ වගේ තවත් නියම ඩොකියුමෙන්ටරි TV Series එකක් තියෙනවා. පුළුවන්නම් මේකටත් සබ් එකක් හදලා දාන්න.

    http://www.youtube.com/watch?v=KSwoDmqFcuw

    :)

  50. aravinda

    Thanks

Load more comments